IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


මහින්දගේ ඡන්දෙට මොබිටෙල් සල්ලි දීලා ?

මොබිටෙල් ප්‍රධාන විධායක නිළධාරියාගේ සේවය අත්හිටුවීම අරබයා පසුගියදා පැවැත්වුනු ශ්‍රීලංකා ටෙලිකොම් හා මොබිටෙල් අධ්‍යක්ෂක මණ්ඩලය හමුවේදී ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට මොබිටෙල් සමාගමේ මූල්‍ය හා භෞතික සම්පත් ලබාදුන් බවට එහි ප්‍රධාන විධායක අධ්‍යක්ෂක රංජිත් රූබසිංහ මහතාට චෝදනා නැඟී තිබෙන හෙයින් අධ්‍යක්ෂක මණ්ඩලයේ නිර්දේශය වූයේ පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් සේවා තහනමක් රූබසිංහ මහතාට පැනවිය යුතු බවයි.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයද රූබසිංහ මහතා සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටින බවද මෙහිදී සඳහන් විය.

නමුත් මීට විරෝධය පළකළ ශ්‍රීලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිළධාරී පී.ජී.කුමාරසිංහ මහතා, රූබසිංහ මහතාට සේවා තහනමක් පැනවීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි කියා සිටියේය.නමුත් අධ්‍යක්ෂක මණ්ඩලයේ අනෙක් සාමාජිකයින් ඊට විරුද්ධ වීමෙන් දෙපාර්ශවය අතර විවාදය උණුසුම් වචන හුවමාරුවකට පෙරැළිණ.

වාදය සමථයකට පත්කිරීමට ඒ වන විට ටෙලිකොම් ආයතනයෙන් පිටත්ව ගොස් සිටි හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා නැවත කැඳවූ අතර ඔහු පැමිණ පරීක්ෂණ කටයුතු අවසාන වන තෙක් රූබසිංහ මහතාට මාස 3 ක සේවා තහනමක් පැනවීමට දෙපාර්ශවය අතර එකඟතාවක් ඇතිකර ගැටුම සමථයකට පත්කළේය.

අමාත්‍යවරයා පිටත්ව ගිය වහා නැවත ගැටුම් ඇවිලී ගියේය.රූබසිංහ මහතාගේ වැඩ තහනම වහාම ක්‍රියාත්මක කළ යුතුයැයි අධ්‍යක්ෂක මණ්ඩලය කියා සිටියද ටෙලිකොම් සභාපතිවරයා පවසා සිටියේ එ සඳහා වන ලියුම තමන් සඳුදා නිකුත් කරන බවයි.

ගැටුම හමුවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජික ඩබ්ලියු.කේ.එච් වෑගපිටිය මහතා ඉන් ඉල්ලා අස්විය.



අදහස් (0)

මහින්දගේ ඡන්දෙට මොබිටෙල් සල්ලි දීලා ?

අජිත් කරුණාරත්න Monday, 12 October 2015 08:12 AM

බැලුවම එයා හැමතැනින්ම සල්ලි අරන් නේද? (බ)

:       0       0

විජේතුංග Monday, 12 October 2015 02:16 AM

මේවා මෙහෙම ටික ටික හෙළිවෙනකොටවත් අපේ අයට මොළේ පෑදෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ඩයස් Monday, 12 October 2015 02:26 AM

අයි මහ්තයෝ අපේ බිල් අඩු නොකළේ. අපෙන් අරන් එතුමාට දුන්නා? කුණු මාළු කෑවා නම් විඳවාපන් බළලෝ. (ස)

:       0       0

චානක Monday, 12 October 2015 03:18 AM

මාර කෑමක් නේ කාල තියෙන්නේ , අපිවත් කාලද දන්නේ නැහැ. (ස)

:       0       0

ධර්ම ජයවික්‍රම Monday, 12 October 2015 03:49 AM

අපේ මව්බිම බේරා ගැනීම ගැන බුද්ධිමත් ජනතාවට මගේ ප්‍රණාමය. (ස)

:       0       0

සුනිල් Monday, 12 October 2015 10:48 AM

අනේ එහෙනම් මේක වෙන්න ඇති හේතුව ආලෝකයේ වේගෙන් දෙනවා කියන ඉන්ටෙර්නෙට් ඉබි වේගෙන් අපිට ලැබෙන්නේ. මේවා දැනගෙන හිටියේ නැහැනේ අපි. (ර)

:       0       0

එච්.ඊ.දයාරත්න Monday, 12 October 2015 04:03 AM

දීකිරට බලල්ලු සාක්කි. මෙතුමාත් මේවට හවුල් ඇති (බ)

:       0       0

මොහාන් Monday, 12 October 2015 04:30 AM

ධර්ම ජයවික්‍රම තව ටික දවසකින් යාපනයට යන්න වීසා ගන්න වෙනකොට ඔයාට බුද්ධිමත් ජනතාවට ප්‍රණාමය කරන්නම හිතෙයි. බය වෙන්න එපා විජේතුංග අපේ අයට මොළේ පෑදෙන්නේ නෑ. මොකද මොලයක් නැති නිසා. (බ)

:       0       0

ජනෙත් ප්‍රියන්ත කුමාර Monday, 12 October 2015 04:47 AM

මම නම් කොහොමහරි ජොබ් එක කරලා කීයක් හරි හොයා ගන්නවා. අපිට මොකටද අනුන්ගේ කුණු (බ)

:       0       0

ඉන්දික Monday, 12 October 2015 04:58 AM

ටෙලිකොම් සභාපති ජනාධිපති තුමාගේ මල්ලි නේද? (බ)

:       0       0

දුමින්ද Monday, 12 October 2015 05:16 AM

පරණ අය කරපු දේවල් අලුත් අයත් කරන කල වෙනස කුමටද ................(ම)

:       0       0

රසික Sunday, 11 October 2015 01:19 PM

එතුමා සල්ලි ඇදපු නැති තැනක් හොයාගන්න බෑ (බ)

:       0       0

උමාර් Sunday, 11 October 2015 01:36 PM

වෑගපිටිය කවුද කියලා දන්නවා (බ)

:       0       0

පාර්තිපන් Sunday, 11 October 2015 02:27 PM

වරදක් කරලා තියෙනවානම් වැඩ තහනම් කරන්න ,නමුත් ඔප්පුකරන්න බැරි වුනොත් එතුමට සිදුවූ අගෞරවය,බොරු නඩුවකට පැටලවීම,රැකියාව අහිමි විම නිසා සිදුවූ අසාධාරණයට වහාම රජය වන්දි ගෙවිය යුතුයි (බ)

:       0       0

රංජිත් Sunday, 11 October 2015 02:29 PM

අපි බිල් ගෙවනවා මුන් ඒවා ඡන්ද වැඩවලට ගන්නවා හෙනගහන අපරාධයක්නේ මේක. (බ)

:       0       0

එ්.ග්‍රහැම්බෙල් Sunday, 11 October 2015 02:42 PM

හෙට ඉසිර දස දෙසින් මගුල් ගේ වගේ තියේවි...(බ)

:       0       0

මධූ Sunday, 11 October 2015 03:05 PM

රූබසිංහ කියන්නේ කවුද කියලා දන්නවා. ටෙලිකොම් එකේ හොර පාරෙන් උඩට ගිහින් මහින්දගේ අැගේ එල්ලිලා උඩටම හොරෙන් ගියපු කෙනෙක්, (බ)

:       0       0

දර්ශ Monday, 12 October 2015 05:42 AM

දේශීය සමාගම් ටිකත් ඉවරයි ...(ම)

:       0       0

කොළඹගේ Sunday, 11 October 2015 03:06 PM

සිරිසේන පවුල් ගස රාජපක්ෂ පවුල් ගස අභිබවා යන බව මෙයින් පැහැදිලි වෙයි (බ)

:       0       0

ධර්ම ජයවික්‍රම Monday, 12 October 2015 06:17 AM

මොහාන් ,හිටපු ජනාධිපතිවරයට එරෙහිව එල්ලවන චෝදනා ඔබ ප්‍රතික්ෂේප කරන්නේ නම් ,ගරු අධිකරණයකින් ඒවා ප්‍රතික්ෂේප කරන තෙක් අපටද යම් අදහසක් දැරීමට අයිතියක් තිබෙනවා. යාපනයට යන්න විසා ගැනීමත්, මොබිටෙල් මුදල් අවභාවිතයත් අතර ඇති සහ සම්බන්ධය කුමක්ද?ඔබ අදහස් කලේ යහ පාලනය නොව මහින්ද පාලනය තවදුරටත් පවත්වා ගැනීම මගින් විසා ගැනීම ගැනීමෙන් වැලකි සිටීමද? එමනිසා රජයේ කුමන ආයතනයක් හෝ මුදල් වියදම් කර මහින්ද පාලනය රඳවාගැනීමද . ඔබ විහිලු සපයන්නේ රට වෙනුවෙන්ද නැත්නම් පවුල් පාලනයක් වෙනුවෙන්ද? (ස)

:       0       0

සංජය Monday, 12 October 2015 03:23 PM

ඔහු ප්‍රතිපත්ති ගරුක කෙනෙක්, මොබිටෙල ආයතනයේ වැඩිම ලාබයක් ලැබුවේ ඔහුගේ කාලයේ. එහෙත් ඒවා කියන්නේ නැහැ. (ර)

:       0       0

නදීකා Monday, 12 October 2015 12:36 AM

අපි ඔය කවුරු කවුරු ගැනත් දන්නවා (නි)

:       0       0

නාලක Monday, 12 October 2015 01:28 AM

නමුත් සමහර තැන්වලදි පිටරටින් අා සමාගම් මොබිටෙල් වලට වඩා හොඳයි. සාධාරණව කටයුතු කරනවා. කොහොමත් මම නම් එක සමාගමක දේ විතරක් ගන්නේ නැහැ. මොකද ඒකාධිකාරයක් හැදෙන නිසා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 196 0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 95 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 128 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1143 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 1577 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 100 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14608 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 203 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site