මිහින්තලේ රජමහා විහාරස්ථානයේ මහා චෛත්‍යයේ හා සලපතල මළුවේ ඉරි තැලීම් දකින්නට ඇතැයි ප‍්‍රදේශවාසිහු කියති.
සලතල මළුවේ ගල් ඈත් වී අඩි 10ක් 15ක් පමණ දිගට ඉරි තැලීම් සිදුව ඇති බව කියති.
මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පැවසුවේ ‘මං ඕවා දන්නේ නෑ. පුරාවිද්‍යාවෙන් අහන්න” යනුවෙනි.
මිහින්තලේ කලාපය භාර පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරියෙක් මෙසේ කියයි.
මීට පෙරත්, සළපතල මළුවේ විශාල සිදුරු කිහිපයක් තිබුණා. එය සිමෙන්ති බදාම දමා පිළිසකර කරා. වසරේ අග භාගයේ දී ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව නිසා සෝදා පාළුවට ලක්වන අතර, එහි පස් හා ජලය ගලා යන්නේ නාග පොකුණ ප‍්‍රදේශයටයි.
මේ වතාවෙත් මෙම සිදුරු සම්බන්ධයෙන් අපට තොරතුරු ලැබුණා. අපි එහි ගොස් පරික්‍ෂා කළා. චෛත්‍ය ගර්භය ද පුපුරා යෑම් දක්නට ලැබුණා. මෙය පිළිසකර කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත ලිඛිතව දැනුම් දුන්නා. එය තක්සේරු කර නියෝගය ලද පසු හැකි ඉක්මනින් එය පිළිසකර කිරීමට කටයුතු කරනවා.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා
ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මිහින්තලේ මළුවත් ඉරි තලයි
නිරුප පෙරේරා Tuesday, 19 August 2014 10:20 AM
මේ පොළොවේ තිබෙන හැමදෙයක්ම ස්ථිර නැත. ගලුත් දිය වෙනවා. ආණ්ඩුවට දොස් කියලා මේක නැති කරන්නවත් ඇතිකරන්නවත් බැහැ (නි)
සීලා Monday, 18 August 2014 09:02 PM
දූෂිතයෝ ඔක්කොම පොළොව පළාගෙන යම ලෝකයට යවන්නද දන්නෙ නැහැ ඔහොම වෙන්නේ. (නි)
නන්දන පනාගොඩ මිලානෝ Monday, 18 August 2014 11:11 PM
ඔහොම යනකොට පොළොව ඉරිතලලා දෙබෑ වෙලා අවශ්‍ය අයව ඇතුළට පණ පිටින්ම ඇදලා ගනියි. ඉන්පසුව අපිට සතුටින් හිනැහිලා අපේම සශ්‍රීක රටක ඉන්න පුළුවන් වෙයි. (නි)
ලුම්බිණි Tuesday, 19 August 2014 12:29 AM
මිහින්තලය කියන්නේ අතීතයේ මහින්දාගමනය සිදු වූ තැන නේද? (නි)
දසුනි Tuesday, 19 August 2014 01:00 AM
මමත් දැන් ප්‍රසිද්ධ දේවාල වලට පඬුරු මුදල් යොදන්නේ දෙපාරක් හිතලා. (නි)
මාලනී Tuesday, 19 August 2014 01:51 AM
තව ඉදිරියට තව මොනවා වෙයිද? (නි)
ගාම්‍යා Tuesday, 19 August 2014 02:06 AM
කෙටියෙන් කිව්වොත් තාක්ෂනය සහ නවීන විද්‍යාවේ දියුණුව කියන්නේ මේකට. තව කියන්න දේවල් තියෙනවා නමුත් සංස්කාරක කතුරට අහු වෙලා වෙන නමකින් ඉදිරිපත් වෙනවා. (නදී)
තිලක්-ඩුබායි Tuesday, 19 August 2014 02:28 AM
ලසිත්, රුපියල් 1-2 ක කාසි පමණක් දාන්න පුරුදු වෙන්න. (නි)
සබීතා Tuesday, 19 August 2014 02:31 AM
මේක දෙවියන් බුදුන් පවා විකුණගෙන කන කාලයක් මහත්තයෝ. ඉතින් මෙහෙම නොවී තියෙයිද? (නි)
එරංග Tuesday, 19 August 2014 02:31 AM
මෙය එක අතකට පුදුමයක් නොවේ. අද මිනිසුන් ඒ තරමටම තිරිසනුන් වෙලා (නි)
තිලක්-ඩුබායි Tuesday, 19 August 2014 02:31 AM
දසුනි,හිතන්න දෙයක් නැහැ. (නි)
ටිකිරි බණ්ඩාර Tuesday, 19 August 2014 02:33 AM
මිනීමරු ප්‍රභාකරන්ගේ කාලෙදිවත් අහලා දැකලා නැති අපරාධ දැන් රටේ සිද්ධවෙන්නේ.ඉරි නොතලා තියේවිද ? (නි)
බන්දුල පෙරේරා Tuesday, 19 August 2014 02:07 PM
නිරුප පෙරේරා මහත්තයෝ ගල් දිය වෙනවා වගේම,තවත් ඒවා දිය වෙන්න තියෙනවා.ඒවා ඉදිරියේදී දිය වෙන්න පටන් ගනියි. (අ)
අජිත් පතිරණ Tuesday, 19 August 2014 03:34 AM
මෝඩ කතා නොකියා ඉන්න. මේක ස්වභාවික දෙයක් (නි)
සජිත් Tuesday, 19 August 2014 03:40 AM
පාපී මිනිසුන් ලංකාවේ පමණක් නොව සෑම රටකට ඉන්නවා (නි)
කුමාර් Monday, 18 August 2014 10:55 AM
පාපය රජ වූ ලංකාවේ, මෙවන් සිදුවීම් ඉදිරියට විරල නොවේවි. (නි)
චමින්ද Monday, 18 August 2014 10:59 AM
විහාරාධිපති ස්වාමින් වන්සේ, කළකිරීමෙන් වගේ නේද කියලා තියෙන්නේ " ඕවා මම දන්නේ නැහැ.පුරාවිද්‍යාවෙන් අහන්න " කියලා. (නි)
රොෂාන් Tuesday, 19 August 2014 04:05 AM
මේ මොකද වෙන්නේ වහාම පරීක්ෂණයක් තියන්න (දී)
ටානියා Tuesday, 19 August 2014 04:07 AM
මේවා හොයා බලන්න කවුරුත් නැද්ද (දී)
ඉසුරන්දි Tuesday, 19 August 2014 04:36 AM
ඉක්මනට පිළිසකර කර නැවත තිබුණ විදිහට පත්කරන්න, ඕවා තව තවත් විනාශ වෙන්න දෙන්නේ නැතුව. (නි)
රූපවතී Monday, 18 August 2014 11:37 AM
අහස, මහා පොළව නුහුලන අපරාධ රටේ ජීවත්වන්නවුන් විසින් කරනකොට , ස්වභාව ධර්මයත් ඉරිතැලී පුපුරා විනාශ වෙනවා. (නි)
හේමන්ත Monday, 18 August 2014 11:39 AM
දැන් දැන් සිද්ධවෙන ක්‍රියාදාමයන් හේතුවෙන් ශාසනයද ඉරිතලා ඇති බව පෙන්වන සංකේතයක් ලෙසයි මෙය මට හැඟෙන්නේ (නි)
ටිරෝන් Monday, 18 August 2014 11:59 AM
පුදුම වියයුත්තේ මළුවේ ඉරිතැලීම ගැන නොවෙයි. මෙපමණකල් මේ ධර්මද්වීපයේ සිදුවණ අහස පොළව නුහුලන සිදුවීම් උසුලාගෙන ඉරිනොතලා තිබුණේ කෙසේද යන්න ගැනයි (නි)
නිමල් Tuesday, 19 August 2014 05:17 AM
මේවායින් දේශපාලකයින්ට වාසියක් ගන්න බැරි නිසා දේශපාලකයින්ගෙන් නම් උදවුවක් ගන්න ලැබෙන්නේ නැහැ (දී)
නිමලලතා Tuesday, 19 August 2014 05:20 AM
ලුන්බිනි මේ මිහිඳු මහා රහතන් වහන්සේ මේ සිරි ලකට වැඩිය පුද බිම. අජිත් පතිරණ මේක ස්වභාවික දෙයක් බව සැබව නමුත් වහ පිළියම් යෙදිය යුතුය (දී)
ලසිත් Monday, 18 August 2014 02:56 PM
දැන් සිද්ධවෙන දේවල් වල හැටියට ඉරිනොතලා තියේවිද ? මට නම් දැන් දේවාල භූමියකට ගියත් පින් පෙට්ටියට සල්ලි දාන්නෙත් ඒවා පුජ්‍ය කටයුතු වලට යෙදවේවිද නැද්ද යන සැකයෙන්. (නි)
කළණි Monday, 18 August 2014 03:38 PM
අනේ දෙවියනේ! (නි)
සේනක සිරිවර්දන Monday, 18 August 2014 03:39 PM
අපේ පුණ්‍ය භූමියට ගිය කලක්! (නි)