IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


මහජන ධනය සාංඝික දේපලක් සේ සුරකින්න

(අංජුල මහික වීරරත්න)

මහජන ධනය සාංඝික දේපළක් හා සමානව සුරැකිය යුතු යැයිද එම ධනය වංචාවට හෝ දූෂණයට ලක් කිරීමට කිසිදු අයෙකුට යුක්ති සහගත අයිතියක් නැතැයි ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රාජකාරී සීමාව තුළ රාජ්‍ය සේවකයා ගනු ලබන ජනතා හිතවාදී සෑම කටයුත්තක් වෙනුවෙන්ම තමන් පෙනී සිටින අතර නොකළ යුතු දේ  කළහොත් ඊට අදාළ ක්‍රියා මාර්ග ගැනීමට නොපැකිලෙන බවද ජනාධිපතිවරයා  කීය.

මහජන ධනය සුරැකීමට ජනාධිපතිවරයාට මෙන්ම සියලු රාජ්‍ය නිලධාරීන්ටත්  වගවීමක් තිබෙන බව ද ජනාධිපති  පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවෙි  බලශක්ති අමාත්‍යාංශයේ අද (15) පෙරවරුවේ පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට  එක්විය.

පුරවැසියන් තෘප්තිමත් වන රාජ්‍ය සේවයක් වෙනුවෙන් කටයුතු කළ යුතු බව කී ජනාධිපතිවරයා ඉදිරි වසර තුන ඇතුලත බලශක්ති ක්ෂේත්‍රයේ ඉලක්ක සපුරා ගැනීම සඳහා වන ව්‍යාපෘති විධිමත් සහ කඩිනම් කළ යුතු බව පැවසීය.



අදහස් (8)

මහජන ධනය සාංඝික දේපලක් සේ සුරකින්න

මැක්ස් Tuesday, 15 October 2024 03:15 PM

කතාවට නම් ලකුණු 100%යි. ලොක්කෝ කරන කියන ඔක්කොම හරි කියන දායකසභාවේ නොවන අපි ක්‍රියාවත් එසේම වනු ඇත්දැයි බලා සිටිමු.

:       7       35

සෙනෙවිරත්න Tuesday, 15 October 2024 03:23 PM

මෙසේ විවෘතව කතා කරපු පාලකයෙක් ඉතිහාසය පුරා දැැක නැත. නිළධාරීන් සහ තම තමන්ගේ ගෝලයන් හවුලේ කෑම මෙතෙක් තිබූ ප්‍රතිපත්තියයි. නායකයන් හරිමග යනවිට පහළ ස්ථරවල අයට ඉබේම නිවැරැදිව කටයුතු කළයුතු වෙනවා.

:       3       54

Pradeep Kumara Tuesday, 15 October 2024 04:12 PM

ඒක ලේසි වැඩක් නෙමෙයි. කාලාන්තරයක් තිස්සේ වංචාවට, දූෂණයට, අල්ලසට හුරුවෙලා ඉන්න නිලධාරීන්ට එකවරම ඒවා නවත්වා ගන්න අමාරු වේවි, සාංඝික දේපලත් කොල්ලකන පිරිස් ඉන්න රටක. නමුත් කෙසේ හෝ කළ යුතුයි. පාලකයා ආදර්ශමත් වුණොත් අනිත් අය ටිකෙන් ටික හැදෙයි.

:       0       4

විමල් Tuesday, 15 October 2024 04:15 PM

ඔයත් ධර්මෙන් දීලා බුරුමෙන් විදින්න හදන්න එපා !!!

:       0       3

අරවින්ද මොනරවිල Tuesday, 15 October 2024 04:18 PM

සමහරුන්ට නම් කියලා හරියන්නේ නැතුව ඇති ජනාධිපතිතුමනි... ඒ නිසා හෙන්ඩුවත් අතට ගන්න සූදානම් වෙලා ඉන්න.

:       1       3

sene Tuesday, 15 October 2024 04:19 PM

සෙනවිරත්න, අපේ රටේ සාංඝික දේපළ විකුණන්නේ සංගමය..

:       2       1

පිටරටවැසියා Tuesday, 15 October 2024 04:25 PM

සාංඝික දේපළත් හොරාකාපු දේශපාලුවෝ ඉන්න රටක් මේක.

:       0       4

Gunendra Tuesday, 15 October 2024 04:32 PM

ජනාධිපතිතුමා පවසා තියෙන්නේ රජයේ සේවකයින් පිරිසක් සමඟ, කැලේ මාරු වුණාට මේ අයගේ පුල්ලි මාරුවේද කියා බලන් ඉම්මු...!

:       1       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශිෂ්‍යත්වය යළි ඉල්ලා අධිකරණයට යති
2024 ඔක්තෝබර් මස 15 66 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කර ඒ සඳහා යළි විභාගයක් පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලා සිටින මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සි


සුරාබදු ලොක්කන්ට ලක්ෂ 12 ගෙවන්න වෙයි
2024 ඔක්තෝබර් මස 15 136 0

සෙවණගල ප්‍රදේශයේ ප්‍රකට ආයුර්වේද වෛද්‍යවරයකුගේ ඖෂධාලයක තිබු ගංජා සමඟ එහි සේවකයන් කීපදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්


සොහොයුරියෝ තිදෙනා සතියක් ඇතුළත මෙලොව හැර යති
2024 ඔක්තෝබර් මස 15 407 0

මදුරන්කුලිය කන්දතොඩුවාව ගම්මානයෙ පදිංචිව සිටි එකම පවුලේ සොහොයුරීයන් තිදෙනකු හදිසියෙ සතියක් වැනි කෙටි කාලයකින් මරණයට පත්විමත් සමග දරුවන් හා ඥාතින්


නීතිපති දෙපාර්තමේන්තුවේ වාහන ඉස්සූ දෙදෙනාට ඇප
2024 ඔක්තෝබර් මස 15 452 0

නීතිපති දෙපාර්තමේන්තුවේ වාහන රැඳවුම් අංගනයේ නවතා තිබූ නිල රථයක් පැහැරගෙන ගමේ ගොස් නැවත පැමිණියේ යැයි කියන සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි නීතිපත


අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිල පරාස නිකුත් කරයි
2024 ඔක්තෝබර් මස 15 1338 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පරාසයන් ප්‍රකාශයට පත් කර තිබේ.


ගම්මන්පිල පාස්කු වාර්තා සොරකම් කළාදැයි සොයන්න යයි
2024 ඔක්තෝබර් මස 15 506 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සතුව ඇතැයි කියන වාර්තාව දින තුනක් ඇතුළත ලබා දෙන


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 479 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 464 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1457 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site