IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


මාස 7 කදී ‘සරම්ප’ රෝගීන් 700 ක් හදුනාගනී

(යොහාන් භාසුර)

මෙම වසරේ මැයි මස සිට මේ දක්වා කාලය තුළ ‘සරම්ප’ රෝගීන් 700 කට වැඩි සංඛ්‍යාවක් මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥා වෛද්‍ය සමිත ගිනිගේ මහතා අද (28) පැවසීය.

‘සරම්ප’ එන්නත නොගත් පුද්ගලයෙක් පසුගිය මැයි 23 වැනිදා පළමු සරම්ප රෝගියා ලෙස හඳුනාගැනීමෙන් පසුව රෝගීන් වාර්තා වීම ආරම්භ වූ බවත් කොළඹ, ගම්පහ සහ යාපනය යන දිස්ත්‍රික්කවලින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වී ඇති බවත් විශේෂඥා වෛද්‍ය සමිත ගිනිගේ මහතා කීය.

කළුතර, ගාල්ල, මාතර, මහනුවර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් මෙන්ම කල්මුණේ ප්‍රදේශයෙන් ද වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව කී විශේෂඥා වෛද්‍ය සමිත ගිනිගේ මහතා අවිද්‍යාත්මක මත හේතුවෙන් ‘සරම්ප’ එන්නත නොගත් පුද්ගලයන් 7,500 ත් 10,000 ත් අතර සංඛ්‍යාවක් රට තුළ සිටින්නේ යැයි උපකල්පනය කරන බව ද සඳහන් කළේය.

එම පිරිසෙන් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කය තුළ මෙන්ම එයින් අති බහුතරයක් කොළඹ මහ නගර සභා සීමාවේ වාසය කරන බවත් සරම්ප ආසාදිතයෙක්ට දළ වශයෙන් පුද්ගලයන් 16 කට රෝගය බෝකළ හැකි බවත් ඒ මහතා පැවසීය.

මෙම තත්වය හේතුවෙන් රෝගීන් වැඩිවීමේ අවදානමක් ඇති බව කී වෛද්‍යවරයා පැවසුවේ රෝගය පාලනය කිරීමේ පියවරක් ලෙස එන්නත් වැඩසටහනක් ලබන ජනවාරි මස ආරම්භ කරන බවත්ය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී අද (28) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥා වෛද්‍ය සමිත ගිනිගේ මහතා එසේ පැවසීය.

‘සරම්ප’ රෝගය තුරන් කළ රටක් ලෙස 2019 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධනයෙන් ශ්‍රී ලංකාව පිළිගෙන තිබූ පසුබිම තුළ එම රෝගය නැවත හිසඑසවීම වඩාත් කැපී පෙනේ.

 



අදහස් (2)

මාස 7 කදී ‘සරම්ප’ රෝගීන් 700 ක් හදුනාගනී

මොට්ටපාල Friday, 29 December 2023 06:28 AM

ඒකනේ කියන්නේ... රෝගයක් යාන්තමින් අවසන් කියලා ඒක අත්හැර දැනීම සිංහල අපේ පුරුද්ද නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය බිත්තියේ එල්ලාගෙන ඒකට සුවඳ දුම් අල්ලාගෙන සිටිද්දී පලවාහැරි දේවල් පස්සේ දොරින් ආපසු රිංගනවා... ඒකට උදාහරණයක් ලෙසට කෝවිඩ් රෝගය පෙන්නන්න පුළුවන්.. ලංකාව මෙහෙම ලෝකයේ හිඟන රටක් වීමටත් වැඩවල පසු විපරමක් නොකිරීම හේතුවක් වුණා.. මේනිසා අනාගත දියුණුවක් බලාපොරොත්තු රජයක් මගින් සංවර්ධන පසුවිපරම් අමාත්‍යාංශයක් ඇතිකරනවා නම් හොඳයි කියලා හිතෙනවා...

:       0       2

මාරයා Friday, 29 December 2023 08:36 AM

කෙහෙළිය තමයි, අපේ හාමුදුරුවනේ හොඳටම කරලා තියෙන්නේ.., දැන් ඔක්කෝම සාදු කියන්න. රට බේරගන්න අපි ආයේම එනවා...

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 200 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 502 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 297 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 206 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 959 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 815 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39208 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25605 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 382 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site