IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මහින්දගේ ඡන්ද වැඩ ලොතරැයි මණ්ඩලෙන්

හිටපු   ජනාධිපති    මහින්ද   රාජපක්ෂ  මහතාගේ  පසුගිය ජනාධිපති   මැතිවරණ  ප්‍රචාරක  කටයුතු    සඳහා   ජාතික   ලොතරැයි   මණ්ඩලයේ  රුපියල් කෝටි  විස්සකට  ආසන්න  ප්‍රමාණයක්    වැය  කර   ඇති  බව   සොයා   ගත්   බව එහි    සභාපති ,  මුදල්   අමාත්‍යංශයේ   උපදේශිකා   ෂර්මිලා   පෙරේරා මහත්මිය  පැවසුවාය.

“උතුරේ යුද්ධය  අළලා  සැකසු  විඩියෝ   චිත්‍රපටිය   සහිත  ප්‍රචාරක   ට්‍රක්  රථය වෙනුවෙන්   රුපියල්   ලක්ෂ   650ක්   වැය  කර    ඇත්තේ  ද  ජාතික  ලොතරැයි  මණ්ඩලයයි. මෙම  මුදල  වැයකර  ඇත්තේ  දින  හතළිහක දිය. හිටපු   ජනාධිපතිවරයාගේ   විශාල   ඡායාරුප  සහිත   දැන්වීම්   පුවරු   සඳහා   රුපියල්  ලක්ෂ  650 ක්   ද  වැය  කර  ඇත.”

හම්බන්තොට  ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු   සහ  සංගීත   සංදර්ශන   වෙනුවෙන්ද   මණ්ඩලයේ   මුදල්   වැය  කර  ඇති   බව   ඇය කිවාය.

ජාතික  ලොතරැයි  මණ්ඩලයේ ප්‍රවර්ධන   වැය  ශිර්ෂයේ   සියයට   හැත්තෑපහකට   වැඩි   මුදලක්   වැය  කර   ඇත්තේ   පැවැති    රජයේ   දේශපාලන   අරමුණු  සඳහා   බවත්  මණ්ඩලය   පසුගිය  වසර    එකහමාරේ දි   පාඩුවට පවත්වාගෙන  ගොස්   ඇති  බවත්  සහභාපතිනිය  පැවසුවාය.

පටු  දේපාලන   අරමුණූ  වෙනුවෙන්  වැය  කර   ඇති  මුදල්   සම්බන්ධ  සියලු විස්තර   ඇතුළත්  වාර්තාවක්   මුදල්   ඇමති   රවී    කරුණානායක   මහතා    වෙතට   භාර   දි   ඇතැයි   ද  ඇය  කිවාය.

මෙයට   අදාළ   වාර්තා    දුෂණ   විමර්ෂණ  කොමිසම හමුවටක්,   රාජ්‍ය   දේපල   අයුතු    ලෙස   පරිහරණය    කිරිම  සම්බන්ධව වාර්තාවක්   මැතිවරණ  කොමසාරිස්වරයාටත්   ද   භාර   දෙන   බවත් ඇය පැවසුවාය.

 

 



අදහස් (0)

මහින්දගේ ඡන්ද වැඩ ලොතරැයි මණ්ඩලෙන්

තිලක් -ඩුබායි Thursday, 02 April 2015 04:24 PM

මම නිකම්ද කියන්නේ "මිනීමරු ප්‍රභාකරන්ලා වගේ 35 දෙනෙකුට අවුරුදු 35 කදී කරන්න බැරි වුන විනාසයක්" රාජපක්ෂවරු අවරුදු 8 කදී රටට කරලා තිබෙනවා කියල. (ස)

:       0       0

තිලක් -ඩුබායි Thursday, 02 April 2015 04:26 PM

අයියෝ රුපියල් කෝටි විස්සක් කියන්නේ රාජපක්ෂලට කජු අැට කොස් අැට වගේනේ. ගැහිලි ගැන හොදින් දන්නා නිසයි මම කියන්නේ (ස)

:       0       0

චන්ද්‍රා Thursday, 02 April 2015 09:09 AM

අහෝ දුප්පතාගේ සල්ලි , මින් ඉදිරියටවත් කාටවත් එසේ කල නොහැකි වන සේ නීති සම්පාදනය කලයුතුය. මෙසේ නාස්තිකල මුදල් දැන් කාගෙන් කොහොම අයකරගන්නද? වගකිව යුත්තා හැම දෙයම බොරු , කියමින් ඔය අගේට ඉන්නේ , නමුත් මේවා සහ ගහන අපරාද, (ස)

:       0       0

ප්‍රකාශ් Thursday, 02 April 2015 09:20 AM

දැන් පොදු අපේක්ෂකයාට සල්ලි වියදම් කරපු විදියක් ගැන කතා නෑ නේද? සිංගප්පුරුවේදී ලබාගත් ඩොලර් ඇට්ටි ගැන මොනවාද කියන්නේ. (ස)

:       0       0

හසිත් Thursday, 02 April 2015 09:21 AM

කෝ මේ අර ආවඩන කට්ටිය ? කල ගුණ කල ගුණ කියා කියා බෙරිහන් දෙන කට්ටිය . ගැහැනියක් ගිලෙන්න යනකොට බේරා ගත්තට එයාව දුෂණය කරන්න අයිතියක් නැහැ කියලා අපි අහල තිබෙනවා. (ස)

:       0       0

වින්සන්ට් Thursday, 02 April 2015 09:27 AM

මේවා සත්‍ය නම් හිටපු ජනාධිපතිතුමා වෙනුවෙන් බොහෝ දෙනා හඬා වැලපෙන්නේ මෝඩකමටද? (ස)

:       0       0

තිලක් -ඩුබායි Thursday, 02 April 2015 07:20 PM

මේවා අපිට කියලා වැඩක් නැහැ.නීතියෙන් කටයුතු කරලා දාන්න බලන්න ජීවිත කාලෙටම මහගෙදරට. (නි)

:       0       0

තිලක් -ඩුබායි Thursday, 02 April 2015 07:20 PM

තවමත් මොවුන් පස්සේ යන "බත් බැලයෝ" ලංකාවේ ඉන්නවනේ අම්මපා! (නි)

:       0       0

තිලක් -ඩුබායි Thursday, 02 April 2015 07:21 PM

ඔය එක ආයතනයක් පමණයි. ලංකාවේ තිබෙන අනෙකුත් ආයතනත් සුද්දකරලා ඉවරයි. (නි)

:       0       0

සමන්ත Thursday, 02 April 2015 09:53 AM

මේවා සෑම මාධ්‍යයක් ඔස්සේම ප්‍රචාරයකළ යුතුය. මේ තරම් අපේ මුදල් හොරා කාපු ජනාධිපතිවරයෙක් ලෝකයේවත් නැහැ. (ස)

:       0       0

තිලක් -ඩුබායි Thursday, 02 April 2015 07:22 PM

ඒත් අපේ සමහරු තවමත් එයාලා වෙනුවෙන් කඹුරනවා. (නි)

:       0       0

ගොඩී Thursday, 02 April 2015 09:55 AM

අහෝ වීරයෙක් වෙනුවෙන් මීට වැඩි දෙයක් වුවත් කළ යුතු නොවේද ? (ස)

:       0       0

නුවන් Thursday, 02 April 2015 10:02 AM

හොයාගන්නවා විතරද? මොකුත් නොකරන්නේ මහින්දට බයද? (ස)

:       0       0

ප්‍රකාශ් Thursday, 02 April 2015 10:03 AM

දැන් මේ යහපාලන කට්ටියගේ සිදුවෙමින් පවතින දුෂිත වැඩ ගැන ඇයි කතා නැත්තේ.රවී කරගෙන යන මුදල් වංචා ඇයි සොයන්නේ නැත්තේ.බටලන්දේ රනිල්ලාට ලැබුන ඩොලර් කන්දරාව ගැන මොනවාද කියන්නේ.සිරිසේනගේ පුතාව චීන සංචාරයට ගෙනියන්න මුදල් වියදම් කලේ කොහොමද?කවුද? (ස)

:       0       0

හෆීල් Thursday, 02 April 2015 10:07 AM

ආයිත් ගෙනෙල්ල රටත් විකුනන්නද? (ස)

:       0       0

සිමොන් Thursday, 02 April 2015 10:24 AM

මහින්ද රට බංකොලොත් කලා. කෝ දැන් කුලියට අඬන අය ? (ස)

:       0       0

සුමුදු හේවා Thursday, 02 April 2015 09:17 PM

හසිත්, සියලු කෙළෙසුන් නැසූ බුදු හාමුදුරුවන්ටත් මීටවැඩිය ලොකු චෝදනා ඇවිල්ලා තිබෙනවා. උන්වහන්සේ ඒවාට නොසැළී මුහුණ දුන්නා. බෞද්ධයෙක් හැටියට හිටපු ජනාධිපතිතුමාත් උන්වහන්සේ ආදර්ශයට ගනිමින් මෙවැනි චෝදනා වලට නොසැළී මුහුණ දෙන්නේ අපිටත් ආදර්ශයක් දෙමිනුයි. (නි)

:       0       0

යහපාල Thursday, 02 April 2015 10:39 AM

පන්සල්වල ඇවිද ඇවිද රටයි ආගමයි විකුනනවා.පසුගියකාලේ ප්‍රකෝටි ගණන් හොරකම් කරපුව තවම හරියට මේ රටේ මිනිස්සු දන්නේ නැති නිසා දැන් අලුත් ඡන්ද ව්‍යාපාරයක් පටන් අරගෙන මිනිස්සු රවට්ටන්න. (ස)

:       0       0

දර්ශන Thursday, 02 April 2015 10:40 AM

"මමනම් ඉතාම සාදාරන විදිහට තමයි මැතිවරණය කෙරුවේ අපේ හාමුදුරුවනේ." (ස)

:       0       0

රවී Thursday, 02 April 2015 10:43 AM

පුතාව නෙවෙයි ප්‍රකාශ් , නැටුම් කණ්ඩායම් රුපලවන්ය ශිල්පිනියන් , පුද්ගලික ආවතේව කරුවන් කෝකියන් අරන් ගියාද කියල සොයලා බලන්නකෝ. ඒගොල්ලානේ පසුගිය කාලයේ අපේ බදු සල්ලි වලින් සවාරි ගියේ. (ස)

:       0       0

ප්‍රකාශ් Thursday, 02 April 2015 11:12 AM

යහපාලනේ කියාගෙන ඇවිල්ලා අපි පිරිසිදුයි කියකියා මේ අය මොනවාද කරන්නේ. ඇයි ආදර්ශවත් වෙන්න බැරි. ඒ වාගේ නින්දිත වැඩවලට රවී කැමතිද? (ස)

:       0       0

පද්මිණි Thursday, 02 April 2015 11:13 AM

එක තැනක විවේකයෙන් ඉන්න බැරිව කඩියා වගේ පන්සල් ,මරණ ගෙවල් ගානේ දුවන්නේ ඕව පලදෙනව කියන එක තමයි. (ස)

:       0       0

ටිරෝන් Thursday, 02 April 2015 11:28 AM

ඔය එන්නේ හොඳ හොඳ ප්‍රතිපල. ඔය එක තැනකින්. තව කොච්චරනම් ඇතිද? යන්තම් රට බේරුනා. (ස)

:       0       0

නිමල් ලලිත Thursday, 02 April 2015 11:49 AM

හසිත් මහත්තයෝ එහෙම කියන්න එපා. මේ රටේ හැම පක්ෂයකම දේශපාලන වහලුන් හිතාගෙන ඉන්නේ එහෙම තමයි. තමන් ගැතිකම් කරන නායකයා මල පහ කරත් ඒවා සුවඳයි කියන්න ඒ ගොල්ල සුදානම්. (ර)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Thursday, 02 April 2015 11:58 AM

බලාගෙන යනකොට මහින්දට නම් මාරෙට ලොතරැයි ඇදිල තියෙනවා නේ. (ර)

:       0       0

පාලිත Thursday, 02 April 2015 12:04 PM

ප්‍රකාශ්, නින්දිත වැඩ කියන්නේ සේවාව නිමා කොට ගෙදර ගියාට පසුවත් එතන මෙතන කියව කියවා ඉන්න එක. (ර)

:       0       0

තිලක් -ඩුබායි Friday, 03 April 2015 03:01 AM

තවත් අවරුදු දෙකක් රට කන්න දුන්න නම් අපේ දරුවන්ට හිමි වෙන්න තිබුනේඉතියෝපියාවක්,සෝමාලියාවක්, උගන්ධාවක්, කෙන්යාවක්, බංගලිදේශයක් පමණයි. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Friday, 03 April 2015 03:03 AM

ඩුබායි කියන්නේ ලෝක වෙළද මධයස්ථානයක්. ලෝකයේ සිටින මොන දණ කුවේරයත් තමන්ගේ මුදල් විශ්වාසයෙන් යුතුව තැන්පත් කරන්න එන්නේ ඩුබායි රටට. නැවත ගන්න එන්නෙත් ඩුබායි රටට. එ්කනේ යෝශිතව ඇටෝනි බලයක් දීල ඩුබායි එව්වේ. අපේ මෝඩයෝ තවමත් පස්සෙන් යන එක ගැනයි මට දුක/කේන්ති. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Friday, 03 April 2015 03:05 AM

කම්බා හොරුන්ට ලැජ්ජාවක් කියල දෙයක් නැහැ. ඔවුන් ලජ්ජා නහර කපල ඉවත් කරලයි තියෙන්නේ. නැතිනම් සුනාමියෙන් අන්ත අසරණ මිනිසුන්ට කන්න දෙන මුදල් වලින් රුපියල් කෝටි 8.6ක් ගසා කාවිද? (නදී)

:       0       0

ප්‍රකාශ් Friday, 03 April 2015 03:21 AM

මැතිවරණයක් නැතිව තමන් අගමැති වීම එච්චර හරි මදි නේද ? (නදී)

:       0       0

සුමුදු හේවා Friday, 03 April 2015 04:56 AM

ඩුබායි තිලක්, කලබල නොවී ටිකක් ඉන්නකෝ. ගිය ආණ්ඩුව යටතේ ආසියාවේ වැඩිම ආර්ථික වර්ධන වේගය ඇතිව අඛණ්ඩව වැඩුණු අපේ රටේ ආර්ථිකය මේ ආණ්ඩුව යටතේ කඩාවැටෙන්න ගත්තට තවම දින සීයවත් ඉවර නෑනේ. අවුරුදු දෙකක් යන්න ඉස්සෙල්ල ඔයා ප්‍රර්ථනා කරන ඔය ඉතියෝපියාව, සෝමාලියාව, උගන්ඩාව, කෙන්යාව හෝ බංගලිදේශය ලක් පොළොව මත ප්‍රාදුර්භූත වේවි. (ස)

:       0       0

සුමුදු හේවා Friday, 03 April 2015 05:00 AM

ඩුබායි තිලක් බත් බැලයා කියන වචනයේ තේරුමවත් නොදන්නා බව ඒ වචනය පාවිච්චි කරන විදියෙන්ම පෙනෙනවා. ඇත්තටම ඔයා බත් කන කෙනෙක්ද? තරහ ගන්න එපා. නොදන්නා හින්දයි ඇහුවේ. (ස)

:       0       0

සුමුදු හේවා Friday, 03 April 2015 05:05 AM

ඩුබායි තිලක්, කම්බා හොරු කිව්වේ කොහොම අයටද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

සමන්ති Thursday, 02 April 2015 02:47 PM

ලොතරැයි ඇදුනු අය තව ඉන්නවා. (නි)

:       0       0

සුමුදු හේවා Friday, 03 April 2015 05:10 AM

අපි දන්නා නීතියේ හැටියට නම් චෝදනා ඔප්පු වෙනතුරු කෙනෙක් වැරදිකරුවෙක් හැටියට සළකන්න බැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 140 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 842 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1770 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1129 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 467 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 285 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38043 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25054 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 245 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 789 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site