(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල්වල බෙදුම්කරුවන් ඉන්ධන තොග මිලදීගැනීමට මහජන බැංකුවේ තැන්පත් කරන මුදල් ඊයේ (14) මධ්‍යම රාත්‍රී සිට ගිණුම්ගත කිරීම අත්හිටුවීමෙන් ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
මුදල් ගෙවා තිබුණ ද බෙදුම්කරුවන්ට ඉන්ධන ලබාගැනීමට නොහැකි වී ඇති බවත් මෙම තත්වය පිළිබඳව මහජන බැංකුවේ සභාපතිවරයා සහ ඛනිජ තෙල් සංස්ථාවේ පාලන අධිකාරිය දැනුවත් කර විසඳුමක් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවත් එම සංගමය කීය.
මහජන බැංකුවේ ගිණුම්වලට මුදල් තැන්පත් කරන බෙදුම්කරුවන්ට ඉන්ධන නිකුත් නොකරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සබරගමුව ප්‍රාදේශීය කළමණාකාරවරයා බෙදුම්කරුවන්ට දැනුම්දී ඇති බව ද බෙදුම්කරුවෝ කියති.
පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.
බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල
වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩ
බන්ධනාගාරයේ ඇතිව තිබෙන කලබලකාරී තත්ත්වය යටතේ රැඳවියන්ගේ කිසිදු ඥාතියකුට ඔවුන් බැලීම සඳහා අද (23) සිට නැවත දැනුම්දෙනතුරු නොපැමිණෙන්නැයි දැනුම් දීමක්
කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22) රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මහජන බැංකුව තෙල් සංස්ථාවේ ගිණුම අත්හිටුවයි
අරවින්ද මොණරවිල Wednesday, 15 February 2023 01:41 PM
මේක දැන් පිස්සුවක් වෙලා... රජයේ ආයතන කිසිම වගකීම් සහගතභාවයක් නැතිව තමන්ට හිතුණු හිතුණු ආකාරයට කටයුතු කරනවා. මේකට මුලාවෙලා තියෙන්නේ තමන්ට නැති බලයක් වෙනුවෙන් රාජ්‍ය සේවය අවභාවිතා කරන මුග්ධ පාලකයින්ගේ නරුම ක්‍රියාකාරකම්....!
චන්දන Wednesday, 15 February 2023 04:38 PM
ඇත්ත... ආණ්ඩුව, රජයේ ආයතන දෙකම එකයි. එකඑක්කෙනාට හිතන හිතන විදියට වැඩ කරනවා... සියලු ආයතන අයාලේ ගිහින්...
Malika Wednesday, 15 February 2023 01:41 PM
මොවුන්ගේ තියෙන්නේ කැකිල්ලේ නීති. මේවායින් මහජනතාව නේද අසීරුතාවයට ලක් වෙන්නේ...? දැන් නම් ලංකාව දිහා බලන දෙවි කෙනෙකුත් නැහැ වගේ.
Janaka dissanayaka Wednesday, 15 February 2023 09:23 PM
හොඳයි අපි මුන්වත් මරාගෙන අපිත් මැරෙමු .වෙන කරන්න දෙයක් නෑනේ