IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


මහදුරු පුතා මහනුවර වැසිකිළියේ මැරිලා

පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ඉතිහාසය මහාචාර්ය මහින්ද සෝමතිලකගේ පුත් සූධීර සෝමතිලක (18) මහනුවර පෞද්ගලික අධ්‍යාපන ආයතනයක වැසිකිළියක මියගොස් සිටි බව මහනුවර පොලිසිය කියයි. මහනුවර සිල්වෙස්ටර් විදුහලේ උසස් පෙළ උගෙන ගත් ඔහුගේ මරණ පරීක්ෂණය අද පැවැත්වේ. සිරුර අසල භුමිතෙල් බඳුනක් හා ගිනිපෙට්ටියක් තුබූ බව පොලිසිය කියයි.



අදහස් (0)

මහදුරු පුතා මහනුවර වැසිකිළියේ මැරිලා

රාමල් Tuesday, 04 September 2012 03:35 PM

කමල් ලංකාවට ගියොත් නරකද?(නු)

:       0       0

රනිල් Tuesday, 04 September 2012 03:30 PM

කමල් පරණ විදියට හැදෙන්න කිව්වොත් වෙන්නෙ ඔයා ගියාවගේ රට යන එකනෙ....!!(නු)

:       0       0

අහිංසා Tuesday, 04 September 2012 03:39 PM

කව්රු හරි ඝාතනය කරලා වැසිකිලියේ දමන්න ඇති නොමග යැවීම සඳහා ලාම්පුතෙල් ගිනිපෙට්ටි තියන්න ඇති දැන් උපකාරක පන්ති වලට එන්නේ මැරයන්ගේ ළමයි එම ළමයි මිනිසුන් මැරීමට උනත් පසුබට නොවෙති . සමහර ළමයි ගිනි අවි ද රැගෙන එති..මෙයයි වත්මන් තත්වය...(ස)

:       0       0

සශීමාල් Tuesday, 04 September 2012 03:52 PM

කැම්පස් වල ගුරුවරු ස්ට්‍රයික් කරාට එයාලගේ ළමයි යන්නේ ප්‍රයිවට් ඒවට වගේ..කොහොම උනත් මැරිච්ච දරුව ගැන නම් දුකයි....(ස)‍

:       0       0

ලාල් Tuesday, 04 September 2012 04:00 PM

කමල් ගේ රට යාම ගැන නොහිතා ඔහු කියන දේ ගැන හිතන්න..(ස)

:       0       0

සජී Tuesday, 04 September 2012 04:19 PM

මිනිස්සු මරලා, මරණව දැකල, දැන් මේවා සාමාන්‍ය දේවල් වෙලා...(ස)

:       0       0

සිඩ්නි Wednesday, 05 September 2012 07:47 AM

සූදුරු පුතාලා, කොත්තමල්ලි පුතාලා එහෙම නැද්ද? (නි)

:       0       0

ෂානි Sunday, 09 September 2012 12:56 AM

ඇයි අපිට මේ වගේ කතා අහන්න ලැබෙන්නේ? (නි)

:       0       0

කනිෂ්ක Tuesday, 04 September 2012 05:15 PM

සශීමාල්, මහනුවර සිල්වෙස්ටර් විදුහල කවදද පුද්ගලික පාසලක් වුණේ? නිකරුනේ සරසවි ඇදුරන්ට මඩ ගහන්න එපා. (නි)

:       0       0

ඉන්දු Wednesday, 05 September 2012 02:42 PM

මොනාව වුණත් රට නම් දැන් ඉවරයි (නි)

:       0       0

වසන්ති Wednesday, 05 September 2012 02:45 PM

මේ මරණය ඉතා කණගාටුදායකයි (නි)

:       0       0

කමල් Tuesday, 04 September 2012 06:08 PM

ලංකාව ගැන තියෙන හිතේ වේදනාවට ලිවුවේ. රට ඉන්නේ ලංකාවේ ඉන්න බැරි නිසා නෙවෙයි .ලංකාවේ ජීවත් වෙන්න බැරි නිසා. හැම මොහොතකම අපි රට ගැන සෙවිල්ලෙන් ඉන්නේ.ඔයාල දන්නේ නැතුවට ලෝකේ ඉන්න එකම ජාතිය අපි වෙන්න ඕනෑ අපේ මවුබිම ගැන නිතර සැළකිල්ලෙන් ඉන්න.අපිත් එක්ක වැඩ කරන අනිත් රට වල අය කිසිම දාක තමන්ගේ රටවල මොනවද වෙන්නේ කියල හොයන්නේ නැහැ.මැරිච්ච සහෝදරයාගෙන් මේ ප්‍රශ්නේ ඉවරවෙන්නේ නැහැ .අපේ රටේ 99% ක්ම මානසිකව කඩන් වැටිච්ච අය ඉන්නේ.මට කියන්න ඕනෑ අපි එහෙම ඉන්න ඕනෑ ජාතියක් නෙවෙයි .අපිට අපිටම කියල ක්‍රමයක් තිබුණා.අද ඒක නැතිකරලා.ඒක නැවත ඇතිකරන්න බැරි නැහැ .එම අවබෝධය මුලිකව බුදුදහමින් ලබාගත්ත දෙයක්. (නි)

:       0       0

ඉන්දු Wednesday, 05 September 2012 02:47 PM

ශෝචනීය පුවතක් (නි)

:       0       0

ස්ටැල්ක් Tuesday, 04 September 2012 06:35 PM

සශීමාල් හිතන්නේ සිංහල නොවන නම් තියෙන ඉස්කෝල ඔක්කොම පෞද්ගලික පාසල් කියල ද ? ඔයා ඉගන ගත්තේ මොන පාසලේ ද ?(ස)

:       0       0

සිරි Saturday, 08 September 2012 02:09 PM

‍ලෝකයේ (අ)මනුෂ්‍යයන් සිටින තවත් රටවල් තියෙනවා - (http://www.youtube.com/watch?v=Wgs2ntSatik ) (ස)

:       0       0

අමිල කටුනායක Tuesday, 04 September 2012 07:01 PM

මමත් ලංකාසිරිට එකගයි. (නි)

:       0       0

චලින්ද Tuesday, 04 September 2012 07:14 PM

සිල්වෙස්ටර් කියන්නේ නුවර තියෙන පොඩි රජයේ පාසලක්....!!(නු)

:       0       0

නිශාමාලි Saturday, 08 September 2012 03:57 PM

දරුවන්ට ලොක්කෝ වෙන්න නෙමෙයි පොළවේ පය ගහලා ඉන්නයි උගන්නන්න ඕන.....(ස)

:       0       0

මාටින් Monday, 10 September 2012 04:00 PM

කමල්, ඉතිං ඔයත් එන්නකෝ ලංකාවට. ඔයා මුලින්ම රට ගියහම ඔය කියන ලෝකය හදන්නේ කවුද? (නි)

:       0       0

නිසල් Tuesday, 04 September 2012 09:06 PM

සරසවි ඇදුරෝ ස්ට්‍රයික් කර නිසා කවුරු හරි මේ දේ කරවන්න ඇති...(ස)

:       0       0

ගයා Tuesday, 04 September 2012 09:13 PM

කොල්ලගේ මෝඩ කමට ඉස්කෝලේවත් මහාචාර්‍ය වරයාවත් පටලවා ගන්න එපා..(ස)

:       0       0

චරිත Wednesday, 05 September 2012 11:21 AM

චලින්ද ඔයා දන්නෙ නැති දේවල් වලට කට නොදා ඉන්නවද...(ස)

:       0       0

චානක Tuesday, 04 September 2012 09:47 PM

කණගාටුයි! (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 04 September 2012 02:04 PM

ඇයි අපිට හැමදාමත් මෙහෙම දුක හිතෙන මරණ ගැන අහන්න ලැබෙන්නේ...(ස)

:       0       0

ප්‍රසාද් Tuesday, 04 September 2012 02:32 PM

ඉතාම කණගාටුදායක සිදුවීමක්..!!(නු)

:       0       0

දයා සෞදි Tuesday, 04 September 2012 02:27 PM

දිසාපාමොක් වන් ඇදුරෙකුගේ දරුවෙක් මෙවන් ඉරණමකට ගොදුරුවීම අතිශය කණගාටුයි..!!(නු)

:       0       0

ලංකාසිරි Tuesday, 04 September 2012 02:29 PM

මේ වයස දරුවන්ට හරි හැටි දුක දරාගන්න බැරි වසයක්.. ජීවිතය නැති කරගන්න ඒවාට මුහුණ දෙන්න තරම් හිත් ලාමක වැඩියි.. දෙමාපියන් ළමුන්ට වඩාත් ළං විය යුතුයි මේ වගේ අවස්ථාවලදී..!

:       0       0

රන්දික කොඩිකාර Tuesday, 04 September 2012 02:36 PM

ගිනිතියාගන්න එක වලක්වන්න මැරුවද දන්නෙ නැහැ..!!(නු)

:       0       0

වරුණ Tuesday, 04 September 2012 02:50 PM

මොනවද ලංකාවට වෙන්නේ... මේකද මේ කියන ආශ්චර්‍යය ?.(ස)

:       0       0

නිලන්ත Saturday, 08 September 2012 09:48 AM

ස්ට්‍රයික් එකේ ප්‍රථිඑලයක් වගේ පේන්නේ..(ස)

:       0       0

සමන් Wednesday, 05 September 2012 01:27 AM

සශීමාල්, දන්න දෙයක් කතා කරන්න. සිල්වෙස්ටර් කියන්නේ රජයේ පාසලක්. කැම්පස් ගුරුවරු ස්ට්‍රයික් කරලා නිදහස් අධ්‍යාපනය රැකගන්න හදනවා. එහෙම නොවුණා නම් ඔයාට නම් වෙන්නේ දරුව ප්‍රයිවට් පාසලකට දාන්න තමයි. (නි)

:       0       0

කමල් Tuesday, 04 September 2012 03:18 PM

ලංකාවට ඕනේ අද සිංගප්පූරුවක් වෙලා හෙට ඇමෙරිකාව වෙන්න.නමුත් මේ ක්‍රමේ අපිට ගැලපෙන්නේ නෑ .අපි අවුරුදු දහස් ගණනක් ජීවත් වෙච්ච ක්‍රමයක් තිබුණා.එක හරිම සැහැල්ලු දහමින් පිරිපුන් සමාජ ක්‍රමයක්.අද පාලකයෝ ඒවා ගැන හිතන්නේ නෑ.මම ජීවත් වෙන්නේ පිටරටක.සංවර්දනය දියුණුව කියන්නේ මොකක්ද ?මේ ක්‍රමේට යන්න ගිහින් අද යුරෝපයේ රටවල් ආර්ථික අතින් කඩා වැටිලා ඉවරයි .අඑත් පුදුමේ ඒවා දැක දැක අපේ පලකයොත් අපේ ජනතාව එතනට දක්කාගෙන යන එක?අපිට පුළුවන් වෙන්න අපේ මුතුන් මිත්ටන් ආර්ථික සමාජීය සහජීවනයෙන් ජීවත් උනේ කොහොමද කියල හොයල බලල ඒ අනුව අපේ දරුවන්ට ජීවත් වෙන්න උගන්වන්න.එහෙම නැතුව බටහිර රටක් වෙන්න යන එක නෙමෙයි විය යුතු...(ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Tuesday, 04 September 2012 03:20 PM

අනේ රත්තරන් පුතේ මොනවද මේ කර ගත්තේ..අකල‍ට වියෝ නොම වේවා.. දා සමිදු වැඩ ඉන්න සිරිලක් බිමේ ඇයි මෙහෙම සිදු වන්නේ කඳ සුරිඳුනේ...(ස)

:       0       0

සමන්ත Wednesday, 05 September 2012 02:38 AM

නපුරු කලට සත හට පැමිණෙන විපත.. (නි)

:       0       0

රාජා සෞදි Tuesday, 04 September 2012 03:26 PM

අපේ රටට මොනව වෙලාද කියල හිතාගන්නවත් බැහැ. හැමදාම ඉතාම කනගාටුදායක මොනව හරි අහන්න තියෙනව. දරුවන් ගැන හැම වෙලේම සංවේදීව හිතන්න ඕනෙ. මගේ බලවත් කනගාටුව පවුලේ අයට දන්වන්න කැමතියි.(නු)

:       0       0

ලුම්බිණි Tuesday, 04 September 2012 03:33 PM

හැබැයි කමල් ඔයා අපට ඔහොම කිව්වට ඉන්නේ පිටරට නේද? (නු)

:       0       0

චරිත Wednesday, 05 September 2012 01:12 PM

ගයා, ඔබ තේරුම්ගත යුතුයි. දෙමවුපියන්, ගුරුවරුන් සහ අනෙක් අය මොනවා කරන්නද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1310 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


සංවර්ධන වැඩවල වගකීම රාජ්‍ය නිලධාරීනුත් ගත යුතුයි
2024 ඔක්තෝබර් මස 11 116 0

මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 801 1

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
2024 ඔක්තෝබර් මස 11 1123 0

රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ


රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි
2024 ඔක්තෝබර් මස 11 313 0

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 675 1

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39943 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25922 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 207 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 400 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1288 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site