IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


‘මුහුදින් එන අයට කිසිම බුරලක් නෑ‘

මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට යන ශ්‍රී ලාංකිකයනට තම පක්ෂයේ රජයක් යටතේ රැකවරණ නොදෙන බවත්, ඔවුන් නැවත හරවා එවන බවත් ඕස්ට්‍රේලියා විපක්ෂ නායිකා ජුලී බිනෙත් ත්‍රිකුණාමලයේ පුවත්පත් සාකච්ඡාවකදී කීවාය.
ඕස්ට්‍රේලියා රජය දැන් ක්‍රියාත්මක කරන්නේ ද මේ පිළිවෙතයි.

නැගෙනහිර පළාතේ සංවර්ධන වැඩ ගැන නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මොහාන් විජේවික්‍රම මහතා සමග පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය හමුවේ විපක්ෂ නායකවරිය එලෙස පැවසුවාය.



අදහස් (0)

‘මුහුදින් එන අයට කිසිම බුරලක් නෑ‘

පද්මා Thursday, 31 January 2013 08:27 AM

ඩයස් මහත්තයා මං එංගලන්තයට ආවෙ නිකං නෙවෙයි මගේ ගේ 83 දී පුච්චලා මඟේ තාත්තට කොල්ලුපිටියෙදී පණ පිටිං ගිනි තිබ්බ නිසා.. ඒකෙ අමාරුව තියෙන්නේ මට ඔබතුමාට නෙමෙයිනේ..!(නු)

:       0       0

ලියෝන් නිමල් Thursday, 31 January 2013 08:34 AM

83 බාල වැඩ කලේ අවස්ථාවාදීන් පිරිසක්.. මේකෙක් වැඩිපුරම හානි උනේ සිංහලයන්ට.. (නු)

:       0       0

සේනක Thursday, 31 January 2013 08:39 AM

මමත් එහෙම කෙනෙක් ගැනනම් අහලා නැහැ.. ඒ උනත් ජූලි බිෂොප් කියලා කෙනෙක් නම් ඉන්නවා.. එයා තමයි ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය විපක්ෂ නායකියාව.. ඒ කියන්නෙ ලිබරල් පක්ෂයේ නියෝජ්‍ය නායිකාව..!(නු)

:       0       0

කුමාර Thursday, 31 January 2013 01:49 PM

ඔය රට ලොකුයි නේ . යන්න ගිහින් එහෙනුත් පුලුවන්නම් කෑල්ලක් කඩා ගන්න බලන්න . (ස)

:       0       0

නිත්‍යා Friday, 01 February 2013 10:53 AM

ඒක හොඳයි (නි)

:       0       0

දිනිත් Thursday, 31 January 2013 09:14 AM

ජූලී බිෂොප් , නියොජ්‍ය විපක්‍ෂ නායිකා (ස)

:       0       0

ලලිත් කටාර් Thursday, 31 January 2013 09:29 AM

මොන තරම් සැප පහසුකම් තිබුණත් මොනවා හම්බ උනත් නීති විරෝදී දේ ඕනෙම නැහැ.. නීති කඩකරන අයට දැඩි දඩුවම් දිය යුතුයි..!(නු)

:       0       0

ලලිත් Thursday, 31 January 2013 09:31 AM

ඉසුරන්දි මොකද දෙබිඩි පිළිවෙතක් ?? හරියට නරියා මිදි ඇඹුලයි කිව් කතාව වගේ (ස)

:       0       0

සුදීර Thursday, 31 January 2013 10:58 AM

ලියෝන් මහත්තයා අවස්තාවාදීන් බාල වැඩ කරන කාලේ කවුරුවත් උද්ඝෝෂණයක්වත් කරලා විරෝධතාවයක් පැවැත්වුවෙ නැහැ..!(නු)

:       0       0

මධු Thursday, 31 January 2013 03:06 PM

වෙන පාරක් හොයාගන්න වෙයි වගේ. (නි)

:       0       0

ශීලා Thursday, 31 January 2013 11:00 AM

පර්ල් වරායට දාපු බෝම්බෙ ගැන හිරෝෂිමාවට බෝම්බ ගැන ලෝක යුද්දෙ ගැන ඇමරිකාව ජර්මනිය ජපානෙ සෑම වසරක් පාසා ඒ ඒ ආණ්ඩු සමාව අයදිනවා.. 83 ගැන කවුරුවත් කණගාටු උනේ නැහැ..!(නු)

:       0       0

නිමල් Thursday, 31 January 2013 11:02 AM

දාස මහත්තයෝ .. සිංහල අයත් දැන් දැන් දෙමළ නම් වලින් මෙහේ සරණාගත ආදාර පතනවා (ස)

:       0       0

රාණි Thursday, 31 January 2013 11:02 AM

සිංහල අයත් දෙමළ නම් වලින් පෙනී සිටිමින් සරණාගතයන් ලෙස රැකවරණ ඉල්ලනවා. බලන්නකෝ ඒකෙත් හැටි (ස)

:       0       0

සේන Thursday, 31 January 2013 11:04 AM

ලෝකයේ හුගක් රටවල් අතීතයේ වුණ සිදුවීම් වලින් පාඩම් ඉගෙනගත්තත් ලංකාවේ නම් එහෙම කරන බවක් පෙනෙන්න නැහැ. (නි)

:       0       0

ශිලා Thursday, 31 January 2013 11:09 AM

දන දැනත් අමාරුවේ වැටෙන්නේ ඇයි (දී)

:       0       0

ඩයස් Thursday, 31 January 2013 03:32 PM

පද්මා, ජාති බේදයක් අද අපේ රටේ නැහැ. ඒවා ඇති කළේ අන්තවාදි කොටස්. ඒ අය එංගලන්තයෙත් ඉන්නවා,ලංකාවෙත් ඉන්නවා,ලෝකයෙ අනෙක් රටවලත් ඉන්නවා. ඒ අයගෙන් දමිළ ජනතාව බේරාගෙන නියම මාර්ගයේ ගෙනයාම ඔයාගෙත් වගකීම පද්මා. ඔයාගෙත් මගෙත් මේ පුංචි රට රැකගැනිම අපි දෙන්නාගෙම යුතුකමක්. ඔයාගේ යාලුවන්ටත් මේ පණිවිඩය දෙන්න. අපි එකම ජාතියයි. ඒ ශ්‍රී ලාංකිකයොයි. (නි)

:       0       0

පිටිගල Wednesday, 30 January 2013 08:42 PM

ඉදිරියේදීත් මෙලෙසම නීති දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි. (නි)

:       0       0

ගාමිණී Wednesday, 30 January 2013 09:27 PM

එහෙනම් අපි ගුවනින් එන්නන්කෝ. (නි)

:       0       0

සදුන් Wednesday, 30 January 2013 09:50 PM

ස්තූතියි. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 30 January 2013 09:53 PM

අයියෝ අපි හිතුවා චාන්ස් එකක් ලැබෙයි කියලා (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 30 January 2013 09:55 PM

මමනම් හොරෙන් තියා නියම විදියටවත් මුහුදෙන් කොහෙටවත් යන්නේ නෑ. නිකන් මොකටද ඉල්ලන් කන්නේ (ස)

:       0       0

රුපා Thursday, 31 January 2013 12:13 PM

මේ නීති හැමදම පවතින්න ඕනේ (දී)

:       0       0

නිමල් Thursday, 31 January 2013 12:14 PM

එක හැමෝගෙම ආරක්ෂාවට හොදයි (දී)

:       0       0

පාර්වතී Thursday, 31 January 2013 12:18 PM

අතුල මහත්තයෝ, විජය රජතුමත් මුහුදෙන් ඇවිත් තමයි ලංකාවම අල්ල ගත්තේ (ස)

:       0       0

චරිත් Thursday, 31 January 2013 12:18 PM

කොහොමත් බුරුලක් දෙන්නත් එපා, අල්ලලා මෙහෙට එවන්නත් එපා. මේ රටට ලොකුම පිලිල තමයි ඔය බෝට්ටු වලින් එන්නේ ඔහෙට. ඔහෙත් විනශ කරලා කාලා දායි මෙයාලා. ඒක නිසා අල්ලන්න එපා පුලුවන්නම් ගිල්ලලා දාන්න...එතකොට ඔය පිලිල මේ ලස්සන රටට නැතිවෙයි (ස)

:       0       0

නිමල් Thursday, 31 January 2013 12:23 PM

අපිටත් කවදාහරි අපේ වැදි ජනතාව මෙහෙම කියයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

අතුල Wednesday, 30 January 2013 11:38 PM

මෙයාලා දැන් මෙහෙම කියනවා . හොර සුද්දො ගිහින් රටවල් අල්ල ගත්ත එකට මොකද කියන්නේ (ස)

:       0       0

බන්දුල Wednesday, 30 January 2013 11:41 PM

ඒ වුණාට මේ ගොල්ලොත් ඒ කාලේ යුරෝපයේ සිට ඔහේට ආවේ මුහුදෙන් නේද? (නි)

:       0       0

වජිර Thursday, 31 January 2013 12:47 AM

මොන ප්‍රශ්න තිබුණත් තමන්ගේ රටින් පිටතදී වුණත් රට වෙනුවෙන් කතා කිරීම අනෙක් අයටත් හොද ආදර්ශයක්. (නි)

:       0       0

ඩයස් Thursday, 31 January 2013 02:24 AM

අනිවාර්යෙන්ම වියයුතු දෙයකි. කලින් විදේශ රටවල රැකවරණය පතාගියවුන් අප රටේ ජීවත් වෙන්න බැහැ කියලා බොරු දේශපාලන රැකවරණ ලබාගත් අයයි. නිවාස, නොමිලේ දීමනාවල්, දරුවන්ට අධ්‍යාපනය, දරුවන් ප්‍රමාණය අනුව දීමනාවල් වල වැඩිවීම ආදී නොයෙකුත් ප්‍රතිලාභ ලැබුවෝ වෙති. නමුත් පවතින රජයට අප ගරු කළයුත්තේ පොදු සතුරාවන ප්‍රභාකරන්ගෙන් රට බේරාගත් නිසාවෙනි. වෙනත් දේශපාලන පක්ෂ, රජයවල් වලටත් වුවමනා වුණත් විදේශ බලවේග හමුවේ දණ ගැසූහ. සාම ගිවිසුම් වලට අප රට බලෙන් ඇතුලු කළහ. ආයුධ නැවු ගණන් ලංකාවට ඒ කාලයේ ගොඩබෑවේය. නියම පරම සත්‍ය එයයි. ත්‍රස්තවාදයෙන් තොර රටක ජනතාවට දේශපාලන රැකවරණ පැතිය නොහැක. අපේ පුංචි මුතු ඇටය වෙනුවෙන් එදත් අදත් හෙටත් අපි කැපවී සිටිමු. අපේ දහදියෙන් එවන රන් කහවනු අපේ රටට හොද අනාගතයක් වේවායි අපගේ අහිංසක පැතුමයි. (නි)

:       0       0

ඇබෝ Thursday, 31 January 2013 03:49 AM

කවුද මේ ජුලී බිනෙත්? අදමයි ඇහුවෙත්. ඕස්ට්‍රේලියා විපක්ෂ නායකයා නම් ටෝනි ඇබට්. (නි)

:       0       0

මොරිල් Thursday, 31 January 2013 01:12 PM

පාර්වතී ඔයා කියන්නේ සිංහල අයත් බෝට්ටු වලින් ආපු අය කියලද ?? මමනම් ඕවා දන්නේ නෑ සිංහලයෝ සිංහයෝ.... (ස)

:       0       0

මාලා Thursday, 31 January 2013 08:17 AM

ටික දවසකට කලින් ඕස්ට්‍රේලියා ආණ්ඩුවෙන් නියෝගයක් ගෙන ආවා. ඒකේ තියෙන දේමයි විපක්ෂයත් කියන්නේ....අපේ අය නම් එහෙම කරයිද ? (ස)

:       0       0

චූලා Thursday, 31 January 2013 08:17 AM

ඒ රාටේ ආණ්ඩුවෙන් කියන දේම තමයි විපක්ෂය කියන්නෙත්. කොහොමද සමගිය (ස)

:       0       0

රානි Thursday, 31 January 2013 08:18 AM

මිනිසුනේ කොටි යුරෝපෙ රුකවරණ ලැබිච්ච එක ගැන අද අපි කතාකරන්නේ අපේ රටේ 83 සිදුවූ දේවල් නිසා එවන් දේ නැවත සිදුනොවීමට වග බලා ගමු..!(නු)

:       0       0

රීටා Thursday, 31 January 2013 08:24 AM

මේ දේශප්‍රේමීන් 83 දී දෙමල සංහාරයක නොකරානම් ඔය රටවල් අද මේ තරම් අපට කෙනෙහිලිකම් නොකරනු ඇත. අනාගතේ මෙවන් දේ නොවීමට වග බලා ගැනීම අපේ යුතුකමයි..!(නු)

:       0       0

සකීර් Thursday, 31 January 2013 08:23 AM

දාස මහත්තයෝ ඔබ කියන දේ ඇත්ත. ඒත් 83 දි අපිත් කරේ සවුත්තු වැඩක් නේද ? (ස)

:       0       0

සුධීර Thursday, 31 January 2013 08:26 AM

දමිලයන් ලංකාව හඅරදා යුරෝපයට පලාගෙස් බොරු කීම ගැන ඔයාලා අකමැති උනාත් 83 සංහාරයක් නොවුනනම් එයාලට යුරෝපෙ දොරවල් අදටත් වැහිලා..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 102 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 83 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 1744 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4658 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 3432 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 3530 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38970 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25532 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1044 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site