IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මහින්දගේ කන්තෝව අරී : විමලුයි ප්‍රසන්නයි නෑ

හිටපු ජනපති  මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන මෙහෙයුම්  කාර්යාලයක්  බත්තරමුල්ලේ දී  අද (12)  පෙරවරු 9.26 ට  යෙදුණු  සුබ මොහොතින්  විවෘත කැරිණි.

මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් වැඩියෙන්ම පෙනී සිටින හිටපු ඇමැති විමල් වීරවංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහත්වරුන් එම අවස්ථාවට පැමිණ සිටියේ නැත.

මන්ත්‍රී පද්ම උදය ශාන්ත කීවේ වීරවංශ මහතා විදේශ ගතව ඇති බවයි.

බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියේය. මීට පෙර ඇමැති විමල් වීරවංශ ප්‍රසිද්ධියේ බැසිල් රාජපක්ෂ විවේචනය කළේය.

MR_20162124 MR_20162124-2 MR_20162124-3 MR_20162124-4

MR_20162124-5



අදහස් (0)

මහින්දගේ කන්තෝව අරී : විමලුයි ප්‍රසන්නයි නෑ

තිලක්-ඩුබායි Friday, 12 February 2016 06:41 AM

පන්සල් නැතිව ඕනේ තැනක දේශපාලන මෙහෙයුම් කාර්යාලයක් පටන් ගත්තට අපිට කමක් නැහැ.අපේ නිර්මල බෞද්ධ ධර්මය තවත් චිරාත් කරලයක් ලංකාවේ පවතින්න ඕනේ. (ම)

:       0       0

සාලිය Friday, 12 February 2016 10:49 AM

ඕවා කළාට වැඩක් නැහැ.(හේ)

:       0       0

බන්දුල පෙරේරා Friday, 12 February 2016 02:41 PM

යකඩෝ.. මොකද මේ කට්ටිය මෙතුමාට මෙච්චර බය..ජන්ධිපතිවරනෙත් පැරදිලා මහා මතිවරනෙනුත් පැරදිච්ච ශ්‍රී ලංකා එකේවත් කිසි බලයක් නැති මෙතුමාගේ දේශපාලනය ගැන කට්ටියගේ හිත්වල තියෙන බය දැක්කම පුදුමත් හිතෙනවා..(කෞ)

:       0       0

නිම්මි Friday, 12 February 2016 03:11 PM

මේ රටේ කාලකන්නින්ට තව දුක් විදින්න වෙන්න ඕනේ. ගුණයක් නැති ජාතියක්. ඔබට දිගායු මැතිදුනි.(කෞ)

:       0       0

ලුවිස් Saturday, 13 February 2016 01:32 AM

මහින්දට ජයවේවා! (නි)

:       0       0

චන්දන Saturday, 13 February 2016 08:46 AM

රටට ,ජාතියට ආදරේ සියලුම දෙන පක්ෂ බේද නැතිව මෙතුමා සමග එකතු වියයුතුයි (බ)

:       0       0

චන්දන Saturday, 13 February 2016 08:47 AM

බෝක්කුවක්වත් හදා ගන්න බැරි යහපාලනය (බ)

:       0       0

චන්දන Saturday, 13 February 2016 08:48 AM

ඔබ අපිට රජෙකි (බ)

:       0       0

චන්දන Saturday, 13 February 2016 08:51 AM

මේ රටේ කෙලෙහි ගුණ නොදත් පිරිසක් සිටි,,උන් තමන්ගේ අම්මවත් අමතක කරන ජාතියේ අය (බ)

:       0       0

චන්දන Saturday, 13 February 2016 09:05 AM

මහින්දට ජයවේවා අපි ඔබ සමඟයි (ම)

:       0       0

නිශාන්ත Friday, 12 February 2016 04:04 PM

මම කිව්වේ දේශපලනඥයාගේ සොබාවය . ඒවගේම අපේ සොබාවය. මිස ශේප් නියාය නොවේ (කෞ)

:       0       0

ප්රෙදීප් Friday, 12 February 2016 07:09 AM

මහින්දට දේශපාලනය කිරීමට අයිතියක් ඇත. එහෙත් ඔහුගේ පරමාර්ථය පැහැදිලි නැත. මෙම ආණ්ඩුව රටේ ආර්ථිකය නිසි මගකට සෙමින් උවත් ගන්නා බවක් පෙනේ. (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Friday, 12 February 2016 07:20 AM

කව්රු තෙපර බෑවත් ඔබ වගේ වීරයෙක් ආය අපට ලැබෙන්නේ නැහැ. මොන පක්ෂයෙන් ආවත් අපි හැමදාම ඔබ සමගයි. ජය වේවා.! (ර)

:       0       0

සමන් Friday, 12 February 2016 04:36 AM

කාගෙන්ද නැකත ගත්තේ ? ගාල්ලේ සුමනදාස ගෙන්ද?(ම)

:       0       0

මාලන් Friday, 12 February 2016 12:06 PM

අනේ මහත්තයෝ ..ඔය කන්තෝරුව බෝගම්බරම විවෘත කළානම් නේද හොඳ ..යන්න එන්නත් පහසුවේවිනේ. හැබැයි ඉතින් මාංචු පිටින් තමයි වැඩ කරන්න වෙන්නේ. (බ)

:       0       0

ජිත් Friday, 12 February 2016 07:34 AM

මහින්ද වට පෙළගැසෙන ජනයා ඉල්ලා සිටිය සංකේතාත්මක ස්ථාවරය පටන් ගැනුනුනා. (ර)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Friday, 12 February 2016 07:36 AM

ඔබ තුමාට අබ සරණයි කියල තමයි කියන්න තියෙන්නේ. (ර)

:       0       0

තාරා Saturday, 13 February 2016 03:38 AM

පැරදිලා පැන්ෂන් එකෙන් කකා ඉන්නේ නැතුව,තාමත් බලයට එන්න හදන්නේ අපිට තියෙන ආදරේටද (බ)

:       0       0

නිලංග Friday, 12 February 2016 07:36 AM

ජීවිතේට ආයෙ දිනන්න ලැබෙන්නෙ නෑ. (ර)

:       0       0

සේමිණි Friday, 12 February 2016 04:43 AM

අනේ මිනිසුන්ගේ තණ්හාවක මහත (ම)

:       0       0

දුමිදු Friday, 12 February 2016 07:39 AM

මොනවා කිව්වත් යහපලානේ හොඳයි. කට්ටිය බයවෙලා මහින්ද මහත්තයව ෆෝරම් කරනවා වගේ පේනවා. (ර)

:       0       0

උපාලි Friday, 12 February 2016 04:53 AM

ජය වේවා .අනාගත බලාපොරොත්තුව ඔබයි (ම)

:       0       0

රන්ජනී Friday, 12 February 2016 05:19 PM

මෙතුමන් නැත්නම් ලක්දිව තවමත් බෝම්බ පිපිරෙනවා (නි)

:       0       0

කමල් Friday, 12 February 2016 04:55 AM

තවම බලය නැවත ලබාගැනීමට දැඩි තණ්හාවෙන් සිහින දකිමින් සිටී මෙය සැබෑ නොවන්නකි මෙයින් සිදුවන්නේ දේශපාලන මඩවගුරේ තවත් අතරමං විමයි (ම)

:       0       0

අසංක Friday, 12 February 2016 04:57 AM

ජය ජය වේවා මැතිදුනි ! අපගේ උණුසුම් සුබ පැතුම් ! (ම)

:       0       0

ගයාන් Friday, 12 February 2016 04:50 AM

මේ රටේ ප්‍රදාන පක්ෂ දෙක හැර වෙන කිසිවෙකුටවත් අනාගතයක් නැත . (ම)

:       0       0

විජය Friday, 12 February 2016 04:52 AM

ජයවේවා ! (ම)

:       0       0

චන්දන අබේසේකර Friday, 12 February 2016 05:09 AM

ජයවේවා අපි ඔබ සමඟයි (ම)

:       0       0

ඉසුරු Friday, 12 February 2016 05:13 AM

මතක තියාගන්න, මහින්ද කියන්නේ තෙම්පරාදු බතක් වගේ. බැදෙන්න බැදෙන්න ඈතට සුවඳයි… කටට රසයි….. (නි)

:       0       0

හමීඩ් Friday, 12 February 2016 05:15 AM

අනේ මෙහෙම තණ්හාවක්! උපාලිලා වගේ අය ඉතින් හැමදාම අනුන්ට ජයවේවා කිය කියා ඉඳියි (නි)

:       0       0

අසෝක Friday, 12 February 2016 08:04 AM

බල තන්හාව උපරිමයට ඇවිත් දැන්.(හේ)

:       0       0

අසෝක Friday, 12 February 2016 08:11 AM

ඒ කියන්නේ මහින්ද මහත්තයා අලුත් පක්ෂයක් හදනවා කියන එකනේ.(හේ)

:       0       0

ඉන්දික Friday, 12 February 2016 05:12 AM

බල තණ්හාව තවම ඉවර නැහැ වගෙයි. (නි)

:       0       0

මොහාන් Friday, 12 February 2016 08:12 AM

බොරු වැඩ.(හේ)

:       0       0

සංජීව Friday, 12 February 2016 05:13 AM

ගයාන්, ඔබේ මතය වැරදියි. ඔබ කියන දේශපාලනය කල්පැන ගිහින්. දැන් ජනතාව දන්නවා පක්ෂ තීන්දු ජනතාවට පිහිටක් නැහැ කියලා. පුද්ගලයායි වැදගත්. හැමෝටම බලාගන්න පුළුවන් ප්‍රාදේශීය සභා ඡන්දෙදි (නි)

:       0       0

සුමනසිරි Friday, 12 February 2016 08:13 AM

බල තණ්හාව නැති නිසා වෙන්න ඇති විපක්ෂයේ පොදු අපේක්ෂකයා වුනේ.(හේ)

:       0       0

සජිත් Friday, 12 February 2016 08:14 AM

නියම කට්ටිය තමයි ඇවිත් තියෙන්නේ.(හේ)

:       0       0

අමිත් Friday, 12 February 2016 08:07 AM

පුදුමයි ඒ දෙන්නා නැති එක.(හේ)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Friday, 12 February 2016 05:25 AM

අන්න එහෙම කරන්න, බොරුවට පාරම් බාන්නේ නැතුව වෙනම පක්ෂයක් හදනවා කියා කියා. පුලුවන් නම් ඔබතුමා වෙනම ඡන්දෙකට වෙන පක්ෂයකින් ඉල්ලලා දිනලා පෙන්වන්න. (නි)

:       0       0

ආරච්චිගේ Friday, 12 February 2016 06:22 PM

අපි මේවට කලබල වෙන්න අවශ්‍ය නැහැ (නි)

:       0       0

සමන් Friday, 12 February 2016 05:25 AM

සෙමිනි, කමල්, ගයාන්, හමීඩ්, එතුමාගේ වැඩක් එතුමා කරගනී. ඔයාලා ඔයාලගේ වැඩක් බලාගන්න. මොකද යමෙක් දේශපාලනය කරනවද නැද්ද කියන එක එයාගේ තීරණයක්. ඔයාල ඒ ගැන වද නොවී තමන්ගේ දියුණුවට වැඩක් කරගන්න (නි)

:       0       0

නන්දලාල් Friday, 12 February 2016 08:09 AM

මොන වගේ දේශපාලු මෙහෙයුම් කරන්නද මේක අටවා ගත්තේ ?(හේ)

:       0       0

මොරවක Friday, 12 February 2016 06:31 PM

එයාලා වෙලාවට එයි (නි)

:       0       0

මේනක Friday, 12 February 2016 05:19 AM

ඕනා කාර්යාලයක් අටවා ගත්තාට කමක් නැහැ. ගෙදර වැඩකාරයාටත් අසවල් වෙලාවේ පාරේ යන්න ඕනෑ කියලා ඇතුල්කෝට්ටේ හන්දිය වහන්න නම් එපා. අපි උදේ සවස වැඩට යනවා. (නි)

:       0       0

වරුණ Friday, 12 February 2016 05:19 AM

අපගේ උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

මහින්ද Friday, 12 February 2016 08:18 AM

මේකට තමයි කියන්නේ බල තණ්හාව කියලා (බ)

:       0       0

සිරි Friday, 12 February 2016 05:26 AM

පන්සලේ තිබුන මෙහෙයුම් කාර්යාලයට මොකද වුණේ? ඔය අළුත් තැන හදිසියකට පින්තූරෙකට පෙනී සිටින්න සුදුසු තැනක්ද? (නි)

:       0       0

රටගෙදර Friday, 12 February 2016 08:19 AM

වසන්ත රත්නායක, ඔබට ඕන මහින්දව අායි ගෙනල්ල රටේ ඉතුරු ධනයත් ඒ කට්ටියගේ පොත්පත්වල දාල දෙන්ඩද ? ඔය ගැති මානසිකත්වයෙන් මිදෙන්න අමාරුද ? (බ)

:       0       0

ඉසුරු Friday, 12 February 2016 05:27 AM

ජයවේවා! ඉදිරියටම යමු (නි)

:       0       0

බණ්ඩා Friday, 12 February 2016 08:13 AM

හෙට අනිද්දා නිතර නිතර වැලිකඩ පැත්තේ යන්න වෙන නිසා මේක වැලිකඩ පැත්තෙන් ඇරියා නම් හොදා..ඔබ තුමාට අබ සරණයි ! (බ)

:       0       0

නුවන් Friday, 12 February 2016 05:20 AM

උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

සෙනරත් Friday, 12 February 2016 08:28 AM

ජයවේවා ! මහින්ද මහත්තය පක්ෂයක් හැදීම කළ යුතුමයි. මොන ලකුණෙන් ආවත් අපි ඡන්දෙ දෙනවා. (බ)

:       0       0

ගාමිණී Friday, 12 February 2016 05:25 AM

බල තණ්හාව නොවේද මේ? (නි)

:       0       0

අබේරත්න Friday, 12 February 2016 05:25 AM

නියමයිනේ! (නි)

:       0       0

ශෂික Friday, 12 February 2016 08:31 AM

අහංගම මහත්තය, කියන්නකෝ තෙල්මිල අඩු වුනත්, මොනවද ඒ අනුව අඩු වුනේ කියන්නකෝ ?. අඩුගානේ බත් පැකට් එකක්වත් ? (බ)

:       0       0

සුරංග Friday, 12 February 2016 06:49 PM

සමහර උදවිය ඔබතුමාට විරුද්ධව ප්‍රතිචාර ලිව්වට මේ රටේ බහුතරය දැන් ඔබතුමාගේ පැත්තට හැරීගෙන එනවා. ඔහොම යනවිට සුළු ජාතීනුත් සම්බන්ධ වෙයි. (නි)

:       0       0

ගාමිණී Friday, 12 February 2016 05:27 AM

ජය වේවා! (නි)

:       0       0

සම්පත් පතිරණ Friday, 12 February 2016 05:28 AM

ඡන්ද 29 පැරදුන අයට බල තණ්හාවක් තිබුනෙම නැහැ නේද? (නි)

:       0       0

පියල් Friday, 12 February 2016 06:50 PM

මිනිහෙකුට හරි වෙලාව ආවහම ඉතා බලගතු හමුදාවකටවත් බැරිලු එයාව වළක්වන්න (නි)

:       0       0

බණ්ඩාර Friday, 12 February 2016 05:35 AM

මමත් ඡන්දය දුන්නා මේ අයට, එදා මහින්දගේ වැරදි හින්දා. ඒත් දැන් නම් මටත් හිතෙනවා මේ හදාගත්ත ආණ්ඩුවට වඩා නම් මහින්ද හොඳයි කියලා. බලය ගන්න බොරු ගොඩක් ඇදබාලා බලය ගත්තට ආණ්ඩුවක් කරගෙන යන්න තරම් හැකියාවක් නැහැ (නි)

:       0       0

ප්‍රේසා Friday, 12 February 2016 08:33 AM

ගිලෙන්න යන කොට ලග තියෙන්නේ මොකද්ද, ලග ඉන්නේ කවුද කියල බලන්නේ නෑ,මොකක් හරි, කාව හරි අල්ලාගෙන ජීවිතේ බේරගන්න බලන්නේ. (ර)

:       0       0

ශාන්තිලතා Friday, 12 February 2016 05:36 AM

අනේ මෙහෙම තණ්හාවක්... අනේ මෙහෙම ආශාවක්....මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් (නි)

:       0       0

සිරිමල් Friday, 12 February 2016 08:54 AM

ජයවේවා.! (ර)

:       0       0

ෂෙල්ටන් Friday, 12 February 2016 05:37 AM

මේකේ සමහරු ලියලා තියෙනවා බල තණ්හාව කියලා. එතකොට අනෙක් අය බල තණ්හාව නිසා නොවේද තිස් වතාවක් විතර පැරදිලත් අතහැරියේ නැත්තේ (නි)

:       0       0

ජගත් Friday, 12 February 2016 05:46 AM

කුලිය ගෙවන්නේ කවුද එතකොට? (නි)

:       0       0

ඔෂාන් Friday, 12 February 2016 05:47 AM

ඔබතුමාට ජය ස්ථිරයි (නි)

:       0       0

චන්දි Friday, 12 February 2016 05:40 AM

මේක තණ්හාව නොවේ, බය. ඔක්කොම යන්න කලින් කොහොම හරි පෙරළාගන්න බලන්නේ. (නි)

:       0       0

පාඨලී Friday, 12 February 2016 05:47 AM

ජය වේවා! යහපාලනය, ඉක්මනට ඡන්දෙ තියන්නකෝ (නි)

:       0       0

චන්දු Friday, 12 February 2016 05:40 AM

කළ පව් වල ආදීනව ටිකක් අඩුකරගන්න උත්සාහ කළොත් හොඳයි. නැවතත් ආවොත් කරන්නෙ ඊටත් වඩා වැරදි වැඩ. (නි)

:       0       0

නුවන් Friday, 12 February 2016 09:06 AM

අහන්ගම, ලෝක වෙළදපලේ තෙල් බැරලයක් පසුගිය කාලෙ ඩොලර් 108 ත් වතර වුනා එතකොට පැට්රල් 160 යි අද තෙල්බැරලය ඩොලර් 30 යි අපිට දෙන්නෙ ලීටරයක් රු 117/= ට කොයිකද යහපාලනේ කියල ගනන් හදලම බලන්න. (ර)

:       0       0

කුමාර Friday, 12 February 2016 05:48 AM

අනේ දැන් බලයේ ඉන්න අයට නම් තණ්හාවක් ඇත්තෙම නැහැ. ඒකනේ පැරදුනු අයත් පාර්ලිමේන්තුවට ගන්නේ (නි)

:       0       0

ගමා Friday, 12 February 2016 09:01 AM

හමීද්ගේ හිතට අමරුයි වගේ... (ර)

:       0       0

නාමල් Friday, 12 February 2016 05:42 AM

බණ්ඩාරගේ කතව හරි. (ර)

:       0       0

නිමල් Friday, 12 February 2016 09:15 AM

උණුසුම් සුබ පැතුම් ජය වේවා....! බණ්ඩාර ඔබ හරි. (ර)

:       0       0

නුවන් Friday, 12 February 2016 05:50 AM

බල තණ්හාව මහින්දට විතරද අනිත් අයට නැද්ද.? (ර)

:       0       0

ප්‍රේසා Friday, 12 February 2016 05:50 AM

බණ්ඩාර , මම එකේ අනිත් පැත්ත. .. දැන්නේ අපි ඡන්දෙ දුන්න සන්ධානේ අයගේ පැටිකිරිය තේරෙන්නේ. ඉස්සර අපි හිතුවා මේවා බොරු කියලා. (ර)

:       0       0

සමන් Friday, 12 February 2016 05:51 AM

කට්ටියක් පොඩ්ඩක් බයවෙච්ච ගතියක් පේනවා. අපොයි ඔව් අපිට පේනවා දැන් ආණ්ඩුව/පක්ෂේ කරන වැඩවලින් කාටද තණ්හාව තියෙන්නේ කියලා. මිනිසුන්ගේ පිළිගැනීමක් නැති තැනක් බලෙන් රින්ගන් ඉන්නේ කව්ද කියල පේනවා හැමෝටම. (ර)

:       0       0

පිටබැද්දර ජයා Friday, 12 February 2016 05:52 AM

තෙම්පරාදුව රොස් උනාම බත ඉවුව කෙනාට බනිනවා වගේ, බත රොස් කරගෙන ගොඩක් කල් දැන් ටු ලේට්. මහින්ද මහත්තය ගැනත් ඔයිට වඩා දෙයක් කීමට නැත. (ර)

:       0       0

ආලෝක Friday, 12 February 2016 05:54 AM

ගිලීන්න යන කොට ඉතින් පිදුරු ගහේ හරි එල්ලිලා බලනවා බේරෙන්න ක්‍රමයක් .ගිලෙන්න යන මිනිහා දගලනකොට ඒක අපි තේරුම් ගන්න ඕනේ. (ර)

:       0       0

රුවන් Friday, 12 February 2016 09:18 AM

විකල්පයක් අවශ්‍යයි. (ර)

:       0       0

ගමරාල Friday, 12 February 2016 09:18 AM

අහංගම කියන ගමටත් ලැජ්ජාවේ බැහැ දැන් තෙල් බැරල් එකක් ඩොලර් 28ක් විකුනන්නේ 108 තිබුන ගණන් වලට බිලියන 4.5 ක් ගිය වසරකට දැන් බිලියන 2ක් යන්නේ. (ර)

:       0       0

මහින්ද සෞදි Friday, 12 February 2016 05:48 AM

පරාද වීමේ වාර්තා වේ පළමුවෙනියා කව්ද කියලා මේ අයට අමතකයි. අපි සදා ඔබ සමගයි ජයවේවා.! (ර)

:       0       0

සංජීව Friday, 12 February 2016 05:48 AM

ජාතිය නිදහස් කරගත් වීරයණනි.. ඔබට ජය.! කෙලෙහිගුණ නොදන්නා කීප දෙනෙක්ගේ කමෙන්ට්ස් ගණන් ගන්න එපා. (ර)

:       0       0

නිශාන්ත Friday, 12 February 2016 09:36 AM

කව්රු කෙසේ කිවත් ඕක තමා දේශපාලනයේ යථාර්තය . අද මේ තැන ඔය දොඩවන කව්රුසිටියත් කරන්නේ ඔය දේම තමා . (ර)

:       0       0

නසාර් Friday, 12 February 2016 05:50 AM

අනේ අපේ වයඹ ඡන්දේ... (ර)

:       0       0

ජනහිත Friday, 12 February 2016 05:52 AM

මේනක මොකද තරහින් වගේ කතා කරන්නේ. එයාගේ රස්සාව එයා කරගත්තාවේ. තමුන්ගේ රස්සාව තමුන් කරගත්තම ඉවරයිනේ. එදා පින්දුන්නා, අද ගල් ගහනවා. (ර)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Friday, 12 February 2016 09:37 AM

මේකට නැකත හේදුවේ අරයා නොවනනිසා , මොනවා හෝ ප්‍රතිපලයක් ලැබෙන්න පුළුවන්. (ර)

:       0       0

චමින්ද Friday, 12 February 2016 05:53 AM

සමන්ගේ අදහසට මාගේ හදපිරි උත්තමාචාරය! (නි)

:       0       0

රොහාන් දයාදර - පැරිස් Friday, 12 February 2016 06:02 AM

වැඩිය දඟලන්න එපා. ඊළඟ කාර්යාලය කොහේ අරින්න වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

දුමින්ද Friday, 12 February 2016 06:03 AM

විකල්පයට තැනක් (නි)

:       0       0

හුසේන් මොහමඩ් Friday, 12 February 2016 06:03 AM

අනේ දැන්වත් කියන්නකෝ, සී.එස්.එන්. නාලිකාවට සල්ලි ලැබුනේ කොහොමද කියලා. අපි දැක්කා යෝෂිතව අත්අඩංගුවට ගත් වෙලාවේ මහින්ද මහත්තයාගේ දෑසේ කදුළු පිරුණු ඡායාරූප. කළ දේ පළ දේ කියන්නේ ඕකට තමයි. (නි)

:       0       0

විශ්වනාත් Friday, 12 February 2016 06:04 AM

ජයවේවා මැතිඳුනි!!! සිරිලකෙහි ගැළවුම්කරු ඔබය (නි)

:       0       0

ගුණවර්ධන Friday, 12 February 2016 05:57 AM

"අනේ මෙහෙම තණ්හාවක්... අනේ මෙහෙම ආශාවක්....මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් ....." කියා කරුණාකර යහපාලනයෙන් අහන්න . (නි)

:       0       0

සංජීව Friday, 12 February 2016 06:06 AM

රනිල් විසිනම වතාවක් පැරදිලා ඉල්ලුවා නම්, මහින්ද එක වතාවක් පැරදිලා ඉල්ලුවාම මොකද? (නි)

:       0       0

චන්දි Friday, 12 February 2016 09:59 AM

නිශාන්ත, වැරැද්ද තියෙන්නේ අපි එක එකකෙන කතා කරන්නේ අපේ වාසිය වෙනුවෙන්. ඉතින් අපි හිතනවා අනේත් අයත් මම වගේම වාසියට කතාකරනවා කියලා. අපිට වාසියක් වෙනවනම් කාට හෙනගහුවත් මොකද කියන කට්ටියත් ඉන්නවා. හැබැයි ඒ අයට ඉදිරිපත් කරන්න තර්ක නැහැ. තර්ක කරලා දිනන්න බැරිම තැන "කවුරු ආවත් ඔහොමයි කියලා" කියලා ශේප් වෙන්නේ තමන් ඉන්න ස්ථාවරය අවංකය, හරිය කියලා අනෙක් අයට පැහැදිලි කරලා දෙන්න බැරිවෙන අය. (ර)

:       0       0

නිවන්තක Friday, 12 February 2016 05:59 AM

කොච්චර හොඳද? (නි)

:       0       0

කමල් Friday, 12 February 2016 05:59 AM

ඉසුරු, සමන්, ඒ බත් සුවඳ හැමුවේ 2002-2010දී. දැන් පිලුණුවෙලා දුගඳ හමනවා. අපිත් මහජනතාව රැවටුනා. (නි)

:       0       0

බට්ටි Friday, 12 February 2016 10:07 AM

ජය නියතයි ඔබට මොනරාගල ජනතාවගේ උණුම් සුභපැතුම්.! (ර)

:       0       0

විකුම් Friday, 12 February 2016 06:00 AM

ජය ශ්‍රී ඔබට! (නි)

:       0       0

නිලන්ති Friday, 12 February 2016 10:09 AM

මොනරාගල ජනතාවගේ උණූසුම් සුභ පැතුම්.! (ර)

:       0       0

ආලෝකා Friday, 12 February 2016 10:13 AM

සමන් , තණ්හාව තිබ්බට කමක් නැහැ රට හරිමගට ගන්න. නමුත් ඔයාගේ නායකයෝ තණ්හාව තිබුනේ වෙන දේකට. කට්ටිය බයවෙලා ඉන්නේ. (ර)

:       0       0

ෂෙල්ටන් Friday, 12 February 2016 06:12 AM

මම මේ තීරයෙන් සමුගනිමි අකමැත්තෙන් වුණත්.... (නි)

:       0       0

විජේ Friday, 12 February 2016 10:12 AM

සමහරු බලන්නේ මේ මනුස්සයා තවත් කරදරේට දාන්න. ආගමට යොමු කරන්න එක්කෙනෙක්වත් නැ. කල්‍යාණ මිත්‍රයෝ ඇත්තෙම නැ. මේ මනුස්සය අන්දලා තමන්ගේ වෙඩ ටික කරගන්න තමය් බලන්නේ. (ර)

:       0       0

මොහාන් Friday, 12 February 2016 06:13 AM

බණ්ඩාර බොරු කියන්න එපා. මේ ආණ්ඩුවට ඡන්දෙ දීපු කෙනෙක් නෙමේ ඔයා. මේ ආණ්ඩුවට ඡන්දෙ දීපු අය මේ ගොල්ල වැරද්දක් කලොත් විවේචනය කරනවා මිසක් මහින්ද මහත්තය හිටියනම් හොදයි කියන්නේ නැහැ. ඔයා ඡන්දෙ දීපු කෙනෙක් නෙමේ . (ර)

:       0       0

කරීම් Friday, 12 February 2016 06:08 AM

අනේ! නැවත ජයවේවා! (නි)

:       0       0

රුචී Friday, 12 February 2016 10:18 AM

මම කැමතියි අහන්න සමහර කොමෙන්ට්ස් දාපු අයගෙන් ඇයි මහින්දට විතරක් බල තණ්හාව කියන්නේ? මහින්දට තමයි ඔක්කොම ප්‍රශ්න. රටට වැඩක් කරන්න පුළුවන් එකම මිනිහා මහින්ද කියලා දැනගත්තොත් හොඳයි. (ර)

:       0       0

වසන්ත රත්නායක Friday, 12 February 2016 06:16 AM

සමහර කමෙන්ට්ස් වලින් පෙනෙන්නේ එතුමාට කොච්චර බයක් තියෙනවාද කියාලා හිතෙනවා. එතුමා එතුමාගේ රැකියාව කරගත්තවේ, පැරදුනත් පැරදෙන්නේ එතුමානේ. සමහරුන්ට හරි වේදනාව ආයේත් ඡන්දයකට ඉදිරිපත්වෙලා පරදියි කියලා. ඒක නෙමෙයි ඇත්ත මේ යහපාලනය යන විදිහට දැන් එතුමා වටා ජනතාව රොක්වන එක වලක්වන්න බැහැ. (ර)

:       0       0

රසික Friday, 12 February 2016 06:19 AM

හම්බන්තොට ජීවත්වන මාත් මාගේ පව්ලේ උදවියත් 20 වතාවකට වඩා රාජපක්ෂවරුනට ඡන්දය දී ඇත. නමුත් දැන් අපි සත්‍ය දනිමු. අයෙත් රාජපක්ෂ ගෑවුණු කෙනෙකුට අපේ පරම්පරාවේ කිසි කෙනෙකුගේ ඡන්දය වැටෙන්නේ නැත . (ර)

:       0       0

දීපාල් Friday, 12 February 2016 02:12 PM

විමල්ලා ප්‍රසන්නලා සහ තව අය සුදුසු වෙලාවට එකතුවේවි. අද රටට පුරප්පාඩු වෙලා තියන සැබෑ විපක්ෂ භූමිකාව පිරවීම මේ මොහොතේ ඔබතුමාගෙන් සිදුවිය යුතු කඩිනම් යුතුකමයි. එතනින් පටන්ගෙන ඉදිරියට යමු. හැබැයි ඔබතුමාට යෝෂිතටත් වඩා කටුක අත්දැකීම් වලට මුහුණපාන්න වේවි. සුභ අනාගතයක්! (නි)

:       0       0

සම්පත් Friday, 12 February 2016 10:33 AM

ජය වේවා ! ප්‍රධාන පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ..(හේ)

:       0       0

අහංගම Friday, 12 February 2016 06:29 AM

මමත් ජන්දේ දුන්නේ මහින්ද මහත්තයට තමයි. නමුත් ඉතින් දැන් හිතෙනවා යහපාලනය හොඳයි කියලා. අපි ගමුකො, ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල කොපමණ අඩු වුනත් ඒ කාලේ තෙල් හරිම ගණන්. ඒ සහනය ජනතාවට ලබාදුන්නේ යහපාලනයයි. යහපාලනයට බනින මිනිස්සුන්ට තේරෙයි නැවතත් අරගොල්ලෝ අවොත්. හැබැයි ඉතින් මටනම් ඒක හීනයක් විතරයි. (ර)

:       0       0

සෝමරතන-රාජාංගනය Saturday, 13 February 2016 03:08 PM

අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආසාවක්..... (නි)

:       0       0

බණ්ඩාර Friday, 12 February 2016 02:21 PM

අනේ මෙහෙම තණ්හාවක්. අනේ මෙහෙම ආසාවක්. මැතිදුනි ලැබේද ඉන් සැනසීමක්. (කෞ)

:       0       0

රාධා Saturday, 13 February 2016 12:22 AM

සංජීව , රනිල් අපි දන්නා තරමින් විසිවතාවක් ඡන්දෙ ඉල්ලලා නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 54 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 111 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 207 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 735 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 533 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 357 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37671 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24832 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site