IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


මහාචාර්ය කොල්වින් හෘදය සාක්ෂිය හෙළිකරයි

(ඩයනා උදයංගනී)

ශ‍්‍රී ලංකා වෛද්‍ය සභා පනත සංශෝධනය කිරීමේ කාලීන අවශ්‍යතාව ඉටුකර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව එහි හිටපු සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පැවැසීය.

එයට හේතුව වෙනත් පෞද්ගලික, දේශපාලන හෝ ඇමතිවරයා සමඟ ඇති ගැටුමක් හෝ නොවන බව ද මහාචාර්යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභා වත්මන් පනත අනුව එයට පත්වන සාමාජිකයින්ගෙන් බහුතරයක් වෛද්‍යවරුන් නිසා වෛද්‍ය සභාව මගින් රෝගීන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමක් සිදුනොවන බව ද හිටපු සභාපතිවරයා කීවේය.

මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා මේ බව පැවසුවේ මරදාන, සමාජය හා සමාජීය කේන්ද්‍රයේදී අද (3) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොල්වින් ගුණරත්න මහතා මෙසේ ද සඳහන් කළේය.

       ‘‘මගේ ඉල්ලා අස්වීමේ ලිපිය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ලේකම්වරිය වෙත ජූලි 30වැනිදා භාර දුන්නා. ලේකම්වරිය එම ලිපිය ඇමැතිතුමාගේ නිල නිවසට යැවීමට කටයුතු කරන බව මට දැනුම් දුන්නා. ඉල්ලා අස්වීම භාර ගත්තාද නැද්ද යන වගක් මට දන්වා නැහැ. මා ඉල්ලා අස්වන බව මසකට පෙර ඇමැතිතුමාට දැනුම් දුන්නා.

මෙම තනතුර ඉතා ගෞරවනීය තනතුරක්. මා පත්කර තිබුණේ වසර 5ක් සඳහායි. මාස 9ක් ගොස් ඉල්ලා අස්වුණේ ඇයි කියා ඇසුවොත් මම දෙන උත්තරය වන්නේ වෛද්‍ය පනත සංශෝධනයට නොහැකි වීම යන කරුණයි.

දැන් තිබෙන ශ‍්‍රී ලංකා වෛද්‍ය සභා පනත වසර අසූවකට වඩා පැරැණියි. මෙය කෞතුක වස්තුවක් මිස 2018 ට ගැළපෙන එකක් නෙවෙයි. දියුණු රටවල වසර 4කට පමණ වරක් වෛද්‍ය සභා පනත් සංශෝධනය වෙනවා.

මේ පනත තිබෙන තුරු වෛද්‍ය සභාවේ පරමාර්ථය ඉටුකරගන්න බැහැ. සභාපති ලෙස මෙන්ම වසර 4ක් සාමාජිකයෙකු ලෙසත් මම එයට උත්සාහ කළා. පසුව එය කළ නොහැකි බව ප‍්‍රත්‍යක්‍ෂ වූ නිසා ඉල්ලා අස්වුණා. වෛද්‍ය සභාවේ සාමාජිකයින් බොහෝ දෙනෙක් තිබෙන තත්ත්වය යටතේ සිටියා මිස කණ්ඩායමක් ලෙස මෙයට විරෝධයක් ඉදිරිපත් කළේ නැහැ.

ඒ අයට මෙය වෙනස් කළ යුතු බවට අවබෝධයක් තිබුණේ නැහැ. සමහරු ඒ ගැන කතා කරද්දී එයට විරුද්ධ මත ඉදිරිපත් කරමින් දියාරු කරනවා.

මේ පනත අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති නම් කරන්නේ ඇමතිවරයා. වෛද්‍ය පීඨවල ඡන්දයෙන් පීඨාධිපතිවරු අට දෙනා පත්වෙනවා. මෙහි සම්පූර්ණ සාමාජිකයින් සංඛ්‍යාව 25යි. ඉන් 8 දෙනෙක් එන්නේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන්. එයට හේතුව ඔවුන්ට සාමාජික ඡන්ද 20.000ක් තිබීමයි. එය පනතේ වරදක් මිස ඔවුන්ගේ වරදක් නෙවෙයි.

මෙයට පත්වන පීඨාධිපතිවරුන් 8 දෙනාත් වෛද්‍ය පීඨ ගුරුවරුන්ගේ සංගමයේ සාමාජිකයින්. ඒ අනුව මේ දෙපිරිසම වෘත්තීය සමිති සාමාජිකයින්. එවිට 25න් 16ක්ම එනම් තුනෙන් දෙකක් තිබෙන්නේ වෛද්‍ය වෘත්තීය සමිතිවල අයටයි. මේ අය වෛද්‍ය අයිතිවාසිකම් ආරක්‍ෂා කරද්දී රෝගීන්ගේ අයිතීන් ආරක්‍ෂා කරන්නේ කවුද?

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට රෝගීන්ගේ දුක්ගැනවිලි , පැමිණිලි එනවා. ඒවා ගැන කටයුතු කිරීමට කමිටු දෙකක් තිබෙනවා. වෛද්‍යවරයෙක් , හෙදියක් අතින් හෝ රෝහලෙන් එම රෝගියාට වරදක් වී ඇත්නම් ඒ පැමිණිල්ල විභාග කිරීමේ හැකියාව වෛද්‍ය සභාවට තිබෙනවා.

නමුත් මෙහිදී විනිශ්චය කර තීන්දු දෙන්නේත් වෛද්‍යවරුන්. අහිංසක පැමිණිලිකරුට එයින් සාධාරණයක් වෙයිද? මා සාමාජිකයෙක්ව සිටි වසර 51/2 ක කාලයේදී මේ පරීක්‍ෂණවලින් එක් වෛද්‍යවරයෙක් හෝ වරදකරු වී නැහැ. එබැවින් මේ අඩුපාඩු සකසා නව පනතක් ගෙන ආ යුතුයි.‘‘ යැයි ද මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා කීවේය.

 



අදහස් (16)

මහාචාර්ය කොල්වින් හෘදය සාක්ෂිය හෙළිකරයි

JCN Friday, 03 August 2018 03:10 PM

වෛද්‍ය සභාව උසාවියක් නෙමේනෙ. රෝගියෙකුට අසාධාරණයක් වුණොත් අධිකරණයේ පිහිට පතන්න බැරිද? මෙතුමාව පත් කිරීමෙ අරමුණ වුණේ මොකද්ද කියලා හැමෝම දන්නවනෙ.. ඒක කර ගන්න බැරි වුණ තැන වෙන වෙන හේතු කියනව ඉල්ලා අස් වෙන්න

:       1233       814

gayanSaturday, 04 August 2018 12:10 AM

ගොන් කථා කියන්න එපා. මේක ජනමාධ්‍ය. ඔයාගෙ කුස්සිය නොවේ

:       45       92

එම් ඒ ජේSaturday, 04 August 2018 03:17 AM

ජේ සි එන් ඔබ මේ ලිපිය හොදින් කියවන්න, දොස්තරල කොච්චර වෘත්තිය වැරදි කරත්, ලංකාවේ උසාවි වල නඩුදාලා දොස්තරලට දඩුවම් කරන්න බැහැ. එහෙම කරලත් නැහැ. ඔවුන් ගේ ඒකාධිකාරය එතරම් බලවත්. වෛද්‍ය සභාව හදලා තියෙන්නේ වෛද්‍ය වරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න සහ වෘත්තිය ගැටලු විසදන්න - දොස්තරලා මොන වැරද්ද කරත්, වෛද්‍ය සභාව ඔවුන් ව ආරක්ෂා කරනවා. එකේ සාමාජිකයින් ගේ 25 දෙනාගෙන් බහුතරය දොස්තරලා. එම සභාව රෝගීන්ගේ අයිතිවාසිකම් ගැන වචනයක් වත් කථා කරන්නේ නැහැ. අවම වශයෙන් ඔවුන්ට නිවැර දි භාෂාවකින් ලියන ලද, නිවැරදි ව්‍යවස්ථාවක් නැත. (වෛද්‍ය සභාවේ වෙබ් අඩවියෙන් මෙය බලාගත හැක) වෛද්‍ය සභාවේ ව්‍යවස්ථාව කියවන්න - එය ඉතා යල්-පැන ගිය එකක් - එම සභාවෙන් රටට කිසිම සේවයක් වෙන බවක් නම් පේන්න නැහැ. රජය අවංක නම් කළ යුත්තේ මෙම සභාව විසුරුවා හැර ජාතික වෛද්‍ය/සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ප්‍රකාශකර ජනතාව ගේ අයිතිිවාසිකම් ආරක්ෂා කිරීමයි.

:       25       65

priyanthaSaturday, 04 August 2018 05:01 AM

ඔබ අනිවාර්යයෙන්ම දොස්තර සංගමයේ සාමාජිකයෙක්.

:       4       46

DhammikaSaturday, 04 August 2018 06:17 AM

වෛද්‍ය සභාව උසාවියක් නොවුනට උසාවියෙන් වයිද්යවරයෙක් වැරදිකරු කලොත් රටපුරා උත්ඝෝෂණ කිරීම , බලපෑම් කිරීම මගින්ම ඔවුන්ට හැකියාව තියනවා උසාවි තීරණය වෙනස් කරන්න, ඒ නිසා වෛද්‍ය සභාව මගින් එම තීරණය ගන්න එක තමයි සුදුසුම

:       3       44

KamilSaturday, 04 August 2018 08:06 AM

ඔබතුමා එක්කෝ වෛද්‍යවරයෙක්... නැතිනම් අන්තරේ සාමාජිකයෙක්.. ඔබතුමා දන්නවද උසාවියේ නඩු දැම්මත්, හරිම තීරණය අන්තිමට ගන්නේ එම්.සී. එකෙන්..

:       6       54

SamanSaturday, 04 August 2018 04:34 PM

මෝඩ තර්කයක්, JCN

:       0       18

කුමාර Friday, 03 August 2018 04:26 PM

මෙතුමා දේශපාලන කල්ලියක සාමාජිකයෙක්නේ...

:       11       104

sanath Friday, 03 August 2018 06:29 PM

ලංකාවේ වෛද්‍යවරු හිතාගෙන ඉන්නේ එයාලා රාජකීය පරම්පරාවකින් පැවතෙන උතුමන්ලා කියලයි. නමුත් අපිනම් කියන්නේ දැන් කාලේ වෛද්‍යවරු තමන්ගේ වෘත්තිය ගිනිකන අයගේ මට්ටමටත් වඩා පහත් කළුකඩ මුදලාලිලාටත් නොදෙවැනි තත්වයකට පහත දමාගෙන ඇති බවයි. ජීඑම්ඕඒ එක කියන්නේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට ස්ථාපිත කරනලද සංවිධානයක් නොවේ.

:       0       24

පාටකයෙක් Friday, 03 August 2018 09:25 PM

හැම දේම උසාවි ගෙනියන්න පුලුවන් නම් පවතින හුගාක් ආයතන වහන්න පුලුවන්. ලංකාවෙ දොස්තර සංගමය මිනිස්සු ගැන හිතනවා අඩුයි. ඒ අනුව මහ ඇදුරුතුමා හරි වෙනස් වියයුතු බොහොම තැන් තියෙනවා.

:       5       6

පාටකයෙක් Friday, 03 August 2018 09:25 PM

හැමදේම උසාවි ගෙනියන්න පුලුවන් නම් පවතින හුඟක් ආයතන වහන්න පුලුවන්. ලංකාවේ දොස්තර සංගමය මිනිස්සු ගැන හිතනවා අඩුයි. ඒ අනුව මහ ඇදුරුතුමා හරි. වෙනස් වියයුතු බොහොම තැන් තියෙනවා.

:       0       10

පුෂ්පරන්ජන් Saturday, 04 August 2018 12:22 AM

මෙතුමා ඉල්ලන්නේ තමන්ගේ සාක්කුව තර කරගන්න දෙයක් නෙමේ. තමන්ට කිසිම වාසියක් ලැබෙන දෙයක් නෙවෙයි. අහිංසක රෝගීන් වෙනුවෙන් කරන ඉතා සාධාරණ ඉල්ලීමක්. මෙවැනි යෝජනා වලට විරුද්ධ වෙන අයත් අද ඉන්නවා. අධිකරණ ක්රියාවලියකට ගියොත් අවුරුදු ගණන් නඩු කියන්න වෙනවා

:       51       112

sena Saturday, 04 August 2018 04:39 AM

මෙන්න මහත්වරු...

:       28       20

Shan Saturday, 04 August 2018 07:07 AM

ඉතා වටිනා අදහසක්. මේවා තේරුම් ගන්න බැරි මිනිස්සු තමයි අපේ රටේ ගොඩක් ඉන්නේ. දොස්තර මාෆියාව නැති කල යුතුයි.

:       0       76

sarath Saturday, 04 August 2018 08:58 AM

රාජිත සාක්ෂියි. රාජිතගේ මජරි වැඩ ටික කරගන්න බැරිවුණු හින්දා දැන් ඉතින් දේශප්‍රේමියෙක් වගේ ප්‍රකාශ නිකුත් කරනවා.

:       19       161

Medha Saturday, 04 August 2018 12:59 PM

මෙතුමාව පත්කළාට සයිටම් ගොඩදාන්න බැරි වුණානේ ඉතින් දොට්ට... අවුරුදු 10 වෛද්‍ය සභාවේ ඉඳලා දැන්ද පනත අවුල්...

:       17       135

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 488 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 248 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


ඇමති වාහන දෙකකට සීමා කරයි
2025 අප්‍රේල් මස 22 337 0

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම


සිසුන් පහරදී සිසුවා මරලා
2025 අප්‍රේල් මස 22 993 0

පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය


පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා
2025 අප්‍රේල් මස 22 555 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි
2025 අප්‍රේල් මස 22 3774 0

සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 596 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 306 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site