IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


මහජන පීඩා අවම කරන්න

(මහනුවර ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල්. ජයසිංහ)

ආර්ථික අර්බුදයේ සමස්ත බර ජනතාව මත පැටවීම වෙනුවට රජය මුදල් නිසි ලෙස කළමනාකරණය කොට දූෂණය පිටුදැකීම, රාජ්‍ය සම්පත් අවභාවිතය වැළැක්වීම, මහජන නියෝජිතයින් භුක්තිවිදින අසීමිත වරප්‍රසාද ඉවත් කිරීම, වැනි ප්‍රායෝගික විසඳුම් තුළින් මහජන පීඩා අවම කිරීමට රජය කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයාට දැනුම් දෙමින් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් විසින් විශේෂ ලිපියක් නිකුත් කොට තිබේ .

මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් සහ අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නා හිමියන් ගේ අත්සනින් යුතුව නිකුත් කොට ඇති එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ පළාත්පාලන මැතිවරණය කල් දැමීම ජනතාව අතර යම් නොසන්සුන්තාවක් නිර්මාණය කිරීමට හේතුවී ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම යනු නිදහස් හා සාධාරණ මැතිවරණයක් තුළින් ජනතා පරමාධිපත්‍ය තහවුරු කිරීමක් බවත් ජනතා පරමාධිපත්‍යයට ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය නායකයෙකු ලෙස සම්භාවනාවට පාත්‍ර වී ඇති ඔබ තුමන් ද මනාව දන්නා කාරණාවකි . එහෙයින් පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීම රජයේ වගකීමක් බව ද එහි සඳහන්ව ඇත .

සම්පූර්ණ ලිපිය මෙසේය .



අදහස් (15)

මහජන පීඩා අවම කරන්න

ජගත් ලියනගේ Tuesday, 14 March 2023 07:05 PM

අනේ හාමුදුරුවනේ, ඔබ වහන්සේලාගෙ වැඩකටයුතු ගැන අපි හරියට කලකිරිමකින් ඉන්නේ... මිනිස්සු හරියට දුක් විඳිනවා.!

:       1       9

ඇබිත්තෙයාWednesday, 15 March 2023 04:07 PM

තරහ අවසරයි.., අනේ හාමුදුරුවනේ... කරන කටයුතු දැක්කාම හරියට දුක හිතෙනවා. ඇත්තටම හාමුදුරුවනේ, ඔබවහන්සේලාට රටේ ඉතාමත් සුලුවෙන් හෝ උද්දමනය අඩුවෙනවා කියලා පේන්නේ නැද්ද? පෝලිම් අඩුවෙලා කියලා පේන්නෙ නැද්ද? එහෙම තියෙද්දී මේ රටේ සංවර්ධනයට වඩා තම තමන්ගේ උදර පෝෂණය වෙනුවෙන් පමණක් කරන මෙම වර්ජන ඔබ වහන්සේසේලා අනුමත කරන්නේ කොහොමද? ඇත්තටම අවුරුදු 75 හාමුදුරුවෝ දුන්නු උපදෙස් හොඳින්ම අනුගමනය කරලා නේද රටට මෙහෙම වෙලා තියෙන්නේ... ඇත්තටම ඉහළම ආදායම් ලබන අය රට වෙනුවෙන් පරිත්‍යාගයක් කිරීම නරකද? ඇත්තටම හාමුදුරුවනේ රෝහල් කම්කරුවන් හා ගුරුවරුන්ට තියෙන ප්‍රශ්න මොනවාද? ඇයි ඔබවහන්සේලාට රටේ සත්‍ය තත්වය තේරුම් අරගෙන මෙම අරගල කරුවන් ඇමතීමට බැරි?

:       3       49

fairoos Tuesday, 14 March 2023 07:17 PM

මේ කාලකන්නි දේශපාලකයන්ට කවුරු කියලත් වැඩක් නැහැ .මේ අයටනම් හොඳක් සිද්දවෙන්නේ නෑනේ .නන්දසේනයා වගේ ඉතුරු අයත් නන්නත්තාර වෙන දවස වැඩි ඈතක නැහැ

:       53       6

නිශාන්ත Tuesday, 14 March 2023 08:23 PM

සංඝ ආඥාවක් නිකුත් කළොත් නරකද අපේ හාමුදුරුවනේ...?

:       46       5

Bandara Tuesday, 14 March 2023 08:38 PM

ඊයේ කාදිනල් හිමිපාණන් ගේ මාධ්‍ය ප්‍රකාශය අහල අපේ නායක හිමිපානන් අවදි වෙලා වගේ. ලියුමක් යවනවට වඩා දෙයක් ඔබවහන්සේලාගෙන් අපි බලාපොරොත්තු වෙනවා. අපි කියන්නේ නෑ අරගල කරන්න කියල. ශ්‍රී දළදා මාලිගය අබියස මහා සංඝරත්නය ගෙන්නලා සත්‍ය ක්‍රියාවක් කලොත් නරකද?

:       51       10

විජිත් Tuesday, 14 March 2023 08:48 PM

බොහොමත් ස්තුතියි අපේ හාමුදුරුවනේ මේ ලිපිය සකසා ලොක්කාට ( මිනිහා හිතාගෙන ඉන්නවා ලොක්ක කියලා ) ලැබෙන්න සැලැස්වීම පිළිබඳව. ඒ ලිපියෙන් ඔබ වහන්සේලා සෘජුවම ඉල්ලා සිටිනවා පළාත් පාලන මැතිවරණය පවත්වන්න කියලා ඒ එය රජයේ වගකීම නිසයි.එයට ගොඩාක් පින් හාමුදුරුවනේ.ඒවගේම මේ දුර්දාන්ත ,අශිලාචාර ,මිනීමරු ,චවුර ජනාධිපතිව සනසන්නදෝ එහෙම නැතිනම් " පානියක් ගාන්නදෝ " කොහෙද ඔබ වහන්සේ මහා අකුසලයකුත් කරගත්තා " මුසාවාදා " එකක් කියලා."...ජනතා පරමාධිපත්‍යයට ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය නායකයෙකු ලෙස සම්භාවනාවට පාත්‍ර වී ඇති ඔබ තුමන් .." මේ කෑල්ල සම්පුර්ණ මුසාවාදාවක් . මෙය .."... ජනතාවගේ වයිරයට පාත්‍රවෙලා ඉන්න මිනීමරු,කුහක බැංකු හොරෙක් " ලෙස මම නිවරදිකොට ඒ පින ඔබවහන්සේට අනුමෝදනා කරන්නම්. හැබැයි..ජාතියේ ගවුරවයට පාත්‍රවී සිටින ඔබවහන්සේලාගේ අනුසාෂනා ගනන්නොගෙන මේ චන්දය මේ මරුමොස් ඒකාධිපතියා නොපැවත්වුවහොත්.....දුෂ්ට දුර්දන්තමිනිමරු ඒකාධිපතියාට වබවහන්සේලාගේ විහාරයන්ට ඇතුල්වීම තහනම් කරන්න ඔබවහන්සේලාට දිරිය බලය ශක්තිය ලැබේවා. (පන්සලට අතුල්වුනොත් කන පැලෙන්න දෙකක් ගහලා බෙල්ලෙන් ඇදලා එලියට දමන්න බල්ලෙක් වගේ )

:       52       9

mewan Wednesday, 15 March 2023 04:06 AM

නොදන්නා කෙහෙල්මල් කතා නොකර, ජනතාව නොමග නොයවා, තමන්ට අය්ති කාරිය ඉටුකරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

:       39       59

nanda Wednesday, 15 March 2023 06:27 AM

රට බංකොලොත් කරපු නායකයෝ සුර සැප විඳිනවා.

:       28       22

LGPJ Wednesday, 15 March 2023 06:30 AM

ඔව්. කඳුළු ගෑස් භාවිතයෙන්.

:       27       17

Nishan Wednesday, 15 March 2023 06:53 AM

චන්දෙ තියන්න අවශ්‍ය කෝටි 10,000 අස්ගිරිය, මල්වත්ත පන්සල් වලින් දෙන්න බැරිද දන්නේ නෑ.

:       23       59

රංජිත් Wednesday, 15 March 2023 07:25 AM

මහනායක හිමිවරුන් මෙසේ අදහස් දැක්වීම ගැන අපගේ ගෞරව ප්‍රණාමය....

:       56       38

ගාමිණී ජයලත් Wednesday, 15 March 2023 11:38 AM

ඉඳහිට හෝ මුනිවත නොරැක ඔබ වහවහන්සේලා මෙවැනි දෑ පුකාශ කිරීම තුල හුදී ජනයා අතර ඇති සංඝ අපුසාදය අවම කරයි.

:       29       6

kamal Wednesday, 15 March 2023 11:57 AM

අද රදගුරුතුමා එලියට බැස්සනේද? අපිත් නොබැහ කොහොමද?

:       22       13

Hafeel Wednesday, 15 March 2023 12:37 PM

රනිල්ටත් ප්‍රජාතන්ත්‍රවාදයටත් ලොකු පරස්තරයක්. රනිල්ට කොහොමටත් ප්‍රජාතන්ත්‍රවාදය ගැලපන්නම නැහැ. ඔහු ඔහුගේ පක්ෂය මෙහයවූ හැටි කොව්රුත් දන්නවා. ඔහු ප්‍රජාතන්ත්‍රවාදය අනුව ඔහුගේ පක්ෂය මෙහයවූ නැති නිසා තමයි, එම පක්ෂය අද දිය වෙලා ගියේ. අන්න ඒ ආකාරයට තමයි ඔහු අද මේ රටත් ප්‍රජාතන්ත්‍රවාදී විරෝදීව මෙහය වෙන්නෙත්. ඔහුගේ පක්ෂයට වෙච්ච ඉරණම තමයි අද රටටත් වෙන්නෙත්.

:       45       6

podi hadaya Wednesday, 15 March 2023 01:01 PM

ප්‍රමාද වී හෝ මහ නායක හිමිවරුන් පාලකයින් කළ දැනුම් දීමට ඉතා ගෞරවයෙන් ස්තුති කරමු...

:       44       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කටානේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 අප්‍රේල් මස 22 129 0

පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටා


මාතර බන්ධනාගාරයේ කලබලයක්
2025 අප්‍රේල් මස 22 225 0

මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.


මෙල්බන් ගුවන් තොටේ දී අපේ අයට සේවා ගන්න කෙනෙක් තෝරයි
2025 අප්‍රේල් මස 22 490 0

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ


අරාබි උප අගමැති ජනපති හමු වෙයි
2025 අප්‍රේල් මස 22 255 0

ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත


අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 348 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 402 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 584 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 305 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 460 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site