IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මහින්දගේ ප්‍රජා අයිතියත් නැති කළ හැකිලු

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිව සිටි සමයේදී උතුරේ සුනාමියෙන් අවතැන්වූ ජනතාවට නිවාස තැනීමේ මුවාවෙන් එල්ටීටීඊයට මුදල් දීමේ චෝදනාව සනාථ වුවහොත් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ හැකි බව අද (19) කුරුණෑගල පැවති ජනතා විමුක්ති පෙරමුණ රැලියකදී නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මේ ගැන තමා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විමසූ අවස්ථාවේදී ජනාධිපති කොමිෂමක් හමුවේ සිදුකරන පරීක්ෂණයකින් පසු වැරදිකරු බවට සනාථ වුවහොත් එසේ ප්‍රජා අයිතිය අහෝසිවන බව පැවසූ බවත් අනුර කුමාර දිසානායක මහතා එහිදී කීවේය.

කිරිබත්ගොඩ රැස්වීමක දී දිසානායක මහතා මෙසේ කීවේය.

‘මහින්ද රාජපක්ෂට ගෙඩිය පිටින් තව අවුරුදු දෙකක් තිබෙද්දී දෛවඥයන් අල්ලගෙන ඡන්දයක් තිබ්බා. පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය ඇමැති, කැබිනට් ඇමැති, විපක්ෂ නායක, අගමැති සහ ජනාධිපති වෙලා ඉඳනා දැන් ආයෙත් මන්ත්‍රීවරයෙක් වෙන්න හදනවා.

‘ජනාධිපතිකම ගැස්සුනාම අගමැතිකමට ඒන්න හදනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජපක්ෂ පිල්ලියෙන් බේරා ගත යුතුයි. ඊට මෛත්‍රී  සිරිෙස්න ජනපති අමාරුවෙන් හරි උත්සාහ කරනවා. මහින්දගෙන් ශ්‍රීලනිපය ගලවා ගන්න නම් බුලත් කොළයට  එරෙහි ඡන්දය පාවිච්චි කරන්න. ‘

 

 

 



අදහස් (0)

මහින්දගේ ප්‍රජා අයිතියත් නැති කළ හැකිලු

රෝහිත Sunday, 19 July 2015 10:23 AM

අනුන්ගේ කුණු හොයන්නේ නැතිව පුලුවන්නම් රටට වැඩක් කරන්න බලන්න (ම)

:       0       0

‍ජ‍ානක Sunday, 19 July 2015 05:56 PM

බොරදියේ මාලු බෑම අපි ප්‍රතික්ෂේප කරමු (නි)

:       0       0

ටෙනිසන් Sunday, 19 July 2015 06:05 PM

අපේ ඵකම පැතුම ජවිපේ තමයි! (නි)

:       0       0

කමල් Sunday, 19 July 2015 06:05 PM

අයුක්තියට දුෂණයට ඵරෙහිව හඬ නඟන ඔබ බුද්ධිමත් ජනතාවගේ ඵකම පැතුමයි. ජවිපෙට ජයවේවා! (නි)

:       0       0

උදය Sunday, 19 July 2015 10:36 AM

රූපසිංහ, ජවිපෙට මම කැමතියි. නමුත් ඔබේ අදහසට මම වඩාත් එකඟයි (නි)

:       0       0

දුමින්ද Monday, 20 July 2015 08:05 AM

88-89 දී ජීවත් වීමේ නිදහස නැති කළ අයට මොකද කරන්නේ (ම)

:       0       0

හේරත් Sunday, 19 July 2015 10:40 AM

ඇත්තටම පුලුවන්ද එහෙම කරන්න? හොඳයි කරලා බලමුකෝ (නි)

:       0       0

මහේෂ් Sunday, 19 July 2015 10:40 AM

ඔබතුමාගේ අදහස්වල 80% තිබෙන්නේ වෛරය හා ක්‍රෝධය (බ)

:       0       0

හැරිසෝන් Sunday, 19 July 2015 10:44 AM

ජවිපෙ ඇත්ත කියනවා තමා නමුත් රට අනතුරේ දමන්නත් උදව් කළා (බ)

:       0       0

නුවන් Sunday, 19 July 2015 10:48 AM

අනේ මෙහෙම උන්..මහින්දට ඇයි මේ හැටි බය...නරකද තමන්ගෙ වැඩක් බලාගන්නෙක ඔයිට වඩා..(බ)

:       0       0

ෆාතිමා Sunday, 19 July 2015 10:53 AM

හැගීම්බර වාර්ගික ආකල්පයන්ට කෙතරම් සමාජ ඉල්ලුමක් පැවතියත් සමාජයක ඉදිරි පැවත්ම රදා පවතින්නේ ඒවා මත නොවේ. ඒ නිසා සමාජයක තීරක බලවේග සූදානම් විය යුත්තේ සුළං හමන අත හදුනා ගනිමින් ඒ මත ස්ථාවර වීමට නොවේ. මෙම මැතිවරනයේදී ඡන්දදයකයාගේ වගකීම වන්නේ මෙතුවක්කල් ජරාජීර්ණ දේශපාලනයේ වැජඹුන දේශපාලකයන්ට මුලනොවී තමන්ගේත් තම මතුපරපුරෙත් යහපත උදෙසා සාරධර්ම සුරකියහැකි මෙන්ම රටෙහි පවතින සම්පත් උපරිමයෙන් සමජයවෙත පරිභෝජනයට නිදහස් කළ හැකි ආර්ථිකයක් ගොඩනගා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණට තමන්ගේ වටිනා ඡන්දය පාවිච්චි කිරීමය්. (බ)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 19 July 2015 10:58 AM

කුහක කම කුඩුකේඩුකම ඉරිසියාව වගේ නුහුගුණ බැරල් එකක් පුරවගන්න තිබුන අඩු නැතුවම (බ)

:       0       0

සුමනදාස Sunday, 19 July 2015 11:07 AM

"මහින්දගෙන් ශ්‍රීලනිපය ගලවා ගන්න නම් බුලත් කොළයට එරෙහි ඡන්දය පාවිච්චි කරන්න". ඒ කියන්නේ ජවිපෙට නෙමේද ඔයා ඡන්දෙ ඉල්ලන්නේ? (බ)

:       0       0

ගුණසේකර Sunday, 19 July 2015 11:08 AM

රටට වැඩක් කාරන්න හිටපු දුෂිත නායකයෝ ඉඩක් තියල නැහැ එය කෙලින් කියන්න කොන්දක් ඇති ඔබලාට ජයවේවා (බ)

:       0       0

යටවත්ත Sunday, 19 July 2015 07:02 PM

ඔවු ඔවු... දැන් එච්චර තමයි අඩු (නි)

:       0       0

මහානාම - කඳාන Sunday, 19 July 2015 11:16 AM

මුලින්ම ප්‍රජා අයිතිය නැති කරන්න ඕනෑ අතිතයේ මිනීමැරුම් කළ, රාජ්‍ය දේපළ විනාශකළ අයගේයි (නි)

:       0       0

ප්‍රියදර්ශන Sunday, 19 July 2015 11:23 AM

අනේ ඇත්තට? රටක් මරබියෙන් මුදාලූ ඒ අසහාය නායකයාගේ ප්‍රජා අයිතියත් දැන් නැතිකරන්න කතා කරනවා? (නි)

:       0       0

අමිතා හතුරුසිංහ Sunday, 19 July 2015 11:25 AM

රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝ සිකරන්න කියල නඩු තීන්දු දීපුව දැන් වැඩක් නෑනේ ද? (බ)

:       0       0

යමින්ත‍ Sunday, 19 July 2015 07:29 PM

හොඳයි. කරලා බලමුකෝ (නි)

:       0       0

රිචි බාලසුරිය Sunday, 19 July 2015 11:40 AM

මහින්දගේ වහලුන් ගෙන් තමා බේරෙන්න බැරී , මහින්දගෙන් බේරුනත් .වහලුන් සවාමියාට දක්වන අන්ධ භක්තිය නිසා (බ)

:       0       0

ධම්මික සුජිත් Sunday, 19 July 2015 11:42 AM

අනේ යන්න ජේවීපී අය (බ)

:       0       0

වජිර Sunday, 19 July 2015 11:49 AM

මහින්ද කියන්නේ සුපිරි නළුවෙකි.. (බ)

:       0       0

සරත් Sunday, 19 July 2015 11:52 AM

ඹබතුමාලට ජනතා නියොජිතයින් වශයෙන් වගකිමක් තිබෙනවා මෙම රටේ සිදුවන සිදුකර ඇති වංචා දුෂණය හෙළිකිරමට ඵමගින් බුද්ධිමත් ජනතාවට පුලුවන් ඡන්දයකදී ඔවුන් ගැන තීරණයක් ගැනිමට (බ)

:       0       0

මහේෂ් Sunday, 19 July 2015 12:04 PM

රටට හා පාර්ලිමේන්තුවට හොරෙන් ප්‍රභාකරන් එක්ක හොර ගිවිසුම් ගහපු අය නිදහසේ ඉන්නවා. ප්‍රභාකරන් විනාශකළ මහින්දගේ ප්‍රජා අයිතිය නැති කරන්න එනවා? (නි)

:       0       0

තිලක් Sunday, 19 July 2015 12:15 PM

මහින්ද කියන්නේ එක පුරවැසියෙක් පමණයි. ඒ නිසා වැරදි කර ඇත්නම් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න (නි)

:       0       0

ජයන්ත Sunday, 19 July 2015 12:15 PM

මොකද මේතරම් මහින්දට බය? (නි)

:       0       0

ඒකනායක Sunday, 19 July 2015 12:31 PM

පිටබැද්දර ජයා ඔබතුමාගේ ජේ වී පිය වැඩිපුරම දැන් පෙනී සිටින්නේ තමන්ගේ අසහාය නායකයා මර දැමූ යු එන් පිය වෙනුවෙන්. අපිටනම් මේවා පේනකොට පිළිකුල් සහගතයි (බ)

:       0       0

මෙල් Sunday, 19 July 2015 10:01 PM

රූපසිංහ, ඔබගේ අදහස් වලට එකඟයි. දේශපාලනය වහසි බස් තරඟයකට හරවා ගැනීම නිසා එය විහිළුවක් වෙලා. ජනතාව නිකම් මුලාකිරීමක් පමණක් බවට පත්වෙලා. (නි)

:       0       0

විභූති Sunday, 19 July 2015 10:07 PM

අපි තීරණය කරන්නම්කෝ! (නි)

:       0       0

ප්‍රින්ස් Sunday, 19 July 2015 10:17 PM

මරබිය නැතුව ජීවත්වෙන්න අවස්ථාව සළසලා දුන්නට ඒ මනුස්සයාගේ ප්‍රජා අයිතියත් නැතිකරන්න තමයි තියෙන්නේ (නි)

:       0       0

ජයන්ත Sunday, 19 July 2015 01:24 PM

මහින්දට තර්ජනය කරන්න පුළුවන් කාටද? අපි රැවටුනා 88/89 කාලේදී. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

මිනිපේ Sunday, 19 July 2015 10:46 PM

අනුරට බනිනවා වගේම, තමන්ගෙ පපුවට අතතියලා අහන්න ඒ මනුස්සයා කියන කතාව ඇත්ත නෙමෙයිද කියලා. හෘද සාක්‍ෂිය කාටවත් ඇහෙන්නෙ නැහැනෙ. (නි)

:       0       0

චමත් ඉතාලිය Monday, 20 July 2015 05:38 AM

මොකද මෙයා මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න හදන්නේ .... මහින්ද හිටියොත් ජිවිතේටවත් මෙයාලට ආණ්ඩුවක් හදන්න බෑ කියලා දන්නා නිසා තමයි ඔය අඩන්නේ .. පව් අහිංසකයා ..(ම)

:       0       0

ජයන්ත Sunday, 19 July 2015 01:29 PM

අනුර, මම විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙක් මම 88/89 කාලේ හොඳට බැහැල වැඩ කරජු කෙනෙක්. ඔහෙලා වගේ හැංඟී හැංඟී හිටියේ නැහැ. ඔයාලා අපිට කියන්න එපා ජනතා විමුක්ති පෙරමුණ ගැන. මහින්දට අත තියන්න කාටවත් ඉඩ තියන්න දෙන්නෙ නැහැ (නදී)

:       0       0

දොම්පේ Sunday, 19 July 2015 11:14 PM

88/89 කාලයේදී "මානව හිමිකම් "ගැන කතාකළේ කාටද කියලා දැන් අමතකවෙලා වගෙයි (නි)

:       0       0

එච්. ජගත්දේව Monday, 20 July 2015 03:25 PM

ජවිපෙ පසුගිය ජනපතිවරණයේදීත් වැඩියෙන්ම කළේ මහින්දට මඩ ගහන එකයි. මේ වරත් කරන්නේ ඒකයි. තමන්ගේ ආර්ථික සමාජමය හා සාංස්කෘතික ප්‍රතිපත්තිත් තමන් බලයට පැමිණි විට ඒ සඳහා මුදල් හොයන හැටිත් ජනතාවට කිවුවා නම් නේද හොඳ? (නි)

:       0       0

අප්පුහාමි Monday, 20 July 2015 03:28 PM

එතකොට ඔයාලා වැරදි කරලම නැද්ද? (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Monday, 20 July 2015 03:31 PM

යුද්ධය අවසන් කළාට වෙන්න ඇති. මෙහෙමත් නායකයෝ (නි)

:       0       0

රුක්ෂාන් Sunday, 19 July 2015 01:39 PM

බොරු මවාපාමින් යන්නේ නැතුව, ගඩොල් කැටයකින්වත් රටේ සංවර්ධනයට දායක වෙන්න බලන්න. (නි)

:       0       0

වික්‍රම Sunday, 19 July 2015 01:57 PM

රට කොටින්ගෙන් බේරාගත් නායකයගේ ප්‍රජා අයිතිය අහෝසි කරනවාද? (නි)

:       0       0

දයාල් Sunday, 19 July 2015 11:58 PM

සමහරු ඉතින් දන්නේ කටින් බතල හිටවන්න තමයි. මොකුත් කරලා නැති නිසා තාම සුපිරිසිදු ලේබලය ගහගෙන ඉන්නවා. අපිට නම් කාගේත් අතීතය හොඳට මතකයි. කොයිතරම් නම් ජනතා දේපල විනාශ කළාද? (නි)

:       0       0

සනා Sunday, 19 July 2015 02:24 PM

කරපු දේවල් වලට ප්‍රජා අයිතිය අහෝසි කරලා මදි. මේවා තේරුම් ගන්න බැරි මන්ද බුද්ධික සහ අන්ද පුද්ගලන් ඉන්න එක හිතා ගන්නත් බෑ (නදී)

:       0       0

නිමල් රාජපක්ෂ Monday, 20 July 2015 12:39 AM

පිවිතුරු මහතාණෙනි ,17 දින ඔබටත් කැමති රටකට ගුවන් ටිකට්පතක් දැන්ම වෙන්කර ගන්න (නි)

:       0       0

සුමිත් Sunday, 19 July 2015 02:36 PM

සහෝදරයා, ඔබ ඇත්ත කියනකොට වරදාන ගත්ත බැලයනට රිදෙනවා. ඒ වගේම උන්ට හරි හැටි අතීතය විග්‍රහ කරගන්න බැරි ලෙඩකුත් තියෙනවා. (බ)

:       0       0

කැනඩා දිසා Monday, 20 July 2015 12:50 AM

මේ වගේ හිටපු ජනාධිපතිවරයෙක් ලෝකයේ කොහෙවත් හිටියද? දන්නා කෙනෙක් කියන්න... (නි)

:       0       0

රංග Monday, 20 July 2015 01:54 AM

මෙහෙම කතාකරන අයට අතීතය අමතකවෙලාද? නැත්නම් උවමනාවෙන්ම අමතක කරලද? (නි)

:       0       0

මාගි Sunday, 19 July 2015 03:42 PM

අයියලා මොනවා කියනවද මන්දා. (නදී)

:       0       0

රෝහණ Monday, 20 July 2015 01:56 AM

ජවිපෙ දිනේවා! ජනතා ජය තහවූරු කරමු! ජනතා මුදල් කෑ දුෂිතයන්ට දඬුවම් දෙනු. (නි)

:       0       0

සංජය Sunday, 19 July 2015 03:48 PM

බණ්ඩා, තව ගොඩක් දුර යන්න තියනවා. කියවලා බලන්න මොනවද ලියලා තියෙන්නේ කියලා. (නි)

:       0       0

කපිල Monday, 20 July 2015 02:14 AM

රට දිනවන්න ජවිපෙට ඡන්දෙ දෙන්න. (නි)

:       0       0

එස්. ජයසිරි Monday, 20 July 2015 02:33 AM

හොඳ වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න (නි)

:       0       0

යොහාන් Monday, 20 July 2015 02:42 AM

ජවිපෙට ඡන්දයක් දෙන්න තමයි හිටියේ. ඒත් මානව හිමිකම් , අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස් වෙනුවෙන් පෙනීසිටින මෙයාලම අද ප්‍රජා අයිතිය නැතිකිරීම ගැන කියනකොට ්එ අදහස වෙනස් වුණා (නි)

:       0       0

විජිත Sunday, 19 July 2015 04:06 PM

තීරණය ජනතාවට බාරයි. (නි)

:       0       0

ගිහාන් Monday, 20 July 2015 02:50 AM

ඒක මිනිස්සු තීරණය කරයිනේ! (නි)

:       0       0

බණ්ඩා Sunday, 19 July 2015 08:52 AM

සහෝදරයා අපි අවදියෙන් ඉන්නේ මහින්දට අත තිබ්බොත් ඉල්ලන් කන්න වෙන්නේ අපි පාරට බහිනවා නිකන් වසියට කහින්න එපා . කන්න දෙයක් නැත්නම් අපි කන්න දෙන්නම් නම කැතකරගන්න එපා (ම)

:       0       0

සේන Sunday, 19 July 2015 08:56 AM

ඕකට ඉතින් නඩුවක් දැම්මානම් හරිනේ අපිට කියලා ඇති වැඩේ මොකක්ද ? (ම)

:       0       0

බණ්ඩාර Sunday, 19 July 2015 04:12 PM

රටේ නිවැරදි දේශපාන මතයක් වෙනුවෙන් පෙනීසිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ජයවේවා! (නි)

:       0       0

ජයන්ත Sunday, 19 July 2015 04:36 PM

මඩ චෝදනා එපා.යුද්ධය අවසන්කළ නායකයා ඔහුයි. අපහාස කරන්න එපා... (නි)

:       0       0

විජේසුන්දර Sunday, 19 July 2015 09:40 AM

මන්ත්‍රී ආසන 6 ක් වත් ලබා ගන්න ජවිප‍ෙට පුළුවන්ද (ම)

:       0       0

සල්ගාදු ප්‍රංශය Sunday, 19 July 2015 04:42 PM

ජේ වී පි එකේ නායකයන්, විප්ලවවාදින් කලින් කලට ඕකෙන් ඉවත්ව වෙන පක්ෂ වලට යනවා. නැත්නම් අලුත් පක්ෂයක් හදනවා. මේවාට රැවටෙන පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් අධ්‍යාපනය කඩාකප්පල් කර ගන්නවා. බිල්ලට යනවා. නායකයන් සැමදා එළියේ කෑගහනවා විතරයි (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Sunday, 19 July 2015 09:44 AM

ජේ ආර් ජයවර්ධන මහතා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතීන් නැති සොර ,වංචා වලට නොවේ, තමන්ගේ වතුපිටි දේපොළ පවා ජනතා සන්තක කරලා , එහෙම එකේ මේ රජයේ ජනතාවගේ මුදල් සොරකම් කරපු අයගේ ප්‍රජා අයිතීන් නැති කරන එක සාමාන්‍ය දෙයක් , එසේ කරාවිද කියලා සැක (ම)

:       0       0

රූපසිංහ Sunday, 19 July 2015 09:49 AM

අපේ රටේ දේශපාලඥයන් ජන්ද කාලයෙන් පිටතත් ඒ කාලය ඇතුලතත් කර එකම දෙයනම් එකිනෙකාට බැන ගැනීම හෝ එකිනෙකාගේ පිට කහ ගැනීම පමණයි. නිවැරදි දේශපාලන පක්ෂයකින් සිදුවිය යුත්තේ තමාගේ දේශපාලන ප්‍රතිපත්තීන් විදහා පෑම හෝ තම පක්ෂෙන් රට නන්වන ක්‍රියාමාර්ග පෙන්වාදීම පමණයි. එකිනෙකාගේ වැරදි පෙන්වීමට උත්සහ ගන්නේ දේශපාලනඥයන් ඔවුන් තුළ ඇති අනියත බිය සහ තමා වැරදියි කියා සිතන මානසිකත්වයක් ඇති නිසා කියා මා විශ්වාස කරනවා.(ම)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 19 July 2015 10:07 AM

ජවිපෙ ගන්න ආසන ගණන් අදාළ නැහැ , හැබැයි උන් පෙනී හිටින්නේ සත්‍ය වෙනුවෙන් (ම)

:       0       0

ටිකිරි බණ්ඩාර Sunday, 19 July 2015 05:32 PM

මෙවර ඡන්දයෙන් නුසුදුස්සන් ගෙදර නෙමෙයි "මහගෙදරම" යැවීම ජනතාවට බාරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 581 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 670 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2126 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1570 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1507 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1760 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24772 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23349 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 382 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site