(අනීෂා මානගේ)
කුඩාවැල්ල ධීවර වරායෙන් පිටත්ව ගිය බහුදින ධීවර යාත්‍රාවකින් හදිසියේ මුහුදට ඇද වැටීමෙන් මිය ගියැයි කියන තරුණයකුගේ සිරුර රාත්‍රියේ තංගල්ල ධීවර වරායට ගෙනා අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (21) තංගල්ල ධීවර වරායේදී සිදුකෙරිණි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි කවිඳු මිහිරංග නම් 21 හැවිරිදි දික්වැල්ල නගරයේ හෝටලයක හිමිකරුවකු බව පොලිසිය කියයි.
මිය ගිය තරුණයා ඉකුත් 7 වැනිදා ධීවරයන් පස් දෙනකු සමඟ කුඩාවැල්ල ධිවර වරායෙන් “තරුෂ පුතා 3” බහුදින ධිවර යාත්‍රාවෙන් පිටත්ව ගොස් ඇති අතර 17 වැනිදා අලුයම 4.00ට පමණ දැල් එලීමේදී එය පැටලීමෙන් මුහුදට වැටී ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.
යාපනය ගැඹුරු මුහුදේදී අනතුර සිදුව තිබූ අතර මුහුදට වැටුණු තරුණයා බේරා ගැනීමට තවත් තරුණයකු මුහුදට පැන්නද ඔහු බේරා ගැනීමට නොහැකි වී තිබේ.
මිය ගිය තරුණයාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (21) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් එල්.ටී.වරුසවිතාන මහතා විසින් තංගල්ල ධීවර වරායේදී සිදුකළේය.
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුහුදට වැටී මිය ගිය තරුණයාගේ සිරුර තංගල්ල ධීවර වරායට ගෙන එයි
wedage Friday, 21 August 2020 11:25 AM
මුහුදට තල්ලු කළා වෙන්න බැරිද?