IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


‘මහින්දගේ ටීෂර්ට්/ කැප් ධීවර සංස්ථාවෙන් මුද්‍රණය කළා‘

‘පසුගිය කාලයේදී රාජ්‍ය ආයතනවලින් දේශපාලනයට සම්බන්ධ දේවල් මුද්‍රණය කිරීම සිදු වුණා. ඒක අලූත් දෙයක් නොවේ. ධීවර අමාත්‍යාංශයෙන් විතරක් නොවේ අනෙක් රාජ්‍ය ආයතනවලින්ද දේශපාලනයට සම්බන්ධ දේවල් මුද්‍රණය කරනවා අපි දැකලා තියෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රූපය සහ වැකි යොදා ටී ෂර්ට් සහ කැප් මුද්‍රණය කළා කියලා මට ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද ඒ වෙනකොට ඒ වගේ දේවල් රටේ හැමතැනකම වගේ සිදු වුණා යැයි ග්‍රැෆික් ආයතනයක හිමිකරුවකු වන අර්ජුන ධනංජය ඉත්තමල්ගොඩ මහතා බරපතළ වංචා හා දූෂණ පිළිබඳ කොමිසම හමුවේ සාක්කි දෙමින් පැවැසීය.

හිටපු වැඩබලන ධීවර ඇමැති සරත් කුමාර ගුණරත්න මහතාගේ දැනුම්දීම මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මීගමුවේ පැවැති රැලියට දීම සඳහා කැප් සහ ටී ෂර්ට් තමා මුද්‍රණය කර දුන් බවත් ඒ සඳහා ධීවර අමාත්‍යාංශයෙන් තමන්ට රුපියල් ලක්ෂ 12 1/2 ක චෙක් පතක් ලැබුණු බවත් බරපතළ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ   පැවැත්වූ විභාගයේදී සාක්කි දෙමින් එසේ පැවැසීය.

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කිරීම සඳහා මීගමුව නගර සභා පිටියේදී 2014 දෙසැම්බර් 30 වැනිදා පැවැත්වූ රැලිය සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාව විසින් රුපියල් 89,50,000 ක් වැය කොට ඇත්තේ මීගමුව කලපුව සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අය වැයෙන් වෙන් කළ මුදල්වලින් බවට ලැබී ඇති පැමි‚ලි මෙම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් විභාග කෙරේ.
ඊට අමතරව ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සමග —මහින්ද රාජපක්ෂ දිනවමු˜ යන වැකිය සහිත ටී ෂර්ට් හා කැප් තොප්පි රජයේ මුදල් වැය කොට ඩිස්ප්ලේ මීඩියා ආයතනයෙන් ලබාගැනීම, දිනපොත් 2000 ක් මුද්‍රණය කරවාගෙන ධීවර අමාත්‍යාංශයට ලබා නොදීම මෙන්ම මීගමු කළපු සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කළ බවට රපියල් 18,40,000 වැය කොට සමරු ඵලකයක් ඉදිකර එය හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ අතින් 2015 ජනවාරි 05 වැනිදා විවෘත කිරීම යන සිද්ධීන් පිළිබඳ මෙම කොමිසම විසින් වැඩිදුරටත් විමර්ශනය කෙරේ.

මේ සම්බන්ධයෙන් පැවති සාක්කි විමසීමේදී මීගමු කළපු සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කළ බවට වූ සමරු ඵළකය කලූගලෙන් නිර්මාණය කරන බව පවසා ඒ සඳහා රුපියල් 18,40,000 ක මුදලක් ලබාගෙන ඇතැයි එය රුපියල් ලක්ෂ 4 ක පමණ මුදලක් වැය කර කොන්ක්‍රීට්වලින් නිපදවා ඇති බව අනාවරණය වී ඇත.
මෙම සිද්ධියට අදාළව කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ධීවර ඇමැති සරත් කුමාර ගුණරත්න, ශ්‍රී ලංකා වරාය නීිතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ, එහි සාමාන්‍යාධිකාරි ජී.ජී.පී. අබේසේකර, හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි චන්දන පැල්පිට හා ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම් චමින්ද කුමාරසිංහ යන මහත්වරු කොමිසම හමුවේ පෙනී සිටියහ.

මහාධිකරණ විනිසුරුවන් වන ප්‍රීති පද්මන් සූරසේන (සභාපති), විකුම් කළුආරච්චි, අමේන්ද්‍ර සෙනෙවිරත්න, ගිහාන් කුලතුංග සහ විශ්‍රාමික විගණකාධිපති පී.ඒ. පද්මතිලක මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම සාක්කි විභාගය කරන ලදී.

ලැසිල් ද සිල්වා මහතා කොමිසමේ ලේකම්වරයා ලෙස කටයුතු කරන අතර, භාෂණ කටයුතු සිදු කරමින් කොමිසමේ වැඩබලන සහකාර ලේකම් විමල් ශාන්ත ද සිල්වා මහතා කොමිසමේ කටයුතුවලට සහාය වේ.
කොමිසමේ විමර්ශන නිලධාරීන් ලෙස (සහකාර පොලිස් අධිකාරි ලලිත් අබේසේකර මහතාගේ අධීක්ෂණය යටතේ කොමිසමේ විමර්ශන නිලධාරීන් ලෙස එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බෝධි පක්ෂ, උප පොලිස් පරීක්ෂක පුෂ්පිත ගුණරත්න, සැරයන් (30827) දෙ‚පිටිය යන නිලධාරීහු කටයුතු කරති.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදර්ශන ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන් අර්ජුන ග්‍රැෆික්ස් ආයතනයේ හිමිකරු වන මීගමුව ෆෙරියමුල්ලේ පදිංචි අර්ජුන ධනංජය ඉත්තමල්ගොඩ මහතා මෙසේද කීය.
අර්ජුන ග්‍රැෆික්ස් ආයතනය 2003 දී ආරම්භ කළා. එහි ග්‍රැෆික් නිර්මාණ කටයුතු කරනවා. කැප්, ටී ෂර්ට්, ග්‍රැනයිට් නිර්මාණ කටයුතු ආදිය එහි කරනවා.

වැඩබලන ධීවර ඇමැති තුමාගේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන අද මේ කොමිසම හමුවේ පෙනී සිටින චමින්ද කුමාරසිංහ මහතාගේ දැනුම් දීම මත පසුගිය ජනාධිපතිවරණයේදී ටී ෂර්ට් සහ කැප් තොප්පි මුද්‍රණය කළා.
ප්‍ර:¡ චමින්ද කුමාරසිංහ කියන්නේ හිටපු වැඩබලන ධීවර ඇමැති සරත් කුමාර ගුණරත්න මහතාගේ පෞද්ගලික ලේකම්ද?
පි:¡ ඔව්.
මා 2009 වර්ෂයේ සිට සරත් කුමාර ඇමැතිතුමාගේ පෞද්ගලික මුද්‍රණ කටයුතු කරනවා. මේ අතර දිනක් චමින්ද කුමාරසිංහ මහතා මට කතා කොට කැප් තොප්පි හා ටී. ෂර්ට් මුද්‍රණය කිරීම සඳහා ඕඩරයක් තියෙනවා. ඔයත් ඒ සඳහා මිල ගණන් ඉක්මනට ඉදිරිපත් කරන්න කීවා. ඒ අනුව මාත් මිල ගණන් ඉදිරිපත් කළා.
ප්‍ර:¡ ටී ෂර්ට් හා කැප් කොපමණ ප්‍රමාණයකටද?
පිළි:¡ කැප් 2000 ක් හා ටී ෂර්ට් 1500 ක් සඳහා.
ප්‍ර:¡ ඔබ මෙය ඉදිරිපත් කළේ කාටද?
පි:¡ චමින්ද කුමාරසිංහ මහතා මගින් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවට.
මෙම කැප් හා ටී ෂර්ට් මුද්‍රණය කළ යුතු ආකාරය මට ඊමේල් මගින් දැනුම් දුන්නා. ඊට අමතරව ධීවර වරාය අමාත්‍යාංශයේ ස්ථාවර දුරකථනයෙන් කතා කළ පුද්ගලයෙක් කළ යුතු ආකාරය ගැන දැනුම් දුන්නා.
කැප් තොප්පිවල මීගමුව සරත් කුමාර ගුණරත්න කියලා සිංහලෙන් මුද්‍රණය කරන්න කියා තියෙනවා.
ප්‍ර:¡ ටී ෂර්ට් එකේ මොනවාද මුද්‍රණය කළේ.
පි:¡ ගමන සුභයි ජය නියතයි සහ මහින්ද රාජපක්ෂ කියා එහි මුද්‍රණය කළා.
විනිසුරු ගිහාන් කුලතුංග මහතා:¡ ටී ෂර්ට් එකේ පිංතූරයක් මුද්‍රණය කළාද?
පි:¡ ඔව්. මහින්ද රාජපක්ෂ මහතාගේ පිංතූරය මුද්‍රණය කළා.
මම මිල ගණන් ඉදිරිපත් කළාට දින තුනකට පස්සේ ධීවර අමාත්‍යාංශයේ කෙනෙක් මට කතා කරලා —මේක කරන්න කියලා කීවා. පස්සෙදී  මා චමින්දට කතා කරලා —මං මෙතෙක් ධීවර අමාත්‍යාංශයේ කිසිම වැඩක් කරපු නැති කෙනෙක්. මුද්‍රණ කටයුතු කිසිවක් මං කරලත් නැහැ. මේක කරන්නේ කොහොමද කියා ඇසුවා. එතකොට චමින්ද කීවා මිල ගණන් කැඳවීම හරි ඒ නිසා වැඩේ කරලා නියමිත දිනට බාර දෙන්න කියලා˜
විනිසුරු ගිහාන් කුලතුංග මහතා:¡ නියමිත දිනය කියන්නේ කවදා ද?
පි:¡ ජනාධිපතිතුමාගේ උත්සවය තියෙන 2014 දෙසැම්බර් 29 හෝ 30 වැනිදාට.
මං වැඩේ කළ පසු දෙතුන් වරක් ධීවර අමාත්‍යාංශයෙන් මාගේ කාර්යාලයට ඇවිත් කැප් හා ටී ෂර්ට් අරගෙන ගියා. ඉන් පසු 2014 දෙසැම්බර් 30 වැනිදා හෝ 31 වැනිදා ධීවර අමාත්‍යාංශයේ කෙනෙක් මගේ කාර්යාලයට ඇවිත් චෙක්පතක් දුන්නා. එම චෙක්පත මා බැංකු ගත කළා. පසුව මා චමින්ද කුමාරසිංහ මහතාට කතා කොට මට චෙක් එක ලැබුණා බොහොම ස්තුතියි කියා කීවා.
මං සරත් කුමාර ඇමැතිතුමාගේ පෞද්ගලික වැඩ කටයුතු අවුරුදු 5 ක් තිස්සේ කළත් ධීවර අමාත්‍යාංශයේ වැඩක් කළේ පළමු වතාවටයි. නමුත් 2008 වර්ෂයේදී මහා මාර්ග අමාත්‍යාංශයේ ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඇමැතිතුමාගේ හා මහපොළ මුද්‍රණය කටයුතු මා කළා.
ප්‍ර:¡ 2014 දී කළ වැඩේදී ටෙන්ඩර් කැඳවීමක් කළාද?
පි:¡ නැහැ. ඒත් මිල ගණන් කැඳවූවා.
ප්‍ර:¡ ටී ෂර්ට් හා කැප් මුද්‍රණය කළේ මොකටද?
පි:¡ හිටපු ජනාධිපතිතුමාගේ මීගමුවේ පැවැති උත්සවයට දීමටයි.
ප්‍ර:¡ ඒ උත්සවයට ඔබත් ගියාද?
පි:¡ නැහැ.
ප්‍ර:¡ මීගමුව කළපු සංවර්ධන ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයක් තිබූ බව ඔබ දන්නවාද?
පි:¡ ඔව්. නමුත් දිනය මතක නැහැ.
විනිසුරු ගිහාන් කුලතුංග:¡ මේ ඕඩරය කුමක් සඳහා ද කියා ඔබට තේරුණාද?
පි:¡ දේශපාලන කාරණයකට කියන එක ඕනෑම කෙනෙකුට තේරුම් යනවා. මොකද ජනාධිපතිතුමා එන උත්සවයකට ලැහැස්ති කරන්න කියලයි කිව්වේ.
ප්‍ර:¡ මේ මුද්‍රණ කටයුතු සඳහා ඔබට කොපමණ මුදලක් ලැබුණාද?
පි:¡ රුපියල් 12,55,000/¡
සභාපති විනිසුරු සූරසේන මහතා:¡ කැප් එකකට කීයක්ද?
පි:¡ රු. 125 ක්
ප්‍ර:¡ ටී ෂර්ට් එකකට කීයක්ද?
පි:¡ රු. 670/¡ ක්
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදර්ශන සිල්වා මහතා:¡ මීට පෙරත් ඔබ සරත් කුමාර ගුණරත්න මහතාගේ කැප් මුද්‍රණය කරලා තියෙනවාද.
පි:¡ ඔව් 2010 මහ මැතිවරණයේදී.
සභාපති විනිසුරු සූරසේ මහතා ¡ 2010 දී එලෙස මුද්‍රණ කළේ ඇයි?
පි:¡ ඇමැතිතුමාගේ කැන්වසින් යන අයට දෙන්න
ප්‍ර ¡ එතකොට කීයක් ගත්තාද?
පි:¡ රු.500/¡ක් 600/¡ක් වගේ ගොඩක් කල් නිසා මට හරියටම මතක නැහැ.
ප්‍ර ¡ ගමන සුභයි ජය නියතයි කියලා ගහලා රාජ්‍ය ආයතනයක් මෙවැනි මුද්‍රණ කටයුත්තක් කිරීමේදී ඔබට ප්‍රශ්නයක් වුණේ නැද්ද?
පි:¡ මට කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද මේක ඒ වේලාවේ රටේ සෑම තැනම සිදු වෙච්ච දෙයක්. මේක දේශපාලන කෝණයෙන් නොබලා රටේ පුරවැසියෙක් විදියට බැලූවොත් මේ සිදු වූ දේ රටේ හැම තැනම සිදු වුණා.
ප්‍ර ¡ රාජ්‍ය ආයතන වලින් දේශපාලනයට සම්බන්ධ මෙවැනි දේවල් මුද්‍රණය කළාද?
පි:¡ අනිවාර්යෙන්ම. මේක අලූත් දෙයක් නොවේ. මේ ආයතනයෙන් පමණක් නොවේ වෙනත් ආයතන වලින්ද මෙලෙස මුද්‍රණ වුණා. අපි ඒවා දැකලා තියෙනවා.
ඔහුගේ සාක්කිය එතැනින් අවසන් විය.
රජයේ ජ්‍යෙෂඨ නීතිඥ සුදර්ශන ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ ඩිස්ප්ලේ මීඩියා ඇඩ්වර්ටයිසින් ආයතනයේ ප්‍රචාරක කටයුතු හා උත්සව සංවිධාන කටයුතු කරන අතුරුගිරියේ පදිංචි ෙජ්.එල්. කැලූම් පුෂ්පකාන්ත මහතා මෙසේද කීය.
මා මීඩියා ඇඩ්වර්ටයිසින් ආයතනයේ සාමාන්‍යාධිකාරිවරයෙක් ලෙස කටයුතු කරනවා. ආයතනයේ හිමිකරු වන්නේ සමන් නිශාන්ත මහතායි.
ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවට 2015 වර්ෂය සඳහා දින පොතක් මුද්‍රණය කිරීම සඳහා මිල ගණන් ඉදිරිපත් කරන ලෙස ධීවර සංස්ථාවේ පුද්ගලයෙක් මගේ ජංගම දුරකථනයට දැනුම් දුන්නා. ඒ අනුව මා මිල ගණන් ඉදිරිපත් කළා.
සභාපති විනිසුරු සූරසේන මහතා:
මේක කීයක් විතර ගනුදෙනුවක්ද?
පි:¡ රුපියල් ලඬ 10ක.
ප්‍ර ¡ ඔබ ධීවර අමාත්‍යාංශයේ කාත් එක්කද සම්බන්ධ වෙලා සිටියේ.
පි:¡ මේවාගේ දැන්වීම් කටයුතු කරන පැල්පිට මහතා සාමාන්‍යාධිකාරි අබේසේකර මහතා මෙන්ම බොහෝ නිලධාරීන් එක්ක මා කටයුතු කළා.
ප්‍ර ¡ දින පොතේ අන්තර්ගතය ගැන කවුරු හරි ඔබට දැනුම් දුන්නාද?
පි:¡ ඔව්. චන්දන පැල්පිට මහතා මට කතා කොට දින පොතේ අන්තර්ගතයට ඕන ඡායාරූප හා විස්තර මට දැනුම් දුන්නා.
මම අවුරුදු 10ක් පමණ කාලයක් තිස්සේ රජයේ ආයතන සමග කටයුතු කරන නිසා රජයේ ප්‍රතිපාදන කටයුතු ආදිය ගැන මට දැනුමක් තිබුණා.
ප්‍ර ¡ ඔබ මිල කැඳවීම් පත්‍රිකාවක් ඉදිරිපත් කළාද?
පි:¡ ඔව්. සාමාන්‍ය දින පොතකට වඩා මෙහි අන්තර්ගත විය යුතු වර්ණ පිටු ඇතුළු කරුණු සැලකිල්ලට ගෙන මිල කැඳවීම් පත්‍රිකාව ඉදිරිපත් කළා.
ප්‍ර ¡ කාටද ඔබ එය ඉදිරිපත් කළේ.
පි:¡ වරාය නීතිගත සංස්ථාවේ සභාපතිතුමාගේ අතට මෙය ගෙන ගොස් බාර දුන්නා.
ප්‍ර ¡ එහෙම සාමාන්‍යාධිකාරිට අතින් ගෙන ගොස් බාර දීමට තිබුණු හදිසි උනන්දුව මොකක්ද
පි:¡ එහෙම විශේෂ උනන්දවක් නැහැ.  විශේෂයෙන් හැඳුනුම්කමක් තිබුණෙත් නැහැ. නමුත් මා ඔහු ඊට කලින් දැන හඳුනාගෙන සිටියා.
මේ අවස්ථාවේදී සාක්කිකරුට අදාළ මිල කැඳවීම් පත්‍රිකාව පෙන්වන ලදුව ඔහු එය හඳුනා ගත් අතර, එය අධ්‍යඬවරයාට යොමු කරන ලෙස ලියා ඇතත් තමා සාමාන්‍යාධිකාරිවරයාට ඉදිරිපත් කොට ඇතැයි කීය.
ප්‍ර  ¡ ඔබ නොවෙයිද මේ ලේඛනය යැව්වේ.
පි:¡ මං ලේඛනයට අත්සන් කළා. ගිණුම් කටයුතු කළා නමුත් ලිපිය යවන අවස්ථාවේදී මා හිටියේ නැහැ. නමුත් මෙම ලිපිය යැවීමට පියවර ගත්තේ මං.
පසුව අපි යැවූ මිල කැඳවීම් පත්‍රිකාවට අවසර ලැබුණු බව මා දුරකථනයෙන් දැන ගත්තා.
ප්‍ර  ¡ කවුද දුරකථනයෙන් කතා කළේ
පි:¡ මං හිතන විධියට පැල්පිට මහතා හෝ එයට සමාන වගකීමක් ඇති කෙනෙක්.
මෙම දින පොත් මුද්‍රණය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් කර තිබුණේ නැහැ. ටෙන්ඩර් මණ්ඩලයකට බාර දීමක් කර තිබුණේ නැහැ. මේ සඳහා පුවත්පත් දැන්වීමක් පළ කර තිඛෙනු මා දැක්කේ නැහැ.
මෙම දිනපොත් මුද්‍රණය සඳහා ඇනවුම් බාර දීම තබා කිසිම ලිඛිත ලියවිල්ලක් හෝ කිසිදු නීතිමය ගිවිසුමකට එළැඹීමක් සිදු වුණේ නැහැ.
ප්‍ර ¡ මුද්‍රණය කළ දින පොත් කාටද බාර දුන්නේ?
පි:¡ අබේසේකර මහතාට
ප්‍ර ¡ රජයේ ආයතනයකට ගබඩාවක් තියෙනවා නේද?
පි:¡ ඔව්. ටෙන්ඩර් පටිපාටිය අනුව මෙය සිදු නොවුණු නිසා මෙම දිනපොත් වගකිවයුතු පුද්ගලයෙක් හරහා බාර දීම සුදුසුයි කියා අපි හිතුවා.
විනිසුරු ගිහාන් කුලතුංග දින පොත් කීයක් විතර ඔබ බාර දුන්නාද?
පි:¡ පළමුවර දිනපොත් 500යි. 2 සහ 3  වැනි වාරවලදී දිනපොත් 750 බැගින් බාර දුන්නා.
ප්‍ර ¡ කවර දිනවලදී ද මෙම දිනපොත් 2000 බාර දුන්නේ.
පි:¡ 2014 දෙසැම්බර් 29, 30, සහ 31 වැනි දින තුනේදී.
ප්‍ර ¡ මේවා කොහොම ගෙනිහින් කාටද බාර දුන්නේ?
පි:¡ අපි ළඟ ඇති ඩිලිවරි ලොරිවලින් ගෙනහින් මේවා බාර දී තිබුණා. ඒ වේලාවේ මම එතැන සිටියේ නැති නිසා මම හරියටම දන්නේ නැහැ.
ප්‍ර ¡ මෙම දිනපොත් ලැබීම් සම්බන්ධයෙන් සටහනක් ඇති කිසිම ලේඛනයක් තියෙනවාද?
පි:¡ නැහැ.
ප්‍ර:¡ මේ දින පොත් දෙන විට ගෙවීමක් කර තිබුණාද?
පි:¡ නැහැ.
ප්‍ර ¡ මේක රුපියල් ලඬ 10ක වැඩක්.
පි:¡ ඔව්.
ප්‍ර ¡ ලේඛනයක් නොමැතිව මෙලෙස භාණ්ඩ බාර දුන් විට මුදල් ලැඛෙයි කියා තියෙන විශ්වාසය මොකක්ද?
පි:¡ ඊට පෙර ධීවර සංස්ථාව සමග ගනුදෙනු කර තියෙන නිසා ඒ විශ්වාසය මත කටයුතු කළා.
ප්‍ර ¡ මීට පෙරත් ලේඛන නැතුව ගනුදෙනු කරලා තියෙනවාද?
පි:¡ ඔව්.
ප්‍ර ¡ මේ අවස්ථාවේදී කටයුතු කළේ සාමාන්‍යාධිකාරි පැල්පිට මහතා සමගද?
පි:¡ නැහැ. රාජිත සේනාරත්න මහතා සමග අපි ඒ වන විට වැඩ කටයුතු පටන් අරගෙන කරගෙන ගියා.
ප්‍ර:¡ රාජිත ඇමැතිතුමා ලේඛන නොමැතිව කටයුතු කළා කියලද ඔබ කියන්නේ.
පි:¡ ඔව්. සමහර අවස්ථාවලදී දුරකථනයෙන් පවා මට එහෙම උපදෙස් ලබා දී තිබුණා.
ප්‍ර:¡ ඔබගේ ආයතනය පාලනය කරන්නේ කවුද?
පි:¡ මම හා සමන් නිශාන්ත මහතායි.
ප්‍ර:¡ ඔබට මුද්‍රණ යන්ත්‍ර තියෙනවාද?
පි:¡ නැහැ. වෙනත් පුද්ගලයකුට දීලා මුද්‍රණ කටයුතු කරවලා බාර දෙමින් මං අතරමැදියෙක් විධියට කටයුතු කරනවා.
විනිසුරු ප්‍රේමතිලක මහතා ¡ මේවා මුද්‍රණය කළේ කොහේද?
පි:¡ ඉසුරු ග්‍රැෆික් ආයතනයේ.
ප්‍ර:¡ මේවා බාර දුන්නේ කාටද?
පි:¡ ධීවර වරාය නීතිගත සංස්ථාවට.  
ප්‍ර:¡ ධීවර වරාය නීතිගත සංස්ථාවට මේ දිනපොත් බාර දුන්නේ ඉසුරු ග්‍රැෆික් එකෙන්ද?
පි:¡  නැහැ. ඔවුන් අපිට දුන්නා අපි ධීවර වරාය නීතිගත සංස්ථාවන්ට බාර දුන්නා.
ප්‍ර:¡ දිනපොත් ලැබුණට පසුව ඒවා ලැබුණු බව කවුරු හරි සනාථ කළාද?
පි:¡ අපිට ගෙවීම් කරන විට අදාල ලියකියවිලි අපි ඉදිරිපත් කළා.
ප්‍ර:¡ මේ සඳහා ඉන්වොයිස් එකක් ඉදිරිපත් කළාද?
පි:¡ ඔව්. 2014/12/29 වැනිදා දිනපොත් 2000ක් සඳහා ඉන්වොයිට් පත්‍රයක් නිකුත් කළා.
ප්‍ර: ඔබ මීට පෙර කීවේ 2014.12.29 වැනිදා දින පොත් 500ක් බාර දුන් බව එහෙම තිබියදී දිනපොත් 2000කට ඉන්වොයිස් එකක් නිකුත් කළේ ඇයි?
පි: අපි බලාපොරොත්තු වූ අත්තිකාරම් මුදල නොලැබුණු නිසා ඉක්මනින්ම මුදල් ලබා ගැනීම සඳහා මෙය ඉදිරිපත් කළා.
ප්‍ර: ඉන්වොයිස් එක ඉදිරිපත් කළහම චෙක් එක ලැබුණා.
පි: ඔව් ඒ සඳහා ලදුපතක් නිකුත් කළා.
ප්‍ර: එම ලදු පතේ දිනය කවද්ද?
පි: 2014/12/30
ප්‍ර. 2014/12/30 වැනිදා වන විට මේ සම්පූර්ණ දිනපොත් ප්‍රමාණයම බාරදීලා නැහැ නේද?
පිි: නැහැ.
ප්‍ර: ඒත් සම්පූර්ණම මුදල ලැබුණා නේද?
පි: මුදල් ලැබුණා.
ප්‍ර: සම්පූර්ණ මුදල කියද?
පි: රුපියල් 10,90,000/¡ක්.
ප්‍ර: ඔබගේ ආයතනය ලංකා වරාය නීතිගත සංස්ථාවෙන් සැපයුම්  ආයතනයක් ලෙස ලියාපදිංචි කර තියෙනවද?
පි: මං හිතන්නේ ඔව්.
ප්‍ර: හිතන්නේ නොවෙයි ඔබගේ ආයතනයේ ඉන්නේ දෙන්නයි. මෙය ගැන ඔබ දැන ගත යුතුයි නේද?
පි: ආයතනය ලියාපදිංචි කර තියෙනවා. 2014 ජනවාරි සහ මාර්තු අතර කාලයේ ලියාපදිංචි කළේ. නමුත් ඊට පෙර ලියාපදිංචි කර තිබුණේ  නැහැ. 2015 අවුරුද්ද සඳහා ලියාපදිංචි කර තිබුණේ නැහැ.
මේ කාලයේදීම චන්දන පැල්පිට මහතා මට කතා කොට මීගමුවේ ලොකු උත්සවයක් සංවිධානය කරන්න ඕනෙ. එකත් එයා කරන්න කියා කීවා. ඉන් ටික කලකට පස්සේ මීගමුව ධීවර වරාය නීතිගත සංස්ථාවේ අය සහ තවත් පිරිසක් සමග මීගමුව ධීවර කළපුව සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සවය සංවිධානය කළ යුතු බව එම ඬේත්‍ර චාරිකාවේදී වැඩබලන ධීවර ඇමැති සරත් කුමාර ගුණරත්න මහතාගේ පෞද්ගලික ලේකම් චමින්ද කුමාරසිංහ මහතා පැහැදිලි කළා.
 ප්‍ර: මෙම උත්සවය පැවැත්වීම වෙනුවෙන් මිල ගණන් කැඳවීමේ පති්‍රකාවක් ඔබ ඉදිරිපත් කළාද?
පිි: ඔව් රුපියල් 8950,000/¡ක මිල කැඳවිමේ පති්‍රකාවක් ඉදිරිපත් කළා.
ප්‍ර: එය කවදාද ඉදිරිපත් කළේ?
පිි: 2014/12/17 වැනිදා නාරා ආයතනයෙන් පැමිණ සිටි නිලධාරියාට එම ලිපිය බාර දුන්නා.
ප්‍ර: උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණේ කවදාද?
පිි: 2014/12/30 වැනිදා, මීගමුව නගර සභා පිටියේ සවස 3.30ට විතර රැස්වීම ආරම්භ කරලා රාතී්‍ර 7.45, 8.00 දක්වා එය පැවැත්වුණා.
ප්‍ර: එම උත්සවයට කවුරුද ආවේ?
පි: හිටපු ජනාධිපතිතුමයි තවත් බොහෝ ඇමැතිවරුනුයි ආවා.
 ප්‍ර: මෙතැන තිබූ උත්සවය කුමක්ද?
 පිි: මේක රාජ්‍ය උත්සවයක්. ධීවර වරාය විවෘත කිරීමේ උත්සවයට සමගාමීව ජනාධිපතිතුමා සහභාගි වෙන ජන රැළිය.
සහකාර විනිසුරු සූරසේන මහතා: උත්සවයේ  වැඩ කටයුතු බාරව හිටියේ තමන්ද?
පි: ඔව්. උත්සවයේ සැරසිලි හා සැපයුම් බාරව හිටියේ මං.
ප්‍ර: මොනවද සැපයුවේ
පිි: 8000කට ආසන, අවශ්‍ය වේදිකාව සැරසිලි, ඩාන්සින් කණ්ඩායම්වලට ආලෝකය, ශබ්ද විකාශන යන්ත්‍ර, කාපට්, පුටු ආදිය.
 විනිසුරු ගිහාන් කුලතුංග: මේ භාණ්ඩ සියල්ලම ඔබලා ළඟ තිබුණා.
පිි: නැහැ කාපට් විතරයි තිබුණේ. ඉතිරි ඒවා වෙනත් අයෙකුගෙන් ලබාගෙන සැපයුවා. අපි කළේ අතරමැදි කාර්යය.
 ප්‍ර: ඔබ දැන්වීම් පති්‍රකාව ඉදිරිපත් කළහම 2014/12/14 වැනිදා සිට වැඩ කටයුතු කරගෙන යන්න අවසර ලැබුණද?
පිි: පැල්පිට මහතා හා චමින්ද මහතා කීවා අපිට වැඩ කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා කියලා.
ප්‍ර: මේ ලක‍ෂ 89 1/2 මුදලට අදාළව කිසිදු ටෙන්ඩර් පටිපාටයකට සම්බන්ධ වුණාද?
පි: නැහැ.
මිල කැඳවීම් පති්‍රකාවට අනුව මෙම උත්සවයේ ඡායාරූප ලබාගෙන සී.ඩී. තැටියක් හදලා පැල්පිට මහතාට බාර දුන්නා. මා ළඟත් පිටපතක් තියෙනවා.
 ප්‍ර: ඒ වෙලාවේ උත්සවයට ආපු කතිකයෝ මොනවා ගැනද කතා කළේ.
පි: පොදුවේ රටේ සංවර්ධනය ගැන. ජනාධිපතිතුමා හා සාමය ගැන කතා කළා. ජනාධිපතිතුමාගේ සේවය අගය කළා. ඒත් ඡන්දය ඉල්ලීමක් කළේ නැහැ. මෙම රැස්වීමේ දේශපාලන මුහුණවරක් තිබුණේ.
ප්‍ර: ඒ වේදිකාවේ පසුතලය නිර්මාණය කළේ ඔබලද?
පිි: ඔව්.
ප්‍ර: මීගමු කළපු සංවර්ධනය කියලා වචනයක්වත් එහි තිබුණද?
පි: නැහැ අලූත් රටක් වගේ තේමාවක් තිබුණා.
 සභාපති විනිසුරු සූරසේන මහතා: එම උත්සවයට කීයක් විතර සෙනග ආවද?
පි: 8000ක් විතර
ප්‍ර: එහිදී නැටුම් පෙන්නුවාද?
පි: ඔව් වැදි නැටුම්, සොකරි නැටුම් වගේ නැටුම් 06ක් විතර තිබුණා.
ප්‍ර: වේදිකාව තිබුණේ නිල් පාටින්.
පි: ඔව්. ජනාධිපතිතුමා එන නිසා නිල් පාටින් වේදිකාව සරසන්න කියා අපිට උපදෙස් දීලා තිබුණා. මේ වේදිකාව ගැන ඇමතිතුමාට දැනුම් දීලා උපදෙස් ගත්තා.
ප්‍ර: මේ සඳහා ඔබට මුල්ම ගෙවීම ලැබුණේ කවදාද?
පි: 2014/12/30 වැනිදා ලඬ 50ක මුදලක් ලැබුණා.
ප්‍ර: තමන්ට සියයට 50කට වඩා වැඩි මුදලක් ලැබුණා.
පි: සියයට 75ක් ඉල්ලා තිබුණා. නමුත් ලඬ 50ක් ලැබුණා.
ප්‍ර: එය ලැබුණේ චෙක් පතකින්ද?
පි: ඔව් එය අපේ ගිණුමේ තැන්පත් කළා.
ප්‍ර: ලඬ 50ක් ගන්නකොට ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කළාද?
පි: මං දැනුවත්ව නැහැ.
පළමුවැනි ගෙවීමෙන් පස්සේ අපිට ඉන්වොයිස් එකක් ඉදිරිපත් කරන්න බැහැ. ඒත් අපේ ලඬ 89 1/2ක මුදල් පරක්කු නිසා ඒ මුදල ලබා දෙන ලෙස ඉල්ලා 2014/12/31 වැනිදා ලිපියක් ඉදිරිපත් කළා.
ප්‍ර: ඉන් පසු ඔබලට තවත් චෙක්පතක් ලැබුණද?
පිි: ඔව් 2015/01/07 වැනිදා හෝ 08 වැනිදා  ලඬ 30ක චෙක්පතක් ධීවර වරාය නීතිගත සංස්ථාවෙන් ලැබුණා.
ප්‍ර: ඔබ ඒ චෙක්පතින් මුදල් ලබා ගත්තද?
පි: එය බැංකුවට ඉදිරිපත් කළත් ගෙවීම් නවතා ඇති බව අපිට දැනුම් දුන්නා.
ප්‍ර: ඉතිරි මුදල් ලබාදෙන ලෙස ඔබ ලිපියක් ඉදිරිපත් කළාද?
පි: ඔව් 2015/01/18 වැනිදා ලිපියක් යැව්වා. ඉන්පසු මුදල් ඉල්ලා එන්තරවාසියක්ද යැව්වා.
මේ උත්සවයේදී මා දැනුවත්ව ටී ෂර්ට් හෝ කැප් ඛෙදා දුන්නේ නැහැ. නමුත් විවිධ කණ්ඩායම් ටී ෂර්ට් සහ කැප් ඇඳ සිටියේ නැහැ.
සභාපති විනිසුරු සූරසේන: මේ රැස්වීමේදී විඩියෝ සවිකර තිබුණේ කවුද?
පි: හිටපු ජනාධිපති මහින්ද රාජපඬ මහතාගේ මාධ්‍ය ඒකකයෙන් එවා තිබූ වීඩියෝ කැමරා අපි සවිකළ පසුව ඔවුන් ඇවිත් එල්.ඊ.ඩී. පුළුල් තිරයක් මගින් උත්සවයේ දේවල් ඒ වේලාවේදීම පෙන්නුවා.
 ප්‍ර: ඔබ ආයතනයෙන් නොවේද ඒ පුළුල් තිරය ඉදිරිපත් කළේ.
පි: නැහැ. අපේ ආයතනයට එවැනි තිරයක් නැහැ.
ප්‍ර: නැටුම් අංග ඉදිරිපත් කළේ ඔබද?
පි: ඔව්.
ඔහුගේ සාක්කි එතැනින් අවසන් විය.
කොමිසමේ සාක්කි විභාගය අවසන් කෙරි‚.

 



අදහස් (0)

‘මහින්දගේ ටීෂර්ට්/ කැප් ධීවර සංස්ථාවෙන් මුද්‍රණය කළා‘

ශාන් Monday, 14 September 2015 06:37 AM

පේනවා නේද? මේ ඉතින් බොහොම පොඩ්ඩක් විතරයි. (නි)

:       0       0

නිහාල් Monday, 14 September 2015 08:01 AM

හොඳ හෙළිදරවුවක් (නි)

:       0       0

සිල්වා Monday, 14 September 2015 08:16 AM

ජනතා මුදල් කාබාසිනියා කළේ ඔහොම තමයි. ඉදිරියට වැටහේවි 10 වසරක සාපෙ තරම. (බ)

:       0       0

උපසේන Monday, 14 September 2015 05:49 PM

දැන් මේකට මොකක්ද ගන්න පියවර? අපි බලාගෙන ඉඳිමු (නි)

:       0       0

සාරදා Monday, 14 September 2015 06:01 PM

අපි නොදන්නා මෙවන් දේ තව කොපමණ සිද්ධවෙන්න ඇද්ද? (නි)

:       0       0

බමුණු Monday, 14 September 2015 09:07 AM

මීට කලිනුත් මේවගේ දේවල් රටේ සිද්ධ වුනා. ඊයේ පෙරේද ඉපදුන අයට මේවා ලොකුවට පෙනෙනවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 46 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 273 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 48 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 391 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 329 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 809 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14543 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 127 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site