IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මස් මඩුව ළඟදී ලොරියකට ගිනි

සිවුරු ඇඳගත් සිව් දෙනකු අද (15) අලුයම 1.05ට පමණ කැබ්රියකින් දෙමටගොඩ බේස්ලයින් පාරේ මස්මඩුව ඉදිරිපිට දී ලොරියකට ප්‍රෙට්‍රල් දමා ගිනි තබා ඇතැයි පොලිසියට  පැමිණිලි කැර ඇත. ලොරිය එහි පැමිණියේ ගවමස් රැගෙන යෑම සඳහාය.



අදහස් (0)

මස් මඩුව ළඟදී ලොරියකට ගිනි

ශාෆික් Tuesday, 16 July 2013 12:35 PM

නිකරුනේ කඩවලට සහා වාහනවලට ගිනි තියා ප්‍රශ්න ඇති කරන්න එපා. හරක් මැරීම ආණ්ඩුව මැදිහත් වුනොත් කරන්න පුළුවන්. එහෙමනම් ඉතින් මස් කඩ කරන්න ටෙන්ඩර් ලබා දෙන ප්‍රාදේශීය සබා වලටනේ ඔය දේ කරන්න තිබුනේ. (දී)

:       0       0

සරත් අතාවුද Tuesday, 16 July 2013 12:37 PM

බුද්දාගම විනාස කරනවා මේ චීවරධාරී ටික (ත)

:       0       0

සිසිර Tuesday, 16 July 2013 08:13 PM

. මේවා කොන්ද පණනැති නපුන්සක වැඩ. පොදුවේ රටේ පවතින ප්‍රශ්න පැත්තක දාල හරක් පස්සේ දුවනවා. (අ)

:       0       0

චූලා Tuesday, 16 July 2013 12:38 PM

පිට රට පුරවසිබාවේ තියන ලංකාවේ මිනිස්සු එහෙ රටවලට බලපෑම් කරන්න ඕනෑ මෙවැනි දේට අපේ රජයට බලපෑම් කරන ලෙස. මම දැක්කා වතු අධිකාරිගේ ගාතනේ ගැන හරියට පරීක්ෂණ නොකලොත් ඇමරිකාව ලංකාවේ යෝජනා අතහරිනවයි කියනවා.මේක ඇගිලි ගැසීමක් වුනත් වෙන විකල්ප නැහැ දැන්. (දී)

:       0       0

රොෂාන් Tuesday, 16 July 2013 12:37 PM

සිවුරු ඇඳගත් පිරිසක් කියන්නේ සංගයා වහන්සේලා?? (ත)

:       0       0

යකුස් Tuesday, 16 July 2013 12:39 PM

බුදු දහමේ හරකට කියලා වෙනම සූත්‍ර දේශනා කරලා නැහැ. හරියට කරනවා නම් ඔක්කොම සත්තු කන එක නවත්තන්න ඕනෑ. මේ හරකෙක් ගේ පිටේ එල්ලිලා සමහර කණ්ඩායම් කරන්න හදන්නේ සිංහල මුස්ලිම් මිනිස්සු අතර යුද්ද ඇතිකරන්න යන එක බව පොඩ්ඩක් හිතලා බලන ඕනෑ මනුස්සයෙකුට පේන දෙයක්. කිසිම හේතුවක් මත අවිහිංසාවාදී බුද්ධ ධර්මයේ නාමයෙන් වෙන කෙනෙකුට කයෙන් හෝ වචනයෙන් පහර දෙන පුද්ගලයා බෞද්ධයෙක් නොවේ. (දී)

:       0       0

ටෙනිසන් Tuesday, 16 July 2013 12:38 PM

සම්සුදීන් ඔය වගේ කතා කියන්නෙපා. සත්ව හමක් පාවිච්චි කරන්න සතා මරන්න ඕනද. ඇයි සත්තු ජීවත් වෙන කාලය අවසන් වෙලා මැරෙන්නේ නැද්ද. ඒ දවස් වල සාමාන්‍ය මිනිසුන් අතරේ මුදල් හුවමාරුවක් තිබුනේ නැහැ. නැති දෙයක් ගැන මොනවා කියන්නද (ත)

:       0       0

ටෙනිසන් Tuesday, 16 July 2013 12:39 PM

සම්සුදීන්,මෝඩ කතා කියන්න එපා. සත්ව හමක් පාවිච්චි කරන්න සතා මරන්න ඕනෑද. ඇයි සත්තු ජීවත් වෙන කාලය අවසන් වෙලා මැරෙන්නේ නැද්ද? ඒ දවස් වල සාමාන්‍ය මිනිසුන් අතරේ මුදල් හුවමාරුවක් තිබුනේ නැහැ නැති දෙයක් ගැන මොනවා කියන්නද (දී)

:       0       0

පතිරාජා Tuesday, 16 July 2013 03:47 PM

ප්‍රාදේශීය සබාවෙන් හෝ මධ්‍යම ආණ්ඩුවෙන් මස්කඩ බලපත්‍ර දීම තහනම් කරන්න. ගොවියට තැනකුත් ලැබේවි (දී)

:       0       0

අමිල Tuesday, 16 July 2013 12:40 PM

හොදික් හරි නරකින් හරි ගව මස් කෑම නවත්වන්න ඕන. (ත)

:       0       0

කුමාර Tuesday, 16 July 2013 03:49 PM

මේ ප්‍රශ්නය ඉක්මනටම විසදන්න වෙයි නැතිනම් කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ (දී)

:       0       0

විදානගේ Tuesday, 16 July 2013 08:33 PM

ලොරිය පුල් ඉන්සූරන්ස් ඇති , අලුත් ලොරියක් අරන් හෙට එවාවි (අ)

:       0       0

ජානක Tuesday, 16 July 2013 12:44 PM

දැන් නිවනට මග යනවා ඇති... පොලිසියට කියන්න අල්ලගන්න ඕන නම් දැන්ම යන්න කියල. (ත)

:       0       0

රූපා Tuesday, 16 July 2013 03:50 PM

නියම සිංහල කොල්ල නොකියා කියා තියෙන්නේ ඔහු කන්නේ තණකොළ,ඔහුගේ කෙස් යටින් අං දෙකක් ඇත,කතා කිරීමට බැරි නිසා උම්බෑ කියනවා කියලයි (දී)

:       0       0

හුසේන් Tuesday, 16 July 2013 12:48 PM

මමත් හරක්මස් කන්නේ නැහැ බුද්ධාගමේ කෙනෙක් කිව්වා බුදුහාමුදුරුවෝ බෙර ගහන්න කියලා කොහෙවත් කියලා නැහැ , ඒක සංස්කෘතික අංගයක් විතරයි කියලා. ඉස්සර වුනත් බෙරවලට හම අරගෙන තිබෙන්නේ ස්වභාවිකව මැරුන සතුන්ගෙන් පමනලු (දී)

:       0       0

ජගත් Tuesday, 16 July 2013 12:48 PM

අනේ හරක් විතරක් නෙවේ ඔක්කොම නවත්වන්න ඕන , ඌරා, කුකුළා ,එළුවා .(ත)

:       0       0

විජේසිංහ Tuesday, 16 July 2013 03:52 PM

බුද්ධාගම ආරක්ෂා කරනවා කියල හිතාගෙන මෙයාලා කරන්නේ ලොකු වැරැද්දක්. සමහර විට බුද්ධාගම නැති කරන්න බටහිර කුමන්ත්‍රණයක්වද්ද ? (දී)

:       0       0

චතුර Tuesday, 16 July 2013 12:49 PM

මස් කන අයට කන්න දීලා නොකන අය නොකා හිටියානම් හරි නේ, මස් කන අය මස් කෑවා කියලා නොකන අයට පව් නැහැනේ? නිකන් මේ වගේ වැඩ කරලා, නිකන් ඉන්නවට වඩා පව් පුරෝ ගන්නවා. මස් කන මිනිස්සු මස් කාපු දෙන්. කුකුල් මස් ඕනෑ අය ඒවා කයි, ඌරු මස් කන අය ඒවා කයි, මාළු කන අය ඒවා කයි. මොකෝ හරක් මස් වලට විතරද පව්? ඇයි කුකුලෝ, එළුවෝ, මාළු කියන්නේ ජීවිත නෙමෙයි ද? (දී)

:       0       0

ලසන්ත Tuesday, 16 July 2013 12:53 PM

මේවා ඇතැම් "මාෆියාවේ' වැඩ... (ත)

:       0       0

ජගත් Tuesday, 16 July 2013 12:55 PM

තවත් හරක් වැඩක් (අ)

:       0       0

පද්මිණි Tuesday, 16 July 2013 04:03 PM

සත්ව හිංසයනයට අපි බෞද්ධයෝ විරුද්ධයි. මොන ක්‍රමයෙන් හෝ එම ව්‍යායාමය සාර්ථක වේවා!!!(අ)

:       0       0

අනුර Tuesday, 16 July 2013 01:07 PM

සරත් අතාවුද,ගංගා,තේජා, ඔයගොල්ලෝ දන්නවද රටේ නීතියක් නැහැ වගේම බුදු දහමත් විනාශ කරන්න ඔයගොල්ලන් ඇතුළු වැඩිදෙනෙක් උත්සහ කරනවා කියලා.රට අතීතයේදී සඟ සතු කළ රටක්. හාමුදුරුවන් හරියටම හරි. පාලකයින්ට කරන්න බැරිනම් බලෙන් හරි කලයුතුයි. (දී)

:       0       0

චමින්ද ජයනාත් Tuesday, 16 July 2013 08:52 PM

මේ ආත්මෙදි මැරෙන ගවයොත් සංසාරෙ මොන ආත්මයකද හරි ඔය විදිහටම සතුන් මරලා ඇති.මොන ආගමක කෙනෙකුට වුනත් තමන් කරන අකුසල් වලින් නම් ගැලවෙන්න ලැපබන්නෙ නැහැ. ඒක නබි, අල්ලා නෙමේ මොන දෙවි කෙනෙකුටවත් නවත්වන්න බැරි ස්වභාව ධර්මයේ නීතියක්. හොදම දේ තමා තමා කරන අකුසල් වලින් මිදිලා කුසල කර්ම රැස්කරගන්න එක. බලන්න අද ඇෆ්ගනිස්ථානය, ඉරාකය වගේ රටවල මිනිස්සු තමන් උපන් බිමටම ශාප කරමින් මිය යන අන්දම. මේ හැම රටක්ම මීට අවුරුදු සිය ගණනකට පෙර බෞද්ධාගමෙන් බැබලුන රටවල්. (නි)

:       0       0

වරා Tuesday, 16 July 2013 01:08 PM

කවුරු කළත් නියම වැඩක්. (දී)

:       0       0

අජිත් Tuesday, 16 July 2013 04:06 PM

රටේ නීතියක් තියෙන්නේ මේවාට තමයි (දී)

:       0       0

ගිම්හානි Tuesday, 16 July 2013 01:10 PM

හැම සතෙක්ම ආසයි ජීවත් වෙන්න.කොහොමද හරකා මිනිහා වෙලා මිනිහා හරකා වුනා නම්? (දී)

:       0       0

කුමාර Tuesday, 16 July 2013 04:09 PM

කාගේ බල කිරීමටද මෙවන් වැඩ කරන්නේ (දී)

:       0       0

චතුර Wednesday, 17 July 2013 05:47 AM

මෙතන ඉන්න සම-හරක් දාල තියන ප්‍රතිචාර දැක්කම අනේ අපොයි කියල හිතෙනවා. මස් නොකා ඉන්න බැරි අය වෙන රටකට යන්නලු, පිටින් ආපු අයලු. ගවයා ඒ කාලේ ඉඳන් උදව් කරන නිසා මරණ එක හොඳ නෑ ලු, එතකොට උදව් නොකරපු කුකුළා පව් නෑ? මාලු පව් නෑ? මේ රටේ ඉපදුනු අය අයිති මේ රටට. බෞද්ධ වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, කතෝලික වෙන්න පුළුවන් හින්දු වෙන්න පුළුවන්. මේ ඔක්කොම ශ්‍රී ලංකේය මිනිස්සු. කාටවත් බෑ මේ රටෙන් ඔය කාටවත් පලයව් කියන්න. තමුන් අදහන ආගම අදහගෙන ඉන්න. ඒක වෙන වෙන අයට බලෙන් දෙන්න යන්න එපා. මස් කන අයට කන්න දීලා නොකන අය නොකා ඉන්න. මේ වගේ අධම වැඩ කරලා පව් පුරෝගෙන සසර තවත් දික් කරගන්න එකයි කරගන්නේ. මේකද මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ? අනික් මිනිස්සු මස් කෑවම ඔයාලට පිරෙන පව මොකක්ද? ඊට වඩා මහා විසාල වැරදි තියනවා, ඇස් ඇරලා බලාපල්ලා, ආන්න ඒවා හදාගෙන ඉඳපල්ලා අනික් අයව හදන්න ඉස්සෙල්ලා.(නදී)

:       0       0

අර්ෂා Tuesday, 16 July 2013 01:12 PM

චතුර ,ඔයාගේ කීමට මා 100% එකග වෙනවා. කුකුලෝ, එළුවෝ, මාළු විතරක් නෙමෙයි බිත්තර කෑමත් පව්. මම හිතන්නේ මෙතන හරකාට පමණක් මොකෝ විශේෂත්වයක් කියලා. මෙය හින්දු ආගමේ කුමන්ත්‍රණයක් ද ? (දී)

:       0       0

සජිත් Tuesday, 16 July 2013 01:12 PM

මම හිතන්නේ ලංකාවේ මුස්ලිම් අයගේ බුරුකා ඇඳුම තහනම් කරන්න ඉස්සෙල්ලා මේ සිවුරු තහනම් කරන්න වෙයි වගේ. සිවුරු වලට මුවාවෙලා තමයි ලංකාවේ ගොඩක් අකටයුතුකම් වෙන්නේ (දී)

:       0       0

ලසන්ත Tuesday, 16 July 2013 01:18 PM

මහා බියජනක අනාගතයක පෙරනිමිති පහලවී ඇත. ලොවම සැනසු උතුම් සිවුර ,මුළු රටේම දුක් වපුරයි. (දී)

:       0       0

රාජු Tuesday, 16 July 2013 01:19 PM

මේවට කියන්නේ ආගම් ලැදියාව නොවේ.සිංහල කුහකකම.ආගමට ලැදියාවක් තිබුනා නම් තවත් දේවල් කරන්නට හැක.කවුද කුහකයො කියලා අදහස් වලින් දැන ගත හැක.ලැජ්ජා විය යුතුය (දී)

:       0       0

කමලා Tuesday, 16 July 2013 01:20 PM

හරක්ට විතරද පන තියෙන්නේ? (දී)

:       0       0

ලාල් Tuesday, 16 July 2013 01:21 PM

හාමුදුරුවෝ කරන වැඩද? නැත්නම් රස්තියාදුකාරයන්ගෙ වැඩද? (දී)

:       0       0

කුසු Tuesday, 16 July 2013 01:20 PM

කුකුල්මස්, එළුමස්, ඌරුමස් වලට කිසිම විරෝධතාවක් නම් නොමැති බවක් පෙනෙනවා. ඔවුනුත් සතුන්නේ. බුදු දහම අනුව කටයුතු කරන්න. හින්දුන් වෙන්න එපා (දී)

:       0       0

ලාල් Tuesday, 16 July 2013 01:21 PM

චතුර, ඔයාට ස්තූතියි. නියම කතාව (දී)

:       0       0

දමයන්ති Tuesday, 16 July 2013 01:23 PM

මම මෙම කියවා හරියට සතුටු වුනා. හැබැයි මාධ්‍යයට තව විශාල වැඩක් කරන්න පුලුවන්. මෙම සතුන්න් මරණ තැන සිට කෑම මේසයට යන තැන දක්වා නිතරම පෙන්නන්න. එවිට මිනිසුන් හිතන්න ගන්නවා. (දී)

:       0       0

ධම්මික Tuesday, 16 July 2013 01:25 PM

මේ ගොල්ලෝ කවුරු කියලද හිතන් ඉන්නේ? මේවට ආණ්ඩුව කෙලින්ම වගකියන්න ඕනෑ. මේ කරන දේවල් වලින් අපේ බෞද්ධාගමට කරන නින්දාව සුලුපටු නැහැ. මේවා වලින් වෙන්නේ අපේ සිංහල ජාතිය තවත් කොන් වෙන එක තමා. (දී)

:       0       0

තාරක Tuesday, 16 July 2013 04:16 PM

මේවා බුදු දහම විනාශ කරන්න කරන කුමන්ත්‍රණ (දී)

:       0       0

සීලරත්න Tuesday, 16 July 2013 01:30 PM

බුදු හමුදුරුවෝ හිටියා නම් අදත් පාරිලෙය්‍ය වනයට වඩිනවා.සාසණේ රකින හාමුදුරුවරු පොලිස් බලතල අරන් වැඩ කරනවා දැකලා බුදු හාමුදුරුවෝ මේ පිළිවෙත් කිව්වේ මොන සුත්‍ර පිටකයෙද දන්නෙ නැහැ. දේවදත්ත පරපුර ගැන අදත් කියන්න දේවල් ඉතිරි වෙලා.....සසර කෙටි කර ගන්නවට වඩා අපාගත වෙනවා .. (දී)

:       0       0

ටෙනිසන් Tuesday, 16 July 2013 04:17 PM

අනේ කුරේ කවද ඉදලාද සිංහල භාෂාව ජාත්‍යන්තර භාෂාවක් උනේ කොයි පන්සලේද බෙර හදන්නේ කියලත් විස්තර ඇතිව කියනවද අද තමයි මුලින්ම ඇහුනේ මොරටුවේ කොල්ලෙක් මොලේ උඩ වාඩිවෙලා අදහස් ප්‍රකාශ කරනවා (දී)

:       0       0

නිමා Tuesday, 16 July 2013 01:30 PM

මේවා පිටුපස හින්දු බලවේග ක්‍රියාත්මක වෙනවා. (දී)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 16 July 2013 09:20 PM

ඔය සතා උපතේ සිට මැරෙන මොහොත දක්වාම මිනිසාට කරන්නේ පුදුම මෙහෙවරක්. එනිසා ලංකාවේ අපිට අයිතියක් තියෙනවා ගව ඝාතනය නතර කරන්න කියන්න. අරක හොදින් බැරිනම් නරකින්.(නදී)

:       0       0

සුනිමල් Tuesday, 16 July 2013 01:31 PM

සිවුරු ඈදගෙන ආවෙ හාමුදුරුවරුමයි කියලා කියන්න බෙහෑනෙ. කොහොම හරි මස් කන එක නවත්වනවා නම්, ඒකයි වෙන්න ඕනෑ. ගව මස් විතරක් නෙවේ හැම මසක්ම කෑම නවත්වන්න ඕනෑ. (දී)

:       0       0

කපිල Tuesday, 16 July 2013 01:32 PM

ඔබට බෞද්ධයෙක් වීමට අවශ්‍ය නම් පන්සිල් රකින්න. වෙසක් එකට දන්සල් දීලා, පහන් කූඩු පත්තු කරලා, පෝයට පන්සල් ගිහින්, දාන පින්කම් ගෙවල් වල ගිහින්, බස් එකේ යද්දී පන්සලක් ලඟින් යද්දී නැගිටලා, කරන දේවල් වලින් නමට පමනයි බෞද්ධයෝ වෙන්නේ.කවුරුවත් මරණ හින්දා අපි කනවා නෙමේ.අපි කන හින්දා සතුන්ව මරනවා කියලා හිතගත්තොත් හොඳයි නේද? ඔබේ බඩ සතුන්ගේ සුසාන භූමියක් කර නොගන්න. එතුලින් මෙවන් කලහකාරී තත්වයන් පාලනය වනු ඇත. (දී)

:       0       0

අනුර Tuesday, 16 July 2013 01:34 PM

ගවයන් තවත් සත්ව පරානයක් පමණි (දී)

:       0       0

සනත් Tuesday, 16 July 2013 01:34 PM

මේවා රට අවුල්වෙන වැඩ. බලාගෙන (දී)

:       0       0

තිලක් Tuesday, 16 July 2013 09:27 PM

මම දන්නා ගොඩනැගිලි උපකරණ විකුණන මුදලාලි කෙනෙක් එයාගේ ලොරියෙන් ගව ගාතනය කරන තැනකට ගිහින් මරන්න ඉන්න ගවයන් දෙදෙනෙකුට මුදල් ගෙවලා නිදහස් කර ගන්න ගියහම ඉන්න ගවයන් 5 දෙනාම බලහත්කාරයෙන් ඒ ලොරියට ගොඩ වෙලා තියෙනවා.පස්සේ ඒ මුදලාලි අ 5 දෙනාටම මුදල් ගෙවලා නිදහස් කරගෙන ඇවිත් ගමේ ඉන්න දන්නා කියන අයට 3 දෙනෙක් දීආ අනික් දෙන්නව දෙන්න කෙනෙක් හොයද්දි අර ගව ගාතනය කරන තැන අය රෑ ඇවිත් බැදලා දාලා තිබුන චේන් එකත් කපලා අරන් ගිහින් නැවත ඒ සතුන් මරලා දාලා තිබුනා.මම නම් කියන්නේ කව්රු කලත් හොද දෙයක් කරලා තියෙන්නේ .ලංකාවෙන් සහමුලින්ම ගව ගාතනය නතර කළ යුතුයි (නි)

:       0       0

දිල්හානි Tuesday, 16 July 2013 01:36 PM

මේ වැඩේ හාමුදුරුවරුන්ගේ පිටින් දාන්න වෙන කට්ටියක් කරන්න ඇති. අපි මස් කන එක නවත්වමු. අපේ රජය බෞද්ධ රජයක් හැටියට පළාත් සබා ඡන්දයට පෙර මධ්‍යම සහ වයඹ පළාත්වල මස් කඩ තාවකාලිකව අයින් කරන්න. ඊට පසු ටෙන්ඩර් ගාස්තු වැඩි කොට පාලනය කරන්න බලන්න. (දී)

:       0       0

නිමා Tuesday, 16 July 2013 01:38 PM

මස් මාංශ ප්‍රතික්ෂේප කරනු මැනවි. (අ)

:       0       0

තුසිත Tuesday, 16 July 2013 04:28 PM

අපේ අනාගත පරපුර වෙනුවෙන් ...බුදු දහම වෙනුවෙන් ...රට වෙනුවෙන් අපේ ජීවිතේ උනත් දෙන්න අපිට පුළුවන්.මේක හොද වැඩක් (දී)

:       0       0

රනිල් Tuesday, 16 July 2013 04:27 PM

සත්ව හිංසනය කෙසේ හෝ නැවත විය යුතුයි (දී)

:       0       0

අමිල Tuesday, 16 July 2013 01:39 PM

ගව ගාතනය නවත්වන්න කියලා රජයට කියන්න. අහිංසක මිනිසුන්ගේ වාහනවලට ගිනි තියන්නේ කුමටද? නියම බෞද්ධයන් මේවගේ වැඩ නොකරයි. (දී)

:       0       0

අසේල Tuesday, 16 July 2013 04:29 PM

දිට්ටධම්ම වේදනීය කියන්නේ මේකට තමයි (දී)

:       0       0

චතුරි Tuesday, 16 July 2013 01:43 PM

ලංකාවෙන් ගව ඝාතනය ඇතුළු සියලු සත්ව ඝාතන නවත්වන්න ඕනෑ. හොදින් නැත්නම් නරකින්. සියලු සත්වයන් නිදුක් වෙත්වා! (දී)

:       0       0

ටෙෂාන් Tuesday, 16 July 2013 01:46 PM

මේක විතරක් නෙමෙයි, මේ ඊයේ පෙරෙයිදා අර බලයේ කට්ටියක් අවසරලත් මස්කඩයකට ගිනි තිබ්බේ.... ගවමස් තහනම් කරන්න ඕනෑ නියම ආකරයට මිසක් මේ වගේ මෝඩ වැඩ වලින් නෙමෙයි. මේකෙන් වෙන්නේ භික්ෂුන්ට තියෙන ගෞරවය නැති වෙන එක විතරයි (දී)

:       0       0

රුචිර Tuesday, 16 July 2013 04:35 PM

අනේ හාමුදුරුවනේ ...! ලංකාවේ දහම් පාසල් කීයක් තියෙනවද කියල ඔබ වහන්සේලා දන්නවද? දන්නවනම් එක සතියකට එක දහම් පාසලකට ගිහින් ගව මස් කෑමේ, සතුන් මැරීමේ, අනුන්ට ව්‍යර කිරීමේ ආදීනව හිතට දෙනෙන, කා වදින විදිහට කාරුණිකව දරුවන්ට පහදලා දෙන්න. ඔබ වහන්සේලා දක්ෂ නම් ඇත්තම බුද්ධ පුත්‍රයෝනම් එය ඉතා පහසුවෙන් කල හැකිවෙයි . ප්‍රිය වචන කතා කරන්න හා මෛත්‍රී කරන්න සමාජයට පුරුදු කරවන්න කාලය කෝප කරන්න, අවවාදයට වාඩ ආදර්ශය උතුම් නිසා මෛත්‍රී කරන්න පුහුණු කරන්න. එය එලොවටත් මෙලොවටත් වැඩදායක මහා කුසල කර්මයක් වනු ඇත. ඔබ වහන්සේලාට බුසුසරනය් !!! (අ)

:       0       0

ලුම්බිණි Tuesday, 16 July 2013 04:35 PM

තලේබාන් අයගෙයි මේ අයගෙයි වැඩි වෙනසක් නැහැ. (අ)

:       0       0

සඳුන් Tuesday, 16 July 2013 04:34 PM

පිටස්තර පිරිසක් සිවුරු ඇදගෙන අපේ ගරු සංඝරත්නයට අපහාස කරන්න කරපු වැඩක්. (ස)

:       0       0

මොහාන් Tuesday, 16 July 2013 01:53 PM

නිකන් බණ කතා කරන්න එපා. මුස්ලිම් අය ගවමස් තකනව වඩා අපේ සිංහල අය තමයි වැඩිපුර කන්නේ (දී)

:       0       0

උපාලි Tuesday, 16 July 2013 01:56 PM

ඔය වගේ දේවල් කරලා රට අවුල් කරන්න එපා. මස් කන එක නවත්වනවා නම්, නියම ආකාරයට මිසක් මේ වගේ මෝඩ වැඩ වලින් නෙමෙයි. (දී)

:       0       0

සදුන් Tuesday, 16 July 2013 09:44 PM

ගව මස් කන එක වැරදි නම් මාළු. කුකුල් මස් කන එක කමක් නැද්ද ඒ සත්තු නොවෙයිද (දී)

:       0       0

විජේසිංහ Tuesday, 16 July 2013 01:57 PM

ඇති යන්තම් දැන්වත් එයාලට තේරිලා. මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා... මේ කාලෙට වලංගු නැහැ කියලා. (දී)

:       0       0

රනිල් Tuesday, 16 July 2013 01:56 PM

ලංකාවේ ඉතිහාසේ දන්නා අය දන්නවා අපේ ශිෂ්ටාචාරය ගොඩ නැගුනේ ගවයා මුල් කරගෙන කියලා. එනිසායි අපි ගව ඝාතනය නතර කරන්න කියන්නේ. අනික ඔය සතා උපතේ සිට මැරෙන මොහොත දක්වාම මිනිසාට කරන්නේ පුදුම මෙහෙවරක්! එනිසා ලංකාවේ අපිට අයිතියක් තියෙනවා ගව ඝාතනය නතර කරන්න කියන්න.පස්සේ අපේ රටට ආපු අයට ගව මස් ඕනෑම නම් පිට රටින් ගෙනත් කන්න කියන්න. එහෙම කන්න බැරිනම් වෙනරටකට යන්න. මොකද මමත් වෙනත් රටක ඉන්නේ. අපිට කැමති වුනත් අකමැති වුනත් මේ රට යන විදියට අපට යන්න වෙලා තියෙන්නේ.එහෙමනම් අපේ රට තියෙන්න ඕනෑ අපේ වටිනාකම් රැකෙන විදියට නේද. මට හිතෙනවා මේ වැඩේට පරක්කු වුණා වැඩියි කියලා.දැන් හරි ගව ගාතනය නතර කරන්න කටයුතු කරන ලාංකික ඔබ ලොකු දෙයක් කරන පින් අතේ පිරිසක් (දී)

:       0       0

සමන් Tuesday, 16 July 2013 01:58 PM

අත්සන් දස ලක්ෂයක විරෝධතාය ජනපතිට දුන්නත් තවම ඇස ඇරුනේ නැත්තෙ ඇයි? හුඟක් දෙනා ගව මසට ප්‍රියයි. බෞද්ධ අයත් ගව මස් කනකොට කවර කතාද ? (දී)

:       0       0

ලලිත් Tuesday, 16 July 2013 01:58 PM

සිවුරක් දාගත්ත පමණින් භික්ෂුවක් වෙන්නේ නැහැ. ඒක දැක දැක ගිනිතියන්න දීලා බලා ඉදලා මේ පැමිණිල්ල කල අයව මුලින්ම සෝදිසි කරලා බලන්න ඕනෑ. නැත්නම් පහන් කියන විදිහටම මේවා ජාති භේද අවුස්සන රට ගිනි තියන කුමන්ත්‍රණ. (දී)

:       0       0

අචිනි Tuesday, 16 July 2013 01:59 PM

තිලක්, එතකොට බෞද්ධ රටේ නීතිය ක්‍රියාත්මක නොවෙන එක කමක් නැද්ද? (දී)

:       0       0

කෙවින් Tuesday, 16 July 2013 02:01 PM

මම හිතන්නේ මේ හැම දෙයටම මුදල බලයට කෑදර අය සිටීම. තමන්ට ඡන්ද අහිමි වන නිසා හොද තද තීරණ ගන්නේ නැහැ. සියලුම සත්ව ඝාතන නැවැත්විය යුත් වේ. විශේෂයෙන්ම පළමුව හරක් මරණ එක සම්පුර්ණයෙන් නැවැත්විය යුතු වේ. ලෝකේ හැම රටකම තමන්ට අවේනික නීති තියනවා. ඉතින් අපි පළමුව ගව ගාතනය නවත්වමු. ක්‍රමයෙන් මිනිසුන්ගේ ආකල්ප රටට, සතුන්ට ආදරේ ඇතිවෙන විදියට හදන්න ඕනේ. දැන් පවතින ක්‍රමය එක්ක මේක ''කළුනික'' හොයනවා වගේ වැඩක්. ඔක්කොම එකතුවෙලා යහපත් පාලනයක් රටට ගෙනෙමු. (අ)

:       0       0

රහල් Tuesday, 16 July 2013 04:53 PM

කළකම් පලදෙනවා (දී)

:       0       0

රොසාන් Tuesday, 16 July 2013 10:18 PM

ජාතිවාදය තුරන් කරන්න ඕනෑ. මේ විදිහට මුස්ලිම්වරුන්ට අඩම්තේට්ටම් කරනකොට නැතිදේ ඇතිවේවි. මට නම් සියයට දෙසීයක් සුවර්... (නි)

:       0       0

හුමන් Tuesday, 16 July 2013 02:12 PM

මුන් ඔක්කොටම ඕනේ දෙන හරක් මස් කන අක නවත්තන, නොදකින් තොපි වගේ කලකන්නියෝ,ඇත්තටම ලොකු පවක් තමා මේ රටේ එපදුන අකත්,තැමිල් උන්ව මරාගෙන කෑව දෙන මුස්ලිම් වුණ්ව කන්න යනවා,හෙට අනිද්දම චිස්ටිඅන් අයත් මරාගෙන කි.මුන්ට වෙනවා අපායවල් හදන්න ඕනේ (අ)

:       0       0

වරන්ගා Tuesday, 16 July 2013 05:03 PM

මේ සත්ව ඝාතන කොහොම හරි නවත්වන්න (දී)

:       0       0

ජයසිංහ Tuesday, 16 July 2013 02:19 PM

කෝ මේ නිතිය මේක ප්‍රචණ්ඩ ක්‍රියාවක් නේද? (ත)

:       0       0

අමාලි සිල්වා Tuesday, 16 July 2013 02:23 PM

මේ යන විදියට අපේ ලංකාවේ නිර්මල බුදු දහමක් ඉතුරු වන්නේ නැහැ. වෛරයෙන් පිරුණු මනස්ගාත කරන බුද්ධාගමේ කියා කියාගන්න කොටසක් සිටිනු ඇත. ගවයා සමග බුදු දහමට කිසිම සම්බන්දයක් නැත. සතුන් මැරීම පව් කියන්නේ සියලුම සතුන්ටය. (දී)

:       0       0

වරුණ Tuesday, 16 July 2013 02:25 PM

හරක් මස් කන්න ආස නැත්තන් හරක් මස් නොකා ඉන්න. (ත)

:       0       0

චාමික Tuesday, 16 July 2013 05:33 PM

අද පත්තරේ බැලුවම තිබුන දරුවෝ හම්බු වෙන්න ඕනේ කරන සැත්කම් වලට අවශ්‍ය බේත් නැහැ. කෙල්ලෝ පැහැරගෙන ගිහින්. ප්‍රශ්න එක්ක උත්තරත් දීල. ගැහැනුන්ට අතවර. එත් වැඩිපුරම ප්‍රතිචාර තියෙන්නේ මේ ප්‍රවුත්තියට. ඒවා ඔකොම අමතකයි අපිට මේක දැක්කම. දැන්වත් තේරෙනවද මේ සේනාවයි රාවයයි ඔක්කොම හාදයෝ එකතුවෙලා කරන්නේ අපිට හරක් පෙන්නලා ගොනාට අන්දවන එක කියල ???? හරක් බේරගන්න කලින් දරු පවුල බේරගන්න බලන්න ඩෙංගු වලින්. ඉස්සර අපි ඉන්දියාවට හිනා වුනා දරුවෝ එළියේ ඉදෙද්දී හරක ගේ ඇතුලේ කියල. දැන් හරිනම් එයාල අපිට හිනා වෙන්න ඕනේ දරුවෝ මැරෙද්දි හරක් බේරගන්න නහින තරමක් කියල!!!!!! (දී)

:       0       0

ගමගේ Tuesday, 16 July 2013 02:29 PM

ඔය කරන වැඩ නිසා ශ්‍රී ලංකාවේ හරක් මැරෙන එක නවතන්න පුළුවන් වුනා කියමුකෝ. එතකොට ඔය සිවුර එතුලේ ඉන්න ආත්මයට නිවන් දකින්න යන ආත්ම (උත්පත්ති ) ගණන තව ගොඩාක් දික්වේවි නේද? වඩා වැදගත් වන්නේ හරකාගේ ජීවිතේද? අර සිවුර තුල ඉන්න කෙනාගේ ආත්මයද? සැමට සිතීමට පුංචි අවස්තාවක්. ආවේගශීලි නොවී මදක් කල්පනා කර බලමුද මෙවැනි දේ කිරීමෙන් අප බලාපොරොත්තුවන බුදුදහම රැකේවිද කියා? (දී)

:       0       0

ලලිත් Tuesday, 16 July 2013 05:35 PM

මේවා වෙන්න බැරි වැඩ සොයා බලා දඩුවම් දෙන්න (දී)

:       0       0

සුදත් බ්‍රෙෂියා Tuesday, 16 July 2013 02:30 PM

රටක ජනතාව පිළිපැදිය යුත්ත්ත්, රැකිය යුත්තේත් ආකල්ප නොව රටේ පවතින නීතියයි. මන්ද ආකල්ප යනු පුත්ගලයාගෙන් තවත් පුත්ගයෙකුට වෙනස්වූ අදහසක් බැවිනි. මේවන තෙක් ගව ඝාතනය රටේ පවතින නීතිය තුල තහනමක් නැත. ඉදිරියේදී තහනම් කලොත් ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවක් අප රට තුල ඇත. එවිට සියලු ජනතාව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එම නීතියට ගරු කල යුතුව ඇත. නමුත් මේ වන තෙක් එවැනි නීතියක් අප රට තුල නැත. කිසියම් ආකල්පයක් සමාජ ගත කල යුතු වන්නේ ගණන්කාර කමින් හෝ තරවටු කිරීම් වලින් හෝ ගිනි තැබීමෙන් නොව ශිෂ්ඨ සම්පන්න ක්‍රම වේදයන් තුලිනි. රටේ දැනට පවතින නීතියට අනුව වැරදි කරුවන් කවුරුන්ද යන්න ඉතා පැහැදිලියි. තරාතිරම නොබලා නීතිය නසී ලෙස ක්‍රියාත්මක කිරීම පොලිසියට ඇති වගකීම වේ.මොනම හේතුවක් මත හෝ කිසිවෙක් නීතිය අතට ගැනීම කිසිම විටෙක අනුමත කල නොහැක. (අ)

:       0       0

කුරේ Tuesday, 16 July 2013 02:30 PM

අනේ ටෙනිසෝ, සත්තු මැරෙනකම් පන්සල්වල උඩ බලාගෙන ඉන්නවද බෙර හදන්න? පන්සල් ඇතුලේ කොච්චර සත්ව හිංසාව සිදුවෙනවද? උදා: අලින් හීලෑ කරන්නේ ඉන්ජු ඉන්ජු කියලද? අනේ පව් අර අලින්ට දෙන වදයක්. ඒ මදිවට මතකද අලියෙක් හීලෑ කරන්න ගිහිල්ල ඌ මැරුන හැටි? ඕකට තමයි අද ලෝකේ කව්රුත් කියන්නේ සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියලා (දී)

:       0       0

අපි Tuesday, 16 July 2013 02:33 PM

ඇමරිකාවේ ඉන්න සමහර කළු සුද්දෝ අපි ඉන්නේ ඇමරිකාවේ කිව්වට බලන්නේ සිංහල පත්තරේ. එක අතකින් ඒකත් හොදයි.නමුත් මොලේ නැති බව නම් පෙනෙනවා.අපේ හාමුදුරුවරු කවදත් වැරදි වැඩ වලට එදා සහ අද ඉඩ දෙන්නේ නැහැ .සමහරු දේශපාලන සරණාගතයෝ ලෙස පිටරට පැනගෙන දැන් සුදනෝ විදියට අදහස් දක්වනවා (දී)

:       0       0

අස්මිත් Tuesday, 16 July 2013 10:57 PM

83 දෙමල කොලහල් වලදී අපි අහි දැක්ක වාහන නවත්තල පෙට්‍රල් අරගෙන දෙමල කඩවල් ගිනි තිබ්බා. දෙමල පවුල් සිටිය වාහනවල පෙට්‍රල් දම දමා අමු අමුවේ ගිනි තිබ්බා, ඒ වට සහබාගි වුන හාමුදුරුවෝ අපි හැබැහින් දැක්කා. ලංකාව දැන් පාතාලයට ලයිසන් දෙන්න හොදම රටක්. ඔහොම යං.(නදී)

:       0       0

චානක Tuesday, 16 July 2013 05:43 PM

මේවා මිනිස්සු කුපිත කරන්න කරන වැඩ (දී)

:       0       0

සමන් Tuesday, 16 July 2013 02:40 PM

සිවුරැ දරා ගෙන මෙහෙම ක්‍රියාවල යෙදුනාම අපි නම් ඒවට කියන්නේ සිවුරු ත්‍රස්තවාසය කියලා (දී)

:       0       0

රවිදු Tuesday, 16 July 2013 02:42 PM

අනේ ඔය මෝඩයෝ තමා කලිනුත් ලෙඩක් දා ගෙන අවුරැදු 30 ගෙනිච්චෙ මුන්ට ගන්න ඕන දුවන්න නිකම් ලැබෙන දෙය කාල ඉන්න දන්නෙය් නැති ගොන්නු (අ)

:       0       0

චමින්ද Tuesday, 16 July 2013 02:42 PM

අමිල, ඔයා හරි (දී)

:       0       0

ශිරෂ් Tuesday, 16 July 2013 02:43 PM

ඒක හොදයි. එතකොට මාළුන්ට තියෙන්නේ මොන පනද දන්නේ නැහැ නේද? හරක්ට විතරනේ මේ ලෝකේ පන තියෙන්නේ (දී)

:       0       0

නිෂාඩ් Tuesday, 16 July 2013 02:42 PM

හොදම දේ තමයි ලබන වසර සදහා ගව මස් අළෙවිසැල් වල බලපත්‍ර අළුත් නොකිරීම සහ ඒවා ක්‍රමානුකූලව අඩුකිරීමට ප්‍රාදේශීය සභාව විසින් පියවර ගැනීම (දී)

:       0       0

සේනානායක Tuesday, 16 July 2013 06:25 PM

ලංකාවේ නිතිය වෙනස් කල යුතු කාලය එළඹ ඇත (දී)

:       0       0

සමන් Tuesday, 16 July 2013 02:44 PM

හරකට තම මස් ටික දන් දීලා පිනක් කරගන්නවත් මේ මිනිසුක් ඉඩ නොදෙන හැටි? ඒ ගිනිතියපු අය අපායේ. හරකා නිවන් දකිනවා. එච්චරයි (දී)

:       0       0

අශ්රෆුල් Tuesday, 16 July 2013 11:32 AM

නියමයි. ඔයවගේ දේවල් කරලා හරි කමක් නැහැ ගවමස් කන එක නවත්තනවා නම්. (දී)

:       0       0

කුමාරි Tuesday, 16 July 2013 06:26 PM

මේවා අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණ (දී)

:       0       0

කෝසල Tuesday, 16 July 2013 02:45 PM

ඕනෑ කෙනෙකුට පුළුවන් සිවුරක් ඇදගෙන ඇවිත් ඕනෑ බලු වැඩක් කරන්න, ඒත් ඒ වැඩේ කළේ හාමුදුරුවෝ කියන්නේ කොහොමද? එනවා නම් සිවුර ගලෝලා එන්න තිබ්බනේ, මේ හදන්නේ මේක හාමුදුරුවෝ කරපු වැඩක් කියලා ලෝකෙට කියන්න (දී)

:       0       0

එරංග Tuesday, 16 July 2013 11:35 AM

අපේ කට්ටිය කරන්න පුළුවන් හොඳම දේ තමා ජනතාව දැනුවත් කරන එක. නැතුව පිස්සු නටලා මෙහෙ ප්‍රශ්නේ විසදන්න බැහැ (දී)

:       0       0

තිලක් Tuesday, 16 July 2013 11:34 AM

කව්රු කළත් හොද වැඩක් කරලා තියෙන්නේ.බෞද්ධ රටේ ගව ගාතනය සහමුලින්ම ඒවත් කළ යුතුයි.ඉදිරියටත් මෙවැනි දේ බෞද්ධ අපි අනුමත කරමු. ඒ ගැන කතා දෙකක් නැහැ. (දී)

:       0       0

සානුල් Tuesday, 16 July 2013 02:46 PM

මෙතන අදහස් දාල තියෙන සමහහර අය වලිගෙ පාග ගෙන ඇති බව ඉතා පැහැදිලියි. මෙතන තියෙන්නෙ බුදු දහම ගැන ප්‍රශ්නයක් නෙමෙයි. සිංහල බෞද්ධ සංස්කෘතිය පිලිබද ප්‍රශ්නයක්. මෙතන අදහස් දමන හුගක් පණ්ඩිතයො දන්නෙ නැහැ ඒ කියන්නෙ දෙකක් කියලා. සිංහල බෞද්ධ සන්ස්කෘතිය තුල හරක් මස් අනුභවය ඉතා නීච දෙයක් ලෙස සලකන්නෙ. බුදු දහම යනු තම තම නැණ පමනින් තනිව අවබෝධ කල යුතු දෙයක් මිසක් එය මුලු සමාජයටම පොදුවේ ආදේශ කල හැකි දෙයක් නෙවෙයි. එය බුදු දහමේ සහ වෙනත් ආගම් වල ඇති ප්‍රධාන වෙනසක්. බුදු දහම තුල කන්න ඕනෑ දේ, අදින්න ඕනෑ දේ උගන්වන්නෙ නැහැ. එය විය යුත්තේ සංස්කෘතිය තුල. මේක තමයි බුදු දහම සහ සිංහල බෞද්ධ සංස්කෘතිය අතර තියෙන වෙනස. එකක් හොදින් තේරුම් ගන්න,සිංහල බෞද්ධ සංස්කෘතිය රැකුනොත් විතරයි බුදු දහම රැකෙන්නෙ. අනිත් රටවලින් බුදු දහම අතුරුදන් වුනේ ඒ රටවල සංකෘතිය බුදු දහම රැකීමට තරම් ශක්තිමත් නොවූ නිසා. බුදු දහම රැකීමට අවශ්‍යය නම් අපි අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය පලමුව රැක ගත යුතුයි. (දී)

:       0       0

තිලක් Tuesday, 16 July 2013 11:36 AM

ගව ගාතනය කරන සහ ගව මස් රැගෙන යන වාහන ටික ගිනි තියලා ඉවරයක්ම කරලා දාන්න ශක්තිය ‍ධෛර්යය ලැබේවා! ගව ගාතනය ලංකාවෙන් සහමුලින්ම ඉවත් කළ යුතුයි (දී)

:       0       0

වාසනා Tuesday, 16 July 2013 06:31 PM

මම නම් කියන්නේ කවුරු උනත් දඩුවම් දෙන්න නිතිය අතට ගන්න ඒ කට්ටියට බැහැ (දී)

:       0       0

මොහමඩ් Tuesday, 16 July 2013 02:48 PM

දරන් රට ආරක්ෂා කරන්න හමුදා පොලිසි ඕනෑ නැහැ. ඒ වෙනුවට වෙනත් සේනාවක් ඉන්නවා (දී)

:       0       0

අර්ෂා Tuesday, 16 July 2013 11:40 AM

මස් නැත්නම් එළවලු කන්න. එළවලු කිලෝ එක රු.1000/=ට ගියාම මරේ මරු. නමුත් පෞද්ගලික දේපල විනාශ කරන්නන්ට තරාතිරම නොබලා දැඩි දඩුවම් දිය යුතුයි (දී)

:       0       0

සසිඳු Tuesday, 16 July 2013 02:54 PM

"අපි " ලෙස අදහසක් දමා ඇත්තාට, අපේ භාෂාවෙන් කියන්නේ "ඇනෝ" ලා කියලා. තමන්ගේ නම නැත්නම් අනුන්ගේ නමකින්වත් පෙනී හිටින්න කොන්දක් නැද්ද? ඇමරිකා ගියාම සුද්දෝ වෙනවද? සිංහල පත්තර බලන්න තහනම් ද? නිකම් මෝඩකතා පත්තරේට ලියන්නේ නැතුව ඉන්න පින් සිද්ධ වෙයි. (දී)

:       0       0

ශාන් Tuesday, 16 July 2013 02:54 PM

මේ ගොල්ලන් හින්දා අනිත් සාදුලගේ නමත් කැත වෙනවා (දී)

:       0       0

අතුල - මාලදිවයින Tuesday, 16 July 2013 06:51 PM

සිවුරු ඇඳගෙන, කැබ් රියකින් පැමිණ, අලුයම 1.05 ට දැක්ක මිනිස්සු ඒ හතරදෙනාව අල්ලගත්තා නම් මෙච්චර කියවන්න දෙයක් නැහැ. කෙරුවේ කව්ද කියලා දැනගන්න තිබුන. (නි)

:       0       0

සිරිපාල Tuesday, 16 July 2013 11:41 AM

ඌරෝ මැරුවට කමක් නැද්ද? මෝඩ මිනිස්සු (දී)

:       0       0

ලසන්ත Tuesday, 16 July 2013 11:46 AM

මම මේ බලන් උන්නේ මෙතරන් කලක් වැද නමස්කාර කළ මිනිසුන් මෙය දුටු ගමන් භික්ෂුන් චීවරධාරීන් හෝ සිවුරක් හැඳගත් අපරාධකාරයෙක් කියා කියනකල් (දී)

:       0       0

සුමනා Tuesday, 16 July 2013 11:46 AM

කවුරු කලත් ඕවා බොරු වැඩ කියලයි මට නම් හිතෙන්නේ (දී)

:       0       0

රොකී Tuesday, 16 July 2013 06:57 PM

හරක් මරණ එක බොහොම නරකයි. මිනිස්සුනව මරණ එක බොහොම හොඳයි. ඒක හින්දා හරක් මැරිල්ල නතර කරලා දිගට හරහට මිනිස්සුන්ව මරමුද! ජයවේවා! (නි)

:       0       0

සුපුන් Tuesday, 16 July 2013 11:46 AM

එහෙම කළහම සංසාරෙන් එතෙර වන්න පහසුයිද? (දී)

:       0       0

අර්ෂා Tuesday, 16 July 2013 03:02 PM

කුරේ ගේ කියමනට මගෙන් හුරේ.. හුරේ.. (දී)

:       0       0

එස්.එල්.ටී.කේ. 2004 Tuesday, 16 July 2013 11:47 AM

රට බෞද්ධ කියලා හරියන්නේ නැහැ. රටේ භාවිතා වන නීතියට කවුරුත් වැඩකළ යුතුයි (දී)

:       0       0

ජීවන් Tuesday, 16 July 2013 11:48 AM

මුදල් පරිහරනේ, යුද පරිහරනේ, රාජ්‍යය පාලනේ භික්ෂුන්ට අකැපයි කියා බුදුන් වදාළහ.මේක කරන්න ආයුධ පාවිච්චි කරලා නැද්ද? ගිනිකුරු, පෙට්‍රල් වගේ දේවල් මෙතැනදී ආයුද තමා (දී)

:       0       0

සුබසිංහ Tuesday, 16 July 2013 11:49 AM

ඔය බැබලෙන්නේ බුදුදහම.... (දී)

:       0       0

ගමාල් Tuesday, 16 July 2013 03:03 PM

ළමා දුෂණ, අල්ලස් ගන්න එක, මිනිස්සු මරණ එක, ඒවාට කවුරුත් කතා නැහැනේ (දී)

:       0       0

ගාමිණී Tuesday, 16 July 2013 03:04 PM

බෞද්ධ රට කියමින්, සිවුරු ඇඳගෙන ජාතිවාදය අවුස්සා ,වෛරය වපුරා ,අනුන්ගේ දේපල හානි කිරීම නියම බෞද්ධකමද ? (දී)

:       0       0

සුධීර Tuesday, 16 July 2013 11:50 AM

මරේ මරු.... ඔහොම යන් ඔහොම යන් (දී)

:       0       0

සංජීව Tuesday, 16 July 2013 11:53 AM

වෙන අපරාද ගැන බලන්නේ නැතුව හරක් ගැන දුක් වෙනවා. අනේ සාදු! (දී)

:       0       0

රාණි Tuesday, 16 July 2013 11:54 AM

ලංකාව ලොව හින්දු අන්තවාදීන්ගේ ග්‍රහණයට හසුවී ඇති බවක් පෙනේ. අල්ලපු රටේ එන්ජිඕ වල ජරාව කාපු කට්ටියක් මේවා පස්සේ ඇති. (ස)

:       0       0

වර්නන් Tuesday, 16 July 2013 11:54 AM

රටකට ආගමක් නැත. ආගම පුද්ගලයා සතුය. තමාගේ ආගම අනුව කටයුතු කරන්න. අනිත් අයට බලපෑම් කරන්නා බෞද්ධයෙක් නොවේ (දී)

:       0       0

මෙහොමඩ් ඉමිතියාස් Tuesday, 16 July 2013 11:54 AM

දවසකට 5000ක් නම් මාසෙකට 150000 අවුරුද්දකට 1800000 හක් ඉතුරුවෙනවා අවුරැදු 10කට ලංකාවේ ජනගහනයට වඩා හරක් වැඩි (අ)

:       0       0

රිෂාර්ඩ් Tuesday, 16 July 2013 03:07 PM

අද රටේ මොනතරම් ජරා දේවල් සිද්දවෙනවද ?හරකා ද අද ප්‍රශ්නේ සිව්රු දාගෙන මොනවා කරත් සමහර උදවිය උඩ බලාගෙන ඉන්නවා.හාමුදුරුවරු දැන් මත්පැන් බීලත් අහු උනා මෑතකදී පන්සල් ඇතුලේ.භික්ෂුන්ගේ මෙවැනි ක්‍රියා දැන් වැඩියෙන් සිද්ද වෙනවා . (අ)

:       0       0

තේජා Tuesday, 16 July 2013 11:54 AM

තිලක් වගේ අය හරක් සමගම හිටපුදෙන්. රටේ නීතිය අතට ගන්න කාටවත් දෙන්න එපා (දී)

:       0       0

කමල් Tuesday, 16 July 2013 11:59 AM

ඇෆ්ඝනිස්ථානය, බංගලිදේශය, මාලදිවයින වැනි රටවල් ඉස්සර බෞද්ධ. ඒත් දැන් මට්ටයෝ ඔක්කොම අල්ලාගෙන නොවැ. තව අවුරුදු 20න් 30න් ලංකාවටත් වෙන්නේ ඔය ටිකමයි. (දී)

:       0       0

නිහාල් Tuesday, 16 July 2013 12:01 PM

ගවමස් අනුභවයෙන් වලකින ලෙස අද වෙනතුරු මහජනයා දැනුවත් කිරීමට පියවර අරගෙන නැහැ.පෙලපාලි යාමෙන්,කඩ ගිනිතැබීමෙන්,යන වාහන ගිනි තැබීමෙන් පලක් නැහැ.ඒවා නීතියට පටහැනියි.ගවයින් සහ අනිකුත් සතුන් ආහාරය සදහා මරණ ආකාරය මහජනතාවට පෙන්වන්න ඕනෑ. (දී)

:       0       0

අපි Tuesday, 16 July 2013 12:01 PM

තේජා ,ලංකාවේ නීතියක් තියෙනවද අතට ගන්න? (දී)

:       0       0

ඔසන් සලාම් - කටාර් Tuesday, 16 July 2013 03:13 PM

දැන් තමයි අපිට දැනගන්න ලැබී තිබෙන්නේ අප රටේ ශිෂ්ඨාචාරය ගොඩනැගී තිබෙන්නේ ගවයා මුල්කරගෙන කියලා. මම හිතාගෙන හිටියේ ගල්, රා සීල් අරක්කු මුල්කරගෙන කියලා. මොකද ලංකාවේ සංස්කෘතියට අනුව බහුතරයන් විසින් කෙනෙකුගේ උපත සිට මරණය දක්වා ඉහත මත්පැන් තොල නොගා ප්‍රියසාද පැවැත්වීමට නොහැකිව තිබෙන්නේ ඒ නිසාම නොවේද? අනෙක මොකක්ද මේ හරක්ව මූලික කරගෙන කරපු ශිෂ්ඨාචාරය කියන්නේ ! (දී)

:       0       0

පද්මා Tuesday, 16 July 2013 12:02 PM

රටේ පාලනයේ අසාර්ථක බාවෙට, විරැකියාවට, මන්දපෝෂණයට,ජිවන වියදමට,බෙහෙත් නැතිකමට දුෂණ වංචාවලට,පන්ති වෛරයට, එරෙහිව නැගෙන වෛරය වෙනතකට යොමු කිරීමට බටහිර විරොධය, හරක් මස් වැනි සංකල්ප බවිතා කරයි.ඊට අමතරව ක්‍රිකට් මැච්,සංගීත සංදර්ශන වැනි දේද යොදාගනී.මේ හරක් මස් සංකල්පේ යොදාගත් අවස්ථාවකි. (දී)

:       0       0

දමිත් Tuesday, 16 July 2013 03:13 PM

සිඋරක් ඇදගෙන ඕනෑම මිනිහෙකුට ඕනෑම පහත් වැඩක් කරන්න පුළුවන්. අපේ හාමුදුරුවන් වහන්සේලාට නිග්‍රහ කරන්න කරපු වැඩක් වගේ පෙන්නේ (දී)

:       0       0

දිනේෂ් Tuesday, 16 July 2013 03:15 PM

මම නම් මේ වැඩේ අනුමත කරනවා. හොදින්හරි නරකින්හරි හරක් මරණ එක නවත්වන්න ඕන. මෙතන ඉන්න මස්වැද්දන්ට ඕව තෙරන්නේනැ. විශේෂයෙන්ම සමන් වගේ මී හරක්ට(අ)

:       0       0

පාල Tuesday, 16 July 2013 12:05 PM

කමල්, ඇයි ඉන්දියාව,නේපාලේ එහෙමත් ඉස්සර බෞද්ධ.ඇෆ්ගනිස්තානේ මුස්ලිම් වුනහම දැනෙන හිතේ අමාරුව ඉන්දියාව හින්දු වුනහම ඔයාට නොදන්නේ ජාතිවාදෙන් ආගම්වාදෙන් ඔලුව ඔද්දල් වෙලා නිසා. (දී)

:       0       0

ඉෂාර Tuesday, 16 July 2013 12:06 PM

දැන් නීතිය හැමෝම ක්‍රියාත්මක කරනවා. පොලෝසියයි, උසාවියයි හැර. (දී)

:       0       0

පලිහහේන Tuesday, 16 July 2013 12:07 PM

මේ අදහස් වලින් කියන්න පුළුවන් ලංකාවේ කොච්චර හරක් ඉන්නවද කියා? (දී)

:       0       0

රාහුල Tuesday, 16 July 2013 03:19 PM

දැන් අපේ සහල් වල ආසනික්, මිනිස්සුන්ට පිලික සහ වකුගඩු රෝග හැදෙනවා. අපි සතුන් මැරීම විශේෂයෙන් ගවයන් සහ එළුවන් සහ කුකුලන් මැරීම නවත්වා එම පොහොර කුඹුරු වලට යොදවමු. පිටරටින් ගෙන එන බාල අසනික් අඩංගු පොහොර ගෙන්වීම වහාම නවතා දමමු. නිකරුනේ මහා සංඝයාට දෝෂාරෝපණය නොකළ යුතුයි. ඉදිරියට මහා සංඝයා ගව ගාතනය නැවැත්වීමට නායකත්ව දෙනු ඇති බව බලාපොරොත්තු වෙමු. (දී)

:       0       0

ටෙනිසන් Tuesday, 16 July 2013 12:10 PM

තමන්ගේ හිතට එන අදහස් වමාරන එක හරි පහසුයි.නමුත් ක්‍රියාව ඉතාම බරපතලයි.ආණ්ඩුවට එරෙහිව මිනිසුන්ගේ හිතේ තිබෙන ආකල්ප වලින් ඈත් කර එය වෙනතකට හැරවීමට මෙවන් දෙයක් ආණ්ඩුවට කරන්නත් පුළුවන්. ඒ වගේම සුළු ජාතීන්ට මහජාතියෙන් අසාදාරන වෙනහැටි ලොවට පෙන්වන්න විපක්ෂයේ සුළු පක්ස වලට මෙවන් දෙයක් කරන්නත් පුළුවන්. අනෙක් අතට ආගම් දෙකක් අතර මහා ගැටුමක් අවුලවන්න අන්ත මුලධර්මවාදීන් මේ වගේ දෙයක් කරන්නත් පුළුවන්. එනිසා ඔය අදහස් වමාරන අය කල්පනාවෙන්. ගිනි අවුලවන්න හරි පහසුයි නිවන්න පහසු නැහැ (දී)

:       0       0

ලන්කපුත Tuesday, 16 July 2013 03:21 PM

ලෝකේ තියන ලොකුම දුප්පත් ආගම තම බුද්ධාගම. ඕනෑ දෙයකට ආධාර පත්තරයක් ගහලා තමා ගාන හොයන්නේ. (දී)

:       0       0

රණි Tuesday, 16 July 2013 12:11 PM

නොර්වේ තරඟ කපටියෙක් තවත් ඉන්නවද... බලන්න නොර්වේ ක්‍රෝන් අපේ රටේ වැඩ කරන විදිහ.කාලයක් එල්ටිටි එක හරහා රට ගිනි තිබ්බ.දැන් හරක් මස් කැබැල්ලක් අල්ලගන ලැහැත්ති වෙනවා... (අ)

:       0       0

රිෂාර්ඩ් Tuesday, 16 July 2013 03:21 PM

මේ අනුවණයන්ගේ කාලයයි. (දී)

:       0       0

සසිත් Tuesday, 16 July 2013 12:14 PM

එක පැත්තකින් බැලුවම කරපු වැඩේ හොදයි. හැබැයි සිවුරු ඇදගත්ත අය මේ වගෙ දෙයක් කළා නම් අනුමත කරන්න (දී)

:       0       0

චමින්ද Tuesday, 16 July 2013 12:15 PM

දැන් කාලේ සිවුර ඇන්දත් එයා නියම හාමුදුරුවන්ද කියලා බෞද්ධයන්ටත් හොයා ගන්න බැහැ. තව ටික කාලයකින් සිවුර අන්දලා මංකොල්ලකාරයෝ, හොරු කුඩුකාරයෝ, ස්ත්‍රී දුෂකයෝ එන්න පුළුවන්. (දී)

:       0       0

මිලාන් Tuesday, 16 July 2013 12:17 PM

මේවා අපිට නම් පාතාලේ වැඩ. දැන් හාමුදුරුවරු ඒකත් පටන් අරන්. ඔහොම යමු. නියමයි (දී)

:       0       0

සසිත් Tuesday, 16 July 2013 12:18 PM

වර්නන් සහ ඉෂාර ගෙ අදහස් කදිමයි.. (දී)

:       0       0

රිස්මි Tuesday, 16 July 2013 07:50 PM

හරකුන්ට පමණද පන තියෙන්නේ? අනිත් මස් වර්ග පණ නැති සතුන්ගේද? මේවටත් අදහස් දාන්නේ හරි හැටි අධ්‍යාපනයක් නැති කට්ටිය කියලා බුද්ධිමතුන් දන්නවා. (නි)

:       0       0

සම්සුදීන් Tuesday, 16 July 2013 12:19 PM

බුදු හාමුදුරුවෝ කිව්වද හාමුදුරුවරුන්ට සත්ව හමෙන් නිපදවූ සෙරෙප්පු දාන්න පුළුවන් කියලා? සල්ලි අතින් අල්ලන්න පුළුවන් කියලා? හරක් මැරුවේ නැත්නම් පන්සලේ බෙර ගහන්න්නත් බැරි වෙනවා. පන්සලෙත් ගවයන්ගේ හම තියෙනවනේ (දී)

:       0       0

රොෂාන් Tuesday, 16 July 2013 12:21 PM

මේ උත්සාහ කරන්නේ නම් තවත් ප්‍රශ්නයක් ඇති කරන්නයි. (දී)

:       0       0

සුලක්ෂි Tuesday, 16 July 2013 12:22 PM

නියම වැඩක් (දී)

:       0       0

රංග ශානි Tuesday, 16 July 2013 12:22 PM

වැඩේ හාමුදුරුවෝ කෙරුවත් හොද වැඩක්. ගව ඝාතනය ශ්‍රී ලංකාවෙන් මුළුමනින්ම තුරන් කරන්න ඕනෑ. තෙරුවන් සරණ හාමුදුරුවනේ (දී)

:       0       0

ගංගා Tuesday, 16 July 2013 12:24 PM

ආගමට මුවාවී බලය අතට ගෙන කටයුතු කරන අය හදන්නේ ආයේ මේ රට ගිනි තියන්නයි (අ)

:       0       0

ජනක Tuesday, 16 July 2013 03:32 PM

සිවුරු ඇදගෙන ආවේ හාමුදුරුවොම කියන්න බැහැ කියො කියන අයට මම කියන්නේ, හාමුදුරෝවෝ නොවෙයිම කියන්නත් බැහැ නේද? (දී)

:       0       0

සුමිත් Tuesday, 16 July 2013 08:01 PM

"උගුලෙන් බැරිනම් හබකෙන් කිව්වලු " (අ)

:       0       0

ශෙහාන් Tuesday, 16 July 2013 03:31 PM

පාලකයොත් ගව මස් කයි නම් මීට වඩා හොඳ ක්‍රියාමාර්ගයක් සිතිය නොහැකියි. (දී)

:       0       0

මහින්ද Tuesday, 16 July 2013 12:26 PM

බත් කන හරක් තවම ඉන්නවා (අ)

:       0       0

නියම සිංහල කොල්ලෙක් Tuesday, 16 July 2013 03:33 PM

නියමයි හාමුදුරුවනේ, ඔහොම තමයි ඉන්න ඕනෑ (දී)

:       0       0

ම්ර්ෆ් Tuesday, 16 July 2013 12:29 PM

මේක පොඩි දෙයක්නේ..පණපිටින් මිනිසුන්ටම ගිනිතියන ලංකාවේ (දී)

:       0       0

මහින්ද Tuesday, 16 July 2013 12:30 PM

හරකුන්ගේ විතරද පන තියන්නේ අනික් සතු පන නෙවේද (අ)

:       0       0

ජෝයි Tuesday, 16 July 2013 12:31 PM

ඇතැමුන් මේ වැඩේ හොදයි කියනවා එහෙනම්... 83 දී වෙච්ච දේ ජාතිවාදීන් පිරිසක් කළා කියලා වචනෙන් පමණක් ප්‍රකාශ කරලා අපි තාම අත පිහ දාගන්නවා.එයින් වෙච්ච හානිය නිසා තවමත් අපි විදවනවා.මෙයිනුත් එහෙම දෙයක් වුනොත් ඉදිරි දිනක "ජාතිවාදීන් ටිකක් මේක කලේ අපි නොවේ.අපි හොද අය" කියන්නට බලාන නොඉද ඔය කියන හොද අය දැන්ම පියවරක් ගන්න. (දී)

:       0       0

ජනක Tuesday, 16 July 2013 08:09 PM

මස් ලොරියට මාර ආදරෙයි වගේ සමහර අය . සතුන්ට දෙන ගිනි තමා ඔය ඇවිලෙන්නේ (අ)

:       0       0

මාලක Tuesday, 16 July 2013 12:35 PM

සම හරක් මේක අනුමත කරනවා. ඔහෙලාට හොදයි නම් අපිට මොකෝ? මගේ රට දැන් ඇමරිකාව. ඔහේ ඉදන් ගහ ගන්න බැරි නම් ගිනි තියන්න බැරිනම් මරා ගත්තත් අපට මොකෝ. ඔහෙලගෙ කැමැත්ත. (දී)

:       0       0

සමන් Tuesday, 16 July 2013 08:10 PM

මෙයාලට පිනට කාලා තෙලේ වැඩිවෙලා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 228 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 1872 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 222 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 858 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 999 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1219 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37578 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24765 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site