( තරිඳු ජයවර්ධන)
තම පෞද්ගලික ෆේස්බුක් පිටුවේ කවි ලියා පළ කළැයි චෝදනා එල්ල වි සිටි කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ තරුණ ගුරුවරයා වෙනත් පාසලකට ස්ථාන මාරු කර තිබේ.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ සේවයේ අවශ්‍යතා මත යැයි කියමින් ගුරුවරයා ස්ථාන මාරු කර තිබුණ ද ඇත්තටම සිදුවී ඇත්තේ පළි ගැනීමක් බවයි.
මේ පාසලේ පරිපාලනය ගැන අවස්ථා කිහිපයකදී අධ්‍යාපන ඇමැතිවරයාට පැමිණිලි කර ඇති බව ස්ටාලින් මහතා පවසයි.
ඒ සෑම අවස්ථාවකම ඇමතිවරයා කීවේ කිසි විටෙකත් පලිගැනීම් නොකරන බව යැයි ද ඒ මහතා කියයි.ඇමැතිවරයා එසේ කියා තිබිය දී මෙම ගුරුවරයා ස්ථාන මාරු කර තිබෙන බවත්, ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ස්ටාලින් මහතා ප්‍රකාශ කරයි.
මෙම ගුරුවරයා කුඩා කළ සිට කවි ලියා ඇති දක්ෂ ගුරුවරයකු වන අතර ඔහු ලියනා කවි සිය පෞද්ගලික ෆේස්බුක් පිටුවේ පළ කරයි. එම කවි අතර පාසල් පරිපාලනය විවේචනය කරන කවියක් ඇති බවට චෝදනා එල්ල වුවත් ඒ ගැන තිබූ විමර්ශනයේදී මෙය සම්පූර්ණයෙන් අසත්‍යක් බව ගුරුවරයා ප්‍රකාශ කර තිබිණි.
මේ ගැන විමසීමට අධ්‍යාපන ලේකම්වරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් අසාර්ථක විය.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මුහුණු පොතේ කවි ලිව් ගුරුවරයා මාරු
ජෝති Tuesday, 13 June 2017 08:10 AM
මාරූ කළ බලය මොන මට්ටමේ උවත්.. දන්නේ නැත රටක පවතින සිරිත් විරිත්.. සොයා ඉක්මනින් මෙය නිවරැදි නොකලොත්.. වැඩිවෙති මෙවැනි බල ඇත්තෝ තව තවත්....