IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘මහින්දගෙ මයිලක්වත් හොලවන්න බෑ‘

‘අපිට ප්‍රශ්න තිබෙන බව ඇත්ත. ජා ඇල ආසනේ, කටාන ආසනේ, මිනුවන්ගොඩ ආසනේ  හැමතැනම අපේ පක්ෂය තුළ යම් යම් ප්‍රශ්න තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයේ අඩුම තරමේ මයිල් ගහක්වත් හොල්ලන්න කිසිම කෙනෙක් බිහිවෙලා නැහැ‘ යැයි වැඩ බලන ධීවර ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා කීවේය.

ඔහු එසේ පැවසුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ  ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය විසින්  සංවිධානය කළ  රැස්වීමක් අමතමිනි. එළඹෙන  ජනාධිපතිවරණයේදී  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබා දීම මෙහි අරමුණ විය.  

පස්වරු  2.30 ට පමණ   පමණ ඇරඹි මෙම රැස්වීමට ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාබති ප්‍රසන්න වික්‍රමසුරිය මහතා ඇතුලු කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කේටරින් අංශයේ සේවක සේවිකාවෝ රැසක් පැමිණ සිටියහ.

මෙහිදී ගුවන්තොටුපොළ නිදහස් සේවක සංගමයේ සභාපති එම්.ඩබ්ලිව්.බී මුහන්දිරම්, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර,  පදනම් ආයතනයේ සභාපති   මහාචාර්ය රංජිත් බංඩාර, මිනුවන්ගොඩ නගරාධිපති අලහාකෝන් යන මහත්ම මහත්මීහු සභාව ඇමතූහ.

වැඩිදුරටත් අදහස් පැවසු  වැඩබලන අමාත්‍යවරයා මෙසේද පැවසීය.

‘මම කනගාටුවෙනවා මෛත්‍රීපාල සිරිසේන  අපේ හිටපු ලේකම්තුමා ගැන. ඔහු මම ආදරය කරපු චරිතයක්. එතුමා  අපි දැක්කේ රෙද්ද බැනියම අදින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආදරණීය කෙනෙක් හැටියට.     ‘

‘චන්ද්‍රිකා බණ්ඩාරණායක කියන්නේ කව්ද කියලා අපි දන්නවා. බණ්ඩාරනායක නාමය විතරක් නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දීලා ෆොන්සේකට අත  දුන්න අපේ ආදරණීය නායිකාව ඇයයි. ඇගේ වෛරය කියන්නේ එයයි.    එදා බණ්ඩාරනායක සමාධිය ළගට ගිහින් මෛත්‍රීලා චන්ද්‍රකාලා මල් පොකුරු තියනවා අපි බලාගෙන හිටියා.  මම හිතුවා සිරිමාවෝ මැතිනියයි, බණ්ඩාරකායක මහත්තයයි නැගිටලා මේ කට්ටියට පයින් ගහයි කියලා තොපි තමයි මේ පක්ෂය පාවාදුන්නේ කියා.  ‘

‘බණ්ඩාරනායකලා  පක්ෂය පාවා දෙනකොට අපේ ජනාධිපතිතුමා කෙලින් හිටියා.‘

 DSCF2437 DSCF2442 DSCF2445 DSCF2450 DSCF2456 DSCF2461



අදහස් (0)

‘මහින්දගෙ මයිලක්වත් හොලවන්න බෑ‘

හසිත් Thursday, 04 December 2014 07:00 AM

ඇමති තුමනි, අපේ දෙමව්පියන්ගේ ස්මාරකය ලඟට අපි කැමති කෙනෙක් මිසක් ඔබතුමා කැමති කෙනෙක් ද එක්ක යන්න ඕන ? (නදී)

:       0       0

බුද්ධි Thursday, 04 December 2014 07:08 AM

ගඩාපි වටේ හිටපු අයත් ඔය වගේ තමයි (නදී)

:       0       0

ගිහාන් Thursday, 04 December 2014 07:12 AM

දැන්ද පක්ෂයේ නිර්මාතෘ මතක් වෙලා තියෙන්නේ ? මෙච්චරකල් ඔය වැදගත් නම තමුන්නාන්සේලාගේ ප්‍රධාන පක්ෂ රැස්වීම් වලවත් ජනතාව ඇමතිමේදිවත් කියවුනේ නැහැ නේද ? පක්ෂ ඉතිහාසය සම්බන්ධව කියවුනේ වෙනින් නම් . දැන් හිටි ගමන් මොකද්ද මේ හැදිච්ච කැක්කුම ? (හේ)

:       0       0

ධම්ම Thursday, 04 December 2014 07:14 AM

අධිතක්සේරුවත් ඒ තරම් හොඳ දෙයක් නොවෙයි. කරට කර සටනක් ඇති බව පිළිගන්න වෙනවා.(හේ)

:       0       0

ශාන් Thursday, 04 December 2014 07:14 AM

කතා කරන්න දෙයක් නැත්නම් කට වහගෙන ඉන්න ඕනේ. නැත්නම් මෝඩ කම පේනවා.(හේ)

:       0       0

මලික් Thursday, 04 December 2014 07:16 AM

දැන්ද පක්ෂයේ සැබෑ නිර්මාතෘ මතක් වෙලා තියෙන්නේ. ? මෙච්චර කල් නිදාගෙනද හිටියේ ඇමතිතුමෝ ? (හේ)

:       0       0

මොහාන් Thursday, 04 December 2014 07:17 AM

බණඩාරනායක මහත්තයා චන්ද්‍රිකාට ගහන්න තිබුනේ මීට කලින්. ඒ 2005 දී ජනාධිපති අපේක්ෂක කම අනුරට නොදී හිටපු වෙලාවේ. ඒ වෙලාවේ ගහපු නැති කෙනා දැන් ගහවිද ? චන්ද්‍රිකා නෝනට මේවා හොද පාඩම්. (හේ)

:       0       0

චම්පික Thursday, 04 December 2014 07:33 AM

පසුගිය කාලයේ ශ්‍රී ල නි ප ය නිර්මාතෘ මැතිඳුන්ට, මේ අයගේ ප්‍රසිද්ධ කතාවක වත් නොතිබුන තැනක් දැන් මොකද මේ ඡන්දෙ කිට්ටුව ලැබිලා තියෙන්නේ. (හේ)

:       0       0

දම්න් Saturday, 06 December 2014 12:32 PM

ඡන්දෙන් වෙනසක් විය යුතුයි (නදී)

:       0       0

නාලක Friday, 05 December 2014 04:31 PM

මොකුත් කියන්න එපා අට වෙනිදාට බලාගනිමු (දී)

:       0       0

ශ්‍යාමා කුමාරි රත්නමල්ල Thursday, 04 December 2014 08:11 AM

කවුරු මොනවා කිවුවත් අතිගරු ජනාධිපතිතුමා දිනනවා. එක වලක්වන්න කාටවත් බැහැ. (ර)

:       0       0

මොහොමඩ් කාන් Thursday, 04 December 2014 08:16 AM

ඇමතිතුමා ඇත්ත කීෆව් මහින්ද මහත්තයගෙ මයිලක්වත් හොලවන්න බයයි කියල (බ)

:       0       0

අශේන් Friday, 05 December 2014 04:44 PM

මතක තියා ගන්න මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් (දී)

:       0       0

අනෝමා Friday, 05 December 2014 04:44 PM

අට වෙනිදා බලමු (දී)

:       0       0

ගාලේවත්ත Thursday, 04 December 2014 08:39 AM

මේ අයට මෛත්‍රී ගියාට පස්සේ තමයි පක්ෂයේ නිර්මාතෘ මතක් වුනේ.(හේ)

:       0       0

ගාමිණී Thursday, 04 December 2014 09:03 AM

රට කන්න හොරුත් එක්ක එකතුවෙන්න මට තේරෙන්නේ නැහැ. (නදී)

:       0       0

රංජිත් සිල්වා Thursday, 04 December 2014 09:08 AM

දැන් කාලේ මයිල් වලින් නෙමේ වැඩ කරන්නේ. මෙට්‍රික් ක්‍රමයට. කට වුට් වලිනුත් දුර කියන්න පුළුවන්. කටුනායක කොළඹ දුර කටඅවුට් 165 කි. (හේ)

:       0       0

සුනෙත් Thursday, 04 December 2014 09:10 AM

බණ්ඩාරනායක මහත්තයා පක්ෂය හැදුවට ඡන්දෙ දුන්නේ රටේ මිනිස්සු .පක්ෂයකට ඔප්පුවක් නෑ.ඕනේ කෙනෙක්ට ඉන්න පුළුවන්. (හේ)

:       0       0

ප්‍රනාන්දු Thursday, 04 December 2014 09:15 AM

ඔබ තුමාලා කියන දේවල් අහපුවම හරිම පුදුම හිතෙනවා. ඔය කඩේ යන ගමන් කියවෙන දේවල්. හොදට ඇස් ඇරලා ලෝකය දිහා බලල කතා කරන්න. (නදී)

:       0       0

රොහාන් Thursday, 04 December 2014 09:19 AM

මහින්දගෙ මවිල් හොල්ලන්න කාටවත් උවමනාවක් නැහැ ගුණරත්න මත්තයෝ, මේ පවතින පාලනයි වෙනස් වෙන්න ඕනේ, අන්න එක තේරුම් ගන්න බැරි ඔබතුමා තනතුරු වලට මුල අමතක කිරීම ගැන හරිම දුකක්. (ස)

:       0       0

මධුක Thursday, 04 December 2014 09:23 AM

මට නං මේවට හිනා. මෙයාට අපහු ගෝඩ් ෆාදර්ව දාල ටොක්කක් අන්නමුද ? එතකොට ජනපතිව ආපහු මතක් වෙයි (නදී)

:       0       0

තරිදු Thursday, 04 December 2014 12:59 PM

අපිත් රැස්වීමට නම් හිටියා. ඒත් අපි ඡන්දෙ දෙන්නේ මෛත්‍රී මහත්තයාට. (නි)

:       0       0

කලුආරච්චගේ ප්‍රියනන්ද Thursday, 04 December 2014 09:34 AM

ඔබ තුමාව අපි දැක්කේ මුලින්ම ආණ්ඩුව අත හැර පයින තත්වයෙන්. දැන් මොකද වුණේ ඔබ තුමාගේ ෆයිලුත් තියෙනවද ජනාදිපතිතුමා ගාව (නදී)

:       0       0

කුරුප්පු Thursday, 04 December 2014 01:13 PM

ජයවේවා! ජයවේවා! (නි)

:       0       0

සුරේන් Thursday, 04 December 2014 09:38 AM

පස්වරු 2.30 කියන්නේ රාජකාරි වේලාවේද මේ රැස්වීමට සහභාගී වුනේ ? අනේ අනිච්චන්. තව මොන කතාද. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 04 December 2014 09:38 AM

කට්ටිය සන්සුන් වෙන්න මේ අය කියන එ්වා ගණන් ගන්න එපා. (නදී)

:       0       0

සමරසේකර Thursday, 04 December 2014 09:41 AM

මෙයාටත් ලොකු ෆයිල් එකක් ඇති. (නදී)

:       0       0

දසුනි Thursday, 04 December 2014 09:42 AM

මුලින්ම තමන්ට වුන දේ ගැන දුක් වෙලා ඉන්න.අනිත් අය ගැන දුක් වෙන්න පුළුවන් ඊට පස්සේ.(හේ)

:       0       0

සමන්ති Saturday, 06 December 2014 12:48 AM

සද්දේ දාන්න.සද්ද වැඩි තරමට වාසියි. (නි)

:       0       0

පද්මිණි Thursday, 04 December 2014 10:01 AM

මේ පිරිස නම් කලකිරුණු ගතියෙන් ඉන්නේ. බොහොමයකට කටවල් වල බ්රේක් නැහැ. (හේ)

:       0       0

බමුණු Thursday, 04 December 2014 10:05 AM

මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට එන්නේ කාගෙවත් මයිල් හොලවන්න නොවෙයි. (ර)

:       0       0

ශාන්ත Thursday, 04 December 2014 10:22 AM

කට්ටියට කෙන්ති ගිහින් (නදී)

:       0       0

ධනංජය Thursday, 04 December 2014 10:27 AM

බමුණු හරි. මෛත්‍රී මහත්මයා ආවහම මේ අයගේ මයිල් නොනැවතී සෙලවෙයි. (නදී)

:       0       0

දුෂාන්ති Thursday, 04 December 2014 02:45 PM

තරිදු, අන්න එහෙම එන්නකෝ. ඔයා ලග හිටියනම් සීනි බෝල අහුරක් දානවා කටට. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 154 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1373 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2844 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1780 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2979 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38549 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site