IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


මහින්දගේ කොස් ඇටේ බාපු, කලා පූසෝ ටික දැන් කෝ?

පෙරුම් පුරලා පුරලා කයිවාරු වරුසාවක් එහෙම හලලා ගියා නේද අප්පච්චිලා මහා පාද යාත්‍රාවක්. අප්පච්චිලගේ පාද යාත්‍රාව මේ වනකොට "අවුට් ඔෆ් ඩේට්" මාතෘකාවක්. ඒත් ඒ පාද යාත්‍රාව නිසාම මතක් වුණු දෙයක් ගැන කියන්න ඕන කියලා හිතුණා.

2016-06-01-ent-011අද කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීකමට පල්ලම් බැහැපු මහින්ද රාජපක්ෂ ජනාධිපති පුටුවේ ඉන්න කාලේ සද්දෙට වාතයක් ගියත් ටක්ගාලා දුවගෙන යන්න රෙඩිපිට ඉඳපු සංවේදී කලාකරුවෝ දැන් කෝ කියලයි. මේ පාද යාත්‍රා‘වත් එක්ක මට නම් ඇතිවුණ ලොකුම ප්‍රශ්නය. ඒය ඔය ඩාර්ලි පාරේ පාටි ඔෆිස් එකට හූ කියපු එක වගේ සිම්පල් ප්‍රශ්නයක් නෙවෙයි. ඇත්තටම ඒ කාලේ මහින්ද වටේ රෝද බැඳගෙන ඉඳපු ඒ කලාකාරයෝ සෙට් එකට මොනවා වුණාද දන්නේ නෑ. දැන් මේ උන්දලාගේ කිසිම හෝඩුවාවක් නෑනේ.

ඇයි මේ අය රජ පුටුවේ ඉන්නකොට විතරක් මහින්ද රාජපක්ෂ රජාට අන්දලා වර්ණනා කරමින් හිටියේ. පැරදුණු ගමන් පැදුරටත් නොකියා රජා වටෙන් මාරු වුණු මේ සංවේදී කලාකරුවෝ මහින්ද වටේ ඉඳපු හේතුව හරියටම පැහැදිලි නේද දැන්. පාද යාත්‍රා‘වේ ගියපු අයට සපෝට් එකට බැහැලා හිටියේ ඕෂධී හේවාමද්දුමලා, මධුමාධව අරවින්දලා වගේ ඒ කාලේ මහ රජාට ටිකක් ඈතින් ඉඳපු කීප දෙනෙක් විතරයි. මහරජා වට කරගෙන වෙන කාටවත් කිට්ටුවට එන්නත් නොදී මුරකාවල් දාගෙන ඉඳපු මහා කලාකරුවෝ නම් කවුරුවත් දැක්කේ නෑ මේ පාද යාත්‍රා‘වේ. මහින්ද රාපක්ෂ ජනාධිපති පුටුවේ ඉන්න කාලේ සංවිධානය කෙරුණු එක එක ජාතියේ ජෝගිවලට මේ කලාකාරයෝ පොරකාගෙන රෙදි කරට අරගෙන දුවගෙන ගිය හැටි මතකයි නේද. ඇයි එච්චර එහෙම ඉඳපු මිනිහාව මේ කලාකාරයෝ ටික පැරදුණු ගමන් අමතක කරලා දැම්මේ. ඒව නම් මහ කැත වැඩ.

මොනවා වුණත් ඔය ඕෂධී කෙල්ල වගේ දිනුවත් පැරදුනත් එක හිතින් පසුපසින් යන එකනේ මනුස්සකම. හරියට අර "යන තැන නිරතුරු පහණත් අරගෙන පසුපස පියමැන්නා" කියලා ජෝතිපාල කියනවා වගේ යන්න එපැය. එහෙම ලාම්පුව අල්ලන එකනේ කරන්න ඕනෙ. එහෙමනේ මහින්ද ජනාධිපතිකමේ ඉන්නකොට මේ කලාකාරයෝ එයාට ලාම්පුව ඇල්ලුවේ. ඒ අතින් ඔය ඕෂධී කෙල්ලගේ කෙළෙහි ගුණ දැක්වීම නම් මරු. පාද යාත්‍රාවේ දුක්විඳගෙන ගියා විතරක් නෙවෙයි මේ කෙල්ල බැසිල් රාජපක්ෂගේ ලිත් ගැහිල්ල ගැනත් ඩෝබි වැඩේ කෙරුවා දැක්කා නේද? ලිත් ගහලා සල්ලි ගසාකන එකත් අපේ සංස්කෘතියේ ලක්ෂණයක්ලු නේ. බැසිල්ගේ ලිත් කේස් එකට විරුද්ධ වෙන්නේ අපේ සංස්කෘතියට ගරු කරන්නේ නැති අසමජ්ජාතියෝ කියලනේ මේ ළමයා කියන්නේ. බලන්නකෝ ඕෂධී ළමයගේ ටිකිරි මොළේ. ලිත කියන්නේ අපේ සංස්කෘතික අංගයක් නිසා ලිත් ගහපු එකෙන් බැසිල් ලොක්කා අපේ සංස්කෘතිය මාර විදිහට රැකගෙන තියෙනවා. මං හිතන්නේ ඕෂධී කියන විදියට ඒ තරම් සංස්කෘතිය රැකපු මනුස්සයෙක් මේ හිරේ දාන්න යහපාලන ආණ්ඩුව දඟලන්නේ. ඒවා නම් සවුත්තුයි. මහජන මුදල් ගසාකාළා හරි සංස්කෘතිය රැකපු අය කවුරුවත් හිරේ දාන්න වටින්නේ නෑ.

මේ පාද යාත්‍රා‘වේ ‘ගියපු ගීතා කුමාරසිංහ අමතක කරන්න බැරි කලාකාරිනියක්. එයාට පොඩ්ඩක් ගණං මිනුම් පැටලුනේ නැත්නම් හරි. ආපු සෙනඟ දැකලා ඇස් නිලංකාරවෙලා එක්කෙනා හත්අටදෙනා වෙලා තමයි ගීතා නෝනට පෙනිලා තියෙන්නේ. ඒකටත් කට්ටිය ගීතා නෝනව වටකරගෙන නෙලුවනේ. ඔහොම පොඩි පොඩි වැරදීම් කාටද අනේ සිද්ධ නොවෙන්නේ. ගීතා ගණන් හිලව් වරද්දලා හරි ඔය වගේ ආතල් එකක් නොදුන්නානම් පහුවැනිදාම පාද යාත්‍රාව කාටත් අමතක වෙලා යනවා. ගීතාට පිංසිද්ධ වෙන්න පාද යාත්‍රාව ඉවර වෙලත් ඒ ගැන කට්ටිය හිනාවෙවී කතා කළා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිකමේ ඉන්නකොට එයාට හේත්තුවෙලා කොන්ත්‍රාත් කරපු කලාකාරයෝ ඒ හම්බ කරගත්තු සල්ලිවලටත් ගුණේ තිව්වේ නෑ. මේ මනුස්සයා අමාරුවේ වැටිලා පාරේ ඇවිදින වෙලාවේ, බුදු අම්මේ රාජපක්ෂ ආණ්ඩුවේ කොන්ත්‍රාත් කරපු කලාකරුවෝ කී දෙනෙක් නම් හිටියද. දැනුත් ඔය එෆ්.සී.අයි.ඩී. එකට එහෙම සැරින්සැරේ ගාටන්නේ සමහරු.

මේ ඔක්කෝටමත් වැඩිය දුක හිතුණේ පාද යාත්‍රාව තනියම නටපු නාමල් බේබි දැකලා. කොච්චර කලාකරුවෝ වටේ කැරකුණු පොරක්ද ඒත් තනියම පාරේ නැටුවේ. නිල් බළකාය තාරුණ්‍යයට හෙටක් ද අරකද මේකද නහුතයක් සීන්කෝන් අටෝගෙන නාමල් බේබි රාජ තේජසින් ඉන්න කොට පැන් හැලියට වහ වැටුණු ඇඹලෙයෝ ටික වගේ තමයි අපේ කලාකාරයෝ ටික ඒවට සෙට් වෙලා හිටියේ. මලට වහන බඹරු වගේනේ සමහර නිළියෝ එහෙම නාමල් බේබි වටේ පියා සල සල හිටියේ. අද මේ හාදයට තනියම පාරේ නටන්න වුණානේ. කොච්චර නැට්ටුවෝ නැට්ටිච්ච්යෝ පිරිවරාගෙන ඉඳපු කොල්ලෙක්ද?

මහින්දලා පැරදුණු ගමන් එතැනින් මාරු වෙලා යහපාලනයට සෙට්වුණු මේ කලාකාරයින්ගෙන් ගොඩක් දෙනෙක් අද යහපාලනයේ අයිතිකාරයෝ වගේ වෙලා ඉන්නේ හරියට රටේම මිනිස්සු මැරිලා ඉපදිලා කියලා හිතාගෙ වගේ. බැරිවෙලාවත් යහපාලන ආණ්ඩුව වැටෙනවා කියලා තේරුණු ගමන් බලන්නේ මේ කලාකාරයෝ ඊළඟට ජම්ප් එක දාන හැටි. බලන කොට දේශපාලකයන්ටත් වඩා ගස් ගෙම්බො ටිකක් නේ මේ අපේ කලාකාරයෝ.

 

ප්‍රියන්ත කොඩිප්පිලි

 



අදහස් (0)

මහින්දගේ කොස් ඇටේ බාපු, කලා පූසෝ ටික දැන් කෝ?

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 83 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 1328 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 950 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 537 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 359 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1314 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39224 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25610 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1096 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site