IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘මහින්දගෙයි මගෙයි වහල් මිත්‍රත්වයක් නෑ‘

‘මමත් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට ඡන්දෙ දුන්න කෙනෙක්. මම මහින්ද රාජපක්ෂ මහතාව අඳුනාගෙන දැන් අවුරුදු 40ක්. කිට්ටු මිත්‍රයෙක්. හැබැයි අපේ මිත්‍රතාවයේ වහල් සම්බන්ධතාවයක් නැහැ. මම වැරැද්දක් කළොත් එතුමා කියනවා. එතුමා වැරැද්දක් කළොත් මම කියනවා.‘ යැයි හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා කොළොන්නාව ආසනයේ පැවැති සන්ධාන රැලියකදී පැවසීය.

සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

 



අදහස් (0)

‘මහින්දගෙයි මගෙයි වහල් මිත්‍රත්වයක් නෑ‘

සුනිල් Sunday, 19 July 2015 05:34 PM

වික්ටර් අයිවන්ගේ නොනිමි අරගලය පොත කියවනකොට ගොඩක් දේවල් හොඳට තේරෙනවා (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Sunday, 19 July 2015 05:39 PM

[මම වැරැද්දක් කළොත් එතුමා කියනවා. එතුමා වැරැද්දක් කළොත් මම කියනවා.] ඒ වගේම මේ කතාවේදී කියන්න අමතක වුණ ටිකකුත් තව තිබෙනවා කියලා මට හිතෙනවා (නි)

:       0       0

රොෂාන් ද සිල්වා Sunday, 19 July 2015 05:52 PM

කාට කාටත් දිට්ට ධම්ම වේදනීය කර්මය පටිසන් දෙන දවස වැඩි ඈතක නැහැ. එය එසේම වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා (නි)

:       0       0

ශාමන්ත Sunday, 19 July 2015 06:03 PM

පක්ෂ පාට කුමක් වුවත් අපිට නම් දැනෙන්නේ ලොකු ලැජ්ජාවක් (නි)

:       0       0

පෙරේරා Sunday, 19 July 2015 06:41 PM

තමන් දැරූ තනතුරට ගරුකළ යුතුයි (නි)

:       0       0

හෙසාන් Sunday, 19 July 2015 06:41 PM

මහින්ද මහතා ළඟ ඉන්න හිටපු මැති ඇමතිවරු ඔහුව දාලා නොයන්නේ ඇයි කියලා අපි දන්නවා. (නි)

:       0       0

ලාල් Sunday, 19 July 2015 07:12 PM

මේ රටේ මිනිස්සු මෝඩ නැහැ. පහුගිය ජනාධිපතිවරණ කාලයේදී කිව්ව දේවල් එක්කෝ එයාලට දැන් අමතකවෙලා. එහෙම නැත්නම් දැන් ඉන්නේ කොහේද කියලා තේරෙන්නේ නැතිතරමට මංමුලාවෙලා (නි)

:       0       0

සුනිල් Monday, 20 July 2015 04:43 AM

තමුන්ගේ බල පාවිච්චි කරලා එක බොරුව ඇත්ත කරපු ඇත්ත බොරුව කරපු සම්බන්ධයක් විතරක් බව ඔයාමනේ අපිට කිව්වේ අපෙන් සමාවත් ඉල්ලලා. නැද්ද මන් කියන්නේ ? (ම)

:       0       0

ටෙරීන් Sunday, 19 July 2015 07:16 PM

ඔයාලා හිතන තරම් දැන් රටේ මිනිස්සු රවට්ටන්න බැහැ (නි)

:       0       0

සරත් Sunday, 19 July 2015 07:15 PM

ගියපාර ඡන්දය දෙන්න ඵපා කිවුවා නේද? දැන් මොනවද කියන්නේ? අපි කොණ්ඩය බැඳපු චීන්නු නෙමෙයි (නි)

:       0       0

බර්නාඩ් Sunday, 19 July 2015 07:19 PM

මේ අපිටද මේවා කියන්නේ? (නි)

:       0       0

අප්පුහාමි Sunday, 19 July 2015 07:19 PM

මහත්තයා,ඔහොම කතාකරන්න එපා (නි)

:       0       0

යටවත්ත Sunday, 19 July 2015 07:31 PM

දැන් අපිට මේවා පිළිගන්නද කියන්නේ? (නි)

:       0       0

උපසේන Sunday, 19 July 2015 07:34 PM

කන්න හිතුනහම කබරගොයත් තලගොයා වෙන වෙලාවල් තිබෙනවා (නි)

:       0       0

ගයාන් Monday, 20 July 2015 04:52 AM

දැන් එතකොට අර ජාතියෙන් සමාව ගන්නව කියපු කථාව ඉල්ලා අස්කර ගන්නවද? (ම)

:       0       0

නුවරඑළියේ වසන්ත Monday, 20 July 2015 08:46 AM

රටේ පවතින නීතියේ ඉහලම තනතුර දැරුවේ මේ වගේ අයනම්නම්, රටේ ජනතාවට නීතියේ පිළිසරණක් ගැන හීනෙකින්වත් සිතිය හැකිද..? (ම)

:       0       0

ඉන්ද්‍රා Sunday, 19 July 2015 08:34 PM

මේ අය වේදිකාවේ කතාකරනකොට කණ්ණාඩියක් ඉස්සරහින් තියන්න ඕනෑ තමන්ගේ දිව මොනතරම් නම් පැති වලට හැරෙනවද කියලා බලාගන්න (නි)

:       0       0

චූලක Sunday, 19 July 2015 08:41 PM

ඒ ගමන මොනවාද මේ කියන්නේ? (නි)

:       0       0

ජෙරාඩ් Sunday, 19 July 2015 09:11 PM

අපිට මේවා කියන්න එපා. අපි දැන් කතා අහන්නේ නැහැ (නි)

:       0       0

රෝහණ Monday, 20 July 2015 05:20 AM

මේ අගවිනුසුරුතුමා පුළුවන් තරම් වේදිකාවට නග්ගන්න එතකොට ජන්ද දොරේ ගලයි (ම)

:       0       0

රුක්ෂාන් Sunday, 19 July 2015 10:38 PM

අපිට නම් කමක් නැහැ කවුරු කා සමඟ මිතුරුකම් පැවැත්වූවත්... (නි)

:       0       0

සත්‍යා Sunday, 19 July 2015 10:42 PM

ඔබයි මහින්දයි මිතුරන් වුණාට ඔබ දෙදෙනාම අපේ නම් හතුරන් (නි)

:       0       0

ට්‍රිෂාන් Sunday, 19 July 2015 11:15 PM

මම නම් දැන් කාගෙවත් කතා අහන්නේ නැහැ (නි)

:       0       0

සාමා Sunday, 19 July 2015 11:23 PM

කාගෙ කාගේත් කැරැට්ටුව මේ මුළු රටම දන්නවා. අර දියවන්නාවේ සිද්ධිය දැකලා අපි පුදුම ලජ්ජාවකට පත්වුණා. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 20 July 2015 03:30 PM

අගවිනිසුරුවරයෙක් කියන්නේ රටේ මොනතරම් පැසසුම් ලබන පුද්ගලයෙක්ද? (නි)

:       0       0

බන්දුල Monday, 20 July 2015 03:42 PM

අනේ මගේ කට! මම මේ වෙලාවේ මොකුත්ම කියන්නේ නැහැ (නි)

:       0       0

ශාන් Monday, 20 July 2015 06:18 AM

තමුන් පුන්නක්කු කෑවට අපිත් එහෙමයි කියල හිතන්න එපා. අපිට ඔයාට වැඩිය ප්‍රතිපත්තියක් තියෙනවා.(ම)

:       0       0

නාරද Sunday, 19 July 2015 02:05 PM

අපිටත් දැන් එයාලා ගැන විශ්වාසයක් නැහැ. ඇත්තක් කිව්වත් බොරු කියලා තමයි හිතෙන්නේ්‍ (නි)

:       0       0

නුවන් Sunday, 19 July 2015 02:07 PM

අපිට අවශ්‍ය කෙළින් ඇත්ත කතාකිරීම පමණයි (නි)

:       0       0

නිලුපුලී Monday, 20 July 2015 12:15 AM

අපිට අතීතය හොඳට මතකයි (නි)

:       0       0

රිතික් Monday, 20 July 2015 12:15 AM

ඉහත අදහස් බොහොමයක් සමඟ මම එකඟ වෙනවා (නි)

:       0       0

කැළුම් Monday, 20 July 2015 12:16 AM

අද මිනිස්සු බොහොම බුද්ධිමත් මහත්තයෝ (නි)

:       0       0

ඉෂාම් Sunday, 19 July 2015 02:11 PM

අපි දැන් කවුරු කවුරු ගැනත් දන්නවා (නි)

:       0       0

දර්ශන Sunday, 19 July 2015 02:15 PM

මොනවා කියනවද කියලා අපිට තේරෙන්නෙ නැහැ (නි)

:       0       0

තෙන්නකෝන් Sunday, 19 July 2015 02:17 PM

එහෙනම් ඔබතුමා හෙල්පින් හම්බන්තොට නඩුව අහපු එක වැරදිනේ. වෙන නඩු කාරයෙක් දාන්න තිබුනනේ (නදී)

:       0       0

සෑම් Monday, 20 July 2015 12:31 AM

සමහරු එලොව විකාරෙන් මෙලොව අතගානවා වගෙයි මට නම් දැනෙන්නේ (නි)

:       0       0

ලලිත් Sunday, 19 July 2015 02:30 PM

එහෙනම් එතුමා හොරකම් කළා කියල සහ සුනාමි ආධාර වංචා කළා කියල ඔබතුමා කියපු දේවල් ඇත්ත තමා (බ)

:       0       0

විරාජ් Sunday, 19 July 2015 02:31 PM

අධිකරණය රාජපක්ෂකරණය කර වෛශ්‍යා වෘත්තියේ යෙදුනු කෙනක් නම් අධිකරණ ශේෂ්ත්‍රයේ ඔබ තරම් නැහැ, ලැජ්ජයි මහත්තයෝ වෙලාවකට දුන් නඩු තීන්දු ගැන සමාව ඉල්ලනවා ටිකකින් ඔවුන් සමග එක වේදිකාවට ගොඩ වෙනවා, (බ)

:       0       0

නිශාන්ත Monday, 20 July 2015 12:49 AM

අපි කවුරු කවුරු ගැනත් හොඳට දන්නවා (නි)

:       0       0

සරත් කුමාර Sunday, 19 July 2015 02:43 PM

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා කියන්නේ දැන් ලංකාවේ ඉන්න සුපිරිම පිස්සා. මෙයා කියන ඒවා කව්ද පිළිගන්නේ. (බ)

:       0       0

රජින්ද Sunday, 19 July 2015 02:53 PM

මෙතුමාගේ අදහස් සහ ආකල්පමයි මේ වනවිට බොහෝ ජනතාවත් දරන්නෙත්.(බ)

:       0       0

ශාමන්ත වෙල්ගම Monday, 20 July 2015 06:42 AM

අපේ රටට කළු ලපයක්වූ මෙවැනි අගවිනිසුරුලා අපට අවශ්‍ය නෑ (බ)

:       0       0

සුසන්ත Sunday, 19 July 2015 03:18 PM

හෙල්පින් හම්බන්තොට මතක නැද්ද? (බ)

:       0       0

අර්ජුන රණවන Sunday, 19 July 2015 03:17 PM

වහල් සේවයක් නැත. ප්‍රවේනියකු දාසකම් කරයි හිටපු අගවින්සුරු නේද යාලුවෝ දෙන්නාගේම ලජ්ජා නහරය කපා ඇත (බ)

:       0       0

මහේෂ් Monday, 20 July 2015 06:48 AM

මෛත්‍රිපාල හොරු සමග හෙළුවෙන්. (බ)

:       0       0

හුසේන් මොහමඩ් Sunday, 19 July 2015 03:37 PM

මෙයාලත් කියයි. අනේ ඉතින් අපිත් අහයි.දවසේ කොමඩිය (බ)

:       0       0

සමන් Sunday, 19 July 2015 03:38 PM

මේ මිනිස්සු අතරින් සරත් සිල්වා කලිසමක් ඇදගෙනද කතා කරන්නේ කියල හිතෙනවා. මොකද , මේ මිනිහම තමයි මහින්ද හිරේ දැම්මේ නැති එක ගැන කනගාටු වුනේ. නීතිය බල්ලට දාපු මිනිහෙක්. (බ)

:       0       0

රන්ජිත් Monday, 20 July 2015 02:06 AM

සමහරුන්ට නම් ඉතින් කවදත් තිබෙන්නේ වාසියට හෝයියා මානසිකත්වයනේ. (නි)

:       0       0

යසන්ත Monday, 20 July 2015 02:17 AM

කතා ඇති දැන් හොඳටම! (නි)

:       0       0

ඩයස් Monday, 20 July 2015 02:22 AM

රටට දෙවියන්ගේ පිහිටයි! (නි)

:       0       0

රෝයි Monday, 20 July 2015 02:49 AM

අද මෙහි තිබෙන අදහස් දැක්කහම ගොඩක් සතුටුයි. මිනිසුන් දේශපාලකයා සහ ඔහු වටා ඉන්න අය ගැන හොඳ වැටහීමක් ඇතිකරගෙන තිබෙනවා . (නි)

:       0       0

බන්දුඑම් Monday, 20 July 2015 03:01 AM

සරත් සිල්වා කියන්නෙත් මහින්ද වගේම නීති විද‍‍්‍යාලයට විතරක් ගිය කෙනෙක් නේද? මෙයාට වෙන සුදුසුකමක් නෑනෙ. චන්ද්‍රිකා මෙයාට අග‍්‍ර විනිශ්චයකාරකම දුන්නෙ මෙයාට වඩා පළපුරුදු අය ඉද්දි. එයා අග විනිසුරු බලතල පාවිච්චි කරල මහින්දයව සුනාමි වංචාවෙන් බේරුවා. ඵ්ක එයාම කියල දැන් ආයෙ කඩේ යනවා (නදී)

:       0       0

අමිත Sunday, 19 July 2015 04:25 PM

මෙතුමා මේ මොනවද කියන්නේ? (නි)

:       0       0

පියල් Sunday, 19 July 2015 04:27 PM

දැන් විශ්වාස කරන්නත් අමාරුයි මෙයාලගේ කතා (නි)

:       0       0

ටිකිරි Monday, 20 July 2015 03:14 AM

තෙන්නකෝන් මහත්තයා කියපු කතාවට කටේ මසුරන් දාන්න වටිනවා. (නි)

:       0       0

රණසිංහ Sunday, 19 July 2015 04:32 PM

අයියෝ! මෙතුමා කියන කතා දැන් නම් මම විශ්වාස කරන්නේ නැහැ (නි)

:       0       0

එරංග Sunday, 19 July 2015 04:32 PM

මේවා පුදුම කතා තමයි (නි)

:       0       0

රෝහණ Monday, 20 July 2015 03:19 AM

ඔන්න බලාගන්න දෙපත් නයි! උදෙන්ම නැගිටලා තමා කල කී දෑ මතක් කරගන්න. අපාය බොහෝ දුර නොවේ. (නදී)

:       0       0

ශාන් Sunday, 19 July 2015 04:34 PM

අනේ කාලේ වනේ වාසේ! (නි)

:       0       0

කැළුම් Monday, 20 July 2015 03:18 AM

බළලා මල්ලෙන් එලියට පැන්නා. (නදී)

:       0       0

ඔලිවර් Sunday, 19 July 2015 04:35 PM

මට නම් තේරෙන්නේ නැහැ මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

යමුනා Sunday, 19 July 2015 04:36 PM

අනේ අපි නම් මේවා ගැන කතාකරන්නේ නැහැ (නි)

:       0       0

කින් බෙනට් Sunday, 19 July 2015 04:45 PM

එච්චර ගණන් ගන්න දෙයක් නැහැ මේ කියන කතා ගැන. (නි)

:       0       0

එඩ්වඩ් Sunday, 19 July 2015 04:58 PM

මිත්‍රත්වය ගැන අමුතුවෙන් අපිට කියන්න දෙයක් නැහැ (නි)

:       0       0

සමන් Sunday, 19 July 2015 05:02 PM

මේවා දැක්කහම "පිරුනු කළේ දිය නොසැළේ " කියන්නෙ බොරු කියලා හිතෙනවා මට (නි)

:       0       0

ටෙරන්ස් Sunday, 19 July 2015 05:07 PM

මාස 6 කට කලින් කිවුව දේවල් දැන් අමතකද? (නි)

:       0       0

අමර Sunday, 19 July 2015 05:10 PM

දැන් ඉතින් අපි මේක අහලා මොනවද කරන්න ඕනෑ?මේවා පිළිගන්න එකද? (නි)

:       0       0

ඩුන්ගු Monday, 20 July 2015 03:46 AM

මේ තත්වය හිතාගන්න. දෙදෙනාම යහළුවන් නම් කොහොමද සරත් මහින්දගේ නඩුව ඇහුවේ. අනේ මන්ද සරත්............(ම)

:       0       0

යමින්ත‍ Sunday, 19 July 2015 05:12 PM

කියන්නා කෙසේ කිවුවත් අහන අපි සිහිබුද්ධියෙන්නේ අහන්නේ (නි)

:       0       0

ඩිලාන් Sunday, 19 July 2015 05:28 PM

ලැජ්ජාවක් නැද්ද මන්දා මෙහෙම දේවල් කියන්න? (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Sunday, 19 July 2015 05:29 PM

කරන කියන දේවල් බැලුවහම වෙලාවකට මට පුදුමත් හිතෙනවා (නි)

:       0       0

තරංග Sunday, 19 July 2015 05:28 PM

එතුමාගේ අදහස හරියටම හරි. (නි)

:       0       0

දුමින්ද Monday, 20 July 2015 07:47 AM

ඔබගේ හෘද සාක්කිය නිවැරදිද (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 490 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 592 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 1987 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1520 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1475 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1683 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24642 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23335 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 381 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site