IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘මහින්දගේ කාලේ අද තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ‘

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උත්සාහය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා බිඳ දැමීම නොව විරුද්ධ පක්ෂයේ සියලු බලවේග එකතු කරගෙන ඊළඟ මැතිවරණයේ ජයග්‍රහණය කිරීම යැයි දකුණු පළාත් මහ ඇමැති ශාන් විජේලාල් ද සිල්වා මහතා පැවසීය.

ගාල්ල ලබුදූව දක්ෂිණපාය අමාත්‍යංශ ගොඩනැගිල්ලේ දී අද මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු එසේ කීවේය.

‘‘අපේ පක්ෂයේ මත ගැටුම් ඇති වූ පළමු අවස්ථාව මෙය නොවෙයි. මොන මත ගැටුම් තිබුණත් පක්ෂය ශක්තිමත්ව ඉදිරියට ගියා. පක්ෂයට සහ පක්ෂයේ නායකයාට විරුද්ධව කතා කරන විවේචනය කරන අයට අත්වන ඉරනම් තුනක් තිබෙනවා. එක්කෝ බහුතරය නැවත පක්ෂයට එකතු වෙනවා. නැතිනම් විරුද්ධ පක්ෂයට එකතු වෙනවා. නැතිනම් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නවා. පක්ෂය කඩාගෙන ගිය අයට ඉතිහාසය පුරාම ඔය ඉරනම් අත් වුණා.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති  සමයට වඩා අද පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා. එදා රැස්වීමකට ගිය පසු කියන දේ අහගෙන ඉඳලා කිසිවක් කතා නොකර ජාතික ගීය ගායනා කළ පසු පිටව ගියා. අද එවැනි තත්ත්වයක් නෑ. අද පක්ෂයේ කතා කිරීමේ අවස්ථාව තිබෙනවා. පක්ෂය කඩා බිඳ දමන්න වත්මන් ජනපතිට කිසිම උවමනාවක් නෑ.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේත් යුතුකම හා වගකීම වන්නේ පක්ෂයට හා නායකයාට සහාය දීමයි.

ඉතිහාසය දෙස බලන විට ගාල්ල මේ රටේ දේශපාලනයේ වෙනසක් කළ පුරවරයක්. නමුත් කිසිම විටක කුමන්ත්‍රණයක් ගාල්ලේ සිදුවී නැහැ. මෙතෙක් කිසිම දිනක දේශපාලන රැලියකට ගාල්ලට නොපැමිණි තරම් පිරිසක් මෙවර ගෙන්වනවා.

පුළුවන්නම් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් නැතිව මැයි රැලියක් කර පෙන්වන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂවලට අභියෝග කරනවා.‘‘



අදහස් (0)

‘මහින්දගේ කාලේ අද තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ‘

බණ්ඩාර Wednesday, 20 April 2016 09:19 PM

මහින්දගේ කට්ටිය ටික ටික අඩුවෙනවා වගෙයි. අනේ අපොයි! (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Wednesday, 20 April 2016 10:27 PM

ශාන් මහත්තයෝ, මේ රටට ඔය කියන නිදහසට කලින් ලබාගත යුතු බොහෝ දේ තිබෙනවා. ආසියාවේ දියුණු ‍වූ අතලොස්සක් රටවල් දිහා බලන්න. ඒ හැම රටකම නායකයෝ තම රට දියුණු කරගත්තේ දැඩි අයෝමය පාලනයක් යටතේ. ඊටපස්සේ තමයි ඔය කියන නිදහස දුන්නේ. සුද්දාගෙන් නිදහස ලැබිලා අවුරුදු 60 වැඩිය ගිහිල්ලා තාම බැරිවුණා හිඟාකන ආර්ථිකයෙන් එහාට මේ රට ගෙනියන්න (නි)

:       0       0

ශාන්ත Wednesday, 20 April 2016 10:47 PM

ඒකාධිපතිවාදය කොච්චර ඇඟට ගිහින්ද කියනවා නම් සමහරු පරාදවෙලා අවුරුද්දකට වැඩියි. එ්ත් තවම ඒ ගතිගුණ තමයි දාන්නේ. මේක තේරුම් ගන්න බැරි වහල්බාවයම ඉල්ලන කොටසක් අපේ රටේ ඉන්න එක ගැන නම් කණගාටුයි. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 20 April 2016 11:17 PM

මහින්දලා බැලුවේ වේලාසනින් ඡන්දය තියාගෙන එය මොන ක්‍රමයෙන් හෝ දිනාගෙන ඉන්පසු ඉදිරි පරම්පරාවට භාර දීලා හොරමැරකම් ටිකත් වහගෙන මැරෙනතුරුම රජකරන්නයි. (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 21 April 2016 12:12 AM

පහුවෙලා හරි තේරුම් ගන්න පුළුවන් එක ගැන සිල්වා සතුටුවෙනවාලු. ඔව් ඔව් එ්කනේ දැන් එළිපිටම වෙනම රටක් ඉල්ලන්නේ. එ්ක දෙන්නෙත් ප්‍රජාතන්ත්‍රවාදය වැඩි නිසා තමයි නේද සිල්වා? (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 21 April 2016 12:20 AM

චතුරි, අපට තිබෙන ලැජ්ජාව ඔහෙලා වගේ අය සිංහලයින් අතර සිටීම. උපුල් වීරසිංහලා, චතුරිලා වගේ අය තමයි ප්‍රභාකරන් උපමාවට ගත්තේ. සිංහලයාට සුමාන දෙකෙන් අතීතය අමතක වෙනවා කියලා. අනේ මෙහෙව් සිංහලයෝ! (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 21 April 2016 12:22 AM

මොන මතගැටුම් තිබුණත් පක්ෂය ශක්තිමත්ව ඉදිරියට ගියාට වැඩක් තිබෙනවද රට පස්සට යනවා නම් (නි)

:       0       0

රොහාන් Thursday, 21 April 2016 12:58 AM

බමුණුආරච්චි මහත්තයෝ, කොහෙද රට පස්සට යන්නේ? මවාපෑ සංවර්ධනයේ රඟ දැන් එළිවෙනවා (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 21 April 2016 01:11 AM

රොහාන්, ඔයගොල්ලෝ පස්සට හැරිලා යනකොට හිතන්න ඉස්සරහට යනවා කියලා. මවාපෑ සංවර්ධනයේ රඟ දැන් එළිවෙනවා. අවුරුදු 30 තිස්සේ වූ විනාශය නැවැත්වීමම සංවර්ධනයක් නොවෙයිද? මේගොල්ලෝ මෙම අවුරුදු එකහමාරටම කරපු සංවර්ධනය මොකක්ද? (නි)

:       0       0

සකුන්තලා Thursday, 21 April 2016 01:47 AM

ගොඩක් අයට රටට මොනවා වුණත් කමක් නැහැ තමන්ගේ උරුමෙන් ලැබුණු පක්ෂය දිනනවා නම්. ඒ වගේ අයට මොන පුද්ගලයෙක් තමන්ගේ උරුමෙන් ලැබුණු පක්ෂයට හොඳක් කිවුවත් ඒක හරිම ලොකු දෙයක්. ඊළඟ ඡන්දෙන් හොඳට තේරෙයි අවුරුදු එකහමාරට කරපුවා ජනතාව අනුමත කරලද නැද්ද කියලා (නි)

:       0       0

මුණසිංහ Thursday, 21 April 2016 02:24 AM

ඔය කොයි කවුරුත් අද ඔතන ඉන්නේ මහින්ද නිසා බව අමතකද? නැඟපු ඉනිමඟට පයින් ගහන්න එපා. (නි)

:       0       0

වයිකෝ Wednesday, 20 April 2016 12:49 PM

මොනව ද කියනවා , පොලිස්පති පත්කරන්නෙත් ඡන්දෙන්නේ. (අ)

:       0       0

තබුක් සිල්වා Wednesday, 20 April 2016 12:55 PM

පහු වෙලා හරි තේරුම් ගන්න පුළුවන් එක ගැන සතුටුවෙනවා (අ)

:       0       0

චතුරි Wednesday, 20 April 2016 01:25 PM

මහින්දට තියෙන්නේ පැරදුන එකට වැඩිය ලැජ්ජාවක් මිනිසුන්ව හිරකරගෙන හිටියේ කිසිම නිදහසක් දෙන්නේ නැතිව දැන් ජනපති කරනදෙවල් මෙයට දිරවන්නේ නැහැ මහින්ද දන්නේ නැහැ එයා ඉන්නේ කොහිද ,කරන්නේ මොනවද , මිනිස්සු එයට මොනවදකියන්නේ කියලා කල්පනා ශක්තිය දුර්වලයි කෝපය වැඩි නිසා (අ)

:       0       0

සෙනරත් Thursday, 21 April 2016 03:11 AM

පසුගිය රජය කාලේ රට සංවර්දනය වුණු බව කියන්නේ අපි විතරක් නෙමෙයි. ලෝකය පුරා කරපු සමික්ෂණයකිනුත් කොළඹ ලොව අංක එකට වේගයෙන් සංවර්ධනය වුණ බව ඔප්පුවුණා. අද මෙයාලට එ්කේ නඩත්තුවවත් කරගෙන යන්න බැහැ (නි)

:       0       0

සුනිල් Wednesday, 20 April 2016 02:14 PM

ඒ ඉතින් ඔයගොල්ලන්ටනේ. කතාව ඇත්ත. (බ)

:       0       0

ජගත් Thursday, 21 April 2016 04:14 AM

මහින්ද වැඩ කළා තමයි , හැබැයි එයත් සහ එයාගේ වන්දි බට්ටයෝ ,නෑදෑයොත් සංවර්ධනය වෙන ගමන් වැරදි කළා. (බ)

:       0       0

සේන Wednesday, 20 April 2016 03:43 PM

එතකොට හොදයි නේද? (බ)

:       0       0

ජයන්ත Thursday, 21 April 2016 04:52 AM

සිංහල ජාතිය ඉක්මනින් විනාශ වන ජාතීන් අතර සිටීම ගැන හොඳම සාක්ෂි තමයි මෙතන කමේන්ට දාල තියෙන වැඩි දෙනෙක් ගේ මානසික තත්වය තුලින් පෙනෙන්නේ. කණගාටුයි එ්ත් එ්ක තමයි ඇත්ත. (බ)

:       0       0

උපුල් වීරසිංහ Wednesday, 20 April 2016 04:07 PM

චතුරි හරියටම හරි එ්ක තමයි තිත්ත ඇත්ත (බ)

:       0       0

විකී Thursday, 21 April 2016 05:25 AM

යන විදියට ගියොත් රටට මොකද වන්නේ (බ)

:       0       0

නන්ද Wednesday, 20 April 2016 05:29 PM

ඒ කාලේ මේ අය මොනතරම් ඉවසිල්ලක් ඉවසගෙන ඉඳලා තියෙනවද කියා අපිට හිතාගන්න පුළුවන්. ඔව්...ඔව්.. රට, දැය,සමයට ආදරය තිබෙන අය එහෙම තමයි. ඉවසාගෙන, දහදුක දරාගෙන තමයි එම මෙහෙවර සිදුකරන්න වෙලා තියෙන්නේ. (නි)

:       0       0

පරාක්‍රම Wednesday, 20 April 2016 06:06 PM

මේවා තේරුම්ගත් අයත් ඉන්නවා. තේරුම්ගන්න බැරි අයත්, තේරුම්ගන්න උවමනාවක් නැති අයත් ඉන්නවා. මොකක්හරි කරන්න ගිහාම කකුලෙන් අදින, කඩේ යන අය තමයි ඒ. තවලම ඇදෙද්දී කට්ටිය බයිලත් කියනවා. අපි අහගෙන ඉන්නවා. වැටී ඇති වළෙන් ගොඩඑන්න පොල් ගහලා හෝ ගුරුකම් කරලා හෝ යම් බලයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් පැරදුන අය දඟලනවා. (නි)

:       0       0

චන්න ප්‍රසන්න Wednesday, 20 April 2016 06:35 PM

දැක්කද වෙනස? (නි)

:       0       0

උදිත Wednesday, 20 April 2016 06:39 PM

අපිට දැන් ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි තිබෙන ප්‍රශ්නය, බඩු මිල වැඩිවීම (නි)

:       0       0

ඉනෝකා Wednesday, 20 April 2016 06:39 PM

අනේ අපි නම් ඕවා දන්නෙ නැහැ මහත්තයෝ (නි)

:       0       0

සරත් Thursday, 21 April 2016 06:49 AM

වාසි පැත්තට හුරේ... (ර)

:       0       0

ඉලංගකෝන් Wednesday, 20 April 2016 07:45 PM

අනේ අපි මොනවටද මේවට උත්තර දෙන්නේ? (නි)

:       0       0

මොහාන් Wednesday, 20 April 2016 07:47 PM

උපුල් වීරසිංහ චතුරි වගේ අයට බෝම්බ කාලේ අත්දැකීම් නැහැ වගෙයි (නි)

:       0       0

ඉන්දු Wednesday, 20 April 2016 07:48 PM

මහජනතාවගේ තීන්දුව ඉදිරියේදී බලාගන්න පුලුවන්වෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 84 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 2193 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 316 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 403 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1622 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1589 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 847 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site