IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


මහින්දගේ ආරක්ෂක ලොක්කාට නඩු

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක ප්‍රධානි හා  ශ්‍රී ලංකා යුද හමුදාවේ ‍මේජර්වරයකු වූ නෙවිල් වන්නිආරච්චි  2010 සිට 2014 දක්වා වසර 5 ක් වත්කම් හා බැරකම් ප්‍රකාශ හෙළි නොකළැයි අල්ලස් කොමිසම අද (18) නඩු 5ක් ගොනු කැරිණි.

නෙවිල් වන්නිආරච්චිට සැප්තැම්බර්  28 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස  මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා අද (18) නොතීසි නිකුත් කළේය.



අදහස් (0)

මහින්දගේ ආරක්ෂක ලොක්කාට නඩු

තිලක් ඩුබායි Thursday, 18 August 2016 11:00 AM

හිටපු ජනාධිපති අගමැති ලගේ ආරක්ෂාවට ඉන්න හමුදා නිලදාරීන් වත්කම් හෙළිකරන්න ඕනිද? මම නම් අහල නැහැ.... මහින්ද මහත්තයාගේ ආරක්ෂාවට ඉන්න අයගේ විතරයි වත්කම් හෙළිකරන්න කියන්නේ... මහින්ද සමග හිටිය අයගේ විතරක් වත්කම් හෙළිකරන්න කියන්නේ ඇයි? අඩුම ගානේ මැති ඇමති ලගේ වත් වත්කම් හෙළිකරලා නැහැ. (ර)

:       0       0

රකිත Thursday, 18 August 2016 11:05 AM

ආ... ඒකද? වත්කම් බැරකම් වල මොනවාද තිබුණේ දන්නෑ....? (ර)

:       0       0

හේමන්ත Friday, 19 August 2016 02:44 AM

වැරදි කළා නම් දඬුවම් විඳින්නම ඕනෑ (නි)

:       0       0

විජය Thursday, 18 August 2016 11:30 AM

මහින්ද වටේ හිටිය දැන් මෛත්‍රීපාල සමග හිටින හොරු අල්ලනේ නැද්ද? (බ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 19 August 2016 04:09 AM

හිටපු ඒකාධිපති ඇතුළු පිරිස වසර ගණනාවක්‌ දුක් මහන්සියෙන් ඉපැයූ සෑම දෙයම ජනතා සතු කරන යුගයක් එනවා. (ම)

:       0       0

අනිල් Thursday, 18 August 2016 11:48 AM

තිලක් ඔය ලංකාවට යන්නකෝ. (ර)

:       0       0

දේවේන්ද්‍ර-ජර්මනිය Thursday, 18 August 2016 12:22 PM

කාලයක් මේ කට්ටිය එක කඩේ එකට කාලා තේ කෝපි බීවා. අපේ කට්ටිය මේ දෙගොල්ලටම කඩේ යනවා. (ර)

:       0       0

පරාක්‍රම Thursday, 18 August 2016 12:38 PM

අපෙ වත්කම් පෙන්නුවොත් මේ කට්ටිය දුවයි. (ර)

:       0       0

ගෝනගල Thursday, 18 August 2016 01:44 PM

මේක නම් දැන් මහම මහා පිස්සුවක්. දැන්වත් හිටපු නායකයා පස්සේ දුවන එක නතරකරලා රට හදන්න හිතුවොත් හොඳයි (බ)

:       0       0

පුරගේ Thursday, 18 August 2016 01:57 PM

ඩුබායි තිලක් විතරක් නෙවෙයි මහින්දගේ ගෝල නිලධාරියෙක් වුන සාජන්ට් දන්නෙත් නැහැ කොමිෂන් ලත් නිලධාරීන් වත්කම් බැරකම් ප්‍රකාශන පෝරමය පුරවන බව කුම්බලාකටු කෑවනම් විදවපන් බළලෝ කිව්වලු (බ)

:       0       0

ශාන්ත Thursday, 18 August 2016 03:14 PM

එහෙනම් හොද ගාණක් ලැබෙන්න ඇති.(හේ)

:       0       0

තිලක් Thursday, 18 August 2016 03:17 PM

තව මේ වගේ කී දෙනෙක්ට නඩු වැටෙයිද දන්නේ නෑ.(හේ)

:       0       0

විමුක්ති Thursday, 18 August 2016 04:01 PM

වැරදි කරලා කවදාවත් බේරිලා ඉන්න බැහැ (නි)

:       0       0

සුනිල් Thursday, 18 August 2016 04:12 PM

අනේ, ලොක්කා වත් ඇහැව්වේ නැද්ද මොකද මේ වැරදි වැඩේ කරන්න කියලා? (හේ)

:       0       0

දහම් Thursday, 18 August 2016 04:32 PM

ටික ඉන්නවා මේ වගේ අය.(හේ)

:       0       0

ඩිල්ෂාන් Thursday, 18 August 2016 07:25 AM

අවුරුද්දක් තිස්සෙම මහින්ද ගැන කතා කළා. තවමත් ඉවර නැද්ද? (නි)

:       0       0

බටගල Thursday, 18 August 2016 07:32 AM

කලබල ‍නොවී අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

සමන් Thursday, 18 August 2016 07:38 AM

මහින්ද රාජපක්ෂ මහතාගේ වටේ හිටපු කට්ටිය එතුමාගේ අනුහසින් ඇති හැකි පමණ ජනතවගේ මුදල් ගසා තිබෙන බව නම් පේනවා. නමුත් එතුමා උදේ සිට රෑ වෙනතුරු කියන්නේ එතුමාගේ අයගෙන් පළිගන්නවා කියලා. (නි)

:       0       0

මහේන් Thursday, 18 August 2016 07:40 AM

කාලය කොපමණ ගතවූවත් වැරදිකරුවන් නිවැරදිකරුවන් වෙන්නේ නැහැ (නි)

:       0       0

සම්පත් Thursday, 18 August 2016 07:45 AM

හොරු අල්ලන වැඩේ හිමින් කරන්න. තව අවුරුදු හතරක් ආණ්ඩුව කරන්න තියනවානේ (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 18 August 2016 07:52 AM

සොරා කෑ ජනතා මුදල් නම් නැවත ජනසතු කළයුතුමයි, එසේ සොරා කා ඇත්නම් (නි)

:       0       0

සෙනරත් Thursday, 18 August 2016 08:02 AM

අපිට නම් දැන් මේවා දැකලා දැකලාම එපාවෙලා (නි)

:       0       0

සමන්ත Thursday, 18 August 2016 07:56 AM

මේක නම් දැන් මහම මහා පිස්සුවක්. දැන්වත් හිටපු නායකයා පස්සේ දුවන එක නතරකරලා රට හදන්න හිතුවොත් හොඳයි (නි)

:       0       0

ජයන්ති Thursday, 18 August 2016 05:33 PM

එයාලා ඒ කාලේ මෙහෙම වෙයි කියලා හිතන්නේ නැතුව ඇති (නි)

:       0       0

දේවේන්ද්‍ර - ජර්මනිය Thursday, 18 August 2016 08:05 AM

ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ. නඩුකාරවරු සිටියදී කට්ටිය තීන්දු දීලත් ඉවරයි. (නි)

:       0       0

තිලංග Thursday, 18 August 2016 05:45 PM

සතුටු වෙන්න පුලුවන් මාවතකට දැන් රට යොමුවෙලා (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 18 August 2016 05:42 PM

දැන්නම් රටේ නීතිය හොඳින් ක්‍රියාත්මක වෙනවා (නි)

:       0       0

ටිෂාන් Thursday, 18 August 2016 05:44 PM

හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට (නි)

:       0       0

රෝහණ Thursday, 18 August 2016 08:18 AM

කාගෙවත් පස්සේ දුවනවා නොවෙයි මේ. රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා. (නි)

:       0       0

රුවන් Thursday, 18 August 2016 08:25 AM

රටක් විදියට අපි හුඟක් ඉස්සරහට ගිහින් තියෙන්නේ. සංවර්ධනය කියන්නේ පාරවල් හඬන එක විතරක් නෙවෙයි. මිනිසුන්ගේ සංවර්ධනය වගේම රටේ සංවර්ධනයත් එක විදියට වෙනවා මේ රජයෙන්. ඉපදුන හැටියේ ළමයි දුවන්නේ නැහැ. එ්කට කල් ගත වෙන එක නොදැනීම දුකක්. (බ)

:       0       0

ඉන්දික Thursday, 18 August 2016 06:02 PM

කරන කලට පව් මිහිරිය මී සේ... (නි)

:       0       0

මාරලන් ඩි සිල්වා-කැනඩා Thursday, 18 August 2016 06:54 PM

කෑ දේවල් වමාරන කාලය දැන් ඇවිදින්. හිතුවේ මහා රජානෝ සදාකාලිකයි කියා. (නි)

:       0       0

තාබෘෘ සිල්වා Thursday, 18 August 2016 08:45 AM

නුල්බෝලේ දිග වැඩි නිසා අවුරුදු ගණනාවක් තිස්සේ පැටලිලා තිබෙන ඉතිහාසයක් ටික ටික ලිහාගෙන එන්න ඕනෑ එතකම් පොඩ්ඩක් ඉවසන්න වෙනවා (බ)

:       0       0

මංගල Thursday, 18 August 2016 08:58 AM

හොරු ඇල්ලිය යුතුයි. එය පළිගැනීමක් වෙන්නේ වහලුන්ටයි (නි)

:       0       0

හෆීල් Thursday, 18 August 2016 08:58 AM

රටේ නීතිය ක්‍රියාත්මක වෙනවිට, දැන් මේකටත් කියයි පළිගන්නවා කියලා. (නි)

:       0       0

හේවා Thursday, 18 August 2016 07:44 PM

දැන් ආණ්ඩුවේ ඉන්න කට්ටිය හරි පාරිශුද්ධ මිනිස්සුනෙ (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Thursday, 18 August 2016 08:12 PM

මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් පැය 24 ම කැපවිම නිසා අමතක වන්නට ඇති. රට බේරාදුන් රජකු ආරක්ෂා කරන මොහුට කාලයක් දෙන්න ආදායම් හෙළි කිරීමට (නි)

:       0       0

සනත් ගුණවර්ධන ස්විස් Thursday, 18 August 2016 08:15 PM

දේවේන්ද්‍ර-ජර්මනිය, ලංකාවේ නියම තත්වය නොදැන නිකන් කඩේ යනවා. ලංකාවට ගොස් ගම් පළාත්වල මිනිසුන් සමඟ ටිකක් කතාකළාම සත්‍ය තේරුම් ගනීවි. (නි)

:       0       0

දේවේන්ද්‍ර-ජර්මනිය Thursday, 18 August 2016 09:33 AM

නිතිය දැන් අකුරටම ක්‍රියාත්මක වෙනවා. නිකම් පාරේ යන මිනිසුන්ට උසාවියකින් නොතේසි නිකුත් නොකරන බව මෙහි අදහස් දාන අයට තේරෙන්නේ නැහැ. ඕනෑ කෙනෙකුට බෙර ගහන්න පුළුවන්. නමුත් හැම කෙනාටම බෙර වාදනය කරන්න බැහැ. (නි)

:       0       0

ලසිත් Thursday, 18 August 2016 09:38 AM

දවසින් දෙකෙන් නඩු අහලා හිරේ දාන්න බැහැනේ. මුලින් අල්ලස් කොමිසමෙන් විමර්ශනය කරලා වැරදිකාරයෙක් නම් මහේස්ත්‍රාත් උසාවියේ නඩුව පවරන්න ඕනෑ. ඉන්පසු මුලික කටයුතු ඉවරවුණාම නීතිපති මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරන්න ඕනෑ. ඊටපස්සේ තමා උසාවියෙන් වැරදිකාරයෙක්ද යනවග තීන්දු කරන්නේ. ඕකට ඉතින් අවම වශයෙන් අවුරුදු දෙක තුනක් යනවා. හිටපු අගවිනිසුරුතුමියගේ නඩුව ඇහුවා වගේ පැය විසිහතරෙන් කෙනකු වැරදිකාරයෙක් කරන්න බැහැ (නි)

:       0       0

සිරි Thursday, 18 August 2016 11:02 PM

මට නම් පෙනෙන්නේ මේක "රාජපක්ෂ භීතීකාවක්" (නි)

:       0       0

දිලිප් Thursday, 18 August 2016 09:43 AM

වසර 5ක් පුරාවට වත්කම් බැරකම් ප්‍රකාශ නොකිරීම වරදක් නොවේද? දැන් ක්‍රියාත්මක වන්නේ නීතිය නොවේද? නීතිය වල්වැදුණු යුගයක සිටි අයට නිවැරදි නීතිය අමතකවීම ගැන පුදුම වියයුතු නැත. (නි)

:       0       0

දේවේන්ද්‍ර-ජර්මනිය Thursday, 18 August 2016 09:54 AM

නීතිය හරියට ක්‍රියාත්මක නොවෙන අය ඉන්නවා නම් ඒ අයටත් අනාගතේ පුළුවන් මැතිවරණයක් තියලා ආණ්ඩුවක් පත්කරගෙන, කොමිසමකුත් පත් කරලා මේ වගේ නීතිය ක්‍රියාත්මක කරන්න. කවුරු කළත් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා කියන්න කට්ටියක් ඉන්නවා. (නි)

:       0       0

ශ්‍රීලාල් Thursday, 18 August 2016 10:35 AM

මේවා වැරදි හොයලා මිනිසුන්ට දඬුවම් කරන්න නොවේ !! මහජනයාගේ නැතිවුණු දේපල ආපසු ලබා ගැනීමයි කළ යුත්තේ. (හේ)

:       0       0

තිලිණ Thursday, 18 August 2016 10:38 AM

මෙතන ඉන්න සමහරුනම් කඩේ යන හැටි බලන්න. (ර)

:       0       0

දේවේන්ද්‍ර-ජර්මනිය Thursday, 18 August 2016 10:39 AM

නීතිය සැකසී ඇත්තේ තර්කය පදනම් කරගෙනය. තර්කයේ මාධ්‍ය භාෂාවයි. භාෂාව මුල් කරගෙන නිවැරදිකරුවෙකු වැරදිකරුවකු ද, වැරදිකරුවකු නිවරදිකරුවකු ද කළ හැකිය. මෙය නීතිඥයන්ගේ හා විනිසුරුවරුන්ගේ දක්ෂතාවය නිසා අවසාන තීන්දුව සිදුවේ. ඊට පහළින් ඉන්න අය නීතිය දැනගෙන කථා කරන්නේ කීයෙන් කීදෙනාද? (ර)

:       0       0

ආරච්චි Friday, 19 August 2016 01:46 AM

හරි නම් කවුරුත් තම වත්කම් හෙළි කරන්න ඕනෑ. සමහරු සල්ලි හොයාගෙන ගෙයක් දොරක් හදාගෙන ඉන්නකොට හුඟ දෙනෙකුට ඇහේ කටු අනිනවා වගේනේ. ඔය කරන්නේ පළිගැනීමක් කියලා පක්ෂ විපක්ෂ කාට වුණත් තේරෙනවා. මේවට වියදම් කරන්නේ කාගේ සල්ලිද? (නි)

:       0       0

නලින් Friday, 19 August 2016 02:05 AM

ලොකු ලොකු අය පන්සල් ගානේ යනවා. ගෝලයෝ මලු පුරවා ගන්නවා. හොරාකෑ දේවල් යළි රජයට ගතයුතුමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1195 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 247 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2156 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1213 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 654 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 435 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39233 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25612 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site