IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මහජනයා අපේ ප්‍රතිපත්ති පිළිගත්තා

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පිහිටුවා මාස පහක් ගතවන්නට පෙර තමා ගැන විශ්වාසය තබා ලබා දුන් ජයග්‍රහනයට මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් ජනතාවට තමා ස්තුති වන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් පොන්සේකා මහතා එසැණට කීවේය.

අනෙක් පක්ෂ සෝදා පාළුවට ලක්වෙලා.  සන්ධානය වගේම එක්සත් ජාතික පක්ෂය උත්සහ කළේ තමන්ගේ ඡන්ද පදනම බේරා ගන්නයි.

නමුත් අපේ ප්‍රතිපත්ති මිනිස්සු පිලි අරන්. රටේ ජනතාවට අවශ්‍ය වන්නේ අවංක  දේශපාලන රටාවක්. අපි ඒක ඔවුන්ට ලබා දෙනවා.

පත් වුනු මන්ත්‍රීවරු අපේ පක්ෂයේ නිති වලට එකගවයි ඡන්දය ඉල්ලුවේ. බැරි වෙලාවත් ඔවුන් පක්ෂය මාරු කරන්න හැදුවොත් ඔවුන්ට විරුද්ධව උපරිම නීතිය ක්‍රියාත්මක කරනවා.

මගේ බිරිද මාව දාලා ඇමරිකාවට ගියා කියලා බංකලොත් දේශපාලකයෝ කීවා. ඒකෙන් ඔවුන් මෝඩ සතුටක් ලැබුවා. 

අපි දෙන්නා වගේම පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ උපරිම මහන්සියේ ප්‍රතිඵල තමයි මේ ලබා තියෙන්නේ.

 



අදහස් (0)

මහජනයා අපේ ප්‍රතිපත්ති පිළිගත්තා

චින්තක Monday, 23 September 2013 11:22 AM

ජයවේවා. ඔබව අමාරුවේ දැම්ම ජේවීපෙ කාරයින්ට දැන් තරු පෙනිලා ඇති... (ස)

:       0       0

බන්දුල පෙරේරා Monday, 23 September 2013 09:14 PM

හරියට ෆ්ලෑෂ් ලයිට් වගේ.තප්පර ගාණයි..ඔය යු එන් පී ඡන්ද ටික ආයෙත් යු එන් පී එකට යනවා ඉක්මනින්ම.. (නි)

:       0       0

විජේ Monday, 23 September 2013 11:26 AM

ෆොන්සේකා මහත්තයෝ අනෙක් දෙසපාලකයෝ වගේ බලය වැඩි වෙනකොට ප්‍රතිපත්ති වෙනස් කරන්න එපා. (ස)

:       0       0

සාම Monday, 23 September 2013 06:54 AM

ඔබතුමා හැම අතින්ම සැබෑ නායකයෙක්.... (නි)

:       0       0

ගුණරත්න Monday, 23 September 2013 06:56 AM

ලංකාවේ වැඩිපුරම හමුදාවේ කොල්ලෝ ඉන්නේ වයඹ පළාතේ. (නි)

:       0       0

රංග Monday, 23 September 2013 07:10 AM

ජය වේවා! (නි)

:       0       0

කුමාර් Monday, 23 September 2013 09:33 PM

ඔබතුමාට ජනතාවගේත් මගෙත් උණුසුම් සුබ පැතුම්. කිසිකෙනෙකට බිය නැතුව සාධාරනව තමන්ගේ කටුතු කරගන්නට රටක් තනා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබට දළදා සමිදු පිහිටයි. (නි)

:       0       0

ලුම්බිණි Monday, 23 September 2013 07:42 AM

මගේ සුභපැතුම්!! (නි)

:       0       0

ලාල් සුරන්ජිත් Monday, 23 September 2013 12:09 PM

ජෙනරාල්තුමනි, සැබවින්ම සන්තෝසයි. නිහතමානිව ඔබතුමා යන ගමනට ජනතාව ටික ටික පියවරෙන් පියවර එකතු වේවි. අපට අද අවශ්‍යය වන්නේ බොරු නොකියන ජනතාගේ දුක හඳුනන ඒ සියල්ලට ජනතාව සමඟ එකතු වෙලා විසදුම් හොයන අවංක නායකයෙක් ඔබතුමාට ශක්තිය හා නුවණද තව තව ලැබේවා !!! (ස)

:       0       0

තුෂි කුවෛට් Monday, 23 September 2013 10:20 PM

කොහොම කළත් දේශපාලනය බඩගෝස්තර ව්‍යාපාරයක්.හ‍රී මොකද කියන්නේ ? (නි)

:       0       0

චන්දන Monday, 23 September 2013 07:48 AM

සුබ පැතුම් ඔබට ජෙනරාල්තුමනි!! (නි)

:       0       0

සිසිර Monday, 23 September 2013 12:19 PM

අල්විස්, ඉන්දික වැඩිය දඟලන්න එපා. ලොක්කා එන්නේ නෑ ඔයාලා බේරගන්න (ස)

:       0       0

ඔකිත Monday, 23 September 2013 12:22 PM

විපක්‍ෂයක් නැති රටේ, ඔබ සැබෑ විපක්ෂයක තනා ගන්නා. ඔබට සුභ පැතුම්. (ස)

:       0       0

අචිනි Monday, 23 September 2013 12:23 PM

ජයවේවා සෙන්පතිතුමනි උක්තියට ගරු කරන ජනතාව ඔබ තුමා සමගය් .. අපිත් නිරතුරු ඔබතුම සමගය් (දී)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 23 September 2013 12:27 PM

රටට අවශ්‍ය 'ලී ක්වාන්ග් යුන්' වැනි තම පුතා වුවද රට වෙනුවෙන් හිරේට යවන්න තරම් අවංක දැඩි විනයක් සහිත නායකයෙකි. ඔබ එසේ යයි අපි අනුමාන කරමු. රට බේරා ගනු මැන! (දී)

:       0       0

තිස්ස Monday, 23 September 2013 08:12 AM

මීළඟ පළත් සබා තරඟයට සුදානම් වෙමු. (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 24 September 2013 11:02 AM

අනේ මන්දා! මේ කට්ටිය දාලා තියෙන අදහස් දැක්කම පළාත් සබා ඡන්දෙ දිනලා තියෙන්නේ අර අච්චර ආසන ගානක් ඡන්ද ගානක් ගත්ත රජය නෙමෙයි , පොන්සේකා මහත්තයනේ.. හරි හරි ඔන්න ඔහේ අපි එහෙමම හිතාගමු.. (නි)

:       0       0

ඉන්දික Monday, 23 September 2013 08:16 AM

ජනාධිපතිවරණදී ජනපතිටත් වඩා ඡන්දෙ ගත්තා කිව්වා නේද ? එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ ?? (නි)

:       0       0

උපාලි Monday, 23 September 2013 08:22 AM

අපේ සුබ පැතුම්. මෙහෙම තමා දේශපාලනය කළ යුත්තේ. පියවරෙන් පියවර. (නි)

:       0       0

වරුණ Monday, 23 September 2013 08:24 AM

ජය වේවා ඔබතුමාට! අත පය බැදලා දාලා තියෙද්දිත් අභියෝග මැද නිහඩ ගමනක් ගොසින් ජයග්‍රහණය කරා ගිය ඔබතුමාට රටේ තුන්වන බලවේගය ගොඩනගන්න ධෛර්ය යෝධ බල ශක්තිය ලැබේවා! (නි)

:       0       0

විපුල් Monday, 23 September 2013 10:56 PM

ඔබතුමාට ඡන්දෙ ආවේ එහෙම නෙමෙයි කියලයි මම නම් හිතන්නේ (නි)

:       0       0

මාදන් Monday, 23 September 2013 12:44 PM

ජය වේවා. එඩිතරව ඉදිරියටම සෙන්පති තුමනි.... (ස)

:       0       0

අල්විස් Monday, 23 September 2013 08:36 AM

විය සිදුරෙන් අහස බැලුවා වගේ... ඊට වඩා දෙයක් මට නං පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

සීල Monday, 23 September 2013 12:49 PM

හොද අනාගතයකට සුබ පැතුම් !. (දී)

:       0       0

සේරම් Tuesday, 24 September 2013 12:05 AM

අහෝ දුකකි! (නි)

:       0       0

කුමාරිහාමි Monday, 23 September 2013 08:51 AM

ඒක බොහොම හොඳයි. (නි)

:       0       0

ද සිල්වා Monday, 23 September 2013 12:58 PM

රනිල්ට වඩා සරත් ෆොන්සේකාට මිනිස්සු සලකනවා , ලබනපාර දකුණු පළාත් සභා චන්දෙදි බලන්න සරත් ෆොන්සේකාගේ පක්ෂය ඒජා ප ය එකට වඩා වැඩි චන්ද ගන්නවා , ඒජා පයට අනාගතයක් නැහැ රනිල් ඉන්න කන් . (දී)

:       0       0

දර්ශ Monday, 23 September 2013 01:08 PM

රටට අවශ්‍ය 'ලී ක්වාන්ග් යුන්' වැනි තම පුතා වුවද රට වෙනුවෙන් හිරේට යවන්න තරම් අවංක දැඩි විනයක් සහිත නායකයෙකි. ඔබ එසේ යයි අපි අනුමාන කරමු. රට බේරා ගනු මැන! (ස)

:       0       0

චමින්ද Monday, 23 September 2013 09:00 AM

හරියට හිතල බැලුවොත් ඔබ රජයේ සේවය කල කාලය අවසාන වන විට රටේ ජනතාවට කල යුතුව තිබූ සේවය කොයි තරම් උදාර ලෙස පරපූර්ණව ඉටුකරා නොවේද? එය කොතරම් දුෂ්කර කටයුත්තක්ද? කළ ගුන නොදත් අය එය අමතක කර දමන්න හදනවා. හිරිහැර අවමන් කරල අද ඔබගේ විශාම වැටුපත් උදුරා දමලා.. ඒත් ඔබගේ අධිෂ්ටානය මේ රටේ මිනිසුන් කවදා හෝ වටහාගනු නියතය.(අ)

:       0       0

ලලිත් Monday, 23 September 2013 01:15 PM

සත්තයි අනිවාර්යයෙන්ම ජයගන්නවා!! ඔබ තුමා ඉදිරියටම යනවා. ඒක මට විශ්වාසයි. ජේසු පිහිටයි. (ස)

:       0       0

රයන් Monday, 23 September 2013 09:08 AM

සුභ පැතුම්! ඔබතුමාට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා (නි)

:       0       0

ප්‍රියදර්ශනී Monday, 23 September 2013 05:35 PM

අභීත සෙන්පතියාණෙනි, ඔබේ නොසැලෙන ගුණයට ජාතියේම උපහාරය.සැමදා අපි ඔබ සමග ඉන්නවා.ඔබට ජය (නි)

:       0       0

ගාමිණි Monday, 23 September 2013 09:11 AM

ලැබියයුතු යමක් වේ නම් සුදුස්සාටම ලැබිය යුතුයි.ජනරාල්තුමනි, ඔබට ජය. (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 23 September 2013 09:17 AM

සරත් ෆොන්සේකා මැතිදුනි, ඔබ නොබියව,අවංකව සටනේදී මුහුණ දුන්නා.අපට විශ්වාසයි ඔබතුමා රටේ අනාගතය ජයගන්න දෙවැනි සටනට එඩිතරව මුහුන දෙයි කියා.ඔබතුමා වැනි අවංක නායකයෙක් රටට අවශ්‍යම වෙලාවයි දැන් ඇවිල්ලා තියෙන්නේ. (නි)

:       0       0

අනුරශාන්ත Monday, 23 September 2013 09:19 AM

ෆොන්සේකා මැතිතුමනි, ඔබට මුළු හදවතින්ම සුබ පතමි. (නි)

:       0       0

සුනිල් Monday, 23 September 2013 09:20 AM

සුබ පැතුම්! (නි)

:       0       0

මිනිපෙ Monday, 23 September 2013 09:32 AM

මම ඔබට සුබ පතමි.හැබයි සර්, මේක කම්කටලු වලින් පිරුණු ගමනක් හෝඩිය පමණයි.ඔයා තවම ගල්කිස්ස පහු කලා විතරයි. කතරගමට තව ගොඩක් දුරයි සර්.මම එක සිතින්ම ඔබට සුබ පතමි.(අ)

:       0       0

ජීවන් Monday, 23 September 2013 06:19 PM

අපේ හදවතේ කොනක තිබුණු පුංචි බලාපොරොත්තුව ගිනි දැල්ලක් වෙලා. ලබන සැරේ 2වැනි බලවේගය වෙමු. ඊලග සැරේ ඔබයි අපේ රට නගන සුවිශේෂී දැවැන්ත චරිතය විය යුත්තේ. (නි)

:       0       0

සංජිව Monday, 23 September 2013 01:51 PM

හ්ම්ම්ම් ...කොච්චර කාලයක් ඔහොම යයිද දන්නේ නැහැ අයිබෝන්...බර නඩුවක් මග එනවා..පරිස්සමෙන්..!!! (දී)

:       0       0

මහේෂ් Monday, 23 September 2013 01:52 PM

රටක් දියුණු කලහැක්කේ රටක නීතිය ඉහල සිට පහලට එක සමානව සියලු දෙනාටම ක්‍රියාත්මක කළහැකිනම් පමණි එක තේරුම්ගත්ත බුද්ධිමත් පිරිසක් ඔබට චන්දය දී ඇත. (දී)

:       0       0

නන්දන Sunday, 22 September 2013 10:13 PM

අපට රට බේරා දුන් සෙන්පති තුමනි ඔහොම යං.......රෝමය ගොඩ නැගුවේ එක් දිනකින් නොවේ.(අ)

:       0       0

ප්.ද ගුණවර්ධන Monday, 23 September 2013 09:43 AM

ඔබ වගේම ඔබ වටේ රොක් වෙලා ඉන්න අය අවංක බවට ඔප්පු කළහොත් සහ හොඳ අවංක කණ්ඩායමක් නිර්මාණය උනොත් ඔබගේ ජය කිසිවෙකුට වලක්වන්න බැරි වෙනවා . ඔබට ජය !!!!!! (ස)

:       0       0

සුනෙත් Monday, 23 September 2013 09:43 AM

ටික දෙනෙක් පිලි අරන් වගේ.. (ස)

:       0       0

රවීන්ද්‍ර Sunday, 22 September 2013 10:15 PM

මට හොදටම ෂුවර් ෆොන්සේකාගේ පක්ෂය හොද තැනකට එනවා ලගදීම .... (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Sunday, 22 September 2013 10:18 PM

ඇත්ත, ඔබට ජය නියතයි (නි)

:       0       0

පිටිගල Sunday, 22 September 2013 10:24 PM

ශුභ පැතුම්! (අ)

:       0       0

ආනන්ද Monday, 23 September 2013 09:49 AM

බොහොම හොද ජයග්‍රණයක්. නියෝජිතයන් තෝරාගැනීමේදී ප්‍රවේසම්වන්න. බොහොමයක් එන්නේ සල්ලි හම්බකරන්න. (අ)

:       0       0

ගැමුණු Monday, 23 September 2013 09:49 AM

දැන් සිටම ඊළඟ පිම්මට සුදම්වෙන්න . ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කරමු. ජය නියතයි (දී)

:       0       0

නාලක Monday, 23 September 2013 09:51 AM

ප්‍රතිපත්ති පිළිගත්තා නෙමෙයි.... කොහොමත් ආණ්ඩු විරෝධී චන්ද ටිකක් හැම සැරේම පාවෙනවා... ඒ පාවෙන චන්ද ටික මෙදා පාර යු අන් පී එකටවත් ජේ වීපී එකටට්වත් දුන්නේ නැහැ... මොකක් හරි විකල්පයක් හැටියට සරත් ෆොන්සේකාගේ පක්ෂෙට දීල බැලුව... දැන් වත් ඉතින් දේශපාලන ප්‍රතිපත්තියක් දර්ශනයක් හදාගෙන ඉස්සරහට යනවනම් සරත් මහත්තයටත් පොඩි ගමනක් යන්න පුළුවන්... මට නම් තවම මෙයාගේ ප්‍රතිපත්තියක් පෙන්නේ නැහැ...

:       0       0

අමර ෙස්න Monday, 23 September 2013 02:05 PM

පිළිගත්තානොවෙයි මහත්තයෝ පිළිගන්න සිද්ද වුනා.

:       0       0

ජයම්පති Monday, 23 September 2013 06:58 PM

ඉදිරිය ඉතා දුෂ්කර වේවි. සුබ පැතුම් (නි)

:       0       0

පැහැසර Sunday, 22 September 2013 10:42 PM

අනේකවිධ බාදා මැද ඔබ අපේ රට වෙනුවන් කරන කැපවීමට අපි ඔබට සදා ණයගැතියි. ඉතාමත් ලේසියෙන් ඔබටත් ඔබේ පව්ලේ අයටත් සැපවත් දේ ලබා ගැනීමට තිබුනත් බඩගෝස්තරවාදියෙකු නොවී, ඔබ යන මේ ගමන කවදා හෝ ඉතිහාස ගතවේවි. (නි)

:       0       0

හේරත් Monday, 23 September 2013 02:06 PM

සල්ලි වලට කෑදර බඩ ගෝස්තර දෙසපාලු වන්ට දුන් හොඳ පිළිතුරක්. ඔහොම යමු. (ස)

:       0       0

නිකි ප්‍රනාන්දු Monday, 23 September 2013 02:11 PM

ජේනරාල් තුමෙනි, සදාදරනීය අබීත විරුවාණෙනි, ආදරණීය පියාණෙනි අපේ බලාපොරාත්තුව ඔබයි. ඔබේ පැමිණීම අපි නොඉවසිල්ලෙන් බලසිටින්නෙමු. රට තුල කුණුවී ඇති දේසපාලනය පවා රටට ලැබෙන ඔබගේ නායකත්වය තුල මහත්මා දේසපාලනයකට නැවත ගමන් අරබනු නියතය. ඔබට දෙවි සරණයි ...! (දී)

:       0       0

චාමර බළන්ගොඩ Monday, 23 September 2013 10:00 AM

ඉතිහාසය නැවත නැවත සිදුවෙනවා.‍ලංකාවේ අනාගතය වෙනුවෙන් ඔබ පෙනී සීටීම අගය කරනවා ජෙනරාල් තුමනි. (ස)

:       0       0

බන්දුල Monday, 23 September 2013 07:08 PM

අදහස් දැක්කම හිනහ යනවා. ආසියාවේ ආශ්චර්යය (නි)

:       0       0

උදය කුමාර Monday, 23 September 2013 02:16 PM

මම ඔබ තුමාට ජය පතමි (දී)

:       0       0

ජගත් Sunday, 22 September 2013 11:17 PM

ඔබතුමාට සහ ඔබගේ පක්ෂයට, අනාගතය සුබ වේවා කියා අප ප්‍රාර්ථනා කරනවා! (නි)

:       0       0

ප්‍රියංග Sunday, 22 September 2013 11:30 PM

ඔබට සදා ජය ප්‍රාර්ථනා කරමි (නි)

:       0       0

නාලක - කටාර් Sunday, 22 September 2013 11:46 PM

ඔබතුමාව. අදත්, හෙටත්, ජනතාව පිළිගනීවි. යහපත් දේශපාලනඥයෙක් වශයෙන් වැඩ කරන්න. ඔබට ජනතාව ලබාදුන් ප්‍රතිචාර උපයෝගී කරගෙන රටේ ජනතාව මුහුණදෙන ප්‍රශ්න ගැන සිතන්න (නි)

:       0       0

දම් Sunday, 22 September 2013 11:48 PM

හීන් සැරය හොඳම සැරය.සුබ අනාගතයක් ඔබට. (නි)

:       0       0

මුතුකුඩ Monday, 23 September 2013 02:20 PM

හි...හි....හි.... හේරත්ට සතුටු හිතිලා වගේ (දී)

:       0       0

ප්‍රසෙන් Wijesuriya Sunday, 22 September 2013 11:55 PM

ජය වේවා .අපි ඔබ සමග .(අ)

:       0       0

සමන් Sunday, 22 September 2013 11:57 PM

සුභපැතුම් (අ)

:       0       0

ෂලි Monday, 23 September 2013 12:03 AM

පොන්සේකාට ජය

:       0       0

ඩන්ස්ටන් ද සිල්වා Monday, 23 September 2013 12:11 AM

ඔබට ජය ලබන්න හැකි බව මම මීට පෙරත් ලියල තිබෙනවා ., ප්‍රතිපත්ති ගරුකව ඉදිරියට යන්න නම් ,පක්ෂය තුල විනය රැකගෙන ,උගත් පුත්ගලයන් තනතුරු වලට තෝරාගෙන ,බොරු වලවල් වල නොවැටී ,කේලම් වලට ඇහුම් කන් නොදී ,කල්පනාකාරීව නිවැරදි තීරණ ගෙන පක්ෂය මෙහෙයවමින් වැඩකරගන යන්න සිතට ගන්න.ඔබට ජය.. (අ)

:       0       0

සමීම් මුබාරක් Monday, 23 September 2013 02:31 PM

අභීත වීර සෙන්පතියණනි අනේක විද බාදක දුක් කම්කටොලු මැද ජය මාවත කර යන ඔබට මගේ සුබ පැතුම් සැබවින්ම රටට ආදරය කරන ජන නායකයෙකි ඔබ අද ඔබ තුන්වන බලවේගය වෙලා හෙට මතු දවසක ඔබයි අපේ රටේ බලවේගය රුදුරු කොටි පරදවා රට බේරා දුන් වීර සෙන්පතියනි හෙට දවස රට නුඹට බාරයි ඔබට තෙරුවන් සරණයි (දී)

:       0       0

කෞෂල්‍යා Monday, 23 September 2013 10:29 AM

ආදරණීය ජෙනරාල් ඔබගේ ජයග්‍රහණයට ඉත සිතින් සුබ පතමි. එදා කුරිරු ත්‍රස්තවාදීන්ගෙන් අපේ රට බේරගත්ත වගේම රට කාබාසිනියා කරන මේ දේශපාලන හොරුන්ගෙන් අපේ රට බේරගන්න. (අ)

:       0       0

ඉර්ෆාන් Monday, 23 September 2013 01:03 AM

සුබ පැතුම් ඔබට. (නි)

:       0       0

පමරත Monday, 23 September 2013 01:22 AM

එජාපෙ රජය වෙන වෙනම ගෙන්ගෙට ගොස් බලන්න ඡන්දේ නොදුන්නු අය ඡන්දේ දෙන්න නොගියේ මොකද කියලා. (නි)

:       0       0

චමත් Monday, 23 September 2013 01:34 AM

අපේ සුබ පැතුම්! (නි)

:       0       0

උපුල් Monday, 23 September 2013 02:00 AM

සරත් ෆොන්සේකා මැතිදුනි, ඔබ නොබියව,අවංකව සටනේදී මුහුණ දුන්නා.අපට විශ්වාසයි ඔබතුමා රටේ අනාගතය ජයගන්න දෙවැනි සටනට එඩිතරව මුහුන දෙයි කියා.ඔබතුමා වැනි අවංක නායකයෙක් රටට අවශ්‍යම වෙලාවයි දැන් ඇවිල්ලා තියෙන්නේ. (නි)

:       0       0

ටිරෝන් සෙනෙවිරත්න Monday, 23 September 2013 10:57 AM

අයුක්තියට එරෙහිව පලවෙනි වෙඩි මුරය උත්තමාචාර අවි (දී)

:       0       0

ජීවන් Monday, 23 September 2013 10:59 AM

ජයෙන් ජය වේවා ජනරාල් තුමනි.... අපේ රට යූ ටර්න් එකකින් හරවමු ආපසු. ජය වේවා........................ (දී)

:       0       0

සත්‍යා Monday, 23 September 2013 04:18 AM

ශ්‍රී ලංකා ජනතාව කළගුණ දන්නා ජාතියක් හැටියට අතීතයේ ප්‍රසිද්ධව සිටියත් මෑත යුගයේ සිදුවූ ඇතැම් දේශපාලන සිදුවීම් හරහා ඒ උතුම් ගති ජාතියෙන් බැහැර වීමට පටන්ගෙන තිබුනා. ජෙනරාල් සරත් ෆොන්සේකාගේ පක්ෂය ලැබූ ජයග්‍රහණය එක අතකින් ඔහු ලැබූ පෞද්ගලික ජයග්‍රහණයකි. අනෙක් අතට ශ්‍රී ලංකාවාසීන් තවම කළගුණ අමතක කර නැති බව දේශපාලන වශයෙන් පෙන්නුම් කළ සුවිශේෂී අවස්ථාවකි. මෙය රැක ගැනීම සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගේම යුතුකමකි. (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 23 September 2013 08:37 PM

හිරමනයෙන් ළූණු කපන්න බැහැ. පිහියෙන් පොල් ගාන්නත් බැහැ. සුදුස්සා සුදුසු රාජකාරිය කරන්න ඕනෑ. සෙමින් ගියත් හයියෙන් ගියත් දිනුම් කනුව අසල සිටින්නේ අතිගරු ජනාධිපතිතුමා. එතුමාව පරද්දන්නත් බැහැ පරදින්නේත් නැහැ. මොකද එඩිතර නායකයෙක් අපිට ලැබෙන්නේ කලාතුරකින්. (නි)

:       0       0

මොහාන් Monday, 23 September 2013 11:06 AM

ඉතාම හොද ආරම්බයක්...කය්වාරු නැති..ක්‍රියාව ඇති ...පක්ෂයක්... දැන් 03 වැනි බලවේගය...ඊළගට 02 වැනි බලවේහය... අන්තිමට...01 වැනි සහ අවසාන සහ මුළු රටේම බලවේහය...ඔබට සහ ඔබේ පක්ෂයට සියලු ජය පතමි... (දී)

:       0       0

ඇෆ්ගන් නිමල් Monday, 23 September 2013 08:38 PM

ඔබතුමාට සුබපැතුම්! (නි)

:       0       0

හේරත් Monday, 23 September 2013 04:52 AM

පිළිගත්තා තමයි. ම්හ්හ්...ම්හ්හ්...ම්හ්හ්... (නි)

:       0       0

සෑම් Monday, 23 September 2013 08:47 PM

හේරත් ඔලුව අතගාලා බලන්න.ඔහු වීරයෙක් (නි)

:       0       0

මොහොමඩ් Monday, 23 September 2013 11:14 AM

උණුසුම් සුභ පැතුම්! ඉම්රාන් ඛාන්ගේ ගමන ආදර්ශයට ගමු. මුලින් ඔය ඇති. තුන්වෙනි ඡන්දය වෙන කොට ප්‍රබල බල වේගයක් වෙන්න පුළුවන්. මීලගට තියෙන දකුණ, බස්නාහිර ඔබට හොඳ තෝතැන්නක් වේවි. ලැබුණු මන්ත්‍රීවරු ටික රැකගන්න එක වැදගත්. හිඩැස පුරවන්න ඔබට ශක්තිය ලැබේවා කියා පතනවා! (ස)

:       0       0

දේවි Monday, 23 September 2013 08:56 PM

ඔබට ජය !!!! ඉතින් දේශපාලන රඟමඩලට ගිහිල්ලා තෙම්පරාදු වෙලා එනකොට තව අවුරුදු 20 ක්වත් යාවි නේද . (නි)

:       0       0

බොස්ටන් වික්‍රම Tuesday, 24 September 2013 02:07 PM

මේකේ ප්‍රතිචාර දැක්කම අපේ ලාංකිකයන්ගේ දැනුම ගැන දුක හිතෙනවා . ගෙම්බෙක් පුම්බනවා වගේ මෙයාව පුම්බලා තිබ්බට . මෙම රජය තව අවුරුදු ගානක් බලයේ සිටිනවා , නැවත බලයට එනවා . අවුරුදු පහකට කලින් රට තිබුන විදිය බොහෝ දෙනෙකුට ඉක්මනින් අමතකවී ගොස් . කොන්ද පන ඇතිව සිටි එකම රාජ්‍ය නායකයා අති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා පමණයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 608 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4046 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2519 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 241 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1311 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1431 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 27646 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23555 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 400 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site