(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)
අත්අඩංගුවට ගත් මෙහෙකාර කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු සිවු දෙනකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.
වැලිකඩ පොලීස් ස්ථානාධිපතිවරයා ද වහාම වෙනත් පොලිසියකට මාරු කරන ලෙස ද මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පොලිස්පතිවරයා නිර්දේශ කර ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
උප පොලිස් පරීක්ෂකවරයකු , පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ මෙසේ තහනම් කර ඇත.
තවත් පොලිස් කොස්තාපල්වරයකු සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකු වෙනත් ස්ථානවලට මාරු කර යවා ඇත.
චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදකවරියක ගේ රන් මුදුවක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් ඉකුත් 11 වැනි දින වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ශ්වසන අපහසුතාවයකින් පෙලුනැයි කියමින් රෝහල් ගත කිරීමෙන් අනතුරුව එම කාන්තාව මිය ගියාය. මෙසේ මියගොස් ඇත්තේ බදුල්ල මඩොල්සිම පදිංචිව සිටි ආර්. රාජ් කුමාර් 42 තිදරු මවකි.
අදාළ මරණය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විමර්ශනයක් සිදුකරන ලෙස විශේෂ විමර්ශන ඒකකය වෙත කරන ලද නියෝගය අනතුරුව විනය විරෝධී ක්‍රියාවක් සිදු වී ඇති බවට අනාවරණය වී තිබිණි.
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මෙහෙකාරියගේ මරණයට පොලිසියේ හතරක් ගෙදර
Nihal Saturday, 20 May 2023 10:02 PM
විනය විරෝධි මිනීමැරීම වෙන්න ඇති...! පව් නැති බැරිකමට ගෙවල්වලට වැඩ කරන්නන්ට මොවුන් හිතන්නේ මැරුවත් බේරෙන්න පුළුවන් වෙයි කියලා..., මොවුන්ට උපරිමයට දඬුවම් දිය යුතුයි. බයිස් කෝප් පුද්ගලයින්ගෙන් ප්‍රසාද ලකුණු ලැබුණේ අහිංසක අම්මෙකුගේ ජීවිතය නැතිකරලා...
Resandi Saturday, 20 May 2023 10:13 PM
ටෙලි නිළියක් හින්දි පොලිසිය රඟපාලා...
කිරිපුතා Saturday, 20 May 2023 11:06 PM
විකාර කර කර ඉන්නේ නැතිව විද්‍යාත්මකව ඒ මනුස්සයා මැරුණු හේතුව තහවුරු කරලා ඉන්න එපැයි.
Mayadunna Saturday, 20 May 2023 11:13 PM
මිනි මැරුමට දඬුවම ඔපමනයි. වැඩ තහනම් අයත් තව මාසෙකින් වැඩ.
ajith Sunday, 21 May 2023 02:45 AM
තවමත් පොලිසි වල මෙවැනි දේ සිදුවීම කණගාටුවට කරුණක්.
sumanapala Sunday, 21 May 2023 06:10 AM
කවුරුන් හෝ දුන් සංතෝසමකට ගිජුවෙලා එදාවේල හොයාගෙන ජීවත්වුණු අහිංසක කාන්තාවකට ගහලා මරන්න තරම් අමානුෂික වෙලා දැන් තනියම වමාරන්න වෙලා. ඇත්තටම මේ අයට උපරිම දඬුවම් වහාම ලබාදිය යුතුයි. කාලෙකට ඉස්සර මොරටුව පැත්තේ මෙහෙම දෙයක් වෙලා අප්පුහාමිලා විට දැන් ඉන්නේ හිරේ... මහා උන්දැගේ කකුලකුත් කපලා නිසා හොඳටම විඳෙව්වා. රාජකාරිය අකුරටම ඉටුකළ යුතුයි. එකේ කතා දෙකක් නැහැ. නමුත් තිරිසන්නු වගේ හැසිරුණොත් අපරාදේ තමන් විතරක් නෙවෙයි, අපරාදේ තැනගේ දරුවන්ටත් ඒ වරද විඳවන්න වෙන බව කවුරුත් හිතට ගත්තොත් හොඳයි...
මල් මාමා Sunday, 21 May 2023 08:35 AM
ටෙලි නාට්‍යය නිෂ්පාදිකාව කිව්වට පස්සේ පොලිසියේ මහා එකෙක්නේ කොහොමහරි මුදුව හොයාගන්න ඕන කියලා ඔය මියගිය කාන්තාව ගෙන්නලා දස වද දීලා තියෙන්නේ කොහොමහරි පොලිසියේ පොඩ්ඩො ටික අපායට ගියා එතකොට මහා එකාට විරුද්ධව කිසිම දෙයක් කරන්නේ නැද්ද ඌ එතකොට බබා
රටවැසියා Sunday, 21 May 2023 08:57 AM
පොලිස් අත්අඩංගුවට පත් මිනිසුන් මිය යන අවස්ථා බොහෝ ඇත. මනුෂ්‍යයින්ට වධ දීම, ලංකාවේ පොලිසියට සාමාන්‍යය දෙයක්, වධ දුන් කෙනෙකු මිය ගිය විට එය යටපත් කර මිය ගිය කාරණය වසන් කර වෙනත් හේතුවක් දැක්වීමත් ලංකාවේ වෛද්‍යය අංශවලටත් සාමාන්‍යය දෙයකි!!!. ඕනැම වරදක් කරන පොලිස් නිලධාරීන් මාරු කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් ද නැත. පොලිසියට බල පෑමක් කල හැකි රටේ ප්‍රසිද්ධ චරිතයක් නම් පොලිසිය එතැනය! - මේ පාලකයින් රැල මේ රට කිසිම දිනක මනුෂ්‍යයින්ට ආරක්ෂා වි නිදහසේ ජීවත් විය හැකි රටක් බවට පත් කරන්නේ නැත!
Nimal Priyantha Sunday, 21 May 2023 10:06 AM
සුදර්ම නෙත්තිකුමාර චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකුය
නිහාල් Sunday, 21 May 2023 12:30 PM
මාරු කිරිලි නම් වැඩක් නෑ. හිරමනේ හඳට යැව්වත් කරන්නේ පොල් ගාන එක.
G. K. Ekanayake Sunday, 21 May 2023 12:45 PM
වැඩ තහනම දවස් කීයකටද? සවස් දෙක තුනකින් ඔය තහනම ඉවරයි. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.
anura Sunday, 21 May 2023 03:53 PM
ඕක ඉතින් බලන්න දෙයක් නැහැ, ගහලා මරන්න ඇති. අපි දන්නවනේ ඒ ගොල්ලන් ගැන.