(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ භාවිතය සඳහා ආදේශක ඩෝනියර්-228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව වෙත නිල වශයෙන් බාරදීම අද(15) සිදු කෙරිණි. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක පැවති උත්සවයකදී ගුවන් යානය බාර දුන්නේය.
ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය වාර්ෂික නඩත්තු සේවා කටයුතු සඳහා ඉන්දියාවට පිටත් කර හැරීම නිසා ඒ වෙනුවෙන් අනුයුක්ත කරනු ලැබූ ඩෝනියර් සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය මෙලෙස ලංකාවට බාර දුන් බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඉන්දියානු නාවික හමුදාවට අයත් ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය වසර දෙකක කාලයක් සඳහා 2022 අගෝස්තු 15 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බාර දී තිබිණි.
එම සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය වසරක කාලයක් සක්‍රීය සේවයේ යෙදෙමින් සුවිශේෂී සේවාවක් ඉටු කරනු ලැබූ අතර එම ගුවන් යානයේ වාර්ෂික අනිවාර්ය නඩත්තු සේවා කටයුතු සඳහා ඉන්දියාව වෙත යැවීමට කටයුතු කෙරිණි.
උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවැසූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පසුගිය ඉන්දීය නිල සංචාරය සමඟ ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් වූ බවත් ඉදිරියේ දී දෙරට වඩා පුළුල් සහයෝගයකින් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත්ය. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහත්වරු ඇතුළු ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූපය:- ඩෝනියර්-228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය ශ්‍රී ලංකාවට ලබාදුන් අවස්ථාව.ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක,ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහත්වරුද මෙහි සිටිති.
ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට ජනතාවට ලබාදීමේ රජයේ වැඩපිළිවෙල අනුව දිවයින පුරා ඔසුසල් ජාලාවක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලි
ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100
පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි නම් සහල් අලෙවිය වර්ජනය කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග සහ සිල්ලර වෙළඳ සංගමය පවසයි.
රජය විසින් වැඩි කරන ලද පොහොර සහනාධාරය අද සිට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ආන්දෝලනයට තුඩු තුන් 2024 පහ වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය යළි නොපැවැත්වීමට තීරණ කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකු මඩොල්සිම පුංචිලෝකාන්තය අසල ට රැගෙන ගොස් පහරදී සිරුර මඩොල්සිම පුංචිලෝකාන්තයේ ප්‍රපාතයට ඇද විසිකර දෑමූ බව ක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මුහුද නිරීක්ෂණයට අලුත් ගුවන් යානයක්
කිරිපුතා Wednesday, 16 August 2023 11:09 PM
ඉන්දියාව නම් ගාණකට තියාගන්න ඕන රටක්. නැත්නම් පස්සෙ මළ වාතයක් වෙන්න පුලුවන් . මෙයාලා නම් එක එක ඒවා කියවලා යයි.
විශාර Thursday, 17 August 2023 09:34 AM
හරි සරලයි.. එයාලගෙ උපකරණ පාවිච්චිකරල අපේ ශ්‍රමිකයො දාල, එයාලගෙ වැඩේ කරල දෙනව.. අපි හෙන පව් හලෝ.. රටේ ඉන්න මිනිස්සුන්ටත් නිකන් දෙනව නම්, මන්න පාරක් උනත් කමක් නෑ.. පාලකයොත් එහෙමයි.. කවුරු කාගෙන් පුරුදුවෙලාද කියල දෙයියෝ තමයි දන්නෙ..