IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මහින්දගේ ආරක්ෂාවේ 500 ක් යළි යුද හමුදාවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වෙන්කර සිටි 500 ක යුද හමුදා ආරක්ෂක බල ඇණියක් ඉවත් කර ඇතැයි රජයේ ආරංචි කියයි.

පොලිසියේ 130 ක බල ඇණියක් ඔහුගේ ආරක්ෂාවට යොදවා ඇත.

ඔහුට ඊට වඩා අතිරේක පිරිස් අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා ජාතික ආරක්ෂක කවුන්සිලයේ තක්සේරු වාර්තාවක් තිබිය යුතු බවද දැනගන්නට ඇත.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අරක්‍ෂාවට යුද හමුදාව විසින්  සෙබළුන් හා  නිලධාරීන් 102  ක් අනුයුක්ත කර ඇති බවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා කියයි.

එම නිලධාරීන්ගෙන් 80 දෙනකු ආරක්‍ෂාව සදහාත්  22 දෙදෙනකු පරිපාලනමය කටයුතු සඳහාත්  යොදා ඇතැයි එහි සඳහන්ය.

‘මෑතක සිට වර්තමාන රජය පුනරුත්තාපනය නොකළ දරුණු එල්.ටී.ටී.ඊ රැඳවියන් නිදහස් කිරීම නිසා වසර 30 ක යුද්ධය අවසන් කළ රාජ්‍ය නායකයා ලෙස මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ජීවිතයට විශාල තර්ජනයක් එල්ල වී ඇත. කොටි සංවිධානයේ සාමාජිකයන් 11,000 කට වැඩි ගණනක් පුනරුත්තාපනය කර රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව විසින් නිදහස් කරනු ලැබූ අතර දිගටම රදවාගෙන සිටියේ පුනරුත්තාපනය කළ නොහැකි දරුණු ගණයේ ත්‍රස්තවාදීන් පමණි. මේ ආණ්ඩුව නිදහස් කරන්නේ මේ අයයි.  මෙවැනි තත්වයක් යටතේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාව සදහා දැනට ලබා දී තිබෙන හමුදා නිලධාරීන් සංඛ්‍යාවට අමතරව තවත් සෙබලුන් හා නිලධාරීන් අනුයුක්ත කිරීම ආණ්ඩුවේ වගකීම වේ.‘ යැයි එම නිවේදනයේ සඳහන්වේ.

 

අලුත් තත්වය යටතේ, මහින්ද රාජපක්‍ෂ මහතාගේ පමණක් නොව යුද්ධයේ ප්‍රධාන කාර්යභාර්යක් ඉටුකල සෙසු හමුදා හා සිවිල් නිලධාරීන්ගේ ද ආරක්‍ෂාව ගැනත් සුදුසු පියවර ගැනීම ආණ්ඩුවේ යුතුකම බව රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයෙන් අවධාරණය කරයි.



අදහස් (0)

මහින්දගේ ආරක්ෂාවේ 500 ක් යළි යුද හමුදාවට

සිල්වි Sunday, 06 December 2015 04:57 PM

මම මෙච්චර දවසක් හිතන් හිටියේ ඩුබායි තිලක් සිංහල කියල. (ස)

:       0       0

රත්න Sunday, 06 December 2015 06:09 AM

මේ අය ආරක්ෂාවට යොදවා ගත්තා වගේ නෙමෙයිනේ මේ අයට යන වියදම කොච්චරද.ඔය කළ දේ හරි.(හේ)

:       0       0

ජැක්සන් Sunday, 06 December 2015 06:16 AM

ඒ ගත්ත ක්‍රියාමාර්ගය ගොඩක් හොඳයි.(හේ)

:       0       0

නාලිකා Sunday, 06 December 2015 06:42 AM

කතා කරලා වැඩක් නෑ අපේ කාලේ අපරාදේ.(හේ)

:       0       0

ජයනාත් Sunday, 06 December 2015 06:47 AM

අනේ කාලේ වනේ වාසේ. අර එදා වගේ තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගත්ත යුතුයි.(හේ)

:       0       0

රත්න Sunday, 06 December 2015 06:44 AM

මෙතරම් ආරක්ෂාවක් දාගෙන හිටියද?(හේ)

:       0       0

සනත් Sunday, 06 December 2015 07:02 AM

කොකාට වාරය නම් තිත්තයාට වාරය දැන් ඇවිල්ලා කොකාටත් තව වාරයක් අත ලඟ වගෙයි. (හේ)

:       0       0

ගාමිණී Sunday, 06 December 2015 07:02 AM

මොලේ පාවිච්චි කරලා වැඩකරන්න. පස්සට පසුතැවිලි වෙන වැඩ කරන්න එපා. කිසිම පක්ෂ බේදයක් නැතිව කිව්වේ.(හේ)

:       0       0

බන්දුල Sunday, 06 December 2015 07:04 AM

ආරක්ෂාව අඩු කරාට ප්‍රශ්නයක් නෑනේ. දැන් යුද්ධයක් මේ රටේ නෑනේ.(හේ)

:       0       0

නාරද Sunday, 06 December 2015 07:16 AM

මෙතන උඩ කමෙන්ට් දාල තියන ඔක්කොම මැරිල ඉපදිච්ච කට්ටිය ද කොහෙද ? (බ)

:       0       0

රත්නසිරි Sunday, 06 December 2015 07:27 AM

දේශපාලන පළිගැනීමකි (බ)

:       0       0

කාර්තික් Sunday, 06 December 2015 07:36 AM

‘‘අපේ පිපාසය දෙමළ ඊළමයි” උතුරේ පෝස්ටර් කියන ප්‍රවෘත්තියට කමෙන්ට්ස් දාන්නකෝ බලන්න (බ)

:       0       0

පෙරේරා Sunday, 06 December 2015 07:44 AM

අමෙරිකාවේ හිටපු ජනාධිපතින්ටවත් මෙච්චර ආරක්ෂාවක් නැහැ. 130කුත් වැඩියි, 10-20ක් හොඳටම ඇති. (බ)

:       0       0

තිස්ස තිලකරත්න Sunday, 06 December 2015 07:52 AM

හොඳ වෑයමක් (බ)

:       0       0

තිස්ස Sunday, 06 December 2015 07:57 AM

හොද වෑයමක් ...!!! (බ)

:       0       0

හිමාල් Sunday, 06 December 2015 08:00 AM

අනිත් අයට කරපුදේ හිටපු ජනාධිපති තුමාට කරන්න එපා එයා නිසා අපි නිදහසේ ජීවත් වෙනවා එයාගේ ආරක්ෂාව අඩු කරන්න එපා (බ)

:       0       0

ප්‍රභාත් Sunday, 06 December 2015 07:59 AM

අපේ වැඩේ හරිනේ. දැන් කොටි බයක් නැහැනේ අපිට. ලාංකිකයන්ගේ හැටි ඔන්න ඔහොමයි. වැඩිය කියන්නේ නැහැ. (බ)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 06 December 2015 08:00 AM

ඒ කියන්නේ 630ක් ඉඳලා තියෙනවා. ඒ තරම් ආරක්ෂාවක් මොකටද? මම කලින් දැනගෙන හිටියා නම් අදහසකින් හෝ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. (නි)

:       0       0

දසුන් Sunday, 06 December 2015 08:03 AM

හමුදාවත් ප්‍රතිසංස්කරණය කරලා, ත්‍රස්තවාදය ලංකාවෙන් තුරන්කරන්න තීරණය ගෙන බටහිරට යටත්නොවුණු එකම නායකයාව අපි අරක්ෂා කරගත යුතුයි (නි)

:       0       0

තිවංක Sunday, 06 December 2015 08:09 AM

හොඳ තීරණයක් (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Sunday, 06 December 2015 08:10 AM

ප්‍රමාදවෙලා හරි කළ හොඳ වැඩක් (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 06 December 2015 08:13 AM

පෙරේරා, ඇමරිකාවේ නෙමෙයි ලෝකයේ කොහෙවත් මහජන ඡන්දයෙන් ගෙදර යවපු කෙනෙකුට මෙවැනි හමුදාවක් දීලා තිබුනේ නැහැ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 06 December 2015 08:10 AM

ඔන්න ඔහේ ළගකදී විශ්‍රාම යන්න ඉන්න කොස්තාපල්ලා දෙන්නෙක් බැටන් පොලු දෙකක් එක්ක දීල දාන්න .ඒ හොදටෝම ප්‍රමාණවත් (බ)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 06 December 2015 08:12 AM

500 ක යුද හමුදා ආරක්ෂක බල ඇණියක් නඩත්තු කරන්නේ මොකෝ මහින්දගේ කුඹුරෙන් එන මුදලින්ද? (බ)

:       0       0

තිලක් Sunday, 06 December 2015 08:14 AM

මෙවැනි කොන්ද කෙලින් තියන් තීරණයක් ගන්න මාස 12ක් ගියානේ. මම නම් කියන්නේ 130 ගැනත් සලකල බලන්න කියලයි.(හේ)

:       0       0

ශාන් Sunday, 06 December 2015 08:31 AM

130ක්. මේක පොඩි ලංකාවද කියලා හිතෙනවා. 500ක් තියාගෙන හිටියා නම් විශ්‍රාම ගිහිල්ලා , ඉන්නකොට කොහොම ඉන්න ඇතිද? (හේ)

:       0       0

සමිර Sunday, 06 December 2015 09:00 AM

ඔය 130ත් වැඩි නැද්ද?(හේ)

:       0       0

කුමාර Sunday, 06 December 2015 09:03 AM

අපි හැමදාම එක තැන ඉන්නේ ඔය වගේ වැඩ නිසයි.(හේ)

:       0       0

එරංග Sunday, 06 December 2015 09:07 AM

මෙතුමාගේ ආරක්ෂාව අඩු කරන එක හරිද?(හේ)

:       0       0

වජිරපාල Monday, 07 December 2015 06:46 PM

ඉදිරියට මොනවා සිද්ධවෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

නවුෂි මහරුෆ් Sunday, 06 December 2015 09:11 AM

දෙයියෝ සාක්කි එකෙනෙක්ව රකින්න 500 ක්. ගිනස් පොතේ දාන්න වටින වැඩක් (බ)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 06 December 2015 09:22 AM

අවුලක් නැහැ..කොටි එළියට දාපල්ලා..ඊලම්වාදීන්ට ජනපති කළාට කලගුණ සලකපල්ලා..රටේ මරබිය නැතිකරපු, අපිට අපේ දරුවන්ට හෙටක් උරුම කරලා දීපු මේ මනුස්සයව කොහොම හරි මරා ගනිල්ලා..එතකොට ඔක්කොටම නින්ද යාවි..හැබැයි ඒ නින්දෙන් ඇහැරෙන්න වෙන්නේ ආයේ මුළු රටටම මරබියත් කැන්දන් කියල අමතක කරන්න එපා..(බ)

:       0       0

විමලසේන Sunday, 06 December 2015 09:26 AM

රැස්විම්වල හිටපු අය ගැන දැන්නෙ තේරෙන්නෙ.පන්සල් පිරෙන්න සෙනග.අනේ හොදයි. අපි ගෙවමු. (බ)

:       0       0

ධර්මසේන Sunday, 06 December 2015 09:27 AM

130 හොදටම ඇති චන්ද්‍රිකාට එච්චර දීල නැහැනේ (බ)

:       0       0

චරිත් Sunday, 06 December 2015 09:24 AM

ඇයි වැරදි යුද්දේ ඉවරයිනේ 130 හොදටම ප්‍රමාණවත් (බ)

:       0       0

අංගොඩ ලාල් Sunday, 06 December 2015 09:35 AM

හැම මන්ත්‍රී කෙනෙකුටම 130 ක පොලිස් ආරක්ෂාවක් ලැබෙනවද ? මොකද මහින්ද උන්නැහේ දැන් සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විතරයි නේද ? (බ)

:       0       0

රාමා Sunday, 06 December 2015 09:41 AM

කොටි ටික නිදහස් කරලා ආරක්ෂාව අඩු කරන්න විශේෂ හේතුවක් ඇති ඕව ජාතික අපරාධ (බ)

:       0       0

ගමගේ Sunday, 06 December 2015 09:47 AM

ගඩාපිට වෙච්ච දේ වෙනකන් අපේ අයට නින්ද යන්නේ නෑ. මම මේවගේ ගුණමකු සමාජයක සාමජිකයකුවීම ගැන කණගාටු වෙනවා.මතු කවදාවත් මේ මිනිස්සු ඉන්න මහත්ද්වීපයකවත් ඉපදෙන්න එපා.(හේ)

:       0       0

කේෂාන් Sunday, 06 December 2015 09:54 AM

අනවශ්‍ය වියදම් අඩු කරන එක හොඳයි.නමුත් එතුමාගේ ආරක්ෂාව ගැනත් සැලකිලිමත් වුනොත් හොඳයි.(හේ)

:       0       0

උදාර Sunday, 06 December 2015 10:23 AM

ත්‍රස්තවාදී තර්ජන ඇති හෝ නැති ලෝකයේ කිසිම රටක හිටපු ජනාධිපතිවරයකුට 130 කින් යුත් ආරක්ෂක බලඇණියක් නොමැත. අනෙක් අතින් මහින්ද රාජපක්ෂ මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමෙන් දක්වා ඇත්තේ තමාට හිටපු ජනාධිපතිවරයකුට ලැබෙන වරප්‍රසාද අනවශ්‍ය බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ඔහුට 130 කුත් වැඩියි. (නි)

:       0       0

රොහාන් Sunday, 06 December 2015 10:21 AM

යුද්ධය අවසන් වුණාට ගොඩක් දෙනාට හිතට අමාරුයි වගේ (නි)

:       0       0

රතන Sunday, 06 December 2015 10:31 AM

ජනපතිගෙයි අගමැතිගෙයි ආරක්ෂාව ඉවත් කළානම් කොපමණ හොඳද (බ)

:       0       0

දුමින්ද Monday, 07 December 2015 04:52 AM

තිලක් මහත්තයෝ ඔයා ඉන්නේ ඩුබායි මේක ලංකාව , කවදාහරි තමුන්ට ලංකාවට ඇවිත් බයක් සැකක් නැතුව ජීවත් වෙන්ට පුළුවන් වෙන්නේ මහින්ද මහත්තය යුද්දේ අවසන් කරපු නිසා , රටේ නායකයා හැටියට කොන්ද කෙලින් තියාගෙන තීරණයක් ගත්තේ නැත්තන් , ඔබතුමා අද ඩුබායි ඉදල කයිවාරු ගැහුවට , කවද හරි ඔබතුමාට එන්ට වෙන්නේ කොටි ඊළමක් සහිත ලංකාවකට (බ)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 06 December 2015 11:07 AM

පැන්ෂන් ගිය පොලිසි රාළහාමිලා දෙන්නෙක් දෙන්න .හොදටම ප්‍රමාණවත් (බ)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 06 December 2015 11:08 AM

ඡන්දයෙන් ගෙදර යවපු කෙනෙකුට ආරක්ෂාවට 630 ක් හමුදාවක් දෙනවා කියන එකම මොන තරම් අසාධාරණද? (බ)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 06 December 2015 11:04 AM

කේපීලට කිරි පොවපු නායකයන්ට කොටින්ගෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. (බ)

:       0       0

ඉමේෂ් Sunday, 06 December 2015 11:05 AM

ඔක්කොම අඩුකරත් කමක් නැහැ හැබැයි එතුමාට නිදහසේ ජීවත් වෙන්න දෙන්න ඕනේ. (බ)

:       0       0

ඇසළ Sunday, 06 December 2015 11:07 AM

පෙරේරා ඇමරිකාව කොළ පාටද රතු පාටද දන්නේ නැති නිසයි අහන්නේ. අමෙරිකාවේ හිටපු ජනාධිපති පෙරේරාගේ බාප්පද. මේක ලංකාව ඇමරිකාව නෙමෙයි. (බ)

:       0       0

චමල් Sunday, 06 December 2015 11:12 AM

යහපාලන පළිගැනීම්. මහින්ද ට නැති ආරක්ෂාව ඔය කාටවත් ඕන නැනේ. කව්ද තරහ ඉන්න උන් එක්ක. හැබැයි තිත්තයටත් වාරයක් එනවා කියල මතක තියා ගත්තොත් හොදයි. (බ)

:       0       0

සම්පත් Monday, 07 December 2015 05:18 AM

මේ ගණන් හිලව් ප්‍රසිද්ධ කරන්නේ ඇයි.(හේ)

:       0       0

මුණසිංහ Sunday, 06 December 2015 11:51 AM

මේ ඔක්කොටම අතීතය අමතකයි.(හේ)

:       0       0

තිලක් Sunday, 06 December 2015 12:02 PM

රට බේරාගත් සෙන්පතියාට කරන මෙවැනි දේවල් අනුමත කරන්නේ නෑ.(හේ)

:       0       0

තිලක් Sunday, 06 December 2015 12:23 PM

මෙවැනි දේවල් මහින්දට කරන දේවල් නෙවෙයි නිදහසේ ඉන්න ජනතාවට කරන දේවල් මේවට දේව දඬුවම් ලැබෙයි (බ)

:       0       0

කාර්තික් Sunday, 06 December 2015 12:46 PM

මෙතුමාව කී දෙනෙක් අද මරන්න බලන් ඉන්නවාද මෙතුමාට සෙබළු 500ක් නෙමෙයි 1500ක් දැම්මත් මදි (බ)

:       0       0

ප්‍රසන්න Sunday, 06 December 2015 01:54 PM

මම නම් හිතන්නේ මේ ප්‍රමාණය ප්‍රමාණවත් (නි)

:       0       0

දිල්ශාන් Sunday, 06 December 2015 02:12 PM

ඒ කරපු දේ හරි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 534 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 628 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2051 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1544 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1491 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1720 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24703 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23341 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 381 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site