(අංජුල මහික වීරරත්න)
ලංකාවෙි පාරිභෝජනයට අවශ්‍ය සම්පූර්ණ වියළි මිරිස් ප්‍රමාණය 2025 වනවිට රටෙිම නිපදවා ගැනීමේ වැඩ පිළිවෙළ සාර්ථක වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානය හඳුන්වා දී ඇති ඉහළම අස්වැන්නක් ලබා දෙන නවතම හයිබ්‍රිඩ් මිරිස් විශේෂ දෙක වන MICH-1, MICH-2 සාර්ථක වීම නිසා මෙම ඉලක්කය සපුරා ගැනීමට හැකි වී තිබේ.
එම මිරිස් ප්‍රභේද දෙක කොළ කොඩවීමේ රෝගය (Leaf Curl Complex) වැනි රෝග ගණනාවකට ඔරොත්තු දීමත් , ඉහළ අස්වැන්නක් හා එම මිරිස් බීජවලින්ම කන්න කිහිපයක්ම යන තෙක් උසස් අස්වැන්නක් ලබා ගත හැකි වීමත් නිසා අපේක්ෂිත මිරිස් අස්වැන්න පහසුවෙන් ලබා ගත හැකි ව තිබෙන බව අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාවේ වාර්ෂික වියළි මිරිස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 55,000කි. මෙතෙක් නිපදවන ලද්දේ මෙට්‍රික් ටොන් 5000ක් පමණක් වන අතර ඉතිරි 50,000ම ආනයනය කරනු ලැබ තිබේ.
2023 වසරේ දී මෙරට හෙක්ටෙයාර් 18,779ක මිරිස් වගා කිරීමට සැලසුම් කර තිබේ. ඉන් අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් 13,000කි. එම ප්‍රමාණය සමස්ත අවශ්‍යතාවයෙන් සියයට 25ක් වේ. ඒ අනුව මෙරටට අවශ්‍ය සම්පූර්ණ මිරිස් ප්‍රමාණය ම 2025 වනවිට නිපදවීමට අවශ්‍ය පහසුකම් සැපයීමට රජය සුදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහඉලුප්පල්ලම මිරිස් ප්‍රභේද දෙක කප් ගහයි
යෝගා Thursday, 16 February 2023 04:45 PM
අස්වැන්න කඩන කාලය අල්ලලා ඉන්දියාවෙන් ආනයනය කරන්න. එතකොට ඉලක්කය හරි..!
sharm warnThursday, 16 February 2023 05:50 PM
සහතික ඇත්ත... යාපනේ රතුළූණු වලටත් කරන්නේම ඔය බලු වැඩේ... මේවා මේ ඡන්ද ගුණ්ඩු විතරයි. 2025 වෙනකොට මෙහෙම අද කිව්වා කියලා අපිටවත් මතක නැති වෙයි. ඔක්කොම අනාගත කාලෙන් තමයි කතාව..
sweneFriday, 17 February 2023 04:37 AM
හරියට හරි. මහා එක්කෙනා කියන්නෙත් 2048 දී නය නැති ජාතියක් කරනවා කියලා. wauxvagan ෆැක්ටරියත් එයාගේ තවත් කතාවක්.
පැරකුම් Thursday, 16 February 2023 08:33 PM
වැඩක් වෙන්නේ නෑ. අස්වැන්න තිබුණාට මිරිස් සැර නෑ පතෝල වගේ... මාලුමිරිස් ඊට වඩා සැරයි... පුළුවන් නම් තව ටිකක් මහන්සි වෙලා ඒවාට සැර ටිකක් හරි එක්කරන්න බලන්න...