IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මාස 10කට පසු ගාල්ලට දිසාපතිවරයෙක්

ජනාධිපති මහජන සම්බන්ධතා ඒකකය බාරව සිටි ජනාධිපති අතිරේක ලේකම් එස් ටී කොඩිකාර මහතා ගාල්ල මහ දිසාපති ලෙස ජනපති විසින් පත්කරනු ලැබ සිටියි.කොඩිකාර මහතා අද උදෑසන ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිය නව ධූරයේ කටයුතු ආරම්භ කළේය.

ගාල්ල බටපොලදී උපත ලද කොඩිකාර මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි. අධ්‍යාපන පරිපාලන සේවයට එක්ව නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ලෙස සේවය කළ ඒ මහතා පසුව රාජ්‍ය පරිපාලන සේවයට එක් වූයේය. ආර්ථික විද්‍යාව පිළිබඳවත් තොරතුරු තාක්ෂණය පිළිබඳවත් පළාත් පාළනය පිළිබඳවත් පශ්චාද් උපාධි තුනක් කොඩිකාර මහතාට ඇත.

එම ධූරයට පත්වීමට පෙර ඔහු පුත්තලම සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙසත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙසත් භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ලේකම්වරයා ලෙසත් බස්නාහිර පළාත් වැඩබලන ප්‍රධාන ලේකම් ලෙසත් කටයුතු කර තිබුණි. තොරතුරු තාක්ෂණය පිළිබඳ හසල දැනුමකින් යුතු ඒ මහතා ජනපතිට කියන්න සේවාව ආරම්භ කිරීමට පසුගිය කාළයේදී විශාල කාර්යය භාරයක් ඉටු කළේය. එම සේවාව යටතේ දිවයිනේ සියළුම රාජ්‍ය ආයතන රාජ්‍ය සේවයේ ගැටළු විසඳීම සඳහා තොරතුරු තාක්ෂණ ක්‍රමවේදය හඳුන්වා දීමටද කොඩිකාර මහතා මූලික වී කටයුතු කළේය.

ගාල්ල හිටපු දිසාපති රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා අමාත්‍යාංශ ලේකම් ධූරයක් ලැබීමෙන් පසු අද දිනය දක්වාම මාස අටක කාළයක් ගාල්ල දිසාපති තනතුර හිස්ව තිබිණි. එම කාළයේදී අතිරේක දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය අදාල ධූරයේ වැඩ ආවරණය කළාය.

 

600 Kodikara



අදහස් (0)

මාස 10කට පසු ගාල්ලට දිසාපතිවරයෙක්

නිල්මිණි Monday, 23 May 2016 10:02 AM

මම ජනාධිපති කාර්යාලයේ මේ සර් යටතේ වැඩ කරපු කෙනෙක් මේ වගේ දක්ෂ නිහතමානී නිලධාරියෙක් යටතේ වැඩ කරපු මගෙන් හෘදයාංගම සුභ පැතුම්. (අ)

:       0       0

ගමගෙදර Monday, 23 May 2016 06:36 AM

ගාලු දිස්ත්‍රික්කයේම කෙනෙක් දිස්ත්‍රික් මුල්පුටුවට . මගේ සුභපැතුම්. (අ)

:       0       0

උපාලි Monday, 23 May 2016 08:05 AM

ඔන්න ඔහොම සුදුස්සන්ට සුදුසු තැන දෙනවනම් බොහොමයක් ජනතා ප්‍රශ්න විසඳන්න පුළුවන්. වැඩේ තියෙන්නේ හැම තැනම ඉන්න දේශපාලුවෝ මේ උගතුන්ට වැඩ කරන්න නොදී තමන් තීරණ ගන්න යන එකයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 733 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 267 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1436 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2657 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 215 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1535 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38621 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 941 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site