IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මුහුදු කොටි කතට ඇප

කොටි සංවිධානයේ ප්‍රධාන අවි සැපයුම්කරු වූ කුමරන් පද්මනාදන් හෙවත් කේ පී ගේ මූල්‍ය සහකරු හා සමීපතමයකු වූ සුබ්‍රමනියම් ජයගනීෂ්ගේ බිරිය පහිරානි මුරුගේසු රුපියල් දෙලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කළාය.

සිය අට හැවිරිදි දියණිය සමඟ ප්‍රංශය බලා යෑමට කටුනායක ගුවන් තොටට පැමිණ සිටිය දී පසුගිය මාර්තු දෙවැනි දා ඇය අත්අඩංගුයට ගනු ලැබීය.

බ්‍රහස්පතින්දා වන තුරු ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවාගෙන සිටි ඇය පවසා ඇත්තේ තමා කොටි සංවිධානයෙන් පුහුණුව ලැබූ බවයි.

යුද්ධය අවසන්වන තුරු මුහුදු කොටි කතක සේ සේවය කළ බව ද ඇය කියා ඇත.

පොලිසිය අධිකරණයට දැන්වූයේ ඇය  කොටි සංවිධානය අන්තර්ජාතික වශයෙන් යලි පණගැන්වීමට ක්‍රියා කරන බවයි.

ඇගේ ගුවන් බලපත්‍රය ද තහනම් කැරිණි.

මාර්තු 17 වැනි දා තෙක් පැමිණිල්ල කල් තැබිණි.

 



අදහස් (0)

මුහුදු කොටි කතට ඇප

ජානක Saturday, 14 March 2015 12:49 PM

අපි බලාපොරොත්තු උන මෛත්‍රී පාලනය මේක නෙමෙයි. අතීතය අපිට පාඩම් ගොඩක් කියල දීල තියෙනවා. පරිස්සමෙන් ගනු දෙනු කරන්න අපි දැනගන්න ඕනා. (නදී)

:       0       0

සන්වන්නි Saturday, 14 March 2015 03:30 PM

මේ රට තුල තිස් වසරක් ජාතිවාදී යුද්ධයක් පැවති බවවත් සමහරුන්ට මතක නෑ. ඒ යුද්ධය අවසන් කළේ කවුරුන් උනත් යළිත් එවැන්නක් ඇතිවීමට ඇති සියළු අවකාශයන් අහුරා දැමීම පාලකයින්ගේ වගකීමක්. කවුරු හරි කියනවා නම් සිංහලයා ජාතිවාදී කියලා ඌ පිස්සෙක්. අනෙකුත් ජාති හා ආගම්වාදීන් සිංහලයාට එරෙහිවීමයි අපේ රටේ ඇති ගැටළුව. ඊට විසඳුම බෙල්ලේ වැල ලා ගැනීම නම් නොවෙයි. සිංහලයා හා බෞද්ධයා මේ රටේ මහ ජාතිය හා මහා ආගමිකයින් බව පිළිගෙන සමගියෙන් ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් මේ රටේ තියනවා. වෙනත් රටවල වගේ බෞද්ධයා කවදාවත් කෝප කිරීමකින් තොරව කිසිවෙකුට ආගම්වාදීව හෝ ජාතිවාදීව හිංසා කර නෑ. ජාති හෝ ආගම්වාදී අරගලවල පළමු ගල සිංහලයා හෝ බෞද්ධයා එල්ල කර නැති බව ඉතිහාසය විමසීමෙන් දැනගත හැකියි. (නදී)

:       0       0

අබේරත්න ටෝකියෝ Saturday, 14 March 2015 04:50 PM

යහ පාලනය දෝරේ ගලනවා. (නදී)

:       0       0

සමන් Saturday, 14 March 2015 05:36 PM

බලාගෙන හිටපල්ලා ඊළඟ නඩු වාරෙට එනකම්. මෙලහටත් ප්‍රන්සේට පැනල ඇති. (නදී)

:       0       0

සහන් Sunday, 15 March 2015 02:28 AM

යහපාලනය ගැන කියවන කට්ටිය ඡන්දෙවත් දුන්නද දන්නේ නැහැ. නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා දැන්. (නදී)

:       0       0

ඉන්දික Friday, 13 March 2015 11:14 AM

නියම යහපාලනය! කොටින්ට ඇප. ගෝඨාභය රිමාන්ඩ් (උත්සාහය) !! (ම)

:       0       0

රණසිංහ Friday, 13 March 2015 11:28 AM

ඔන්න යහපාලනය.(හේ)

:       0       0

නාමල් Friday, 13 March 2015 11:45 AM

‍ගෝ‍ඨා‍භ‍ය ‍වණත්‍ ‍ඉ‍තින්‍ ‍වැ‍ර‍දික‍ර‍ල ‍ති‍ය‍න‍ව ‍නම්‍ ‍ඉ‍තින්‍ ‍ නී‍තිය ක්‍රි‍යාත්‍‍ම‍ක ‍වෙන්‍‍න ‍ඕ‍නනෙ. ‍මෙ‍යා ‍කො‍හො‍මත්‍ ‍අල්‍‍ල‍ගත්‍‍ත්‍රස්‍‍ථ ‍වි‍මර්‍ශ‍න ‍අං‍‍ශ‍යෙන්‍ ‍මේ ‍ළ‍ග‍දි‍නේ. ‍ග‍මන්‍ ‍බ‍ල‍පත්‍ර‍ය ‍ත‍හ‍නම්‍ ‍ක‍ර‍ල ‍ති‍යන්‍‍නෙ. ‍ම‍ම ‍හි‍තන්‍‍නෙ ‍මේ ‍ඇ‍ති, (අ)

:       0       0

රොහාන් Saturday, 14 March 2015 06:03 AM

නිපුන නියම කතාව. එ්ක තම මේ බයිලා ගහන කට්ටිය, කඩේ යන කට්ටිය කරන්න ඕනේ. නීති සහ දේශපාලනේ කියන්නේ දෙකක් මේක පටලවගෙන දගලන්නේ හිටපු ලොක්කට කඩේ යන්න අය.(නදී)

:       0       0

නාමල් Friday, 13 March 2015 01:20 PM

රටේ සිදුවන සමහර සිදුවීම් යහපාලනය හෝ මොනම පාලනයක් යටතේවත් අපි බලාපොරොත්තු නොවූ දේවල් (නදී)

:       0       0

චමත් Friday, 13 March 2015 01:50 PM

ජනතාව නව රජයක් ගෙනැල්ලා බලාපොරොත්තු වුන දේවල් නෙවෙයි මේ සිද්ධ වෙන්නේ.(හේ)

:       0       0

දහම් Friday, 13 March 2015 01:52 PM

කොටියට පණ දෙන එකද මේ යහපාලනය කියන්නේ (දිල්)

:       0       0

මාධව Friday, 13 March 2015 03:31 PM

මොකද මේ වෙන්නේ.(හේ)

:       0       0

නිලුපුල් Friday, 13 March 2015 03:34 PM

වීසා අවලංගු කලාට පස්සේ මෙහෙම ඉඳගෙන රට කයි.(හේ)

:       0       0

රූපස් පෙරේරා Saturday, 14 March 2015 11:03 AM

සමහර මෝඩ අය හැම එකටම දේශපාලනය ගාවගන්නේ මොකද ? (නදී)

:       0       0

නිපුන් Friday, 13 March 2015 04:18 PM

ඇපදුන්නේ අධිකරණයෙන්. ඒකට දේශපාලන සම්බන්ධයක් නැහැ. කාටහරි මෙයාට ඇප ලැබුනු එක ගැන විරෝධයක් තිබෙනවා නම් නීතීඥයෙක් එක්ක ඇවිල්ලා උසාවියේ මෝසමක් දාන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 27 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 261 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 432 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 504 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 304 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 170 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38188 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25143 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 829 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site