IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මාස 10 ක් බලා ඉන්න බැරි නිසා ටෙස්ට් පිටියෙන් සමුගත්තා

බංග්ලාදේශයට එරෙහිව ගාල්ලේදී 08 වැනිදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සඳහා නම් කළ අවසන් 15 දෙනාට ඇතුළත්ව නැති බව දැනගත් අවස්ථාවේදී දැඩි කණගාටුවක් ඇති වූ බවත් මාස 10 ක් ලබා සිටීමට නොහැකි නිසා සමුගැනීමට තීරණය කළ බවත් අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගත් ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ ජ්‍යෙෂ්ඨ පිතිකරු තිලාන් සමරවීර පැවසීය.

අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (06) පස්වරුවේ කොළඹදී පැවැති මධ්‍ය හමුවේදී තිලාන් මෙසේ ද පැවසීය.

‘‘බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට සහභාගි වීමට මම ලොකු බලාපොරොත්තුවකින් සිටියේ, ඇත්තම කියනව නම් මම සංචිතයේ නෑ කියලා දැනගත්තම පුදුමයට පත්වුණා. පසුදින ගාල්ලෙ යන්න සූදානමින් හිටියේ’’

තිලාන් සමරවීර සහ ක‍්‍රිකට් තේරීම් කමිටුවේ නිලධාරීන් අතර අද (06) පෙරවරුවේ පැවැති සාකච්ඡුාව පිළිබඳව ද තිලාන් මෙසේ පැවසීය.

‘‘මෙම බංග්ලාදේශ සංචාරයට සහ ඉදිරි සිම්බාබ්වේ සංචාරයට ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් දෙදෙනකු පමණක් කණ්ඩායමට ඇතුළත් කරන බව ඔවුන් මට කිව්වා. මේ වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත පාකිස්තානු සංචාරයට අවස්ථාව දෙනවා කිව්වා. මාස 10 ක් කියන්නේ ලොකු කාලයක් බලන් ඉන්න අමාරුයි’’

 



අදහස් (0)

මාස 10 ක් බලා ඉන්න බැරි නිසා ටෙස්ට් පිටියෙන් සමුගත්තා

කුමාර් Thursday, 07 March 2013 01:00 AM

සුභ පැතුම් ඔබට! (නි)

:       0       0

රවිඳු Thursday, 07 March 2013 01:38 PM

ලංකාවෙ ක්‍රිකට් හරි පුදුමයි. ටෙස්ට් ටීම් එකේ නායකත්වයට සුදුසුම කෙනා සංචිතයෙවත් නෑ.(ස)

:       0       0

ඉෂාන් Thursday, 07 March 2013 02:09 AM

ඔබ විශිෂ්ටයි තිලාන්. (නි)

:       0       0

සමන් Thursday, 07 March 2013 03:02 AM

සමරවීර හරි (දී)

:       0       0

පහන් Thursday, 07 March 2013 03:38 AM

අවස්තාව නොදී ඉන්න එපා, දැක්කනේ (දී)

:       0       0

අරවින්ද Thursday, 07 March 2013 04:48 AM

සුභ පැතුම් තිලාන්. (නි)

:       0       0

තිස්ස Thursday, 07 March 2013 06:27 AM

ඔබ උගත් ශිල්පයෙන් ඔබ කොන්ද කෙළින් තබාගෙන වැඩ කරන්න. නිහතමානී වන්න. ඔබට ජය ලැබේවි! (නි)

:       0       0

උපුල් Thursday, 07 March 2013 06:44 AM

අපේ කණ්ඩායමට මොකක්ද මේ වෙන්න යන්නේ? (නි)

:       0       0

වින්සන්ට් Thursday, 07 March 2013 07:31 AM

මෙතුවක් කල් ඔබට දුන් අවස්තාවන් ගැන සතුටු වන්න. ඔබගේ දස්කම් ගැන ගෙවුණු ඔස්ට්‍රලියානු සංචාරයේදී අපි දැනගත්තෙමු. තමුන්ට කරන්නට බැරි නම් පුළුවන් කෙනෙකුට අවස්තාවදී ගෙදර යාම නම්බුකාර ක්‍රියාවකි. පුදුමවන්නට දෙයක් නැත. "ගැහුවේ නැත්නම් කව්රු උනත් එළියේ" කියල යමෙක් කිව්වා වගේ මතක්යි... (ස)

:       0       0

සුජී Thursday, 07 March 2013 03:08 PM

අසංක අරන්ද ඔයා කියන්නේ ඔස්ට්‍රේලියාවේදී කවුද හොඳට සෙල්ලම් කළේ කියලා ටෙස්ට් පිටියේ (ස)

:       0       0

ජයන්ත Thursday, 07 March 2013 03:10 PM

අනේ දැන්නම් අපිටත් ක්‍රිකට් එපා වෙලා... ලක්ෂ 40ක් මාසයකට කියන්නේ පොඩි ගණනක්ද අප්පේ...........................(ස)

:       0       0

සුපුන් Thursday, 07 March 2013 03:15 PM

ඔබ විශිෂ්ටයි ... ඔබ ක්‍රිකට් වෙනුවෙන් කළ දේ සැමදා අපේ මතකයේ රැ‍ඳේ... ඔබට ජයශ්‍රී... ! (ස)

:       0       0

සේනක Thursday, 07 March 2013 08:54 AM

අපි හිතුවේ ජයසූරිය ආවහම අපේ ක්‍රිකට් ක්‍රීඩාවට හොඳ කාලයක් එයි කියලා... ලොකු පුටුවලට ආවහම හැම කෙනාම එකයි.. (ස)

:       0       0

මංගල Thursday, 07 March 2013 08:50 AM

ඔබ ගත්ත හොද තීරණයක් (දී)

:       0       0

කවීෂ Thursday, 07 March 2013 03:47 PM

මම දන්න විදියටනම් තිලාන් ඕස්ට්‍රේලියාවෙ ස්ථිර පදිංචිය ලැබිලා ඉන්නෙ.. අදාළ කාල සීමාවෙදි ඕස්ට්‍රේලියාවෙ ස්ථිරව පදිංචියට ගියේ නැතිනම් එම වීසා එක අවලංගුවෙනවා.. ඒක නිසා තමයි මෙයා අනිවාර්යයෙන්ම ඕස්ට්‍රේලියාවට යන්නේ.. හොද ක්‍රීඩකයෙක්.. ඔබට සුභ පැතුම්..!(නු)

:       0       0

වසන්ත Thursday, 07 March 2013 03:48 PM

මාස දහය මොකද්ද ඉන්නයි තිබුණෙ..!(නු)

:       0       0

වැලිගම. Thursday, 07 March 2013 03:53 PM

ගොවිපොලේ පෙරළිය (ද ඇනිමල්ස් ෆාම්) පොත කියවන්න තිලාන්.. ඒකෙ අශ්වයට උන දේ තමයි වෙලා තියෙන්නේ. සුභ පැතුම්.!(නු)

:       0       0

වැලිගම Thursday, 07 March 2013 03:48 PM

ඒකද ඇත්ත කතාව..!(නු)

:       0       0

වැලිගම Thursday, 07 March 2013 03:48 PM

සුභ පැතුම්..!(නු)

:       0       0

විනීතා Thursday, 07 March 2013 03:50 PM

වින්සෙන්ට් ඔබේ අදහස ගැන පුදුමයි.. මෙය දකුණු අප්‍රිකාව සමග තරගයක් දෙකක් ගහලා වැඩිකාලයක් නැහැ. මෙයාගේ දක්ෂකම් ගැන බුද්ධිමත් අය දැනගත්තේ ඒකෙන්.. දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් තරගාවලියක ශතක දෙකක් ගහපු ක්‍රීඩකයෝ ඉන්නේ දෙන්නයි.. මුළු ලෝකෙන්ම..!(නු)

:       0       0

සරසි Thursday, 07 March 2013 09:23 AM

සනත් ජයසූරිය නමැති ක්‍රීඩකයාට තමයි අපි ආදරේ, සනත් ජයසූරිය කියන දේශපාලනය කරන කෙනාට අපි කැමති නෑ.. (ස)

:       0       0

ඔස්මන් Thursday, 07 March 2013 04:47 PM

හොදට සෙල්ලම් කළේ නැත්නම් කවුරුඋනත් ඉවත් කරනවා තමයි..!(නු)

:       0       0

අජිත් Thursday, 07 March 2013 09:37 AM

තිලාන් , ඔබ නිහතමානි තරුණ ක්‍රීඩකයෙක්‍. ඔබේ තීරණය අගය කරනවා.. ඔබේ අනාගතය යහපත් වේවි...!! (ස)

:       0       0

ජානක Thursday, 07 March 2013 09:38 AM

දක්ෂ මිනිස්සුන්ට අවස්තාවක් දෙන්න (දී)

:       0       0

කමල් Thursday, 07 March 2013 04:59 PM

මාස දහයක් බලාඉන්න බැරිව අයින් වෙනවා..?(නු)

:       0       0

නුවන් Monday, 11 March 2013 03:32 AM

පරක්කු වෙලා හරි ගත්ත හොද තීරනයක්. අගය කළ යුතුයි ඔබගේ තීරනය. ජය වේවා ලංකා ක්‍රිකට්! (නි)

:       0       0

මලීෂා Wednesday, 13 March 2013 12:27 PM

ක්‍රීඩාවට වූණු පාඩුවක් (දී)

:       0       0

බණ්ඩාර Wednesday, 13 March 2013 08:41 AM

ඔබ තව ටිකක් ඉන්නයි තිබුණේ. තේරීම් කමිටුව කරන සමහර දේවල් තේරුම්ගන්න බැරි දේවල්. ඕවට කණගාටු වෙන්න එපා තිලාන්. (නි)

:       0       0

මධූර Thursday, 07 March 2013 10:23 AM

මෙම ක්‍රීඩකයා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පවා සුදුසු අයෙක්. (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 07 March 2013 10:20 AM

තවම මුකුත් උනේ නෑ. ඉස්සරහට බලාගන්න පුලුවන්. මෙයාලා ක්‍රිකට් කනවා. තිලාන් ඔබට මල් මිටක් මගෙන්. (ස)

:       0       0

මොහොමඩ් Thursday, 07 March 2013 10:27 AM

ඔබ ගැන හරිම කණගාටුයි..., මින් පසු ඔබේ අනාගතය සුභ වේ... (ස)

:       0       0

අමිල Thursday, 07 March 2013 10:27 AM

ඉතාමත් නිහතමානී, විශිෂ්ට ගතිපැවතුම් ඇති නිහතමානී ක්‍රීඩකයෙකි ඔබ. (නි)

:       0       0

කමල් Thursday, 07 March 2013 11:01 AM

මහානාම‍‍ගේ ක්‍රිකට් දිවියට තිත වැටුණෙත් මෙහෙම සිදුවීමක් නිසා තමයි. (නි)

:       0       0

අසංක එරංද Thursday, 07 March 2013 11:01 AM

නියම අවස්ථාවේදී ඔබ විසින්ම සමුගැනීමට තිරණය කිරීම, වර්ථමාන ක්‍රීඩකයින්ට උසස් ආදර්ශයක්ම මෙන්ම, තරුණ ක්‍රීඩකයින් වෙනුවෙන් කල කැප කීරීමක්. තිලාන්, ඔබට සුභ ගමනක්!!!!! (ස)

:       0       0

අමිල Thursday, 07 March 2013 11:04 AM

මට නම් මොහු අති විශිෂ්ට ක්‍රීඩකයෙක්. කරුණාකර නැවත මොහුට අවස්ථාව දෙන්න. (නි)

:       0       0

රොෂාන් Wednesday, 06 March 2013 08:49 PM

සුබ අනාගතයක් (අ)

:       0       0

උපුල් Thursday, 07 March 2013 11:47 AM

කොහොම වුණත් ඔබගේ තීරණයට අප ගරු කරන්නෙමු . අප කණ්ඩායමේ කිසිම සද්ද බද්ද නැති ක්‍රීඩකයා ඔබ පමණි . ඔබ තුල තිබූ නිහතමානීත්වය ඇතළු අනෙක් සෑම ගුණාංගයක්ම අප පිටියේදී මෙන්ම සාමාන්‍ය ජීවිතයේදීත් අත්දැක ඇත්තෙමු . ඔබට වගේම අපටත් පුදුමයක් වගේම දුකකුත් ඇති වුණා. කෙසේ වෙතෙත් ඔබ කළ සේවාව සෑද රටවැසියෙකුගේම මතකයේ රැදෙනු නොඅනුමානය. (නි)

:       0       0

විපුල Thursday, 07 March 2013 07:08 PM

ඔබේ තීරණය හරි, මොකද මාස දහයක් කියන්නේ අවුරුද්දක් හා සමානයි (දී)

:       0       0

කමල් Thursday, 07 March 2013 07:13 PM

තිලාන්, ඔබ කළ සේවය අපි සැම දනිමු. කණගාටු නොවන්න. ඔබට සුභ අනාගතයක්! (නි)

:       0       0

සඳුන් Wednesday, 06 March 2013 09:03 PM

මෙයාට හැමදාම කැපිල්ලක් තිබුණා (අ)

:       0       0

සුරේන්ද්‍ර Wednesday, 06 March 2013 09:15 PM

ඔබෙන් ලංකාවේ ක්‍රිකට් වලට වෙන්න තියෙන සේවය ඉමහත් (දී)

:       0       0

ජයලත් Thursday, 07 March 2013 12:09 PM

ඔබ රට වෙනුවෙන් ක්‍රීඩා කළ විශිෂ්ඨ ක්‍රීඩකයෙක්...! නවකයින්ටත් අවස්ථාව දී මේ නියම වේලාවයි ක්‍රිකට්වලට සමු දෙන්න..(ස)

:       0       0

ජයලත් Thursday, 07 March 2013 12:09 PM

ඔබට සුභ අනාගතයක් (දී)

:       0       0

ඉසුරු Thursday, 07 March 2013 07:29 PM

තිලාන්, ඔබට සුභ පැතුම්! (නි)

:       0       0

ආනන්ද Wednesday, 06 March 2013 09:53 PM

ඔබගේ තීරණය හරි දී)

:       0       0

විපුල Monday, 11 March 2013 09:27 AM

ඔහුගේ ළකුණු රැස්කිරීම ගැන මට නම් සතුටුවෙන්න බැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 230 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 923 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1432 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 346 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1002 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 1872 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38793 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site