IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මස් වැද්දෝ රිමාන්ඩ්

නකල්ස් රක්ෂිතය ආශ්‍රිත දුර්ලභ වන සතුන් දඩයම් කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් හය දෙනා ලබන 07 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට තෙල්දෙණිය වැඩ බලන මහේස්ත්‍රාත් ශ්‍රිරෝමනි නියාගම මහත්මිය නියෝග කළාය.

එස්.එම්.සිරාජ්, කොඩිතුවක්කු ආරච්චිගේ නලින්ද වීරතුංග, කොඩිතුවක්කු ආරච්චිගේ රවීන්ද්‍ර වීරතුංග, චන්ද්‍රසේකර් විජයකාන්ත්, ගලබඩ ලියනගේ රුෂීන් සංජීව සමරනායක සහ එම්.නන්දකුමාර් යන අය එසේ රිමාන්ඩු කරනු ලැබූහ.

රන්දෙනිගල වනජීවි නිලධාරින් විසින් සැකකරුවන් තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත යටතේ මෙම සැකකරුවන් අත් අඩංගුවට ගනු ලැබුයේ පන්විල පොලිසිය සමග වනඡිවී අඩවි වන නිලධාරින් කළ මෙහෙයුමකිනි.

ෆේස්බුක් ඔස්සේ මෙම සතුන් දඩයම් කළ ඡායාරූප ප්‍රසිද්ධියට පත්වීමත් සමග සැකකරුවන් හඳුනාගැනීමට හැකිවිය.

nakals--waedda-1 nakals--waedda-7 nakals--waedda-9

ඡායාරූප - චමිල් රූපසිංහ



අදහස් (0)

මස් වැද්දෝ රිමාන්ඩ්

සමන් Monday, 04 July 2016 10:03 AM

මස් වෙළදාම තහනම් කරන්න බැරි හේතුව රට පාලනය කරන්නේ ඒ වගේම කට්ටිය නිසා (හේ)

:       0       0

මොහාන් Monday, 04 July 2016 02:00 AM

ශාන්ත, වනජීවී එක කරන මෙහෙවර අවතක්සේරු කරන්න නරකයි (නි)

:       0       0

ලංකා Monday, 04 July 2016 03:06 AM

එතකොට මාළු, හාල්මැස්සෝ, ඉස්සෝ? (නි)

:       0       0

හේවාවිතාරණ Monday, 04 July 2016 04:13 AM

මොවුන්ට ඇප දෙන්න එපා (නි)

:       0       0

සහන Monday, 04 July 2016 04:14 AM

සත්තු කියන ගණයට වැටෙන්නේ හරක් පමණයි. (නි)

:       0       0

ජගත් Monday, 04 July 2016 04:29 AM

වනජීවී නිලධාරීන්ව කවුරුහරි දැනුවත් කරනවා නම් මෙවන් අකටයුතුකම් ගැන, ඔවුන්ගේ සේවය වඩා ඵලදායීව ලබාගත හැකියි (නි)

:       0       0

ජයම්පති Monday, 04 July 2016 04:25 AM

රොහාන්, එක සැකකරුවෙක් කියලා තියෙනවා ඔහු සමග හිටපු කෙනෙක් තමා මේ ඡායාරූප එෆ්බී එකට දාලා තියෙන්නේ කියලා. මම හිතනවා වනජීවී නිලධාරීන් පවා දැනුවත් වෙන්න ඇත්තේ ඉන්පසුවයි. (නි)

:       0       0

ජයම්පති Monday, 04 July 2016 04:34 AM

මෙතන අදහස් දාන සමහර අය හරක් කුකුළන් මැරීම ගැනත් කතා කරනවා. නමුත් මතක තියාගන්න මේ අය මරලා තියෙන්නේ මස් පිණිස ඇතිකරන සත්තු නොවෙයි. වඳවීයන නීති මඟින් ආරක්ෂා කරලා තියෙන සතුන්. (නි)

:       0       0

උදයසිරි‍ Monday, 04 July 2016 05:21 AM

ඇයි මේ මස් වෙළඳාම තහනම් කරන්න බැරි කිසිම රජයකට? (නි)

:       0       0

රොහාන් Sunday, 03 July 2016 01:04 PM

ෆේස්බුක්එකෙන් අල්ල දෙනකම වනඡිවී නිලධාරීන් මොකද දන්න නැහැ කළේ දැන් නිකම් වීරයෝ වෙන්න හදන්නේ.(බ)

:       0       0

ගාමිණී Sunday, 03 July 2016 01:47 PM

වැද්දා දින 4 හිරේ මදිනේ මොකද සැහැල්ලු දඩුවම් (බ)

:       0       0

දර්ශන Sunday, 03 July 2016 03:15 PM

මොවුන් හට දඩුවම් පැමිණවීම ඉතා හොඳයි - නාරාහේන්පිට එක්තරා ස්ථානයක වායු පිස්තෝල සහ වායු රය්ෆල් පුවත් පත් දැන්වීම් මගින්ම ප්‍රසිද්ධ කර අලවි කරනවා , මේවා ලංකාවේ විකිණීම නිත්‍යානුකූලද ? (බ)

:       0       0

කිරන් Sunday, 03 July 2016 03:31 PM

හරක් මරණ මස් වැද්දන් අත්තඩංගුවට ගනු (බ)

:       0       0

ටෙෂාන් Sunday, 03 July 2016 05:37 PM

දර්ශන, මෙයාලා අවසර අරගෙන මේවා විකුණන්නේ බලපත්‍ර තිබෙන අයට පමණයි (නි)

:       0       0

රොහාන් Monday, 04 July 2016 09:13 AM

එතකොට මේ අවි වලට බලපත්‍ර තියනවද? (හේ)

:       0       0

රොෂාන් Sunday, 03 July 2016 09:12 PM

කිරන්, එතකොට මිනිස් මළපහ අනුභව කරන ඌරා, මස් වැද්දන් විසින් ඝාතනය කර ඔබටම අනුභව කිරීමට සැළැස්වීම ඉතාමත් යහපත් ක්‍රියාවක් ලෙස ඔබ කල්පනා කරනවද? හරකාට පව් වුණාට ඌරු මසේ රස වැඩිහින්දාද මන්දා සමහරක්ට ඌරව මතකත් නැහැ. (නි)

:       0       0

දුමින්ද Sunday, 03 July 2016 09:48 PM

ෆේස්බුක් පින්තූර වල මීට වැඩිය අවි ආයුධ තිබුණා. අඩුමගානේ තුවක්කු තුනක්වත් තිබිය යුතුයි, අනිවාර්යයෙන්ම. ඒවාද මොවුන් ලවා සොයාගන්න (නි)

:       0       0

බමුණුසිංහ Sunday, 03 July 2016 10:34 PM

දර්ශන, මේවා නීත්‍යානුකූල නිසයි විකුණන්නේ. මේවයින් ලොකු සතෙකු මරන්න බැහැ. මා ළඟත් තිබෙනවා. ඒ සතුන්ගෙන් වගාව ආරක්ෂා කරගන්න. තමන්ගේ වගාවන් විනාශ කරනකොට ඔයා කියන අනුකම්පාව කොහෙද කියාවත් හොයන්න බැහැ. ගහක මලක් එනකොටම වඳුරන් කඩාගෙන කනවා. ගෙඩියක් හැදෙන්නේ නැහැ. එකම පිහිට වායු රයිපලය. (නි)

:       0       0

බන්දුල Sunday, 03 July 2016 10:40 PM

මොවුන්ට දියහැකි උපරිම දඬුවම ලබාදෙන්න (නි)

:       0       0

සමන්ත Sunday, 03 July 2016 11:10 PM

මෙම අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බව අපැහැදිලි සාක්ෂි හේතුවෙන් ඔවුන්ගේ නීතිවේදීන්ට ඔප්පුකළ හැකියි නේද? ෆොටෝෂොප්/ වෙනත් මෘදුකාංග භාවිතා වී ඇති බව ඔවුන්ට පැහැදිලිවම ඔප්පු කළ හැකි බව මගේ අදහසයි (නි)

:       0       0

ශාන්ත Sunday, 03 July 2016 11:28 PM

වනජීවී එක වහලා ෆේස්බුක් එකෙන් පැමිණිලි ලියාගන්නා ක්‍රමයක් සකස් කළයුතුයි. එමඟින් වනජීවී එක නඩත්තු කරන මුදල් ඉතිරි කරගත හැකියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 3 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 179 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 382 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 231 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 548 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
2024 ඔක්තෝබර් මස 04 398 0

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38904 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site