IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


මහාචාර්ය මෙන්ඩිස්ට යුනෙස්කෝ මහා තනතුරක්

පොලොන්නරුවේ ජයන්තිපුරයේ ඉපිද ඇමරිකාවේ පුරවැසිභාවය ලැබූ  මහාචාර්ය පැටි‍්‍රක් මෙන්ඩිස් යුනෙස්කෝ සංවිධානයේ ඇමරිකා කොමසාරිස්වරයකු ලෙස රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් විසින් පත් කරනු ලැබීය. මෙම තනතුරේ වගකීම වන්නේ යුනෙස්කෝ හා බැඳුණු කටයුතුවලට රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දීමය. මොහු අවම වශයෙන් ඉදිරි වසර තුනක් මේ තනතුරේ සේවය කරයි. අධ්‍යාපනඥයකු තානාපතිවරයකු ගත්කතුවරයකු හා රාජ්‍ය සේවයේ විධායකයකුවන ඔහු බෙන්ජමින් පුදක්ලින් සම්මානයෙන්ද පුද ලද්දේය. ඇමරිකාව  නියෝජනය කරමින් මේ තනතුරට පත් වූ ප‍්‍රථම ශ්‍රී ලාංකිකයා මොහු වන අතර මෙම පත්කිරීමට පෙර ඔහු ඇමරිකාවේ මිනසෝටා විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා විෂය ඉගැන්වූ මහචාර්යවරයා විය. එමෙන්ම මොහු වර්ජිනියා හි ජෝර්ප් මේසන් විශ්ව විද්‍යාලයේ මහජන හා ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ මහාචාර්යවරයා ලෙස ද කටයුතු කරයි. තවද, ඔහු යේල් හා මේරිලන්ඞ් යන විශ්ව විද්‍යාලවලද සේවය කර ඇත. ලෝ සුපතල මහාචාර්ය පැටි‍්‍රක් මෙන්ඩිස් මහතා ජාත්‍යන්තර රාජ්‍ය ආයතන ගණනාවක සම්මාන සාමාජිකත්වය දරන අතර ඔහු ලෝක සම්මාන ගණනාවකටද හිමිකම් දරයි. විකීපීඩියා විශ්වකෝෂය මහාචාර්ය පැටි‍්‍රක් මෙන්ඩිස්ගේ  නව  පත්වීම පිළිබඳව පිටුහයක විස්තරයක් පළ කර ඇත.



අදහස් (0)

මහාචාර්ය මෙන්ඩිස්ට යුනෙස්කෝ මහා තනතුරක්

ඉන්දික Friday, 27 July 2012 04:36 PM

ඇයි ආයේ ලංකාවට එන්න කියන්නේ ...මෙහේ උගතුන්ට තැනක් නෑ නේ..!!! (ස)

:       0       0

කමල් Saturday, 28 July 2012 05:16 AM

පුංචි උනත් හරිම සරයි ගම්බිරිස් ඇටේ (දී)

:       0       0

දීපා Friday, 27 July 2012 04:45 PM

ඔබතුමාට මගෙ ප්‍රණාමය.. ලංකාවෙ ඔයා වගේ දෙයක් ලැබෙන එකක් නම් නැහැ.. (නු)

:       0       0

ජගත් සේරම් Saturday, 28 July 2012 05:25 AM

අපි ඔබ ගැන ඉතාම ආඩම්බර වෙමු.. මක් නිසාද යත් අපි ශ්‍රී ලංකිකයෝ.. ඒ වගේම ඔබත් මාත් පොලොන්නරුවෙ වීම ගැන!!(නු)

:       0       0

ප්‍රභාත් Friday, 27 July 2012 04:53 PM

ඉෂාන් පොළොන්නරු වැසියන්ගේ ආචාරය ඔබට නිසැකවම හිමිවෙනවා..!!(නු)

:       0       0

උදිත Friday, 27 July 2012 04:53 PM

අනේ ලංකාවට නම් එන්න එපා. (නි)

:       0       0

ලලිත් Saturday, 28 July 2012 07:05 AM

සුදුස්සාට සුදුසු තැන (දී)

:       0       0

ජයසූරිය Friday, 27 July 2012 04:56 PM

උණුසුම් සුභ පැතුම් .. නිදහස් අධ්‍යාපනයෙන් ලද වරමෙන් අපේ මව්බිමටත් ඔබගේ සේවය අවශ්‍යයි.. ඔබ අපේ රටට ආඩම්බරයක්!! (නු)

:       0       0

සම්පත් වීරරත්න Saturday, 28 July 2012 07:40 AM

ගොඩාක් සතුටුයි.... නිකමට වගේ ගම් පළාතෙත් ඇවිත් ගියොත් නරකද? (නි)

:       0       0

සිරිල් ගුණවර්ධන Friday, 27 July 2012 04:59 PM

මේ වගේම උගත් කීර්තිමත් ශ්‍රී ලංකික පුතුන්ගෙ ප්‍රසංශනීය සේවය රටට හිමි වෙලා.. දිනෙන් දින දියුණුවේවා..!! ඔබතුමා විදේශයක හිටපු නිසා තමයි ‍ලෝ වැසියන්ගේ ගෞරවයට පාත්‍රවුණේ.. ලංකාවෙ හිටියනං කිසි දියුණුවක් නැහැ.. මඩ ප්‍රචාර විතරක් තියෙයි.. ඉතාම ආඩම්බරයි ඔබ ගැන.. බුදු සරණයි..!!(නු)

:       0       0

සුසන්ත Friday, 27 July 2012 05:00 PM

අපේ සුජිත් ආචාර්යයට මේ වගේ තණතුරක් ලැබුණොත් කොහොමද? අපිට ඉන්නම ලැබෙන එකක් නැහැ..(නු)

:       0       0

අනුර Friday, 27 July 2012 05:05 PM

සුභ පැතුම් මහත්මයාණෙනි! (නි)

:       0       0

නිරෝෂන් Friday, 27 July 2012 05:06 PM

අපි ලාංකිකයන් විදියට ඔබ ගැන ආඩම්බර වෙමු. (නි)

:       0       0

තරුෂ Friday, 27 July 2012 05:07 PM

ඔක්කොම පිට රටට තමයි ඉතිං. ලංකාවෙ උගතුන් මෙහෙම නිසා තමයි මේ රට හැමදාම අගාධයට යන්නෙ. නිදහස් අධ්‍යාපනය තුලින් උගෙන රට අමතක කරන අයට හොඳක් නම් වෙන්නේ නැහැ. (නි)

:       0       0

සංජය Friday, 27 July 2012 05:06 PM

ඇමෙරිකාව දැන්ද අපෙන් උපදෙස් ගන්නේ? (නි)

:       0       0

අර්ජුන හිගුරක්ගොඩ Saturday, 28 July 2012 07:09 PM

මානම් සතුටු වෙන්නෙ ඔබ තුමා ලාංකිකයෙකු වීම ගැන... ඔබගේ සේවය අපේ රටට අවශ්‍යව ඇත. පොලොන්නරුව වගේ දුෂ්කර පලාතක අධ්‍යාපනය ලබාගෙන ඔබතුමාට මේ තරම් ඉහළට යාමට හැකිවීම ගැන අපි පොලොන්නරැවෙ වැසියන් වශයෙන් ගොඩක් සතුටු වෙනවා..අපි ඔබතුමාට සුභ පතනවා.. බුදුසරණයි..!! ලංකාදීප ඔබසැමටත් ස්තුතියි...!! (නු)

:       0       0

රසන්ත විජේසින්ඝ Sunday, 29 July 2012 11:46 AM

ආඩම්බරයි , සතුටුයි. එත ඔබ තුමා ලංකාවේ දේශපාලනයට සම්භන්ද වෙන්න එපා. විනාශ වෙනවා සිකුරුයි.(දී)

:       0       0

රංජිත් Sunday, 29 July 2012 12:35 PM

සුසන්ත, හඳ දිහා බලන් තමන් ළඟ ඇති පහනට පයින් ගහන්න එපා 'ළිඳෙන් වතුර බීලා ගඟට ආවඩයි මිනිසා' ඒ ඔබ වගේ අයයි. (නි)

:       0       0

පෙරේරා Saturday, 28 July 2012 08:42 AM

මෙන්ඩිස් මහත්තයෝ ,අපිට ඔබ ගැන ආඩම්බරයි.... (ස)

:       0       0

නිමාලි Saturday, 28 July 2012 08:31 PM

පව් අහිංසක මිනිස්සු. (දී)

:       0       0

අමිල කටුනායක Friday, 27 July 2012 06:04 PM

මෙනක නියමයි.... (ස)

:       0       0

සම්පත් Friday, 27 July 2012 06:11 PM

මෙන්ඩිස් මහතාණෙනි.....ඔබ අපිට ආඩම්බරයකි....ජාත්‍යන්තරයෙන් අපේ පුංචි මව්බිමට එන බලපෑම් ගැනත් සිතන්න..... (ස)

:       0       0

ප්‍රවීන් මැනිලා Saturday, 28 July 2012 09:03 AM

බොහොම ආඩම්බරයි.. නමුත් මේ තනතුර දීපු කාන්තාව ගැන සැළකිලිමත්ව ඉන්න. අපේ රටට විරුද්ධව ඔබව මෙහෙයවන්න පුළුවං... (නු)

:       0       0

සම්පත් ඉතාලි Friday, 27 July 2012 06:11 PM

මෙන්ඩිස් මහතාණෙනි ඔබ අපට ආඩම්බරයකි.. ජාත්‍යන්තරව අපේ පුංචි මුතුකැටයට එන බලපෑම් ගැනත් සිතන්න..!!(නු)

:       0       0

බණ්ඩාර Saturday, 28 July 2012 09:29 AM

ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි ඔබ ගැන සතුටු වෙනවා. ඔබට ජය වේවා (දී)

:       0       0

සුජීවා සූරියආරච්චි Friday, 27 July 2012 07:23 PM

හිස නමා ආචාර කරමි උත්තමයානෙනි, ශ්‍රී ලාංකිකයකු වීම ගැන ආඩම්බරයි.. !!(නු)

:       0       0

ගාමිණි ගුණරත්න Sunday, 29 July 2012 06:11 PM

මෙන්ඩිස් මහත්තයෝ බලල්ලු ලව්ව කොස් ඇට බාවන කතාව අසුවේ කුඩා කාලෙනේ. අමතක කරන්න එපා ඔක දීපු නෝනා ගෙන් පරිස්සමෙන් (අ)

:       0       0

අනුරුද්ධ Friday, 27 July 2012 07:38 PM

ඔබ වැනි උගතුන්ගෙන් වැඩ ගැනීමට ලංකාවෙ අයට නොහැක. (නු)

:       0       0

රංජිත් Friday, 27 July 2012 07:40 PM

බුද්ධි ගලනය නිසා රටට අත්‍යාවශ්‍ය කෙනෙක් ඇමරිකාවෙ...(නු)

:       0       0

මංගලා Friday, 27 July 2012 07:40 PM

අපිට ඔබ ගැන ආඩම්බරයි සොයුර... සුභ පැතුම්...!!(නු)

:       0       0

රජිත මංජුල Friday, 27 July 2012 07:41 PM

ලංකාවෙ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන ඇමරිකාවට සේවය කිරීමට සිදුවීම ගැන කණගාටුයි..!!(නු)

:       0       0

ජයී Friday, 27 July 2012 07:45 PM

‍ඔබගේ ධෛර්ය්‍ය සහ නොපසුබට උත්සාහයෙන් ලද උසස් ප්‍රතිඵල සහ ආදර්ශමත් ක්‍රියා මාර්ග ඉතාමත් අගය කරමි. මගේ සුභ පැතුම්.(නු)

:       0       0

වසන්ත Friday, 27 July 2012 08:17 PM

විශිෂ්ඨයි.. මට ආඩම්බරයි ශ්‍රී ලාංකිකයෙකු වීම ගැන..!(නු)

:       0       0

ලලිත් Saturday, 28 July 2012 11:15 AM

ඔබ අපේ රටට ‍වගේම අපේ ප්‍රදේශයටත් ලොකු ආඩම්බරයක්.. පොලොන්නරුවෙ අපි ඔබ එනකං බලාගෙන ඉන්නවා.. අපේ සුභ පැතුම්..!!(නු)

:       0       0

කුමුදු බණ්ඩාර Sunday, 29 July 2012 08:11 PM

මොනාද මෙයාට කරන්න තියෙන්නේ. උපදෙස් දෙන්නේ මොනවාටද? (අ)

:       0       0

දිලානි Friday, 27 July 2012 09:01 PM

ඔබ රටට ආඩම්බරයක්. සුභ පැතුම් (දී)

:       0       0

සුදේශ් Saturday, 28 July 2012 11:37 AM

කෝ අරයා ????????? (ස)

:       0       0

ලලිත් කටාර් Saturday, 28 July 2012 12:36 PM

නමුත් අමතක කරන්න එපා මේ ඔබේත් මගේත් රට සහ ගම්මානය.. රටට සහ‍ ලොවට හොද දෙයක් කරන්න..(නු)

:       0       0

අමිල කටුනායක Friday, 27 July 2012 10:07 PM

අපේ ස්කොලේ මෙන්ඩිස් මහතාට සුබ පෙතුම් (දී)

:       0       0

ජයී Friday, 27 July 2012 10:21 PM

ඔබගේ ධෛර්ය්‍ය සහ නොපසුබට උත්සාහයෙන් ලද උසස් ප්‍රතිඵල සහ ආදර්ශමත් ක්‍රියා මාර්ග ඉතාමත් අගය කරමි. මගේ සුභ පැතුම්. (දි)

:       0       0

ජනිත් Friday, 27 July 2012 10:23 PM

ඔබට සුභ පැතුම්..... සිංහලයන් බොහෝ ප්‍රමාණයක් ඇමරිකාව වැනි රටවල ධනවත්ව හා බලවත්ව හිටියානම් අද රටට ප්‍රශ්න ගොඩක් නැ..... හොඳම උදාහරණය ඊස්‍රායේලය (දී)

:       0       0

සර්ෆාස් Friday, 27 July 2012 10:30 PM

ඔබට සුබ පැතුම් . (දී)

:       0       0

දුම්බරසෙනවි Friday, 27 July 2012 10:37 PM

සුබ පැතුම් විද්දවතාණෙනි, වැඩවලින් ඔබ බැබලුනා

:       0       0

ටොමි Friday, 27 July 2012 11:12 PM

අර්චාර්ය මහාචාර්ය වරු ලංකාවෙත් වැහි වහල ඉන්නේ .පදුරකට ගැහැව්වත් විසි වෙන්නේ අර්චාරය මහාචාර්ය වරු . (දී)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Friday, 27 July 2012 03:48 PM

ලාංකිකයන්ට ආඩම්බරයක්, ඔබට සුභ පැතුම්...(ස)

:       0       0

රෝහිත් Sunday, 29 July 2012 08:49 AM

ඔබ ඇමෙරිකානු ජාතිකයෙක් වුවත් ඉපිද ඇත්තේ ශ්‍රී ලංකාවේය. (නි)

:       0       0

සේනානායක Friday, 27 July 2012 03:56 PM

බොහොම සතුටුයි . උපන් රට වෙනුවෙන් යමක් කරන්න පුළුවන්නම් අපිට තවත් ආඩම්බර විය හැකියි.....(ස)

:       0       0

හේවගේ Friday, 27 July 2012 04:05 PM

ඔබ ගැන අපට ආඩම්බරයි..(ස)

:       0       0

උපුල් Friday, 27 July 2012 04:12 PM

සුභ පැතුම් සර්....(ස)

:       0       0

අමරා අයිරාංගනී Sunday, 29 July 2012 09:42 AM

ගැමිකම අමතක නොකර ගමරට අවිත්යන්න (දී)

:       0       0

ආරිස් Friday, 27 July 2012 04:20 PM

අයියෝ ඔහෙට වෙලා ඉන්නේ එන්නකෝ ලංකාවට....(ස)

:       0       0

ඉශාන් Friday, 27 July 2012 04:27 PM

පොළොන්නරුව ජනතාව ඔබ එනතුරු බලා හිඳී ....(ස)

:       0       0

ඇන්ටන් Friday, 27 July 2012 04:29 PM

ඔබ අපේ රටට ආඩම්බරයක් . අපේ උණුසුම් සුභ පැතුම්..(ස)

:       0       0

සරත් Friday, 27 July 2012 04:33 PM

වැඩ කරනකොට තැන ඉබේම එනවා .(ස)

:       0       0

පාලිත Friday, 27 July 2012 04:36 PM

සුභ පැතුම් අපෙන්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 351 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 532 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 328 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 271 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 865 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 171 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40221 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site