IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මහින්දගේ දියකාවුන් ගැන හැරිසන් කියයි

බෙල්ල හිරකර දියකාවුන් යොදවා චීනය මාළු අල්ලන ක්‍රමයට මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිද විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන,ගම්මන්පිල හා වාසුදේව යන දියකාවුන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් බිලීබාගන්නට යොදා ඇතැයි ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා තලාව ප්‍රදේශයේ පැවති ජන හමුවක දී පැවසීය.

‘චීනේ මාළුකාරයෝ දියකාවෝ රංචුවක් අල්ලන් බෝට්ටුවේ දාගෙන ගිහිල්ලා දියකාවගේ බෙල්ල ටිකක් හිරවෙන්න රෙදි පටියකින් බඳිනවා. බැඳලා වැවට දානවා වැවට දැම්මට පස්සේ  දියකාවා යට ගිහිල්ලා ලොකුම ලොකු මාළුවෙක් අල්ලගෙන එනවා. අල්ලගෙන ආවට උඩට ඇවිල්ලා කන්න බෑ. ඌ ආයෙත් කෙලින්ම බෝට්ටුව ළගට ඇවිල්ලා ඒ මාළුවා දානවා එතන්ට. එහෙම තමයි චීනෙ මිනිස්සු මාළු අල්ලන්නේ.‘ යැයිද හැරිසන් අමාත්‍යවරයා කීය.

harison-p_20151011327 harison-p_20151011327-2



අදහස් (0)

මහින්දගේ දියකාවුන් ගැන හැරිසන් කියයි

බණ්ඩා Thursday, 12 November 2015 11:42 AM

දියකාවන්ට විතරක් නෙමෙයි මිනීමරුවන්ට හොරුන්ට වංචාකාරයන්ට කුඩු එතනෝල් ගෙන්වන්නන්ට ඡන්දෙ දීල පත් කරගත්තේ ආණ්ඩුවේ දේපල ඕන තරමක් හොරා කාල තමන්ට සිල් රෙද්දක් හෝ බෙදයි කියලනේ. මෙහෙමත් ජනතාවක් ඉන්න රටකට අනාගතයක් තියෙයිද ? (ස)

:       0       0

ස්මිත් Thursday, 12 November 2015 11:51 AM

ඔය පැත්තට කිඹුලෙක් ආවද? (ස)

:       0       0

නදීකා Thursday, 12 November 2015 11:56 AM

නියම උදාහරණයක්නේ අරගෙන තියෙන්නේ (නි)

:       0       0

රොහාන් Thursday, 12 November 2015 12:14 PM

නියම කතාවක් තමයි මේක නම් (නි)

:       0       0

මාලි Thursday, 12 November 2015 12:17 PM

අවුරුද්දක් විතර වුනා කරපු වැඩ මොනවද.? (ර)

:       0       0

උපාලි Thursday, 12 November 2015 12:21 PM

වැඩකට ඇති දෙයක් කියන්නකෝ මහත්තයෝ. ඔහේ කියවලා වැඩක් නැහැනේ (නි)

:       0       0

ජනක Thursday, 12 November 2015 01:06 PM

අම්මපා! අපි මෝඩයෝ කියලද දන්නෙ නැහැ හිතාගෙන ඉන්නේ (නි)

:       0       0

දිනේෂ් Friday, 13 November 2015 04:45 AM

අනේ සෑම් පොලොස් කොට්ටෝරුවන්ට අපහාස කරන්න එපා. (ම)

:       0       0

සොපි Friday, 13 November 2015 05:35 AM

මේ අදහස් ටිකෙන්ම පේනවා අපේ මිනිස්සුන්ව ගොනාට අන්දන්න බැරි බව ,ඇමතිට පව් තමා...... (ස)

:       0       0

දීපාල් නිරෝෂ් Thursday, 12 November 2015 02:42 PM

හිටපු මහින්දගෙ වැඩ ගැන කතා කරනවට වඩා තමන්ගෙ තිබෙන වැඩ ටික ගැන බලාකියා ගත්තා නම් හොඳයි නේද? දැන් බලයට පත්වෙලාත් මාස දහයක් වෙනවානේ (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ Thursday, 12 November 2015 03:13 PM

මෙයාටත් අර හිටපු කෙනකුට ලැබුණාවගේ ආචාර්ය පට්ටමක් දුන්නොත් හොඳයි. (බ)

:       0       0

සමිත් Thursday, 12 November 2015 04:14 PM

පවු අනේ! කිඹුලා කාල.(රේ)

:       0       0

ඩිල්ෂාන් Friday, 13 November 2015 07:54 AM

ඔය කතා අහන්න අපිට ඕනෑ නැහැ. අපිට ඕනෑ වැඩ (නි)

:       0       0

යහම්පත් Thursday, 12 November 2015 07:15 PM

අනුන්ගේ වැඩ ගැන කතාකරනවට වඩා තමන්ගෙ තිබෙන වැඩ ටික ගැන බලාකියා ගත්තා නම් හොඳයි නේද? (නි)

:       0       0

උදේශ් Thursday, 12 November 2015 09:05 PM

අනුන්ගේ වැරදි හෙව්වා ඇති (නි)

:       0       0

මැක්සි ලියනාරච්චි Thursday, 12 November 2015 09:12 PM

අපි දහදිය මහන්සියෙන්, එදා වේල හොයාගෙන ජීවත්වෙනකොට මෙහෙම කතා ඇහෙද්දී උතුර දකුණ මාරුවෙනවා (නි)

:       0       0

ඉඳුනිල් Thursday, 12 November 2015 10:21 PM

අපිට නම් දැන් කතා අහලා ඇතිවෙලා (නි)

:       0       0

උදය Thursday, 12 November 2015 11:24 PM

මේ වගේ අයවද මහජන ඡන්දයෙන් පත්කර තිබෙන්නේ? (නි)

:       0       0

සෙනරත් Thursday, 12 November 2015 08:51 AM

මෙයා හරියට චීන්නු මාළු අල්ලනවා බලන් හිටිය වගේ බොරු කියනවා. මෙයාලනම් ටික ටික මිනිස්සුන්ගේ බෙල්ල හිරකරලා මෙයාලගේ මඩිය තද කරගන්නවා. (බ)

:       0       0

අසංග Thursday, 12 November 2015 08:49 AM

බල්ලෝ බීරුවට කඳු පත්වෙන්නේ නැහැනේ.(ම)

:       0       0

දිමේෂ් Thursday, 12 November 2015 09:14 AM

මේ වැඩ බැරිනං පුලුවං කෙනෙකුට දීලා පැත්තකට වෙනවා හලෝ. දැං ලංකාවේ තියන ලොකුම ප්‍රශ්නේ ඒකද? වැඩ කරන්න බැරි කම වහගන්න එක එක්කෙනාට ඇගිල්ල දික්කරනවා. ඔහේ රජගෙදර කවයටයාද? (ම)

:       0       0

කණිෂ්ක Thursday, 12 November 2015 09:11 AM

මාලුවා නහින්නේ කට හින්ද කියල තියෙන එක වෙනස් කරන්න කියනවද මෙයා (බ)

:       0       0

දුමින්ද Thursday, 12 November 2015 09:11 AM

යහපාලනයේ පුතුන්ගේ සුජාත බව ගැන සැකද?(ම)

:       0       0

සෑම් Friday, 13 November 2015 01:27 AM

මේ පොලොස් කොට්ටෝරුව දන්නා දෙයක් නැහැ.ඔය විදියට මාලු අල්ලන්නේ චීනයේ නෙමෙයි ජපානයේ .එක ජපානයේ එක පළාතක තිබෙන සම්ප්‍රදායික ක්‍රමයක්.හුගක් වෙලාවට එක්තරා උත්සවයකදී විතරයි එහෙම මාලු අල්ලන්නේ .මෙයාට වැරදිලා (රේ).

:       0       0

දහම් Thursday, 12 November 2015 09:16 AM

මේක සත පහක වටිනාකමක් තියෙන දෙයක් කියන්න දන්නේ නැහැ. (ම)

:       0       0

අසංක Thursday, 12 November 2015 09:21 AM

මේ කට්ටිය හොඳයි හොද කොමඩි ෆිල්ම් එකකට (ම)

:       0       0

ඇසළ Thursday, 12 November 2015 09:22 AM

ඉල්ලන් කනවා කියන්නේ මේවට තමයි. දියවන්නාවේ හිටියට දියකාවෝ ගැන දන්නේ නැති ඇමතියෙක්. මේවා අහන්නත් තාම මිනිස්සු ඉන්නවනේ. (ම)

:       0       0

කරුණාපාල Thursday, 12 November 2015 09:34 AM

බෙල්ල නුලෙන් ගැට ගහපු දියකාවෝ තමයි අපේ රටෙත් වැඩිපුර ඉන්නේ. හැබැයි වුණුත් දන්නේ නැහැ උන්ගේ බෙල්ල හීන් නුලෙන් ගැට ගහලා කියලා. කොහොමත් අපේ රටේ තියෙන්නේ. "බාගෙන කන්න තියන වල, ඉහාගෙන කන" සිස්ටම් එකනේ. පහුගිය කාලේ එහෙම කල නිසානේ අද මෙහෙම වෙලා තියෙන්නේ? (ම)

:       0       0

සුජිත් ප්‍රනාන්දු Friday, 13 November 2015 02:08 AM

වැඩක් කරන්නේ නැහැනේ. කියවනවා විතරනේ (නි)

:       0       0

හෆීල් Thursday, 12 November 2015 10:09 AM

මේ ලොකු විහුලු, දැන් ආපු දවස ඉඳන් හිටපු පාලකයන්ගේ වැරද්දනේ කියන්නේ. ගත්ත ක්‍රයා මාර්ග මොකුත්ම නැහැනේ. (ර)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 13 November 2015 02:48 AM

එයාලා මෙයාලව විවේචනය කරනවා. මෙයාලා එයාලව විවේචනය කරනවා. රට එතනම පල්වෙනවා. අනේ මන්දා, කවදා මේ රටට හරියයිද කියලා? (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 12 November 2015 10:12 AM

මොවුන්ට දියකාවෝ කිව්වොත් උන් ඇවිල්ලා අපිව කයි. මේ අයට ගැලපෙන නම තමයි වාසුදේව කිව්වේ. (ම)

:       0       0

රාජා Thursday, 12 November 2015 10:51 AM

මේ තමයි මේ ආණ්ඩුවේ කේවට්ටයා. අවුරුදු 30ක් තිස්සේ තමන්ගේ උතුරුමැද පළාතේ මායිම් ගම්මාන වල අහිංසකයන් කොටින්ගෙන් බැට කෑවා, අනුරාධපුරයට කොටි ගැහුවා. එතකොට කට ඇරියේ නැහැ. දැන් තමයි බය ඇරිලා කට කියවන්නේ. (බ)

:       0       0

සංජීව Thursday, 12 November 2015 10:52 AM

විසිල් විතරයි බල්ටි නෑ. (ර)

:       0       0

ප්‍රසන්න Thursday, 12 November 2015 11:21 AM

මෙයා කිසී වැඩක් නෑ. කට වහගෙන වැඩකරලා පෙන්වන්න. රජ කලේ අන්දරේ වගේ කතාව. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 918 0

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 63 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1085 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 186 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 2005 3

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32236 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23823 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 447 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 205 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site