IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


මහින්දගේ කටඋත්තරය සුවිශේෂ සිද්ධියක්

ශ්‍රි ලංකාවේ හිටපු  ජනාධිපතිවරයකුගෙන් ප්‍රශ්න කර  කටඋත්තරයක් ලියා ගත්    ප්‍රථම අවස්ථාවට මහින්ද රාජපක්ෂ හිටපු ජනපති  මුහුණ දුන් බව බරපතල වංචා  දුෂණ විමර්ශන කොමිසමේ  ලේකම්  ලැසිල් ද සිල්වා  මහතා  පැවසුවේය.

හිටපු  ජනපති  මහින්ද රාජපක්ෂ මහතාගේ  ළඟට  කොමිසමේ නිලධාරින්  යවා  ප්‍රකාශයක්  ලබා  ගැනීම ද බරපතල වංචා  දුෂණ සෙවීමේ  විශේෂ ජනාධිපති  පරික්ෂණ කොමිසම ලැබු විශිෂ්ට ජයග්‍රහණයක්  බවද ඔහු  කීවේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ  ස්වාධින රූපවාහිනි  සේවය ඔස්සේ  ප්‍රචාරය කිරිමට  ගිවිසගත්  දැන්වීම්  වලට  වඩා  රුපියල්  කෝටියකට  අධික දැන්වීම්  ප්‍රචාරය කොට ඒ  වෙනුවෙන්  ගෙවිය යුතු  මුදල්  නොගෙවීමත් ස්වාධින රූපවාහිනි සේවයට පාඩු  කිරිමේ සිද්ධිය   ගැන ඔහුගේ ළඟටම ගොස් ප්‍රකාශයක්  ලබා  ගැනීම පිළිබඳව කළ විමසිමකට  පිළීතුරු දෙමින්  ඔහු  ප්‍රකාශ කළේය.

තම නිලධාරින්ට  අවශ්‍ය වී  ඇත්තේ  හැකි  ඉක්මණින්  මෙම සිද්ධියට  අදාළ විමර්ශන කටයුතු  අවසන්  කිරිම යැයි කී  ලේකම්  ලැසිල් ද සිල්වා  මහතා  මේ තත්ත්වය හේතුවෙන්  කොමිසමේ  නිලධාරින්  නම්‍යශිලි  ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් රාජපක්ෂ මහතාගේ නිවසට  ගොස්  ප්‍රකාශ  ලබා ගැනීමට  පියවර  ගත්තේ ගත් බව සිල්වා මහතා කියා සිටියේය. 



අදහස් (0)

මහින්දගේ කටඋත්තරය සුවිශේෂ සිද්ධියක්

වින්සන්ට් Friday, 25 September 2015 06:11 AM

පිවිතුරු යහපාල මහත්මයා ඉඳහිටවත් නිවැරදි දෙයක් ප්‍රකාශ කරන එක සතුටට කරුණකි. (අ)

:       0       0

පෙරේරා Thursday, 24 September 2015 05:17 PM

හරියටම බලනවා නම් 1977 සිට බැලිය යුතුයි. (නි)

:       0       0

අනිල් Friday, 25 September 2015 06:30 AM

දැන් ඉන්න ගොඩාක් කාලකන්නින්ට මෙතුමගේ අගේ තෙරෙන් නෑ. මුන්ව බස් බෝම්බෙකටවත් අහුවෙල පවුල් පිටින් මැරිලා යන්න තිබුනේ (බ)

:       0       0

ස්මිත් Thursday, 24 September 2015 08:43 AM

දෙකට නැමිලද ගියේ (ම)

:       0       0

සජිත් Friday, 25 September 2015 07:09 AM

මේ ගෙවෙන්නේ රාජපක්ෂවරුන් දඩයම් කරනා යුගයයි.(ම)

:       0       0

සනත් Friday, 25 September 2015 07:19 AM

රජයේ දේපොළ අවභාවිතයට දඩුවම් ලබා දිය යුතුයි (අ)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 25 September 2015 07:23 AM

ගුරුතුමා හිටගෙන සුළුදිය බාන් විට ගෝලයෝ දුවමින් ඒ වාදය කරන බව කවුරුත් දන්නා දෙයක්. මෙවැනි වැරදි නිවැරදි කර ගැනීම අනාගතයට හොඳ ආයෝජනයක්. (අ)

:       0       0

පෙරේරා Thursday, 24 September 2015 06:51 PM

ජයලත්, ඔබ නීතිය වරදවා තේරුම් අරන්. ලංකාවේ ජනාධිපතිවරයෙකුට සේවයේ සිටිද්දී නඩු දමා අධිකරණයකට කැඳවිය නොහැකි නමුත් සේවයෙන් පහවීමෙන් පසුව සේවා කාලය තුළ සිදූ වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් නඩු දමා දඬුවම් දීමට පුළුවන්. (නි)

:       0       0

පද්මිණි Thursday, 24 September 2015 06:55 PM

හිටපු විධායක ජනාධිපති කෙනෙක් පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රී කෙනෙක් වුණේ ලෝකයෙන්ම පළමු වතාවට නේද? (නි)

:       0       0

එරංග Thursday, 24 September 2015 09:32 PM

නීතිය සියල්ලන්ටම පොදු වියයුතුයි (නි)

:       0       0

එස්.කල්පගේ Thursday, 24 September 2015 10:20 AM

මෙහෙමත් විහිළු මේ රටේම විතරයි (බ)

:       0       0

ගමගේ Thursday, 24 September 2015 10:27 AM

මේවා කියන්නේ කවුද (බ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 24 September 2015 11:59 PM

ජයලත්, 19 වන සංශෝධනයෙන් පස්සේ ගොඩක් දේවල් වෙනස් වුණානේ (නි)

:       0       0

ට්‍රයල් Thursday, 24 September 2015 10:39 AM

වැරදිකාරයා උනොත් සිරගෙයත් ගෙදරටම ගෙනියමු ආයුබෝවන් (ම)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Thursday, 24 September 2015 10:45 AM

ඔය වගේ වංචාවලට සම්බන්ධයි කියන, ඒ වගේම විවිධ ආයතනවලට පොලු තිබ්බයි කියන අයගේ තරාතිරම නොබලා වහාම විමසා, වරදකරු නම් සුදුසු දඬුවම් දීම නීති ගරුක රටක පාලකයන් විසින් කළ යුතුමයි. කොහොම උනත් එයා කොමිසමට නොපැමිණ, කොමිසම එයා ලඟට ගිය එක නම් "විමර්ශන කොමිසමට" කරපු අපහාසයක්, නින්දාවක් ලෙස සියලුම නීති ගරුක ජනතාව විසින් හෙළා දකින බව නොකියාම බැරිය.... (බ)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Thursday, 24 September 2015 10:48 AM

මෙයා කරපු එක රටේ නීතියට එකගද, පටහැනිද කියා අධිකරණය විසින් විමසා බැලිය යුතු වෙනවා !! (බ)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Friday, 25 September 2015 01:02 AM

ජයලත් මහත්තයා, නීතිය දන්නේ නැහැ වගේ. ඔය කියන දේ වලංගු තනතුරේ ඉන්නතුරු පමණි. (නි)

:       0       0

විජේදාස Thursday, 24 September 2015 11:09 AM

නීතිපති මොනවා කියයිද දන්නේ නැහැ (බ)

:       0       0

සත්‍යයා Friday, 25 September 2015 01:38 AM

බොරු ආඩම්බරයට සමහරු රැවටුනාට යහපාලනයක් මෙවැනි අය ඉදිරියේ දණගැසිය යුතු නැහැ. (නි)

:       0       0

සිරි Friday, 25 September 2015 01:47 AM

ජයලත් මහත්මයා,දැන් එයා මන්ත්‍රී කෙනෙක්! (නි)

:       0       0

රෝහණ Friday, 25 September 2015 02:25 AM

ජයලත්, දැන් එයා හිටපු ජනාධිපති නෙමෙයිනේ (නි)

:       0       0

අශෝක Friday, 25 September 2015 12:23 PM

ගෙදරට ගිහින් කට උත්තරය ගැනීමම නීතිය බාල්දු කිරීමක්,ඕව කළා කියල ඇති වැඩක් නැනේ,අවසානය අමු වැරදි කාරයෝ නිවැරදි වීමයි,මේ ආණ්ඩුවත් ලොකු බොරුවක් තමා මේ ජනතාව රවටමින් කරන්නේ. මහින්ද ඇතුළු හොරු 40 යහතින් වැජඹෙයි,හැමදාම.එයි අවසානය, (බ)

:       0       0

ජයලත් Thursday, 24 September 2015 01:04 PM

හිටපු ජනාධිපතිවරයෙකුට ධූර කාලයේදී කළ කිසිම දෙයකට නඩු පැවරිය නොහැකි බව ව්‍යවස්ථාවේ තිබෙනවා නේද? (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 24 September 2015 01:18 PM

මේ වැඩ ගැන දැන් හැමෝම දන්නවා. (නි)

:       0       0

කුමාර් Thursday, 24 September 2015 01:21 PM

අප රටේ ගැළවුම්කරුවා එතුමාය (නි)

:       0       0

සොයිසා Thursday, 24 September 2015 02:18 PM

සමහර අයට හරි අමාරුයි නේද මහින්ද නීතියට අනුව ප්‍රභාකරන් මැතිතුමාව ඝාතනය නොකරපු එකට. (බ)

:       0       0

සෝමා රාජපක්ෂ යටියන Thursday, 24 September 2015 02:24 PM

ඉදිරියේදී නඩුකාරයොත් ගෙදරට ගිහින් නඩුව අහයිද?වැරදිකාරයා උනොත් හිරගෙදරත් ගෙදරමද? (බ)

:       0       0

හර්ෂ Friday, 25 September 2015 03:12 PM

මේවා ගොන් පාර්ට්, මොකද ඔය දැන්වීම් මහින්ද කියල දාපුව නෙමේ. (අ)

:       0       0

පිවිතුරු යහපාල Friday, 25 September 2015 04:15 AM

පොඩ්ඩක් හිතන්න මහත්තයෝ . මහින්ද මහත්තය මේ සල්ලි ගෙවල දැම්මොත් ඊට පස්සේ ඒ ගෙවපු සල්ලි ආවේ කොහෙන්ද කියල හොයන්න ගන්නවනේ. නැත්තන් මහින්ද මහත්තයට මේක ගෙවන එක මම හිතන්නේ බොහොම සුළු දෙයක් කියල. (අ)

:       0       0

දහම් Thursday, 24 September 2015 03:41 PM

රනිල්ගේ දැන්වීම්වලට සල්ලි ගෙවල නැත්නම් එයාද වගකිවයුතු. නැත්නම් සිරිකොතද. (බ)

:       0       0

පෙරුමාල් Thursday, 24 September 2015 04:13 PM

අයිසෙ කොමසාරිස්, මගෙනුත් කටඋත්තරයක් ඕනනම් කලින් දන්වල ගෙදරට එනවලා (බ)

:       0       0

කීර්ති Friday, 25 September 2015 05:41 AM

මේ අය රෙදි ඇඳගෙනද දන් නෑ ගියේ (අ)

:       0       0

මොහොමඩ් Thursday, 24 September 2015 04:40 PM

කුමාර්, ඔබ හරි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 842 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 751 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 158 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1021 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 203 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1211 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site