IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මිහින්තලේ හිමි පොසොන් කමිටුවෙන් නැගිට යයි

(බී.ජි චතුරංග)

ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථාන මැද මළුවේදී අද උදෑසන පැවති 2024 ප්‍රථම පොසොන් කමිටු රැස්වීම ආරම්භයේදී මිහින්තලා රජමහා විහාරාධිපති වලවා හැංගුණවැවේ ධම්මරතන නා හිමිපාණන් රැස්වීම් භූමියෙන් නැගිට යාමත් සමග පොසොන් කමිටුවේ සභාපති අනුරාධපුර මහා දිසාපති ජනක ජයසුන්දර මහතාට එම රැස්වීම නතර කර දැමීමට සිදු වීමෙන් පැමිණ සිටි රාජ්‍ය නිලධාරීන් ඇතුළු සිවිල් ක්‍රියා කාරිහු සියලු දෙනා රැස්වීම් භූමියෙන් පිටව ගියහ.

මෙහිදී උන්වහන්සේ පැවසුවේ අක්කර දහස් ගණනක රජමහා විහාරස්ථාන භූමියේ සුද්ද පවිත්‍ර කිරීම් කටයුතු සිදු කළ සිවිල් ආරක්ෂක බළකාය , විහාරස්ථානයේ තේවාව සිදු කළ, මිහිඳු සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරත වූ, යුද හමුදා සාමාජිකයන් ඉවත් කිරීමට රජය ගත් තීරණය සහ යළ එම ආරක්ෂක අංශ සාමාජිකයන් මිහින්තලාවට ලබා දෙන ලෙසට මහනායක හිමිපාණන් රජයෙන් කළ ඉල්ලීමට පිළිතුරක් නොදැක්වීම හේතුවෙන් , පොසොන් උත්සවයට රජය මගින් ලබා දෙන ලක්ෂ 50ක මුදලද අවශ්‍ය නොවන බවය.

මිහිඳු පෙරහරට , විදුලි ආලෝක පූජාවට සහ සති පිරිතට හෝ රජය මගින් ලබා දෙන මෙම මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් ආලෝක පූජාවට පමණක් රුපියල් කෝටියකට වැඩි මුදලක් වැය වන බවත් පැවසූ උන්වහන්සේ කියා සිටියේ පසුගිය වසරේ මෙන් පිණ්ඩපාතයේ වැඩම කර හෝ දායක දායිකාවන් ලබා දෙන ශත පනහ, රුපියල, එකතු කර මිහිඳු මහ රහතන් වහන්සේට කෘත ගුණ සැලකීමක් ලෙස මෙවර පොසොන් උත්සවය සාර්ථකව පවත්වන බවය.



අදහස් (17)

මිහින්තලේ හිමි පොසොන් කමිටුවෙන් නැගිට යයි

Hector Perera Wednesday, 03 April 2024 12:10 AM

මෙයා චොප්පේ ස්ටයිල් කෙනෙක්.කිසිම ශීලාචාර කමක් නැහැ .සිවුරට නම් ඔබින්නේ නැහැ

:       10       29

Prabha Wednesday, 03 April 2024 12:19 AM

ලංකාවේ ප්‍රධානතම රජ මහා විහාරයකට මෙච්චර අහේනියනම් එදා වෙලා හොයාගන්න දායකයන්ට කොච්චර අමාරුකම් ඇද්ද අපේ

:       1       29

අමා Wednesday, 03 April 2024 12:43 AM

පිංඩ පාතෙ වඩින්නෙ V8 එකෙන්ද දන්නෙ නෑ.

:       6       27

sulakkana Wednesday, 03 April 2024 02:24 AM

හමුදා සොල්දාදුවන් ඉන්නේ අතන මෙතන කුණු සුද්දකරන්න නෙවෙයි කියල මේ උන්නාන්සේට තේරෙන්න තරම් මොලයක් නැතිද? මේකේ පින් කැටේට එක පොසොන් වාරෙකට වැටෙන සල්ලිම කොටි ගණනක් . ඒවා බහිරවය ගිලලද? ආණ්ඩුවෙන් සල්ලි ඉල්ලන්නේ ? එළිපිටම සජිත්ට කඩේ යනවා . එහෙම යනගමන් ආණ්ඩුවට තර්ජනය කරමින් ආණ්ඩු මට්ටු කරන්න එනවා හරියට හන්දියේ ඉන්න චන්ඩියෙක් වගේ . ඔහොම දඟලපු එක්කෙන්නෙක් දැන් ඉන්නේ ඇතුලේ . මෙයාටත් ටිකකලක් කල්දේරම් බත් රස බලන්න ආස හිතිලා වෙන්න ඇති මෙහෙම හැසිරෙන්නේ . මේවගේ උන්නාන්සේලා උතුම් දහමට දෙනවා .

:       9       33

රාජේශ් ඛන්නා Wednesday, 03 April 2024 05:08 AM

සජිත් වගේ නායකත්වයකට නුසුදුසු ලක්ෂණ පෙන්වන අනුර වගේ මස් රාත්තලම ඉල්ලන්න වර්ගයේ හිමි නමකි. නිවන් මඟ පෙනෙන මාණයක නැත.

:       15       23

චන්දනWednesday, 03 April 2024 12:17 PM

රාජේශ් කන්නා කියන මනුස්සයාට මනුස්සකම වගේම මොලේත් නෑ...

:       8       6

Perera Wednesday, 03 April 2024 05:45 AM

සිවිල් ආරක්ෂක බලකායයි ශ්‍රීලංකා යුද්ධ හමුදාවයි ඉන්න මිහින්තලේ පන්සල් භූමියේ ආවතේවකම් කරන්නයි ප්‍රතිසංස්කරණ වැඩ කරන්නද ?

:       4       26

Kumara Wednesday, 03 April 2024 06:14 AM

ගරුතර ස්වාමීන් වහන්ස, ගෞරවය පෙර දැරි කරගෙන මේ ඉල්ලීම කරන්නෙ. බුද්ධ ශාසනයට අගෞරවයක් කරන්න එපා මේ වගේ දායකයන්ට දැරිය නොහැකි වියදම් වලින්. බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉතාම චාම් ජීවිත ගෙවන අය. කෝටි ගණන් වැය කරලා ආලෝක පූජා කරනවාට වඩා සමථ සහ විදර්ශනා (අනිත්‍ය දුක්ඛ, අනාත්ම මෙනෙහි කිරීම) උතුම් කොට සැලකුවා. ඒ නිසා කාටත් අමාරු මේ අවස්ථාවේ, ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මිනිස්සු හිනස්සන්නෙ නැතිව අවංක උත්සාහයකින් බුද්ධ ධර්මය මිනිසුන් අතරට ගෙනියන්න කටයුතු කරන්න කියලා. නැත්නම් මේ යන විදියට අනාගත පරපුර මේ දේවල් දැකලා බොහොම කල කිරේවි.

:       2       30

නිශාන්ත Wednesday, 03 April 2024 08:26 AM

පිරිසිදුකිරීම්, මුදල් ආධාර කිරීම්, පෙරහැර පැවැත්වීම, විදුලි ආලෝක පූජාව පැවැත්වීම හා සති පිරිත පැවැත්වීමේ අවස්ථාව දායක දායකයින්ට හා සැදැහැවතුන් ට ලබාදුන් මිහින්තලා හිමිට අපගේ ප්‍රණාමය. රාජ්‍ය අනුග්‍රජයෙන් කලොත් ආනිසංස දේශපාලන අධිකාරිය ට පමණයි.

:       14       19

Rasi Wednesday, 03 April 2024 08:27 AM

මේ වගේ ගෝත්‍රික මානසිකත්වයක් තියෙන, හාමුදුරුවන්ගෙන් දැන් සිංහල බෞද්ධ සමාජය මිදිය යුතුයි. රටක ආරක්ෂක හමුදාව ඉන්නේ, පන්සල් සුද්ද කරන්න නෙවෙයි. ඒ වගේ දේ වලට, දායක සභා පිහිටුවා නව ක්‍රම ඇති කර ගත යුතුයි. මෙයාගේ අරමුණ වෙන දේශපාලන අරමුණක් බවයි පේන්න තියෙන්නේ.

:       4       36

Thilan Wednesday, 03 April 2024 08:35 AM

මේ කහකඩය රගපෑමක් කරන්නෙ,බොරුවට මොකක් හරි ඇදගෙන සම්මාදම් කරල කෝටිගානක් හම්බ කරන්ඩ දගලන්නෙ.ලද දෙයින් සතුටු වෙන්නෙ නැතුව තන්හාවෙන්,අශාවෙන් තරහෙන් පෙලෙන් පෙරේත ආත්මයක් මෙයාට තියෙන්නෙ.

:       4       35

Roshan Wednesday, 03 April 2024 09:23 AM

හොදටම පැහැදිලිව ම තේරුම්ගන්න පුළුවන් ඔය පිටිපස්සේ ඉන්න සෙට් එක දැක්කම

:       1       26

Kisal Liyanage Wednesday, 03 April 2024 09:54 AM

ඔය රඟන්නෙ අදදරෙණ දිලිත් ජයවීරගෙ රූකඩයක්.

:       3       22

Hemachandre Wednesday, 03 April 2024 09:58 AM

අනිත් පොහොසත් විහරාධිපති හිමිවරුත් මෙහෙම කරනවානම් රටට සහනයක්.

:       1       22

sri maal Wednesday, 03 April 2024 10:19 AM

මිහින්තලේ හාමුදුරුවන්ගේ ඉල්ලීමක් මත සජිත්ගේ යෝජනාවක් අනුවනේ ඒ සිවිල් ආරක්ෂක සාමාජිකයන් සහ හමුදාවේ පිරිස එම කටයුතුවලින් ඉවත් කෙරුවේ...

:       1       8

Asanga samantha Wednesday, 03 April 2024 10:57 AM

මෙයාගේ කට හොදත් නත චරියාව හොදත් නත. චන්ඩි කතා තියෙන්නේ

:       3       16

සුපුන් Wednesday, 03 April 2024 12:37 PM

කෝටි ගණන් වියදම් කරලා තමයි කොසොල් රජතුමා අසදෘශ මහාදානය පූජා කරේ. ඒ ගැන හිත දූෂණය කරගත්ත අය ඒ පාප කර්මයෙන් මේ ආත්මයේදීම තමාගේ තනතුරින්, බලයෙන් පිරිහුණා.

:       6       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 615 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 501 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 122 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1735 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site