IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


'මිස් ලැටීනා'වෙන්න ඇමෙරිකා යන මේනකා

2016-08-18-ent-32

ලොව පුරා පැවැත්වෙන රූ රැජින තරග ඉසව් සඳහා ශ්‍රී ලංකාවේ තරුණියන්ගේ නියෝජනය පසුගිය කාලයේ බහුලව සිදුවුණා. ටෙලිනාට්‍ය හා සිනමා නිලි මේනකා මධුවන්තිටත් මෙවැනි අවස්ථාවකට දායක වීමේ ආරාධනා ලැබී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම රූ රැජින ඉසව්ව නියෝජනය සඳහා ඇය එළැඹෙන ඔක්තෝබරයේ දී ඇමරිකා යාමට නියමිත බව පවසනවා. ඒ ගැන සහ මේනකාගෙ රංගන කාර්යයන් ගැන පැවසීමට ඇය සඳැල්ලට ආ විදියයි මේ.

 

මේනකා මොකක්ද මේ රූ රැජින තරගය?

2016-08-18-ent-30මේ බියුටි පැජන්ට් එකේ නම මිස් ලැටිනා ඉන්ටර්නැෂනල්. මෙය සංවිධානය කරන්නෙ ඇමරිකාවේ වර්ල්ඞ් චැම්පියන්ෂිප් ඕගනයිෂේසන් කියන සංවිධානයයි.

 

මොන විදියට පැවැත්වෙන තරගයක් ද?

නර්තන හැකියාවන්, රංගන හැකියාවන්, ගායන හැකියාවන් ඇතුළු තවත් අංශ වෙතින් දක්ෂතා මැන බලන බියුටි පැජන්ට් එකක්.

 

කී වැනි වතාවට ද මෙවර මෙය පැවැත්වෙන්නේ?

මම දැනගත් විදියට 20 වැනි වතාවටයි.

 

දැන් කවදද මෙය පැවැත්වෙන්නේ?

මෙම ඔක්තෝබර් 20 වැනිදා ඇමරිකාවේදීයි.

 

ඇයි මේනකාට මේ වගේ අවස්ථාවකට සහභාගී වෙන්න හිතුණේ?

මට මගේ හැකියාව ගැන විශ්වාසයි. මේ ඉසව්ව ගැන සොයා යද්දී රටට පුංචියට හෝ ගෞරවයක් ගෙන දිය හැකි අවස්ථාවක් බව තේරුම් ගත්තා. සාමාන්‍යයෙන් රටට ගෞරවයක් ගෙන දිය හැකි දෙයකට ඉදිරිපත් වෙද්දී ඊට බොහෝ දෙනාගේ ආශිර්වාදය ලැබෙනවා නම් හොඳ බව මගේ අදහසයි.

 

ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ දැන් වැඩිය දකින්න නැහැ නේද?

පසුගිය කාලයේ දී බොහෝ විට මට එක දිගටම ලැබුණෙ ඒකාකාරී චරිතයි. එක්කෝ පරාජිත පෙම්වතිය, නැත්නම් බටහිර ආරෙට ගිය චරිතයක්. ඒ එකම රාමුවකට කොටුවෙන්න මම කැමති නැහැ.

 

ඒ කියන්නෙ ඔබ ඕනෑම චරිතයක් රඟපෑමට සූදානම් ද?

රඟපෑමට එන ඕනෑම කෙනෙක් එකම චරිතයකට කොටු වෙන්න කැමැති නැහැ. මාත් එහෙමයි. රඟපෑම වෘත්තියක් කර නොගත්තත්, රඟපාන චරිතයට වෘත්තීය වටිනාකම සහ දායකත්වය දෙන්න සූදානම්. එයින් මේ දිනවල ‘ධරණි’ ටෙලි මාලාවේ මම රූගත කිරීම්වලට දායක වෙනවා. එය විකාශය වන දිනයට මෙතෙක් මා රඟපෑ චරිතවලට වඩා වෙනසක් දැකගත හැකි වේවි. කොහොම වුණත් පසුගිය කාලයේ දී වැඩිපුර මා ගැන කතා වුණේ ටෙලිනාට්‍යවලට වඩා චිත‍්‍රපටවල රඟපෑ චරිත නිසයි. ‘මහරජ අජාසත්ත’ නාට්‍යයේ රඟපෑ චරිතය ගැන වැඩි දෙනා කතා වුණා. ඒ විදියට චිත‍්‍රපට හයක විතර පසුගිය කාලයේ වැඩ කළා.

 

ඉදිරියේ ඔබ වැඩිපුර දකින්න පුළුවන් චිත‍්‍රපට සමග ද?

ඇත්තටම චිත‍්‍රපට කීපයක්ම විකාශනයට නියමිතයි. අර්ජුන් කමලනාත්ගෙ කුණාටුවේ මන්දිරය, සුදේශ් වසන්තගේ හැට හතර මායම් සහ බෝධි සමරනායකගේ නවතම චිත‍්‍රපටයේත් රඟපෑවා.

 

‘ජීවිතය’ සුන්දරයි?

ජීවිතය සුන්දර කරගන්න අපි දැන ගන්න ඕනෑ.

 

මොනවද ඒ වෙනුවෙන් කළ යුත්තේ?

අපි හොඳ දේ කළොත් ජීවිතය සුන්දර වේවි. ජීවිතය ගත කරන්නේ හොඳ දේ වෙනුවෙන්. ඉතින් මට ජීවිතය දැනෙන්නෙ සුන්දරවයි.

 

තවත් මොනවද කියන්න තියෙන්නේ?

අපි අපේ ස්ව උත්සාහයෙන් ලංකාවෙන් එළියට ගිහින් රටට පුංචි හෝ ජයග‍්‍රණයක් ගෙන දීමේ අපේක්ෂාවෙන් යන්න හදන මේ ගමනට හැමෝම ආශිර්වාද කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ.

 

හැඩගැන්වීම්: ශ්‍රීමාලි ෆොන්සේකා Salon Srimalee

සටහන/ ඡායාරූප - සඳුන් ගමගේ

 

2016-08-18-ent-31
2016-08-18-ent-29
2016-08-18-ent-28



අදහස් (0)

'මිස් ලැටීනා'වෙන්න ඇමෙරිකා යන මේනකා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇල්පිටිය ප්‍ර.ස. මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට
2024 ඔක්තෝබර් මස 07 67 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ


කෝටියක් වංචා කළ ජපන් භාෂා ගුරුවරයා අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 07 243 0

ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන


කෙසෙල්වත්තේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 07 529 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි


සුළඟෙන් කාලගුණයට බලපෑම්
2024 ඔක්තෝබර් මස 07 410 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 3543 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 516 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39243 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25618 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1102 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 385 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site