IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මහින්දගේ ආරක්ෂාව ගැන වාර්තාවක් ඉල්ලයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව පිළිබඳව රාජ්‍ය බුද්ධි කාර්යාංශයෙන් (එස්.අයි.එස්)  සකස් කළ ආරක්ෂක තක්සේරු වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද(10) නීතිපතිවරයාට දැනුම් දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම දැනුම් දීම කළේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නව සම සමාජ පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූර අපේක්ෂක නීතීඥ සේනක පෙරේරා මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීය. මෙහි හිටපු ජනාධිපතිවරයා, මැතිවරණ කොමසාරිස්වරයා, මහජන සාමය පිළිබඳ ඇමැති, ආරක්ෂක ලේකම්, පොලිස්පතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

ආරක්ෂාව අවශ්‍ය නම් ඒ පිළිබඳව මැතිවරණ කොමසාරිස්ට දැනුම් දෙන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. පෙත්සම්කරු ආරක්ෂාව ඉල්ලන්නේ නම් එම ආරක්ෂාව ලබාදීමටද නීතිපතිවරයා එහිදි කැමැත්ත පළ කළේය. මෙම පෙත්සම ලබන සිකුරාදා(14) යළි කැඳවන ලෙසද නියෝග කෙරිණි. පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, අනිල් ගුණරත්න, සහ ප‍්‍රියසාද් ඩෙප් මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳැවිණි.

 

 



අදහස් (0)

මහින්දගේ ආරක්ෂාව ගැන වාර්තාවක් ඉල්ලයි

පෙරේරා Tuesday, 11 August 2015 07:21 AM

තව ටික කලකින් සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් කෑම බීම ඉඳුම් හිටුම් ඇතුළුව 24 පැය පුරා ආරක්ෂාවත් ලැබෙන තත්වයක් තියෙන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3950 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වලපනේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 0 0


කුරුණෑගල අනුරට
2024 සැප්තැම්බර් මස 22 141 0


මැද කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 224 0


ඇල්ලේ රක්ෂිතයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 22 18 0

ඇල්ල දුම්රිය ස්ථානය අසල වන රක්ෂිතයේ අද (22) දහවල් ඇති වූ හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රි


පොතුවිල් සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 124 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14679 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 67 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 237 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 124 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site