IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මහින්දගේ උපන් දිනේට ජාතික කොඩියත් විකෘති කරයි

හිටපු ජනපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ජාතික කොඩියක් මල්වානේ සිට දොම්පෙට යෑමට හැරෙන හංදියේ ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

මෙය ජාතික කොඩිය විකෘති කිරීමක් යැයි ප්‍රදේශවාසීහු පවසති.

සිංහ කොඩියේ සිංහයාගේ කඩුවට ඉදිරියෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපය ඇතුළු කර ‘රටට උපන් දිනයක් ලබා දුන් ඔබට සුබ උපන් දිනයක්‘ යනුවෙන් මුද්‍රණය කර ඇත.

ජාතික කොඩිය විකෘති කළ නොහැකි බවත්, මේ සිද්ධිය ගැන සොයා බලන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

සිංහකොඩිය විවෘත කිරීම දඬුවම් ලැබිය හැකි බරපතල වරදක් බව ස්වදේශ අමාත්‍යංශය කියයි.

ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ජාතික කොඩිය භාවිතය පිළිබඳ රීති සංග්‍රහයේ දැක්වෙනුයේ කොඩිය කිසිම ආකාරයක විකෘති කළ නොහැකි බවයි.

කිසිදු ආකාරයක භාණ්ඩ හෝ වෙනත් ඕනෑම දෙයක්, ලාංඡනයක්, අකුරක්, රූපයක්, මෝස්තරයක්, පින්තූරයක් තැබීම නොකළ යුතු බව ද එහි සඳහන් ය.

(විකෘති කළ කොඩියේ ඡායාරූපයක් එසැණ සතුය.)



අදහස් (0)

මහින්දගේ උපන් දිනේට ජාතික කොඩියත් විකෘති කරයි

සංජීව Thursday, 19 November 2015 02:50 PM

මහින්ද මහත්තයාගේ මුහුණ දාපු එකේ වැරැද්දක් මම නම් දකින්නේ නැහැ (නි)

:       0       0

සමන් Thursday, 19 November 2015 02:51 PM

දැන් ඉතින් හැමදේම වගේ විකෘතිවෙලානේ තියෙන්නේ (නි)

:       0       0

රතන Friday, 20 November 2015 04:15 AM

තිලක් ඩුබායි ඔබ යුද්ධය තිබුණ කාලේ කොහෙද හිටියේ ලංකාවේ නෙමෙයිද මෙතුමා නොසිටියානම් අද දේශය දෙකඩ වෙලා මහත්තයෝ. එහෙනම් අපට අද උස්සන්න වෙන්නේ සිංහ කොඩියෙ නෙමෙයි එල්ටීටීඊ කොඩිය. විග්නේෂ්වරන් ඇයි අද ඉල්ලන්නේ අධි ආරක්ෂිත කලාප ඇයි නාගදීප නම වෙනස් කරන්න කියන්නේ (බ)

:       0       0

රඛිත් Friday, 20 November 2015 04:12 AM

රටට උපන් දිනයක් ලබා දුන් ඔබට කියලා කිව්වේ ජනවාරි 8 වෙනිදා ගැන වෙන්න ඇති. බොහොම සතුටුයි. (බ)

:       0       0

අජිත් Thursday, 19 November 2015 03:15 PM

බොරු වැඩ වලට කාලය නාස්ති කරන්න එපා.(හේ)

:       0       0

පතිරණ Friday, 20 November 2015 04:19 AM

ජාතික ගීයත් වෙනස්කළ එකේ ඕකත් මොකද්ද කියලා හිතෙනවා (නි)

:       0       0

මංජුලා Thursday, 19 November 2015 03:29 PM

සිංහයෙක් සිටින සෑම කොඩියක්ම ලංකාවේ ජාතික කොඩිය වන්නේ නැහැ,ඒ නිසා මෙහි කිසිම නිතිමය ගැටලුවක් නැහැ,(හේ)

:       0       0

ගාමිණි Thursday, 19 November 2015 03:41 PM

කවුරු හරි තරහට කළ වැඩක් වෙන්න ඕනේ.(හේ)

:       0       0

සොයිසා Thursday, 19 November 2015 03:43 PM

මේ ගැන කතා කළ යුතුයි.(හේ)

:       0       0

ධම්මි Thursday, 19 November 2015 03:50 PM

මේ ගැන සොයා බලන්න.(හේ)

:       0       0

විද්‍යා Thursday, 19 November 2015 03:49 PM

මේ සිද්ධිය හෙළා දැකිය යුතුයි.(හේ)

:       0       0

තිලංක Friday, 20 November 2015 04:28 AM

ජාතික කොඩිය කාගෙවත් බූදලයක් නෙවේ. මහින්ද කියන්නේ එක නායකයෙක් විතරයි. මේ වගේ බාල වැඩ නිසා රට අවුල් වෙන බව බොහෝ දෙනෙකුට වැටහෙන්න නෑ. (ස)

:       0       0

ධනුෂ්ක Friday, 20 November 2015 04:32 AM

තිලක් ඩුබායි, මම හිතන් හිටියේ ඔබ එක පැත්තක් අරගෙන කතාකරන කෙනෙක් කියල. නමුත් අද මම තේරුම්ගත්තා ඔබ ඇත්ත වටහාගෙන කතාකරන කෙනෙක් බව. කොහොමඋනත් රට යනවිදිහටනම් ජාතික කොඩිය සදහටම වෙනස් වෙයි වගේ. (ස)

:       0       0

ටෙනන් Friday, 20 November 2015 04:31 AM

මහින්ද සර්ට කොහොමහරි මඩගහන්න තමයි හදන්නේ. ඔව් ඉතින් යහපාලනයනේ. (ස)

:       0       0

රතන Friday, 20 November 2015 04:38 AM

තිලක් ඩුබායි නීතියට එතුමා හුඟක් ගරුකරනවා ඒක නිසයි එතුමා කොමිසමට නිහතමානීව පැමිණෙන්නේ (බ)

:       0       0

සුපුන් Friday, 20 November 2015 04:39 AM

කෝ ඔය කියන කොඩිය... සතියකට විතර කලින් මන් දැක්ක ගොඩක් අය ප්‍රංශ කොඩියට එයාලගේ මුණු ගෙන ඉන්නවා. ඒවත් ඇල්ලුවොත් මොකෝ? (ස)

:       0       0

රතන Friday, 20 November 2015 04:55 AM

තිලංක කවුරුත් දන්නවා ජාතික කොඩිය කාගෙවත් බූදලයක් නොවෙයි කියලා මේකත් හිතන්න ත්‍රිවිධ හමුදාව ඒවගේම සේනාධි නායකයන් පිරිවරා එඩිතර නායකත්වයක් දෙමින් මේ රට නිදහස් කරගන්න ශක්තියක් දුන්නා. මෙතුමා මෙවැනි දෙයක් කරන්නේ නැත. අනුබල දෙන්නේද නැත (බ)

:       0       0

නිලා Friday, 20 November 2015 05:07 AM

මේ සම්බන්ධව මහින්ද මහත්තයා දන්නේ නැතිව ඇති. (ම)

:       0       0

ජිනදාස Thursday, 19 November 2015 04:13 PM

එහෙනම් මෙහම වැඩක් කරමු කොඩියක් සදා, සිංහයෙක් ඇද සිංහ මූන වෙනුවට මහින්ද මහත්තයාගේ මූන දමා හතර පැත්තට දුවව හිවල්ලු යෙදූ කොඩියක් ... අරුත බලන ඔබ සතුය (බ)

:       0       0

ලක්මාල් Friday, 20 November 2015 05:16 AM

මේකනම් ඉතාම පහත වැඩක්... නමුත් අපේ රටේ ජාතික ගීය වෙන භාෂාවකින් ගයන්න මේ ඉන්න අය නායකයෝ අවස්ථාව දුන්න එකේ මේවා වෙන එක අහන්න දෙයක් නෑ (ම)

:       0       0

අසෝක Friday, 20 November 2015 05:25 AM

ඔය කොඩිය මහින්ද මහත්තයා ඇවිල්ලා දාපු කොඩියක් නොවෙයිනේ. කවුරුහරි මේ රටට කළ සේවය ගැන කෙළෙහිගුණ දන්න මනුස්සයෙක් කළ දෙයක්. හැබැයි ඕකටත් මහින්දව විශේෂ ජනාධිපති කොමිසමට ගෙන්වයිද මන්දා. අනේ කලේ වනේ වාසේ කිවුවලු. මේ කොසොල් රජුගේ සිහින 16 ම ඇත්ත වේගෙන යන කාලේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 20 November 2015 05:37 AM

මිනීමරු ප්‍රභාකරන් කළෙත් අසරණ දුප්පත් දෙමළ මිනිසුන්ගේ දරුවන්ගේ මොළ හෝදලා සයිනයිඩ් කරලක් බෙල්ලේ එල්ලලා මරාගෙන මැරෙන්න එවපු එකයි. අපේ සිංහල දේශප්‍රේමියත් කරන්නේ අසරණ මිනිසුන්ගේ මොළ හෝදලා දේශප්‍රේමි නාමයෙන් එදිරියට එවන එකයි. මේ දෙන්නගේ කිසිම වෙනසක් නැහැ. (බ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 20 November 2015 05:34 AM

මෙතන අදහස් දැක්කම "මොළ හෝදපු සම-හරක්" ඉන්න එක ගැන දුකත් හිතෙනවා. අපිට ලේ දෙන්න පුළුවනි. එ්ත් මොලේ දෙන්න බැහැනේ. (බ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 20 November 2015 05:35 AM

මහින්ද කියන්නේ සමහර මිනිසුන්ගේ වීරයෙක්. (බ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 20 November 2015 05:37 AM

මහින්දගේ මෙගා ගැහිලි ගැන හෙළි නොකිරීමයි මේ සියල්ලටම මුල.දැන්වත් කරන පරීක්ෂණයක් කරන්න ජෙනරාල්ව ඉදිරියට ගන්න. (බ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 20 November 2015 05:42 AM

රටක් නිදහස් කරගත්තට මදි. මිනිසුන්ගේ මොළත් පුනරුත්තාපනය කරලා යථා තත්වයට ගන්න ඕනෑ. (නි)

:       0       0

තිලංක Friday, 20 November 2015 05:43 AM

මේක එතුමාට ඇති ගෞරවයට කළ දෙයක් (නි)

:       0       0

කුමාර Friday, 20 November 2015 05:40 AM

අනේ හැබෑට මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

තිස්ස Friday, 20 November 2015 05:45 AM

මේ සම්බන්ධයෙන් කුමක පියරක් ගත්තත් මහින්ද මහත්තයට කරන්න දෙයක් නැහැනේ (නි)

:       0       0

ඔමිල Friday, 20 November 2015 05:47 AM

මෙහෙම දෙයක් කළා නම් ඒක වැරදියි (නි)

:       0       0

දීපිකා Thursday, 19 November 2015 04:15 PM

නාගදීපයේ නම වෙනස්කරනවා කියන අාරන්චියට පෙළපාලි ගිය අපේ හාමුදුරුවරු මේගැන මොකද කියන්නේ? (බ)

:       0       0

වික්ටර් Thursday, 19 November 2015 04:29 PM

දැන් එතකොට ප්‍රංශේත් නඩු දායිද දන්නේ නැහැ එයාලගේ ජාතික කොඩියට තම තමන්ගේ පින්තුර ඔබ්බවලා ෆේස් බුක් එකේ දාපු එකට. (බ)

:       0       0

ශානි Thursday, 19 November 2015 04:33 PM

ජතික කොඩියට මහින්ද මහතාගේ පින්තූරේ දානවනම් එය ඉදිරිපිට දැමිය යුතු පින්තූරෙ මතක් වෙනවා (බ)

:       0       0

එරික් ලොකුලියනගේ Thursday, 19 November 2015 04:38 PM

රට ඇතුළේ දැවෙන ප්‍රශ්න නැහැ. සියල්ලම සම්පූර්ණ වෙලා දැන් මිනිසුන්ට තියෙන ප්‍රශ්න මේවා තමයි (බ)

:       0       0

ජෝ - සෞදි Thursday, 19 November 2015 04:40 PM

සංජීව මහින්ද මහත්තයාගේ මුහුණ දාපු එකේ වැරැද්දක් මම නම් දකින්නේ නැහැ (අපි සිංහයව අයින් කරලා, මහින්ද මහත්තයව දාමු ) (බ)

:       0       0

තිලක් Thursday, 19 November 2015 05:18 PM

කුරිරු යුද්දයෙන් අපේ රට දිනවපු කෙනෙක්ව සිංහ කොඩියට දැමීම තමයි ලොකුම වරද නමුත් පසුගිය සතියේ උතුරු නැගෙනහිරදී සිංහ කොඩිවලින් පාපිසි මහල තිබුන ඒවාට කිසි කෙනෙක් කතා කරලා නැහැ අපේ ජාතියේ හැටි තමයි (ස)

:       0       0

සුසන්ත Thursday, 19 November 2015 05:36 PM

ඇමෙරිකාවේ බකිංහම් මාලිගෙන් ගෙනාපු රත්තරන් අස්පයෝ, ලම්බෝගිනි, භූගත මාලිගා, අැවන්ට් ගාඩ් වලින් පස්සේ රට්ටු රවට්ටලා තියන්න මේවගේ සුකුරුත්තන් ඕනනේ ඉතින්. මේවා ලොකු කරලා රට්ටු රවට්ටලා කිසිම වැඩක් නොකර බලන් ඉන්නයි තියෙන්නේ. ලංකාවේ මෝඩ ජනයාටත් වටින්නේ මේවගේ බොරු දේවල් මිසක් රටට දියුණුවක් වෙන වැඩක් නෙවෙයි. (ස)

:       0       0

රුවන් Thursday, 19 November 2015 05:43 PM

තිලක් පලාතම ගඳයි. පොඩ්ඩක් කට වහන්න. (ස)

:       0       0

ඩිමේෂ් Thursday, 19 November 2015 05:44 PM

උතුරේ එවුන් ජාතික ගී 2 ගානෙ කිව්වත් කාටවත් ගානක් නැහැ. ජාතික කොඩිය පාපිසි වලට දැම්මාට ගානක් නැහැ. ජඩ දේශපාලනේ. ප්‍රභාකරන් සමරනවා ඒවට කට නැහැ. කොන්ද පන නැති අාණ්ඩුවක්.(ස)

:       0       0

පහන් Thursday, 19 November 2015 05:43 PM

කුරගල දෙවනගල විකෘත්ති කල පුදබිම් ඒවත් නීතිය ක්‍රියාත්මක කොරන්ඩ ඕනේ ආයුබෝවන්ඩ මගේ ලග ඡායාරුප තියනවා .අනවසර ඉදිකිරීම් තුලින් පුදබිම් විකෘත්ති වෙලා . (ස)

:       0       0

විජිත් Thursday, 19 November 2015 05:56 PM

සමහරු හිතාගෙන ඉන්නේ එයා තවමත් ලංකාවේ ලොක්කා කියලා....මොනවා කරන්නද (ස)

:       0       0

චන්දි Friday, 20 November 2015 07:29 AM

එහෙනම් ජාතික ගිය දෙමළෙන් කියන්නේ ඒකටත් නඩු දාන්නකෝ (අ)

:       0       0

දුමින්ද Thursday, 19 November 2015 11:55 AM

මොකක්ද මේ දේ.(හේ)

:       0       0

යසරත්න Thursday, 19 November 2015 07:23 PM

යුද්ධය තියන කාලේ හැංගිලා ඉඳලා සමහරු දැන් මෙතන දාන අදහස් දැකලා අපිට නම් හිනාත් යනවා (නි)

:       0       0

ගුණවර්ධන Thursday, 19 November 2015 07:58 PM

අනේ මන්දා මේ දේවල් වලට‍ මොනවා කියන්නද කියලා (නි)

:       0       0

තිලකරත්න Thursday, 19 November 2015 08:02 PM

මෙය ඉතා බරපතළ වරදක් (නි)

:       0       0

දුමින්ද Thursday, 19 November 2015 08:30 PM

එතුමා මේ ගැන දැනුවත් නැතුව ඇති (නි)

:       0       0

කැටවල Thursday, 19 November 2015 08:35 PM

මහින්ද මහත්තයාට නම් ප්‍රශ්න වලින් ගැළවීමක් නැතුවා වගෙයි (නි)

:       0       0

පියදාස Thursday, 19 November 2015 12:13 PM

ඕක ඉතින් එතුමාගේ අනුදැනුම උඩ සිදුවුණා කියලා හිතන්න බැහැ නේද? (නි)

:       0       0

කිත්සිරි Thursday, 19 November 2015 08:58 PM

මහින්ද මහතාට මිනිස්සු තවමත් කොච්චර ආදරේද කියලා මේ සිදුවීමෙන් මට දැනුනා (නි)

:       0       0

විජේසුන්දර Thursday, 19 November 2015 12:27 PM

ආයෙත් වැරදි පාරේ යන්නද හදන්නේ? (නි)

:       0       0

රන්ජිත් Friday, 20 November 2015 06:35 PM

කලින් විශ්‍රාමගිය ජනපතිවරු මෙහෙම උපන්දින සමරා නැහැනේ. කවදාද මේවා නවතින්නේ? (නි)

:       0       0

වලව්ව Friday, 20 November 2015 08:32 AM

කමක් නැහැ අනේ යුද්දේ දිනන්නේ.. ජාතික කොඩිය මොකටද අපේ ආඩම්බරකාර තාත්ත කරපු සේවය කොඩියකින් මනින්න පුළුවන්ද? (ස)

:       0       0

රවි බණ්ඩාර Thursday, 19 November 2015 10:40 PM

මෙය මහින්ද කෙරෙහි ඇති දැඩි භක්තිය නිසා සිදුකළ වරදක්. මහින්දට දොස් නඟන්න එපා (නි)

:       0       0

කසුන් Friday, 20 November 2015 12:36 AM

ඩිමේෂ්, කරුණු හොයලා බලලා කතාකරන්න (නි)

:       0       0

සුනිල් Thursday, 19 November 2015 12:59 PM

ජාතික කොඩියට පමණක් නොව ජාතියටම වෙන්නට යන දේ ගැන අපි අවදියෙන් සිටිය යුතුයි (නි)

:       0       0

සුජීව Thursday, 19 November 2015 01:08 PM

ජාතිය සම්බන්ධ ප්‍රශ්න මොනවා වුණත් කොඩිය විකෘති කරන්න බැහැනේ සුනිල් (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Friday, 20 November 2015 01:27 AM

මේවට කලබලවන්න ඕනෑ නැහැ .මොන දුර්වලකම් තිබුනත් ජාතිය බේරාගත් එතුමාට අපකීර්තියට පත්වනසේ එතුමාගේ උපන්දිනය වෙනුවෙන් ආශිර්වාද කිරීම සඳහා නොමඟ ගිය පිරිසක් කළ වැඩක් බැවින් මෙය දුරදිග නොයවා මෙම කොඩිය ගළවන ලෙස පොලිසියට උපදෙස් දීම වටී (නි)

:       0       0

රංග Thursday, 19 November 2015 01:09 PM

අනේ අනේ! දැන් ඉතින් මේක තමයි ලොකුම වරද. (නි)

:       0       0

පියුමි Thursday, 19 November 2015 01:13 PM

මේ සම්බන්ධ වැරදිකරුවන්ට දැඩි දඬුවම් දෙන්න (නි)

:       0       0

තුසිත Thursday, 19 November 2015 01:10 PM

මොනවද මන්දා මේවා? (නි)

:       0       0

ලෙහාන් Thursday, 19 November 2015 01:24 PM

දැන් ඉතින් ඒකත් වැටෙන්නේ මහින්ද මහත්තයාගේ ගිණුමටනේ (නි)

:       0       0

ඔමිල Thursday, 19 November 2015 01:28 PM

හොඳින් සොයාබලා සාධාරණ තීන්දුවක් දෙන්න (නි)

:       0       0

ජගත් Friday, 20 November 2015 01:49 AM

මම මහින්ද සරණන් ගච්චාමි කෙනෙක් නොවෙයි. නමුත් ඔබට මතක් කළයුතු දෙයක් තිබෙනවා. ජාතික කොඩිය සහිත පා පිස්නයක් හදලා උතුරේ වෙළඳ සලක විකුණලා තිබුණා. ඒකට මොකද වුණේ? ඒවාට මොකුත් විවේචන නැහැ. ඒවා වැරදි නෙමෙයිද? (නි)

:       0       0

අල්විස් Thursday, 19 November 2015 01:25 PM

මේවා සමහරුන්ට නම් ඉතින් ලොකු වැරදි නෙමෙයිනේ (නි)

:       0       0

ජයසිංහ Thursday, 19 November 2015 01:29 PM

දරුණු වැරැද්දක් මහින්ද මහතා සිදුකොට ඇත. රටේ නීති පැනවෙන්නේ අසරණ ජනතාවට පමණද? කාටත් පොදු නීතියක් තිබිය යුතුයි. (නි)

:       0       0

කිරන් Friday, 20 November 2015 02:05 AM

අපි මේ ප්‍රශ්නය දෙස සාවධානව බැලියුතුයි නේද? (නි)

:       0       0

යසීර් Thursday, 19 November 2015 01:33 PM

මේවා නම් අනුමත කරන්න බැහැ (නි)

:       0       0

ඇලෙක්ස් Friday, 20 November 2015 02:11 AM

ජාතිය බේරාගත් වීරයාට අපහාස කරන්න එපා (නි)

:       0       0

යසපාල Thursday, 19 November 2015 01:35 PM

රටම දිනලා දුන්නා මදිද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 19 November 2015 01:39 PM

ඇයි එයාට නීතිය අදාළ වෙන්නේ නැහැ කියලා හිතාගෙනද වැඩකරලා තියෙන්නේ? (නි)

:       0       0

මාලික Friday, 20 November 2015 02:25 AM

දැන් මේකට මොකක්ද කරන්නේ? (නි)

:       0       0

සම්පත් Thursday, 19 November 2015 01:59 PM

මතක තියාගන්න. අද ජාතික කොඩියක් තියෙන්නෙත් මහින්ද,ගෝඨා ඇතුළු රණවිරුවෝ නිසා කියලා. (නි)

:       0       0

සම්පත් Friday, 20 November 2015 03:02 AM

දේශපාලනය කෙසේවෙතත් ඒ මනුස්සයා නොසිටින්න විකෘතියක් කරන්නවත් කොඩියක් ඉතුරුවෙන්නේ නැහැ. අනෙක ගම්වල මිනිසුන්ගේ කළගුණ සැළකීම නැති කරන්න බැහැ. කියන හොරකම් ඔක්කොම ඇත්ත වුණත් ඒ මනුස්සයා ඊටවැඩිය වටිනවා (නි)

:       0       0

පාලිත Friday, 20 November 2015 03:07 AM

මට නම් ජාතික කොඩියේ සිංහයා වෙනුවට මහින්ද දැම්මත් කමක් නැහැ. මොකද රට බේරාගත් නායකයානේ. සිංහයාගෙන් පිළිබිඹුවෙන තේජස, ජවය, නිර්භීතකම නොසැළෙන නායකත්වයක් තිබෙන බව ඔප්පු කළ නායකයෙක් මහින්ද (නි)

:       0       0

සුපුන් Thursday, 19 November 2015 02:10 PM

දැන් ඉතින් අපේ අයට මේක රටේ ලොකුම දැවෙන ප්‍රශ්නය වෙයි (නි)

:       0       0

චානක Friday, 20 November 2015 03:20 AM

විකෘති කරන්නවත් අපිට කොඩියක් ඉතුරුකරලා දුන්නේ එතුමා (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 20 November 2015 03:23 AM

ඉතිං මේ යන ආකාරයට ගියහොත් පොළවෙන් අඩි 6 ක් යටට පැන සැඟවීමට සිදුවනුයේ මහින්ද ගේ අඩිපාරට බට මෛත්‍රීට නොව ඔහු ගැන අනන්ත අප්‍රමාණ විශ්වාසය තැබූ ජනතාවට ය......(ස)

:       0       0

කිරන් Thursday, 19 November 2015 02:17 PM

හැමදේටම මහින්ද මහත්තයාවම අල්ලගෙන හරියන්නේ නැහැනේ (නි)

:       0       0

ප්‍රියාන් Thursday, 19 November 2015 02:25 PM

වෙන කවුරුහරි කරන හැම වැරැද්දක්ම මහින්ද මහතාගේ අනුදැනුම ඇතුව වෙනවා කියන්න බැහැනේ. (නි)

:       0       0

යසරත්න Thursday, 19 November 2015 02:22 PM

අපේ මහින්ද මහත්තයා මේ ගැන මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)

:       0       0

ඉන්දු Friday, 20 November 2015 03:29 AM

මම නම් මොන වැරැද්දක් තිබුණත් මහින්ද මහත්තයාට වචනයක්වත් කියන්නේ නැහැ (නි)

:       0       0

දහම් Thursday, 19 November 2015 02:28 PM

අපේ සමහරුන්ට ජාතියට වෙන දේ පෙනෙන්නේ නැහැ. කොඩිය තමයි ඕනෑ (නි)

:       0       0

ලාලිත Friday, 20 November 2015 03:36 AM

මහින්ද මහතාට පින්සිද්ධ වෙන්න අපේ ජාතික කොඩිය තවම තිබෙනවා (නි)

:       0       0

දයා නන්දසිරි Thursday, 19 November 2015 02:39 PM

ඔන්න ඒ ගමන තව වැඩක් අහුවුණා... (නි)

:       0       0

උමේෂා Friday, 20 November 2015 03:42 AM

අනේ මන්දා මහත්තයෝ මේවා! (නි)

:       0       0

විජයබාහු Thursday, 19 November 2015 02:51 PM

අපිට ඇති ලෝකයක් විතර ප්‍රශ්න අමතක කරවන්න මේවා හොඳයි (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 20 November 2015 03:48 AM

පාලිත, අනේද කියන්නේ කිව්වලු? (නි)

:       0       0

පරාක්‍රම Thursday, 19 November 2015 02:51 PM

මෙහි අදහස් දමා ඇති බොහෝ දෙනෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ පවතින නීතිරීති ගැන කිසිත් නොදැන එසේත් නැත්නම් කිසිත් නොතකා තමන්ගේ යටි අරමුණු එළියට දමා ඇති බවයි පෙනෙන්නේ. නීතියට පටහැනිව ක්‍රියාකරන අයට නීති මඟින්ම දඬුවම් දියයුතුයි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 20 November 2015 03:52 AM

රටක නීතියේ ආධිපත්‍ය බිඳවැටෙනකොට ඔවැනි දේවල් තව තවත් අහන්න දකින්න පුළුවන් වේවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2771 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2363 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2940 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5857 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1972 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6668 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18613 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 146 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site