IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘මහින්දගේ ප්‍රකාශය විහිළුවක්‘ - ජෝසප් ස්ටාලින්

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති ධුරයේ වාර ගණන දෙවරකට සීමා කළේ තමා නැවත බලයට පැමිණේයැයි බියෙන් බව මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ  ප්‍රකාශය විහිළුවක් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.

ජනතාව ඉල්ලා සිටි 19 වැනි සංශෝධනයට ද්‍රෝහි නොවන ලෙස හිටපු ජනපතිගෙන් ඉල්ලා සිටින බව ද ස්ටාලින් මහතා පැවසීය.

 පසුගිය ජනාධිපතිවරණයෙන් ජනතාව මහින්ද රාජපක්ෂ මහතා එළවා දැමූ බව ද එහෙතම සඳහන් කළේය.



අදහස් (0)

‘මහින්දගේ ප්‍රකාශය විහිළුවක්‘ - ජෝසප් ස්ටාලින්

දීෂණ Thursday, 30 April 2015 04:11 PM

මහින්ද රට කොටියාගෙන් බේරුවට හැමෝම ගරුකරනවා. ඒත් මානයයි මෝඩකමයි මතුවෙලා වැරදි දිගින් දිගටම කළා.තාමත් තමන්ගේ වැරදි තේරුම් අරගෙන නැහැ. (නි)

:       0       0

ලාල් Thursday, 30 April 2015 04:16 PM

දැන් ඉතින් කාට මොනවා කියන්න බැරිද?

:       0       0

යසිරු Thursday, 30 April 2015 04:26 PM

තණ්හාය ජායතී ශෝකෝ (නි)

:       0       0

අතුල Thursday, 30 April 2015 04:27 PM

චානක, මා ඔබ සමඟ එකඟයි 100% ක්ම. (නි)

:       0       0

ලංකාසිරි Thursday, 30 April 2015 04:38 PM

මහින්ද මහතා කළ කී දෑ අපිට නම් අමතක කරන්න බැහැ (නි)

:       0       0

දර්ශන Thursday, 30 April 2015 04:41 PM

පාට කණ්ණාඩි ගළවලා අදහස් ප්‍රකාශ කරනවා නම් හොඳයි. චානකගේ අදහස් සහතික ඇත්ත. (නි)

:       0       0

මොහාන් Thursday, 30 April 2015 04:42 PM

ඕවා දිට්ඨ ධම්ම වේදනීය කර්ම (නි)

:       0       0

අජිත් Thursday, 30 April 2015 04:53 PM

අනේ මෙහෙම යහපාලනයක්? කැතම කැතයි. (නි)

:       0       0

අජිත් කලුආරච්චි - අ/පුර Thursday, 30 April 2015 04:53 PM

විහිළුකාරයින්ගේ ප්‍රකාශ වලින් මහින්ද රාජපක්ෂ නම් මහා වෘක්ෂය බිම හෙළිය නොහැක. අපේ රට ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් මේ ජාතික වීරවරයාට සිදුකරන අපහාස පිළිබදව මව්බිමට ආදරය කරන මහජනතාව පසු වන්නේ දැඩි කණස්සල්ලකින් බව කිවයුතුමය. (නි)

:       0       0

ටෙනිසන් Friday, 01 May 2015 10:54 AM

සුමුදු හේවා, අපේ මිනිස්සුන්ට ඇස් ඇරෙන්නේ අස්සයා පැනල ගියාට පස්සෙයි. ඔයටික ඔයා ඔලුවෙන් හිටගන කීවත් අපේ මිනිස්සු ඇස් ඇරලා බලන්නේ නැහැ. එ් නිසා හොදම දේ නිහඩව බලා සිටීමයි. පුංචි උදාහරණයක් දෙන්නම්. 1977 මැතිවරණ දිනට පසුදින මගේ මිතුරෙක් මෙන්න මෙහෙම කිවුව,''ඇති යාන්තන් අපේ පොඩි එකෙක්ට ආයිමත් ඇපල් ගෙඩියක් ,මුද්දරප්පලම් ගෙඩියක් කන්න පුළුවන්'' මේ වගේ මන්ද බුද්ධිකයින් සමග මොන කතාද? (බ)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 30 April 2015 04:53 PM

කට්ටිය නිකන් බයවෙලානේ.එතුමා පරාදවෙලා ගියා.දැන් අර ඡන්ද ලක්ෂ 62 ට අනෙක් 58 ත් එකතුවෙලා.ඉතින් කට්ටිය මේ මොකට එතුමාගේ වචනයක් වෙනුවෙන් බය වෙන්න එපා ඔච්චර. (නි)

:       0       0

රේණුකා Friday, 01 May 2015 11:08 AM

මේවා විකාර කතා මහත්තයෝ. (නි)

:       0       0

සරත් Thursday, 30 April 2015 05:24 PM

ඔය කෑගහන අය මහින්ද කළ දේවලින් කෝටියෙන් එකක් කරලා තියනවද කියලා කියන්න (නි)

:       0       0

පද්මිණී Thursday, 30 April 2015 05:34 PM

කලණි, ලක්ෂ 62 ක්ම බයේ තමයි හිටියේ. දැන්වත් වැදගත්කම රැකගෙන ඉන්නවා නම් තමා හොඳ. (නි)

:       0       0

අනුර Thursday, 30 April 2015 05:33 PM

මේ රටේ ජනතාව මහින්ද පැරදුවේ ලක්ෂ 62 කින්.දැන් ඉතින් ලක්ෂ 10 වත් ඡන්දෙ දෙන්න නැහැ බුද්ධිමත් ජනතාව. (නි)

:       0       0

ප්‍රකාශ් Friday, 01 May 2015 11:17 AM

අපි මේ ස්ටාලින් මහත්තයා ගැන දන්නවා. බලාගන්න පුළුවන් තව ටික දවසක් යනකොට හොඳ හොඳ සෙල්ලම් (නි)

:       0       0

පාලික Thursday, 30 April 2015 05:36 PM

රටේ බුද්ධිමත් ජනතාවනි, දැන්වත් ඇත්ත වටහාගන්න. රටේ දු දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සහ ජාතින් අතර සමගිය වෙනුවෙන් (නි)

:       0       0

සුමුදු හේවා Thursday, 30 April 2015 05:52 PM

චානක ලොස් ඇන්ජලිස්, රටකට උචිත අනුචිත දේ අවස්ථානුකූලව වෙනස් වෙනවා. යමක හොඳ නරක පිළිබඳ පුද්ගලයකුගේ විනිශ්චයත් අවස්ථානුකුලවත් අත්දැකීම් අනුවත් වෙනස් වෙනවා. කෙසේ හෝ බලයේ සිටිනු වස් මර්දනයෙන් රට පාලනය කළ විධායක ජනාධිපතිවරු යටතේ 17 අවුරුදු සාපයකින් බැට කෑ ජනතාව එවක සියල්ලටම වරද පැටවූයේ විධායක ජනපති ක්‍රමයටයි. එහෙත් අපේ රට රුදුරු ත්‍රස්තවාදයෙන් මුදාගැනීම පිණිස හිටපු ජනපති අත විධායක ජනාධිපති බලතල මහඟු අවියක් විය. ත්‍රස්තවාදය අවසන් වුණත් බෙදුම්වාදය අවසන් නොවුණු අප රට බෙදුම්වාදයේ ශාපයෙන් මුදාගන්නා තෙක් ස්ථාවරව පවත්වාගෙන යාමට තව කලක් ජනාධිපති ආණ්ඩු ක්‍රමය පැවතීම වරදක් නොවේ. ලෝකයේ ස්ථාවර ආණ්ඩු තියෙන බොහෝ රටවලත් ඔබ සිටින ඇමරිකාවෙත් ඇත්තේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයකි. (නි)

:       0       0

රිතික් Thursday, 30 April 2015 05:56 PM

චානක ලොස් ඇන්ජලිස්, මහින්ද මහත්තයා ඔය කියන තරමට ජනතා අප්‍රසාදයට පත්වෙලා නම් ඔහේලා මොකද එතුමාට ඔච්චර බයවෙන්නේ? (නි)

:       0       0

රිතික් Thursday, 30 April 2015 06:04 PM

සමහරුන්ගේ ලෙඩ වලට බෙහෙත් මේ තුන් ලෝකෙවත් තියෙයිද මන්දා (නි)

:       0       0

උඩකුඹුර Thursday, 30 April 2015 06:07 PM

මහජන මුදල් කන අයට එලොවත් නැහැ මෙලොවත් නැහැ. (නි)

:       0       0

යෝනක Thursday, 30 April 2015 06:24 PM

සමහර අදහස් දැකක්හම පුදුමත් හිතෙනවා (නි)

:       0       0

සුමුදු හේවා Thursday, 30 April 2015 06:32 PM

කළණි, සිංහ, ඉඳුනිල්, රුවන්, රංචාගොඩ, රනිල්, කිරින්ද, තිලක්, දහම් සහ ක්‍රිස්, ඔයාල හැමෝම කියන්නේ මේ කතාව ඇසුණු මට හිතුණු දේවල්මයි. තවත් කී දෙනෙකුට එහෙම හිතෙනවා ඇද්ද? (නි)

:       0       0

පිවිතුරු යහපාල Friday, 01 May 2015 11:39 AM

මෙයා ගැන නොදන්නේ කවුද? (නි)

:       0       0

නාලනී Friday, 01 May 2015 11:50 AM

මහින්ද පැරදුනේ සිංහල නොවන ඡන්ද වලින්.සිංහල ඡන්ද 58 ලක්ෂයක් ලැබුනු බව මතක තියාගන්න. (නි)

:       0       0

නන්දලාල් Thursday, 30 April 2015 07:19 PM

තමා විසින්ම තමා "අන්දරේ" කෙනෙක් වෙන්න එපා මහත්තයෝ (නි)

:       0       0

සනත් Thursday, 30 April 2015 07:25 PM

අපි මහින්දට අකමැති නැහැ. එතුමා ලෝභ නැතුව සල්ලි වියදම් කරලා, රටට වැඩ පෙන්නලා අපිව අන්දමන්ද කළ නිසා කොහොමද වෙන කාටවත් ඡන්දෙ දෙන්නේ. (නි)

:       0       0

ජයතුංග Thursday, 30 April 2015 07:45 PM

බලකාමයෙන් මත් වි සිටින සමහරුන් බලයට ඒමට දඟලන දැඟලිල්ල ඉතාමත් පිළිකුල්සහගතයි. (නි)

:       0       0

රණවක Thursday, 30 April 2015 07:50 PM

මහින්ද පමණක් නොවෙයි ගෝඨා මැතිවරණයට ඉදිරිපත්වෙයි කියලත් සමහරු බයේ ඉන්නේ. (නි)

:       0       0

සනත් Friday, 01 May 2015 11:57 AM

ටෙනිසන්, කතාව සහතික ඇත්ත. (නි)

:       0       0

සුනිල් Thursday, 30 April 2015 07:52 PM

රට ජාතිය බේරාදුන් අයගෙන් රට ආරක්ෂා කරගන්න වෙන වෙලාවලුත් තිබෙනවා. (නි)

:       0       0

කේ. සිරි Thursday, 30 April 2015 08:27 PM

මේ අදහස් කියවනවිට නම්, ප්‍රභාකරන් කියූ දේ සත්‍ය බව තහවුරු වෙනවා. සිංහලයාට ඉතා ඉක්මනින් මුල අමතකවන බව. (නි)

:       0       0

තමර Friday, 01 May 2015 12:17 PM

මහින්ද මහත්තයා කොටින්ගෙන් රට බේරාගෙන ඉතාමත් හොඳ සේවයක් කළ එක ඇත්ත. ඊටපස්සේ කළ දේවල් වලින්නේ ජනතාව කළකිරුණේ. හරියට කිරි කළයක් දොවලා ගොම පොඩ්ඩක් මුසුකළා වගේ (නි)

:       0       0

ප්‍රකාශ් Friday, 01 May 2015 12:42 PM

මහින්ද මහත්මා මේ රටේ සැබෑ නායකයායි (නි)

:       0       0

විජේසුන්දර Thursday, 30 April 2015 09:57 PM

මම නම් කවදාවත් එතුමා කියන දේවල් විහිළු ලෙස හිතන්නේ නැහැ (නි)

:       0       0

හිරාන් Thursday, 30 April 2015 10:21 PM

චානක සමඟ මම එකඟයි (නි)

:       0       0

මොහමඩ් Thursday, 30 April 2015 11:05 PM

මේක පුදුම රටක්. අපරාදේ මහින්ද ප්‍රභාකරන් පරාජය කළේ (නි)

:       0       0

මනෝජ් Thursday, 30 April 2015 11:24 PM

දැන්වත් ජාතික සංහිඳියාව ගැන හිතන්න. නැත්නම් තව යුද්ධයක් ළඟඳීම ඇතිවෙන්න පුලුවන්. කැලෑවල රිංගලා යුද්ධ කරපු අපිවත් දැන් ඕක කතාකරන්න කැමති නැහැ (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Thursday, 30 April 2015 11:44 PM

සිල්වා මහතාණෙනි,මම ඔබ සමඟ එකඟවෙනවා. අපි දන්නා හඳුනන මෙතුමා තමා ගුරුවරුන් වෙනුවෙන් හඬක් නඟපු නායකයෙක් (නි)

:       0       0

ලලිත් Thursday, 30 April 2015 11:53 PM

බැලුවහම අපි රැවටිලානේ ඉඳලා තියෙන්නේ? (නි)

:       0       0

ලලිත් Thursday, 30 April 2015 11:57 PM

සහතික ඇත්ත. අපේ නෝනත් කියන්නේ ඔය කතාවමයි. මම එයාට වැරදියි කිව්වට එයා කියන්නේ එයාලගේ නෑදෑයෝ සේරම එයාට ආදරෙයිලු. ඒ වුණාට කටට රහට මාළුවක් බතක් උයාගන්න බැහැ. ඉතින් වැඩක් තියෙනවද?ආදරේ කන්නද? (නි)

:       0       0

රන්ජිත් Friday, 01 May 2015 12:09 AM

මේ රටේ නායකත්වයට සදාකල් එක්කෙනෙක් ඉන්න ඕනෑ නැහැ. ඕනෑතරම් දක්ෂ නායකයෝ ඉන්න රටක් මේක. සිහින මවාගෙන ජීවත්වීම ඵලක් නැහැ (නි)

:       0       0

ප්‍රියංගිකා Friday, 01 May 2015 12:13 AM

දැන් මහින්ද මහතා විහිළු සපයන්නෙකු බවට පත්වෙලා. ඇයි මෙහෙම වුණේ? (නි)

:       0       0

ගිහාන් Friday, 01 May 2015 12:13 AM

මුළු රටම රේසින් කාර් යවලා හින්දි නිළියන් නටවන රටක් කරගන්න අපිට ඕනෑ නැහැ. (නි)

:       0       0

පෙරේරා Friday, 01 May 2015 12:15 AM

මහින්ද කියන්නේ නියම සිංහල බෞද්ධයෙක්. ඒ බව නියම සිංහල ජනතාව ඉදිරියේදී පෙන්වාවි. (නි)

:       0       0

යසිරු Friday, 01 May 2015 12:19 AM

මහින්ද මහතා තමන්ට තිබූ ගෞරවය නැති කරගත්තේ තමන් විසින්මයි (නි)

:       0       0

ක්‍රිශාන්ත Friday, 01 May 2015 12:31 AM

මහින්දට අපි ගරු කරනවා. ඒත් එයා හැදුවේ අපි ඔක්කොම එයාගේ වහල්ලු කරගන්න. එයා කියන දේවල් විතරක් අහන කෙනෙක් කරන්න. අපි මොකටද එහෙම වෙන්නේ? අපිට ඔලුවක් දීලා තියෙනවා හිතන්න. අපි කැමති නැත්තේ ඒකට.නැතුව එයා රටට දීපු දේවල් අමතක කරලා නෙමෙයි (නි)

:       0       0

තිළිණ Friday, 01 May 2015 12:36 AM

ඇත්ත. දැන් විහිළු ඇති (නි)

:       0       0

උමේෂ් Friday, 01 May 2015 12:36 AM

ඡන්දෙන් දිනන්න කියලා කළ වැඩ ටික සමහරුන්ට අමතකයි. ප්‍රතිවාදී අපේක්ෂකයාට මොනතරම් අපහසුතා ඇතිකළාද? රැස්වීම් තිබෙන පොදු ස්ථාන අවහිර කළා. ශබ්ද විකාශන යන්ත්‍ර කම්බි කැපුවා. වේදිකාවන් ගිනි තිබ්බා.කතා කරද්දී රූපවාහිනියේ විකාශන කැපුවා. රැස්වීම් තියනකොට විදුලි බලය කැපුවා. මෙහෙම වැඩ කෙරෙනකොට ඡන්දෙ ලැබේවිද? (නි)

:       0       0

යෝනක Friday, 01 May 2015 12:52 AM

ඇත්ත. මමත් ජෝසප් මහතාට එකඟයි (නි)

:       0       0

විජිත Friday, 01 May 2015 12:53 AM

මහින්ද මහත්තයා ප්‍රවේශමෙන් කතාකරනවා නම් හොඳයි (නි)

:       0       0

සමන් Friday, 01 May 2015 01:04 AM

මට පුදුම තාමත් ලංකාවේ කලණි වගේ මනුස්සයෝ ඉන්න එක ගැන. මේ රටට කළ හොඳ වැඩ වලට වඩා නරක වැඩියි නේද එයාගේ ? එයා බැලුවේ ජීවිත කාලයටම රජවෙලා ඉන්න. බලාගන්න තිබුනා එයාගේ වැඩ තවත් පාරක් බලයට ආවා නම්. (නි)

:       0       0

යසිරු Friday, 01 May 2015 01:05 AM

කලණි, මිනිස්සු බයයි තමයි ආයෙත් සැරයක් හම්බ කරන හැම සතයක්ම එක පවුල් ගහකට දෙන්න වේවි කියලා. (නි)

:       0       0

සමන්ත Friday, 01 May 2015 01:10 AM

හපොයි කලණි, අපි නම් බයයි තමයි (නි)

:       0       0

ජිලෝ Friday, 01 May 2015 01:11 AM

අම්මෝ! අපි නම් බයයි කලණි නගෝ, ළමයාගේ කිරිපිටි පැකට්ටුවේ සිට ගසාකන යුගයක් ආයෙත් එනවාට. (නි)

:       0       0

විජිත් Friday, 01 May 2015 01:14 AM

මහින්ද වටේ දැනට සිටින සමහර සාමාජිකයින්ට බලය ආවොත් කියලා තමයි අපිට බය. ඒ කාලේ නඩුත් බඩුත් හාමුදුරුවන්ගේ. අමතකද? (නි)

:       0       0

නිහාල් Friday, 01 May 2015 01:15 AM

ක්‍රිෂාන්තගේ අදහස් අගය කරමි. මිනිසුන් ස්වාධීන වියයුතුයි. අප කිසිවිටෙක මෙහෙයවනු ලබන්නන් වීම අවශ්‍යය නොවේ (නි)

:       0       0

ටානියා Friday, 01 May 2015 01:30 AM

අපි නම් බය ඒකට නෙමෙයි (නි)

:       0       0

රංග Friday, 01 May 2015 01:32 AM

ආයෙත් අපි අමාරුවෙන් හම්බකරන සොච්චමත් ගසා කන කට්ටියට පුදන්න වේවි කියලා තමයි බය. (නි)

:       0       0

කරුණාරත්න Friday, 01 May 2015 01:42 AM

ආයෙත් නම් අපි මෝඩවෙන්නේ නැහැ (නි)

:       0       0

සරත් Saturday, 02 May 2015 01:12 PM

මම සහ මගේ බිරිඳ ලංකා ගුරු සංගමයේ සාමාජිකයෝ වෙමු. අපි ගරු කරන්නේ රට කොටින්ගෙන් බේරන්න මුල්වුණ නායකයෙකුට. (නි)

:       0       0

ෂෙහාන් Friday, 01 May 2015 01:45 AM

අපි එකපාරක් ඡන්දෙ දීල කළගුණ සැළකුවා. ඒත් හැමදාම රට සින්නක්කරයට ලියලා දෙන්න බැහැනේ. අනෙක දැන් ජනාධිපති පැහැදිලිව කියලා තිබෙනවා එතුමා ආයෙත් ඉල්ලන්නේ නැහැ කියලා. සමහරුන්ට එහෙත් තවම තණ්හාව නැතිවෙලා නැහැ. (නි)

:       0       0

කමල් Friday, 01 May 2015 01:46 AM

මුළු රටම තමන්ට බයයි කියලා සමහරු හිතාගෙන ඉන්නේ එක්තරා හීනමානයක් නිසාවද්දැයි මට හිතෙනවා. (නි)

:       0       0

ජෙහාන් Friday, 01 May 2015 01:51 AM

දැන් ඉතින් තමන්ට ප්‍රජාතාන්ත්‍රික ඡන්දයකින් පසුව ගෙදර යන්න වුණා නම් වැදගත් විදියට ඒක පිළිගන්න ඕනෑ නේද? එහෙම නැතුව එතන මෙතන පන්සල් ගානේ කියව කියවා ඇවිදිනකොට තිබෙන ගරුත්වයත් නැතිවෙනවා. (නි)

:       0       0

චරිත් Friday, 01 May 2015 01:56 AM

හැමදාම ඔය රට බේරාගත් කතාව කිය කියා ආණ්ඩුව ගෙනියන්න බැහැනේ. ඊටපසුව රටේ සිදුවිය යුත්තේ මොකද්ද කියලා මහින්ද මහතාට හිතන්න අමතක වුණා.අඩු වශයෙන් 30 අවුරුද්දක් යුද්ධය නිසා පටි තදකරගෙන හිටපු ජනතාවගේ ජීවන බර ගැන පොඩ්ඩක් හිතන්න තිබුනා. ඒ මදිවාට වටේ සිටින ගසාකන්නන් එතුමාට යන තැනටම වැඩ කළා. දැන් ඉතින් හැමෝටම දොස් කිය කියා රට වටේට යනවා. මේවා ගැළපෙන වැඩද? (නි)

:       0       0

දිලාන් Friday, 01 May 2015 01:59 AM

අනේ ඇත්තට! දැන් මහින්ද මහතාට දවල් කියපු එක රෑට මතක නැද්ද කියලා මට හිතෙනවා. එතුමා ඉස්සර කිව්වේ නැද්ද විධායකයේ බලය අඩු කරනවා කියලා. (නි)

:       0       0

මලික් Friday, 01 May 2015 02:03 AM

බය ඇති වෙන්නේ මහින්ද මහතා ගැන නෙමෙයි. එතුමාගේ වගකීමක් භාරදෙන්න බැරි අය සහ සමහර රට ගසාකන කිට්ටුවන්තයින් ගැන. ඒ අය එතුමාගේ අවෑමෙන් රට භාරගත්තොත් ඉතින් අපිට දෙවියන්ගේම පිහිටයි. (නි)

:       0       0

නෆීස් Friday, 01 May 2015 02:05 AM

මේවා අහලා මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 01 May 2015 02:07 AM

මම නම් කියන්නේ මහින්ද දැන් ජාතික වීරයෙක් වෙලා අවසන් (නි)

:       0       0

පිවිතුරු යහපාල Friday, 01 May 2015 02:24 AM

ජෙහාන් මහත්තයාත් හීනෙන් බයවෙන කෙනෙක් වගේ.අපි එතුමා ගැන බලාගන්නම් මහත්තයෝ.ඔයාලා ඔය 62 එක්ක මහා මැතිවරණෙට ඇවිල්ලා රජයක් පිහිටුවලා 62 බලය පෙන්වන්නකො. (නි)

:       0       0

සුජිත් Friday, 01 May 2015 02:29 AM

අපේ ව්‍යවස්ථාව මෙච්චර හොඳ නම් ඒකේ ගෞරවය ලැබෙන්න ඕනෑ ජේ.ආර්ටනේ එහෙනම් (නි)

:       0       0

පෙරේරා Friday, 01 May 2015 02:40 AM

ජෝසප් ස්ටාලින් මහත්තයා මොනවා කියවනවද මන්දා? (නි)

:       0       0

කළණි Saturday, 02 May 2015 04:35 PM

මට පිළිතුරු දුන් හැමෝටම කියන්නේ. ඔබ කරන්නෙත් එතුමා බලයට එනවට බය බව කියන එකයි. රටක් රැකගත්තා. රට සංවර්ධනය කළා. ඒවා මතක නැති ගුණමකු මිනිස්සු බේගල් වලට රැවටිලා හොරා කියනවා හැර වෙන කරන්න දෙයක් නැහැ. (නි)

:       0       0

ලසන්ත Friday, 01 May 2015 02:48 AM

මම නම් එතුමාට විතරක් නෙමෙයි පිවිතුරුටත් බයයි. (නි)

:       0       0

සුමනදාස‍ Friday, 01 May 2015 02:49 AM

පරාජය වෙලත් මෙහෙම නම් දිනුවා නම් කොහොමට තියෙයිද? බුදු අම්මෝ! අපි බයයි. බයයි කියපු එක ඇත්තම ඇත්ත..... (නි)

:       0       0

යහම්පත් Friday, 01 May 2015 02:50 AM

වටේ හිටිය සමහරුන්ට තමයි ඉවසන්න බැරි. ඒක තමයි එතුමා හා එතුමාගේ ගෞරවය බිල්ලට දීලා හරි තමන් ගොඩයන්න දඟලන්නේ. (නි)

:       0       0

සපුමල් Friday, 01 May 2015 02:55 AM

සමහර දේවල් මතක් වෙනකොට ඇ‍ඟේ හිරිගඩු පිපපෙනවා (නි)

:       0       0

කළණි Thursday, 30 April 2015 02:47 PM

එක කිසිසේත් විහිළුවක් නෙවෙයි. මහින්ද නැවත බලයට එනවට බය අය හුඟක් ඉන්නවා. එළිපිට වෙන විදි වලින් කියන්නේ.. ස්ටාලින් වගේ .(බ)

:       0       0

කුමාර Friday, 01 May 2015 03:54 AM

ප්‍රතිරූපයන්ට වැඳවැටීම නිවට මිනිසුන්ගේ හැටියක්.දැන්වත් රටක් හැටියට ඉදිරියට යන්න බලමු. (නි)

:       0       0

දිනේෂ් Friday, 01 May 2015 03:57 AM

ජෝසප් ස්ටාලින් මහතාගේ ප්‍රකාශය පුද්ගලික මතයක්ද? නැත්නම් ගුරු සංගමයේ මතයක්ද? එසේනම් ඔහුට ඒ මතය ප්‍රකාශ කරන්න ගුරු සංගමයෙන් අවසර තිබෙනවද? මොනවා වුණත් ස්වාධින සංගමයක් දේශපාලනයට කත්ඇදීම නම් අනුමත කරන්න බැහැ (නි)

:       0       0

බුවනෙක Friday, 01 May 2015 04:03 AM

ජෙහාන් නෙවෙයි අපිට නම් මතක් වෙන්නේ යහපාල හීනෙන් බය වෙලා මෙතන කලින් ලියපු නමත් මාරු කළ හැටි ! (බ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 30 April 2015 03:00 PM

ඒකනේ කෙනෙක් අහලා තිබුනේ ඔහු ආයෙමත් දේශපාලනයට එන්නේ රෙදි ඇඳගෙනද කියලා .... (නි)

:       0       0

ශානක Saturday, 02 May 2015 02:29 AM

මේකේ අදහස් දාන හුඟදෙනෙක් හිතන්නේ මහින්දට සළකපු විදිය හරි නැහැ කියලා.සහතික ඇත්ත. (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Thursday, 30 April 2015 03:01 PM

මෙන්න තවත් විහිළු කතාවක් (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Thursday, 30 April 2015 03:04 PM

ඔය කියන දේවල් ජනතාව පිළිගන්නේ නැහැ. (නි)

:       0       0

නෙවිල් රණපාල Thursday, 30 April 2015 03:12 PM

ඔව් මහින්ද එනවට බය නිසා, ඔහු අාවොත් රටේ සල්ලි සේරම එයාගේ සාක්කුවේ. (බ)

:       0       0

රෝහිත් Friday, 01 May 2015 05:04 AM

මන් කිව්වේ චන්ද්‍ර, සමහරුන්ගේ නෙවෙයි ජෝසප් ස්ටාලින්ගේ ලෙඩේට බේත් මේ තුන් ලෝකෙවත් තියේද මංදා කියලයි. අනික එයා බේත් බීලද නැද්ද කියලා බලා ගන්නොන එයාගේ නෝනා (බ)

:       0       0

සිංහ Thursday, 30 April 2015 03:20 PM

ස්ටාලින් නම් බය වෙලා , ස්වාධීන ගුරු සංගම් , මේ වගේ දේශපාලනය සම්බන්ධ ප්‍රකාශ කිරීම , තරයේ හෙළා දකිමු . (බ)

:       0       0

සුමුදු හේවා Friday, 01 May 2015 05:24 AM

යසිරුල නෙවිල් රණපාලල තවමත් විදෙස් ඔත්තුකරුවන්ගේ ලණු ගිලපු ගමන්මයි නේද? ඔය සොරකම් කළාය කියන කතාව ඇත්තක් නම් දින සීයක් තිස්සේ සොයලා සොයලා අන්තිමට තිස්සට ඇමැතිකමක් දීම අල්ලසක් හැටියට නව අර්ථකතනයක් දෙන්න ඕනෑ නැති බව අපිට නම් වැටහෙනවා. (බ)

:       0       0

ඉඳුනිල් Thursday, 30 April 2015 03:22 PM

ස්ටාලින්ලා පැරදුනේ මහින්දට කලින් (බ)

:       0       0

සිල්වා Thursday, 30 April 2015 03:26 PM

මහින්ද නැවත බලයට එනවට රටවැසියන් බොහෝදෙනෙකු බියවේ. එම නිසා ඔවුන් ඔහුට චන්දය දීමෙන් වලකිනු ඇත , ජෝශප් ස්ටාලින් යනු වාසුදේවල වගේ වාසි පැත්තට හොඳයි කියන වාමාංශිකයකු නොව නියම වාමාංශික අදහස් දරන වෘත්තීය සමිති නායකයෙකි , ඔහු ගුරු සංගමය නියම මාර්ගයේ ඉදිරියට ගෙන යන නියමුවෙකි (බ)

:       0       0

රුවන් Thursday, 30 April 2015 03:26 PM

ජෝසප් මහත්තයෝ පාළුගෙයි වලන් බිඳින්න එපා ඔබ තුමා මුල අමතක කරන්න එපා.හදවතට තට්ටු කරලා අහන්න ඔබතුමා කියපු කථාව ඇත්තද කියලා (බ)

:       0       0

රංචාගොඩ Thursday, 30 April 2015 03:30 PM

ස්ටාලින් වගේ අයට තව ගොඩාක් කල් යයි වගේ ඇත්ත තේරුම් ගන්න, අනේ පවු තමයි කියන්න වෙන්නේ! (බ)

:       0       0

සොපී Friday, 01 May 2015 06:26 AM

විහිළු වලටත් උත්තර සපයන්න තරම් ස්ටාලින් බය වෙලා .(ම)

:       0       0

රනිල් Thursday, 30 April 2015 03:32 PM

මොන විදිහේ ප්‍රචාර යැවුවත්, එක්කෙනා නම් දහයකින් පහලවකින් කමෙන්ට් දැම්මත් මහින්දට තාමත් බහුතරයක් සැබෑ ශ්‍රී ලාංකිකයෝ ආදරෙයි! (බ)

:       0       0

රිචි බාලසුරිය Thursday, 30 April 2015 03:32 PM

මහින්ද රාජපක්ෂ බලයට පැමිණ දවසේ සිට අද දක්වා කිවේ කළේ විහිළු , නමුත් බොහෝ අයට ඒවා වැටහෙන්නේ නෑ (බ)

:       0       0

විජයබාහු Friday, 01 May 2015 06:39 AM

මෙයා ගුරුවරු ගැන කතා කරන්නෙත් මෙයාට වාසි නම් විතරයි (බ)

:       0       0

කිරින්ද Thursday, 30 April 2015 03:34 PM

මහින්දට කරපු දේ දැක්කම, මහින්දට දැන් කරන දේ දැක්කම ශ්‍රී ලාංකිකයෝ කියන්නේ මොන තරම් ගුණමකු, කළගුණ නොදත් මිනිස්සු පිරිසක්ද කියල කලකිරෙනවා! (බ)

:       0       0

භාතිය Thursday, 30 April 2015 03:40 PM

මට පෙනෙන්නේ මහින්ද බලයට එනවට නොව බහුතරයක් භය. අාවොත් කරන දේවලට. (බ)

:       0       0

චන්ද්‍රා Thursday, 30 April 2015 03:43 PM

කළණි බෙහෙත් ටික හරියට බිලද බලන්න.(බ)

:       0       0

තිලක් Thursday, 30 April 2015 03:44 PM

මඩේ ලගින සතෙක් සිංහයකුට ගොරවයි (බ)

:       0       0

දහම් Thursday, 30 April 2015 03:47 PM

ශ්‍රේෂ්ඨ මිනිසකුගේ නමක් ඔය වගේ හෑල්ලු කෙනකුට දැම්මම විහිළුවක් (බ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 30 April 2015 03:57 PM

කළණි....ඔබ හීන මවනවද .....ඔබට අමතකද මහින්ද චින්තනයේ ප්‍රධාන පොරොන්දුව ,,,,,විධායක බලතල අහෝසි කිරීමට දුන් පොරොන්දුව ...ඔහු බලය අරගෙන ඒ ගැන නිකන් හරි කතාවත් කළාද ?කොටින්ම කියනවනම් මහින්ද අවසාන මොහෙතේ ඡන්දය ප්‍රකාශ කරන්න ඡන්ද පොළට ගියේ මෛත්‍රී වගේ පුද්ගලයෙකු වෙස් ගන්වාගෙන හොඳ නායකයෙක්නම් කව්රුන් හෝ එය සැලසුම් කළ දෙයක් නම් ඔවුන්ට එහෙම කරන්න එපා කියා අවවාද කරන්න තිබුනා .....එහෙම කළාද ? එ්කෙන්ම තේරෙනවා ඔහු මොන තරාතිරමේ කෙනෙක්ද කියලා. ඔහු දැන් ජනතා අප්‍රසාදයට පත් වෙලා හමාරයි .....කලනිගේ බලාපොරොත්තුව හීනයක්ම පමණයි (බ)

:       0       0

ක්‍රිස් Thursday, 30 April 2015 04:03 PM

අප රට ජාතිය බේරා දුන් ඔහුට අවමන් නොකරන්න එ්වගේම ඔබගේ නමෙත් ගෞරවය ආරක්ෂා කරගන්න (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1016 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2067 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1000 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 221 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2423 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1693 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37866 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24952 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 269 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site