යුද හමුදාවෙන් විශ්‍රාම ගිය සෙබළුන්ගෙන් සමන්විත රක්නා ලංකා සමාගමේ ලංකා බැංකු ටොරින්ටන් ශාඛාවේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට රහස් පොලිසියට අවසර දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා බැංකු කලමනාකරුට අද නියෝග කළේය.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ පිං පොත් මුද්‍රණය කිරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිසම ද හවුල් වී රුපියල් ලක්ෂ 25ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.
බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.
2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහින්දගේ පිං පොත් ගැසූ හැටි සොයයි
නිමාෂා Monday, 06 July 2015 02:08 PM
අනිත් අතට ලාල් "මහින්ද රාජපක්ෂ ලා" පුද්ගලිකව කරපු එක හොරකමක් වත් තවම පෙන්නලා නැහැනේ. (ර)
අශෝක Monday, 06 July 2015 02:13 PM
තමුන්ගේ මට්ටම තම්මැට්ටම් කියනවනේ, දැන්වත් පක්ෂක්ග්රාහී නොවී නෙත් විවර කර හරි දේ තේරුම් නොගත්තොත්... (ර)
සුමේධ Tuesday, 07 July 2015 02:58 AM
ලංකාවේ සිංහල ජනයා අවබෝධ කර ගතයුතු කරුණක් තිබෙනවා. අපේ මිනිසුන් අතීතය සහ වර්තමානය ගැන සිතන්නේ නැහැ. එහෙත් සිතන මිනිසුන් කොට්ඨාශයකුත් ඉන්නවා. ඒ උගත් ඉගෙනගත් මිනිසුන් මේ වගේ සොරකම් ගැන සිතන්නේ නැත. අපි ඡන්දය දෙනවිට සිතිය යුතු එක් කරුණක් තිබේ. අපිට එක් නායකයෙක් අවුරුදු 15කට 20කට අවශ්‍ය නැහැ. කවුද සොරකම් නැතුව රටට වැඩ කරන්නේ කියා බලා අපේ මිනිසුන් ඡන්දය දිය යුතු බව අපේ ජනතාව සිතිය යුතුය (නි)
ඩයස් Monday, 06 July 2015 03:00 PM
හොරකම් කරලා තියෙන ඒවා ක්‍රමානුකුලව කරලා තියෙන්නේ .ඕනෙම හොරෙක් අහුවෙන්න කරන්නේ නැහැනේ ..(හේ)
වෙදගේ Tuesday, 07 July 2015 04:56 AM
සිල් රෙදි වලිනුත් ගහපු අයට ඕවත් වැඩද? (නි)
නන්දලාල්-ප්‍රංශය Monday, 06 July 2015 04:52 PM
පින් පොත් වලිනුත් ගහපු කට්ටියනේ අද රටේ ඉන්නේ? (නි)
ලාල් Monday, 06 July 2015 11:54 AM
මේ වගේ සාමන්‍යයෙන් පුංචියි කියලා කියන්න පුළුවන් වංචා හා දුෂණ ගැන පමණක් හොයන්නේ ඇයි කියලා හිතෙනවා. දැන් මේ දෙන්නේ නැහැ කියලා කියපු ඡන්දෙට නාමයෝජනාත් ලැබුනයි කියලා කියනවනේ. මේ රටේ වෙන දේවල් නම් තේරුම් ගන්න හුඟක් අමාරුයි. (නි)
විජේතුංග Tuesday, 07 July 2015 01:28 AM
සමහරු වැරැද්ද ඇස් පනාපිටම තියෙද්දී පිළිගන්න කැමති නැහැ (නි)
ටොරොන් Tuesday, 07 July 2015 09:52 AM
කව්රු කරත් මේවා අපේ සල්ලි. දෙගොල්ලටම පාඩමක් උගැන්විය යුතු කාලය පැමිණ තිබේ. (ර)
සාමා Tuesday, 07 July 2015 01:28 AM
සෙලිනා, නිමාෂා, අනේ ඔයාලා බබාලා! මොකුත්ම නොදන්නා කිරිබොන දරුවෝ වගේ කතා කරන්න එපා. මුළු රටම දන්නා දේවල් ඔයාලා විතරක් දන්නේ නැහැ? හොරු ඇල්ලුවද කියලා කෑගැහුවට , හොරකම් ගැන හොයන්න සාක්කි දෙන්න එන්න කිව්වහම මුළු රටම කුලප්පු කරලා හැංගෙනවා. තමන් නිවැරදි නම් මොකටද සාක්කි දෙන්න බයවෙන්නේ. ඒ නිසා යථාර්ථය පිළිගන්න. කවුරු හොරකම් කළත් ඒක වැරදියි කියලා කියන්න කොන්ද කෙළින් තියාගන්න. (නි)
සෙලිනා Monday, 06 July 2015 12:41 PM
මේකයි ලාල්, මොන චෝදනා ආවත් තවම එකක්වත් ඔප්පුවෙලා නැහැනේ ඔප්පු කරගන්නයි දඟලන්නේ. තව ටික දවසක් යද්දී තවත් චෝදනා එයි (නි)