IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


‘මුහුදු යද්දී ප්ලාස්ටික් බෝතල් බෑ‘

මුහුදු යාමේදී ධීවරයින්ට කුඩා හා මධ්‍යම ප‍්‍රමාණයේ ප්ලාස්ටික් ජල බෝතල් රැගෙනයාම වහාම තහනම් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

ධීවරයින් ජලය ගෙනයාම සඳහා ස්ථිර භාජනයක් යොදාගත යුතු බවත්, ධීවර වරායන්ගෙන් බෝට්ටු පිටව යාමේදී ඒවා දැඩි ලෙස පරීක්‍ෂාවට ලක්කිරීමේ ක‍්‍රමවේදයක් ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබාදී  ඇති බවත් කියති.

මසුන් ඇල්ලීම සඳහා ධීවර යාත‍්‍රා 50,000ක් පමණ දිනපතා මුහුදට යන අතර ඒවායින් ප්ලාස්ටික් බෝතල් ඇතුළු ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් 5ක් පමණ මුහුදට බැහැර කරන බවත්, මෙලෙස බැහැර කරන අපද්‍රව්‍ය හේතුවෙන් මුහුදු පතුලේ ඇති කොරල්පර, ජලජ පැලෑටි සහ මසුන් ඇතුළු ජලජ ජීවීන්ට හානි සිදුවන බවත් ධීවර අධ්‍යක්‍ෂ ජනරාල් ක‍්‍රිස්ටි ලාල් ප‍්‍රනාන්දු මහතා අද (24) එම අමාත්‍යාංශයේදී පැවති ප‍්‍රගති සමාලෝචන රැස්වීමේදී ඇමතිවරයාට දැනුම් දී ඇති අතර එහිදී අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත.  



අදහස් (0)

‘මුහුදු යද්දී ප්ලාස්ටික් බෝතල් බෑ‘

තිස්ස Thursday, 24 November 2016 07:06 PM

මුහුදෙන් ලබාගත් කරදියෙන් පානීය ජලය සකස් කරගැනීමට හිරු එළියෙන් වැඩ කරන උපකරණ මුහුදු යන නැව් ධීවර යාත්‍රා යනාදියට යොදවා ගන්නවා වෙන රටවල්වල. ඇයි ලංකාවේ බෝට්ටු වල මේවා නැත්තේ? (නි)

:       0       0

ආරියරත්න Friday, 25 November 2016 01:26 AM

අපිත් ඒ තීරණයට සම්පූර්ණයෙන් එකඟයි (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Friday, 25 November 2016 01:27 AM

ඇමතිවරයෙකුට බුද්ධිමත් ලේකම්වරයෙකු සිටී නම් ඇමතිවරයාගේ අඩුපාඩුද අවම කරගෙන රටට විශාල සේවයක් කළ හැකියි. මේ එඩිතර තීරණයට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි. (නි)

:       0       0

ලුම්බිණි Friday, 25 November 2016 01:34 AM

හොඳ දෙයක්! (නි)

:       0       0

වාසුල Friday, 25 November 2016 03:40 AM

කරන හොද සහ නරක හැම වැඩකටම , එහෙයි කියන ලේකම්ලා වැඩිය ඉන්නේ . (ම)

:       0       0

සේනාපති අමරදාස Friday, 25 November 2016 04:46 AM

හොඳ සත් ක්‍රියාවක්. (බ)

:       0       0

සුරංග පෙරේරා Thursday, 24 November 2016 03:09 PM

ඉතාමත් හොඳ ක්‍රියාවක්.. ප්‍රයෝගිකව කරන්න පුළුවන් නම්..(හේ)

:       0       0

මැටිපහන Friday, 25 November 2016 06:10 AM

මෙවැනි ප්‍රතිපත්ති සංචරකයන්ටත් ක්‍රියාත්මක කරන්න. අපේ ගංගාවල්, වැව්, වනාන්තර රැක ගන්න ඕනෑ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1601 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 514 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 194 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 282 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 132 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 89 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39995 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1299 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site