IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මහැදුරු තිස්ස ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

 විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ කීර්තිමත් විද්වතකු, භාෂා පඬිවරයකු හා වාග්විද්‍යාඥයකු වූ මහාචාර්ය තිස්ස ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත විය.

ජයවර්ධන මහතාගේ දේහය   මහජන ගෞරවය සඳහා කළුබෝවිල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර  අවසන් කටයුතු ලබන තුන් වැනි දා, බ්‍රහස්පතින්දා පෙරවරු 10.00 ට කොහුවල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

1939 කෑගල්ල, පනාන ග්‍රාමයේ උපත ලද ජයවර්ධන මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාත්‍රවේදී උපාධිය දිනා ගෙන ලන්ඩන් විශ්ව විද්‍යාලයානුබද්ධ පෙරදිග හා අප්‍රිකානු අධ්‍යයන ආයතනයෙහි වාග් විද්‍යාව පිළිබඳ  පර්යේෂණ පවත්වා ලන්ඩන් විශ්ව විද්‍යාලයයෙන් ආචාර්ය උපාධිය දිනා ගත්තේය.

1966 දී කොළඹ විශ්ව විද්‍යාලයයේ සිංහල අධ්‍යයන අංශයේ ආචාර්ය මණ්ඩලයට එක් වූ තිස්ස ජයවර්ධන මහතා කලක් කැලණිය විශ්ව විද්‍යාලයයේත් , නැවත කොළඹ විශ්වවිද්‍යාලයයේත් දීර්ඝ කාලයක් සේවය කළේ ය. 

කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කොතලාවල ආරක‍ෂක විශ්වවිද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාල ගණනාවක බාහිර ආචාර්යවරයකු ලෙස සේවය කළ මහාචාර්ය ජයවර්ධන මහතා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක ම අධ්‍යයන හා ඇගයීම් කටයුතු සඳහා ස්වකීය ශාස්ත්‍රීය දායකත්වය ලබා දුන්නේ ය.

පරිවර්තන ක්‍රමවේද පිළිබඳව ද ප්‍රාමාණික විද්වතකු වූ ඒ මහතා රාජ්‍ය සාහිත්‍ය සම්මාන ඇගයීම් මණ්ඩල සාමාජිකයකු ලෙස ද කටයුතු කළේ ය. මහාචාර්ය ජයවර්ධන මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ පාලක සභා සාමාජිකයෙක් ද විය.

Prof.-Thissa-Jayawardena



අදහස් (0)

මහැදුරු තිස්ස ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

කරූ Monday, 30 November 2015 12:34 PM

ඇදුරුතුමනි, ඔබ වන් ගුරු උතුමන් ඉතා විරලයි. ඔබ තුමන්ගේ අතිවිශිෂ්ට දැනුම් සම්භාරය අප හට නොමසුරුව බෙදා දුන්නෙහිය. ඔබතුමන් ගේ නිරහංකාර බව, ලබැඳි සිනහව අපට කිසිදා අමතක නොවේ. ඔබතුමාට නිවන් සුව.! (ර)

:       0       1

සේන Monday, 30 November 2015 12:52 PM

සරල වුද, සුන්දර වුද මහා විදග්ධයාණනි, සුවහසක් මෙරට අහිංසක දුවා දරුවන්ගේ නැණ පහන් දල්වා සිරි ලක ඒකාලෝක කරලීමට යළිත් අප අතරටම පිය මං කරනු මැනවි.! අපේ පරම පැතුම එයයි. (ර)

:       0       1

උපාලි සෝමසිරි Tuesday, 01 December 2015 03:31 AM

මමද එතුමාගේ ශිෂ්‍යයෙක් වන අතර කරු සහ සේනගේ අදහස් වලට එකඟවෙමි. එතුමාට අමාමහ නිර්වාණ සම්පත්තිය ලැබීමට හේතු වාසනා වේවා! (නි)

:       0       1

ජැක්සන් Tuesday, 01 December 2015 03:56 AM

රටේ ජනතාව කරළියේ රඟන පුහු දේශපාලුවන් දෙස බලා සිටියත්, මෙවන් පඬිවරු නිහඬව කළ හා කරන සේවය පිළිබඳව අන්ධව සිටීම ඛේදජනකයි. (නි)

:       0       1

සුසන්ත සේනාධිලංකාර Tuesday, 01 December 2015 04:28 AM

කොළඹ විශ්ව විද්‍යාලයේ සිටි සරල ජීවිතයක් ගත කළ, ශිෂ්‍යයන්ට ඉතා සමීපව මැනවින් අධ්‍යාපනය ලබාදෙන ලද උත්තමයෙකි. ඔබතුමාට නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමි! (නි)

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 584 0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 76 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 474 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


ඡන්දෙ දාන්න ගමේ ගියත් වැඩට එන්න බස් නෑ
2024 සැප්තැම්බර් මස 23 280 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප


අනුරගෙන් හිස් වූ පුටුවට නිපුණාරච්චි
2024 සැප්තැම්බර් මස 23 997 0

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්


ශ්‍රි ලංකාවේ ගමනට සහය දෙන්න ලෑස්තියි
2024 සැප්තැම්බර් මස 23 950 1

ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21645 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21318 7



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 115 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 333 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 170 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site