IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘මහින්දගේ රජය දුරකථනත් ටැප් කරලා‘

ජනාධිපතිවරණයෙන් සතියකට පසු නව ජනපති මෛතී‍්‍රපාල සිරිසේන තවත් ජයග‍්‍රහණයකට හිමිකම් කීමට සමත් විය.ඔහු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස පත්විය.මෙම වැදගත්,තවත් විදියකට කියතොත් ඓතිහාසික සිදුවීම් දාමය මෛතී‍්‍රපාල සිරිසේන මහතාව කිසිවෙකුටත් ළගා විය නොහැකි තැනකට ගෙනගොස් ඇත.විදවත්  මඩුල්ලක් ව්‍යවස්ථාවට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කරන තෙක් ඔහු ශී‍්‍ර ලංකාවේ විධායක  ජනාධිපතිවරයාය.රටේ ප‍්‍රධානියාය,රජයේ ප‍්‍රධානියාය,කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියාය.ආරක්ෂක අමාත්‍යවරයාය, ලැයිස්තුව මෙතැනින් නතර නොවේ.ඔහුගේ  නායකත්වය යටතේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂයද මේ දිනවල ගොඩනැගෙමින් පවතින ජාතික රජයට එකතුවී සිටී.ඒ අනුව නව රජයේ විශාලම පක්ෂය ලෙස මෙතෙක් කිරුළ දරාගෙන සිටි එක්සත් ජාතික පක්ෂයට එය අහිමිව ගොස් තිබේ.ව්‍යවස්ථා සංශෝධනයක් සදහා අවශ්‍ය තුනෙන් දෙකක බලය ජනපති මෛතී‍්‍රපාල සිරිසේන අත දැන් ඇත.

මේ එක්වීම් සියල්ල දේශපාලන මධුසමයක් පැමිණෙන ලකුණු පෙන්වා ඇතත් ඉදිරි කාලවලදී විවිධාකාරයේ ගැටුම් හා විරෝධතා පක්ෂ අතර ඇතිවීම අනිවාර්යයෙන්ම බලාපොරොත්තු විය යුතුය.ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ ගොඩනගාගෙන සිටින්නේද විවිධ  දේශපාලන මතිමතාන්තර දරන පක්ෂ කිහිපයක් නිසා මේ තත්ත්වය නියත වශයෙන්ම ඇතිවනු ඇත.ජනපති සිරිසේන ජාතිය අමතා ප‍්‍රකාශ කළ පරිදි දින 100 ක් ගතවූ  තැන පාර්ලිමෙන්තු මැතිවරණයක් පැවැත්වීමට නියමිතය.එයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ වටා එක්රැුස්ව සිටින පක්ෂ තරග කරනු ඇත්තේ තනි තනිවය.තවද කැබිනට් මණ්ඩලයට දැනට පත්කරගෙන සිටිනා ඇමතිවරුන් හා නියෝජ්‍ය ඇමතිවරුන්ටද ඔහු තම ප‍්‍රකාශයේදී අවවාදයක් දුන්නේය.නව ඇමති මණ්ඩලය ඔවුන්ට හැකි උපරිමයෙන් රාජකාරි කළ යුතුව ඇතැයිද නැතහොත් දරන තනතුරු ගැන නොතකා ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවද ජනපතිවරයා අවධාරණය කළේය.ඔහුගේ මේ ප‍්‍රකාශය මුළු රටටම හොදින් ඇසුණි.

ජයග‍්‍රාහකයා සියල්ල භුක්ති විදින ශී‍්‍ර ලංකා දේශපාලන සංස්කෘතියේ සැබෑම වෙනසක් පෙන්වූ ජනපති මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිවරණ ජයග‍්‍රහණයේ වැඩි කොටස භුක්ති විදීමට එක්සත් ජාතික පක්ෂයට ඉඩ දුන්නේය.පෙර එකගව තිබූ පරිදි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධූරයේ දිවුරුම් දුන්නේය. ඇමැතිධූර 18 ක් ද එක්සත් ජාතික පක්ෂය වෙත ප‍්‍රදානය කරනු ලැබුණු අතර තවත් ඇමතිධූර අවම වශයෙන් 2 ක් හෝ ලබාදීමට නියමිතව තිබෙන බව සදහන්ය. ප‍්‍රථම වතාවට රාජ්‍ය අමාත්‍යවරුන් 6 දෙනෙක්ද පත් කරනු ලැබුණි.මෙය අමුත්තක් නොවන්නකි.පෙර දිවයිනේ ප‍්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේදීද කැබිනට් නොවන අමාත්‍යවරුන් පත් කිරීම සිදුවුනු අතර එදවස කැබිනට් මණ්ඩලය හා 

වත්මන් කැබිනට් මණ්ඩලය අතර ඇති එකම වෙනස එසේ පත්කෙරුණු අමාත්‍යවරුන්ට ලබාදී ඇති තනතුරු නාම වල වෙනස පමණි.රජය පාර්ශවයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ප‍්‍රධාන හවුල්කරුවා බවට පත්ව සිටින ශී‍්‍රලංකා නිදහස් පක්ෂයට ඇමතිධූර 4 ක්,නියෝජ්‍ය ඇමතිධූරයක් හා රාජ්‍ය අමාත්‍යධූර 3 ක් හිමිව තිබේ.ඉතිරිය බෙදී ගොස් තිබෙන්නේ අනෙක් හවුල්කාර පක්ෂ අතරය.මේ අනුව වරක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ප‍්‍රධාන හවුල්කරුවා වූ,නමුත් දැනට පාර්ලිමෙන්තුවේ සභිකයින් ගණන සැළකීමේදී ශී‍්‍රලංකා නිදහස් පක්ෂයට දෙවැනිව සිටින එක්සත් ජාතික පක්ෂයට නව රජයේ වැඩි තැනක් හිමිව තිබෙන බව කිව හැකිය.සාමාජිකයින් ගණනින් ශී‍්‍රලංකා නිදහස් පක්ෂයට  පසුපසින් සිටියත් දවස් 100 යේ වැඩපිළිවෙලින් තමන්ගේ තත්ත්වය වර්ධනය කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාව ඇත.

මෙම දින 100 එක්සත් ජාතික පක්ෂයට ඉතාම වැදගත්ය.ඉදිරියේ එන පාර්ලිමෙන්තු මැතිවරණයෙන් ජයගැනීමට අවශ්‍ය නම් පක්ෂයේ බිම් මට්ටමේ සංවිධාන කි‍්‍රයාකාරී කිරිමටත්,ඒවා ශක්තිමත් කිරීමටත්,අනාගතය භාර ගැනීමට සුදුසු තරුණ දේශපාලඥයින්  ඉදිරියට ගෙන ඒමටත් එක්සත් ජාතික පක්ෂය දැන් දැන්ම කටයුතු කළ යුතුය.ජනවාරි මස 8 වැනිදා පැවැත්වුනු ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ බිම්මට්ටමේ සංවිධාන හා සාමාජිකයින්ගේ අසාර්ථකභාවය නොපෙනුනේ තම පක්ෂයේ මහලේකම්වරයා වූ මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජයග‍්‍රහණය කරවීමට ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් බිම් මට්ටමේ වැඩකටයුතු කරට ගෙන කටයුතු කළ හෙයිනි.අනෙක් අතට එක්සත් ජාතික පක්ෂයට නැවත වරක් තවත් පක්ෂයක් හා සන්ධාන ගතවීමද අපහසුය.ඉදිරි අනාගතයට ජයග‍්‍රාහීව මුහුණදීමට නම් එක්සත් ජාතික  පක්ෂයට ජයගත යුතුව තිබෙන අභියෝගයන් සුලූපටු නොවේ.පක්ෂය ජය කරා ගෙන යෑමේ වැඩි වගකීම පැවරී තිබෙන්නේ දැන් රටේ අගමැති ධූරය හොබවන රනිල් වික‍්‍රමසිංහටය.ඔහුගේ ඇමතිවරුන්ටද එයට උරදීමට සිදුවෙනු ඇත.ප‍්‍රධාන පක්ෂ දෙකෙහි සහයෙන් මෙලෙස රජයක් පිහිටැවීමක් ඉතිහාසයේ කෙදිනකවත් සිදුව නැත.

රාජපක්ෂ අතින් ගිලිහුණු ශී‍්‍රලංකා නිදහස් පක්ෂය පරාජයෙන් පසු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නැවත පැමිණීමක් බලාපොරොත්තු විය.ඔහුගේ අරමුණ වූයේ තමන් දරමින් සිටි නිදහස් පක්ෂයේ නායකත්ව බලතල තමන් අතම රදවා ගැනීමයි.ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන්  පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස නැවත පාර්ලිමෙන්තුවට පැමිණීම ඔහුගේ සැළැස්ම විය.නමුත් මෙය නීත්‍යානුකූල නොවන බව ඔහුට පෙන්වා දෙනු ලැබිණ.ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමෙන්තුවට පැමිණිය හැක්කේ ඡුන්ද විමසීමට පෙර දේශපාලන පක්ෂයක් ඉදිරිපත් කරන ලැයිස්තුවක සිිටිනා පුද්ගලයින්ට පමණක් බවත් මහින්ද රාජපක්ෂ මහතා රටේ ජනාධිපතිවරයා ලෙස සිටි හෙයින් ඔහුගේ නම එම ලැයිස්තුවට ඇතුළත් කළ නොහැකි බවත් අනාවරණය වුනි.පසුගිය සතිය පුරාවටම හිටපු ජනාධිපතිවරයා ශී‍්‍රලංකාවේ දේශපාලනයෙන් ක‍්‍රමයෙන් මැකී යන ලකුණු දිස්විය.සරත්  අමුණුගම,ආතාවුද සෙනෙවිරත්න,රෙජිනෝල්ඞ් කුරේ,පියසේන ගමගේ,විජිත් විජිතමුණි සොයිසා වැනි ඔහු හා ඉතා සමිීපව කටයුතු කළ දේශපාලඥයින් ප‍්‍රසිද්ධියේම මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහය පළ කරන පව පැවසීම හිටපු ජනාධිපතිවරයාගේ අනාගත  දේශපාලන සිහිනය තවත් අදුරු කළ අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය.

රටේ රූපවාහිනී නාළිකා සොයිසා කළ අත්තනෝමතික ප‍්‍රකාශයක් නැවත නැවතත් විකාශනය කළේය.පියා වුවත් මරණයෙන් පසු දින දෙකකට වඩා මළ සිරුර නිවසේ තබානොගන්නා බව ඔහු එහි පැවසීය.මෙය අතිශය විශ්වාසවන්ත කැබිනට් සාමාජිකයෙකු ලෙස රාජපක්ෂ මහතාට සමිීපව සිටි පුද්ගලයෙකුම මහින්ද රාජපක්ෂ ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දිනාගැනීමට  දරන වෑයම අත්හැරිය යුතුව ඇතැයි වහෙන් ඔරෝ වෙන් කියුවාක් වැනි විය.ඌව පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව තිබු බහුතරය දියවී යෑමත් සමග  හරීන් ප‍්‍රනාන්දුට මහ ඇමතිධූරය හිමිවිය.පළාත් පාලන ආයතන වලට පත්ව සිටින එක්සත් ජතනා නිදහස් සන්ධානයේ ජනතා නියෝජිතයෝ සන්ධානය අතහැර මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රමුඛ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ වටා එක්රැුස් වෙමින් සිටින්නෝය.මන්තී‍්‍රවරයෙකු පසු පස මන්තී‍්‍රවරයෙකු බැගින් ඔවුහු ගිලෙන නැවෙන් පනිමින් සිටිති.ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ හදවස බදු වන පක්ෂයේ මධ්‍යම කාරක සභාවටද අත්ව තිබෙන්නේ මේ ඉරණමයි.නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයද,රටේ ප‍්‍රබල අමාත්‍යධූරයක්ද හොබවමින් තම සොහොයුරු මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු ලෙසද කටයුතු කළ බැසිල් රාජපක්ෂ මේ  වන විට රටින්ද පිටව ගොස්ය.

රාජපක්ෂ මහතා ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ නායකත්වය තමන් වෙත ලබාගැනිීමට අවසන් උත්සාහයකදැරීය.බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංගගේ නිවසේ හමුවක්  කැඳවූ හෙතෙම ඊට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන සාමාජිකයින්ගේ පැමිණීම අපේක්ෂා කළේය.නමුත් හමුවට පැමිණ සිටියේ සාමාජිකයින් අතලොස්සක් පමණි.පක්ෂයේ මුල් පෙල සාමාජිකයින් රැසක් එහි පැමිණ සිටියේ නැත.ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ උප සභාපති නිමල් සිරිපාලද සිල්වා,මහලේකම් අනුර පි‍්‍රයදර්ශන යාපා,එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත උද්ගතවී ඇති තත්ත්වයේ බරපතලකම වටහා ගත්හ.ඉක්මන් පියවර නොගතහොත් පක්ෂය දෙකඩවී යනු ඇතැයි ඔවුහු  බියවූහ.ඒ අනුව ඔවුන් හිටපු ජනපතිවරයා සමග විශේෂ සාකච්ඡුාවක් පසුගිය අගහරුවාදා  පැවැත්වීය.සාකච්ඡුාව පැවැත්වුනේ හිටපු ජනපතිවරයා තාවකාලිකව නැවතී සිටි පාර්ලිමෙන්තුවට පිවිසෙන ප‍්‍රධාන මාර්ගයට යාබදව දියඅගලින් වටවී පිහිටා තිබෙන කතානායක නිල නිවසේදීය.

එය දිගු සාකච්ඡාවක් විය.ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව දිනෙන් දින දුර්වල වෙමින් පවතින බව සිල්වා,යාපා,පේ‍්‍රමජයන්ත තිදෙන හිටපු ජනපතිවරයාට පෙන්වා දුන්නෝය.තමන් පක්ෂය හැරදා නොයන බව සහතික කළ ඔවුන් දැන් මේ වේලාවේදී වහාම සිදුකළ යුතුව තිබෙන්නේ පක්ෂය නැවත ගොඩනැගීමක් බව අවධාරණය කළේය.ඔවුන්ගේ අරමුණ වූයේ නායකත්වයට හෝ තනතුරකට හෝ පත්වීමට දරමින් සිටින ප‍්‍රයත්නය අතහැර පක්ෂය යළි ගොඩනැගීමට උදවු වන ලෙස රාජපක්ෂ මහතාට ඒත්තු ගැන්වීමය.එක් වාර්තාවක සදහන් වන පරිදි එසේ කටයුතු නොකළහොත් ශී‍්‍රලංකා නිදහස් පක්ෂය විනාශව යනු ඇතැයිද,පක්ෂයේ අත සළකුණ වැඩකට නැතිව යනු ඇතැයිද උප සභාපති නිමල් සිරිපාල පවසා ඇත.පක්ෂය දෙකඩ වීමට ඉඩ නොදෙන්නැයි ඔහු හා අනෙක් දෙදෙන මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිට ඇත.සාකච්ඡුාවේ ප‍්‍රතිඵලයක් ලෙස මහින්ද රාජපක්ෂ නව ජනපති මෛතී‍්‍රපාල සිරිසේන සමග මුහුණට මුහුණ හමුවකට කැමැත්ත පළ කළ අතර වහාම සිරිසේන මහතා හමුවූ සිල්වා,යාපා,පේ‍්‍රමජයන්ත තිදෙන එය සැළසුම් කළහ.එම දිනයේදීම පෙර අවස්ථාවකදී රාජපක්ෂ මහතා ජනපතිවරයා හා දුරකථනයෙන් සංවාදයකද නිරතව තිබුණි.නියම කරගත් පරිදි හිටපු ජනාධිපතිවරයා පාර්ලිමෙන්තුවේ කතානායක වන තම සොයුරු චමල් රාජපක්ෂයේ නිල නිවසට බදාදා රැුයේ පැමිණියේය.සුලූ වේලාවකින් ජනපති සිරිසේනද එහි ළගා විය.හිටපු ජනපති හා වත්මන් ජනපති දෙපළ පෞද්ගලිකව සාකච්ඡාවේ යෙදීමට කතානායක නිල නිවසේ ඉහළ මාලය වෙත පියමැන්නහ.කතානායක නිවසින් ලැබුණු තොරතුරු වලට අනුව එම සාකච්ඡුාවේදී මහින්ද රාජපක්ෂ මහතා ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ සභාපතීධූරය මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත ලබාදීමට කැමැත්ත පළ කර ඇත.පසුගිය කාලයේ වූ සිදුවීම් දෙස බැලීමේදී රටේ බලවත්ම පුද්ගලයා ලෙස  විරාජමානවූ මහින්ද රාජපක්ෂමහතාට අවසානයේ නියත ලෙසම පරාජය පිළිගන්නට සිදුවූ අවස්ථාවක් ලෙස මෙය දැක්විය හැකිය.

1981 වසරේදීද ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ මෙවන් බෙදීමක් ඇති විය.එයටද මුල්වූයේ මෛතී‍්‍ර කෙනෙකි.හේ මෛතී‍්‍රපාල සේනානායකය.නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින් 13 දෙනෙකු පක්ෂයෙන් නෙරපා හරිනු ලැබුණු අතර අනුර  බණ්ඩාරණායක,පී.බී.ජී කලූගල්ල,ස්ටැන්ලි තිලකරත්න,කුමාරි (හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර) සහ ඇගේ සැමියා වූ ජගත් බාලසූරිය වැන්නවුන් ඔවුන් අතර විය.මෙම කණ්ඩායම අනුර - මෛත‍්‍රී කණ්ඩායම නම් විය.ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ - එම් කණ්ඩායම ලෙස තමන්ව හදුන්වාගත් ඔවුන් නිට්ටඹුවේ පැරණි සංගබෝධි විද්‍යාලයේදී රැස්විය.පක්ෂයේ සිරිමාවෝ බණ්ඩාරණායක පාර්ශවය එම හමුවට ටකරන් මඩුවේ රැස්වීම යැයි නමක්ද පටබැදීය.

බණ්ඩාරනායක මහත්මිය උත්සාහය අත් නොහැරියාය.1977 වසරේ පැවැත්වුනු පාර්ලිමෙන්තු මැතිවරණයෙන් එක්සත් ජාතිකපක්ෂය ඉහළින්ම ජයග‍්‍රහණය කළායින් පසු නව රජයේ කැබිනට් අමාත්‍යධූරයක් භාරගන්නැයි ඇය වෙත විශේෂ දුතයෙකු යවමින් ජේ.ආර් ජයවර්ධන කළ ආරාධනාවද ඇය දැඩිව ප‍්‍රතික්ෂේප කළාය. පක්ෂය සී සී කඩ ගොස් තිබුණි.නමුත් නායකත්ව අතහැරියේ ඇය නොවේ.2000 වසරේදී මිය යන තෙක්ම පක්ෂයේ නායකත්වය දැරූයේ ඇයයි.තම පවුලේ සාමාජිකයින් කි‍්‍රයාකාරී දේශපාලනයේ නිරතව සිටියද ඔවුන්ට හෝ පක්ෂයේ නායකත්වය පැවරීමට ඇය කටයුතු නොකළාය. රාජපක්ෂ මහතාට නම් මීට වඩා වෙනස් ආකාරයකට කරුණු සිදුව ඇති බවක් පෙනේ.ජනාධිපතිවරණ සමයේදී වැඩබැරි මිනිසෙකු ලෙසත්, ඊළාම්වාදියෙකු ලෙසත්, ජුදාස් කෙනෙකු ලෙසත් මෛතී‍්‍රපාල සිරිසේන මහතාට නිගරු කළ ඔහුට අවසානයේ තම සියලූ බලතල සිරිසේන මහතාට පවරා දෙන්නට සිදුවිය. ගෙවුණු ඉරිදා මෛතී‍්‍රපාල සිරිසේන විපක්ෂයෙන් තරග වැද ඇති හෙයින් ඔහුට නිදහස් පක්ෂයේ නායකත්වයට උරුමකම් කීමට හැකියාවක් නැතැයි කී නිමල් සිිරිපාල ද සිල්වාටද තම ස්ථාවරය වෙනස් කරගන්නට සිදුව ඇත.

පවුලට,කේපීට,ඩග්ලස්ට ආරක්ෂාව සළසා දෙන්නැයි කළ ඉල්ලීම තමා හා තම පවුලේ සාමාජිකයින් නීතිය ඉදිරියට ගෙන ඒමේ වෑයමක් සම්බන්ධයෙන් පවතින රාවයන් පිළිඹදවද රාජපක්ෂ මහතා තම අදහස් ජනපතිවරයා හමුවේ හෙළි කළේය.එවැනි දෙයක් සිදුනොවීමට අවශය පියවර ගන්නැයි ඔහු ඉල්ලා සිටියේය.හිටපු ජනාධිපතිවරයා නිදහස් පක්ෂයේ නායකත්වය වත්මන් ජනාධිපතිවරයාට පවරාදී උපකාරයට - උපකාරයක් බලාපොරොත්තු වූ අයුරක් ඉන් පෙනුනු බව ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ හිටපු ජේ්‍යෂ්ඨ අමාත්‍යවරයෙක් පසු අවස්ථාවක පැවසීය.බොරු චෝදනා නැගීමක් තමන් ඇතුලූ රජය සිදුනොකරන බවට සහතික වුනු මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා එසේ වුවත් දැනට සිදුකෙෙරී ගෙන යන පරීක්ෂණ වලින් යම් කරුණු  හෙළිවුවහොත් අනිවාර්යයෙන්ම ඒවාට අදාළ පුද්ගලයින්ට පිළිතුරු දීමට සිදුවනු ඇතැයි අවධාරණය කළේය.එම පරීක්ෂණ කටයුතු වලට තමන් කිසිලෙසකින්වත් හවුල්  වන්නේ නැති බවද ඔහු කීවේය.

දැනටමත් එවැනි පරීක්ෂණ රැුසක් ආරම්භවී ඇත.හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයේදී ජනාධිපති ලේකම් කාර්යාලයට ලබාදී තිබුණු අති සුඛෝපභෝගී වාහන කිහිපයක් මේ වන විට අතුරදන්ව තිබීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ  දෙපාර්තමෙන්තුවේ නිළධාරීන් විශේෂ පරීක්ෂණයක් දියත් කර තිබේ.මෙම වාහන ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රචාරණ කටයුතු වලටත්,ඔහුගේ ආධාරකරුවන්ගේ පෞද්ගලික භාවිතයන්ටත් යොදාගෙන ඇතැයි චෝදනා නැගී ඇත.හිටපු ජනපති ආර්යාවගේ හිිමිකාරීත්වය යටතේ තිබුණු කොළඹ කාල්ටන් පෙර  පාසැලටත් මෙම සතියේදී මුද්‍රා තැබීමට නියමිතය.කෙසේවුවත් පෙර අවස්ථාවක එහි ගිය නිළධාරීන්ට පෙරපාසැලේ කාර්යමණ්ඩලය පවසා ඇත්තේ පෙරපාසැල වසා දැමිීමට  අවශ්‍ය නම් උසාවි නියෝගයක් රැුගෙන පැමිණෙන ලෙසය.

පෙර පාසැල් අධ්‍යාපනය හමාර වූ පසු දරුවාව කොළඹ තමන් කැමති විද්‍යාලයකට ඇතුළත්වීමේ හැකියාව ලැබෙන බව කියමින් මෙම පෙරපාසැලට ළමුන් ඇතුළත් කරගෙන ඇතැයි චෝදනා නැගී තිබේ.මෙයට අගුල්පත් තබමින් කාල්ටන් පෙරපාසැලේ ඉගෙනුම ලැබූ දරුවන්ට ප‍්‍රමුඛස්ථානය දෙන ලෙස කොළඹ ප‍්‍රධාන පාසැල් වල  විදුහල්පතිවරුන්ට ලිපියැවීමක් සිදුකර තිබෙන බවටද තවත් චෝදනාවක් නැගී තිබේ.එම  විදුහල්පතිවරුන්ද ඉහළින් පැමිණිය හැකි උදහසට හසුවීමට බියෙන් තමන්ට ලැබුණු උපදෙස් අනුව කටයුතු කර ඇති බවද සදහන්ය.රාජපක්ෂ පුතුන් හිමිකාරීත්වය දරන කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් රූපවාහිනී නාළිකාව පිහිටුවීමට ලක්ෂ ගණන් මුදල් ලැබුණේ කෙසේදැයි සෙවීමට පාර්ලිමෙන්තු පරීක්ෂණයක්ද කි‍්‍රයාත්මකය.මෙම නාළිකාවට අවශ්‍ය විකාශන අමුද්‍රව්‍ය සපයාගෙන ඇත්තේ ජාතික රූපවාහිනියෙනි.වෙනත් අවස්ථාවක  ජාතික රූපවාහිනියට ලක්ෂ ගණන් මුදල් උපයාදෙනු ඇති එවැනි දේ කාල්ටර් ස්පෝරට්ස් නෙට්වර්ක් ආයතනයට ලැබී ඇත්තේ නොමිලයේය.එම ආයතනයේ බදු ගෙවීම් සිදුකරඇත්දැයි හා තරංග සංඛ්‍යාතය සදහා නියමිත පරිදි  ගුවන්විදුලි නියාමන කොමිෂන් සභාවෙන් අවසරය ලබාගෙන ඇත්දැයි සෙවීමට වෙනම පරීක්ෂණයන් කි‍්‍රයාත්මකය.

අපගේ අනාවරණයන්ට අනුව මහින්ද රාජපක්ෂට හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ සම්පූර්ණයෙන්ම නැවැත්වීමට නව රජයට හැකියාවක් නැත.ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ් නායකයින් ජනාධිපතිවරණ සමයේ මැතිවරණ වේදිකාවන් වල පුනපුනා පැවසූ අල්ලස්,වංචා,රාජ්‍ය දේපළ අනිසි ලෙස භාවිතා කිරීම්,පවුල්වාදය ආදී දේ වල සත්‍ය අසත්‍යභාවය දැන් විභාග කර බැලිය යුතුවම ඇත.

 

ඊ.පී.ඞී.පී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා හට සපයා දී තිබෙන ආරක්ෂාව ඉදිරියටත් ලබා දිය යුතුව තිබෙන බව මහින්ද රාජපක්ෂ මහතා ජනපති මෛතී‍්‍රපාල සිරිසේන හා පැවැති හමුවේදී පැවසීය.වාර්තා වලට අනුව ඩග්ලස් දේවානන්දාද නිල නොවන මාර්ගයන්ගෙන් පොදු විපක්ෂය හා සම්බන්ධ වීමට උත්සාහ දරා ඇතත් පක්ෂ නායකයින් ඔහුගේ ඉල්ලීම් බැහැර කර තිබේ.එල්.ටී.ටී.ඊ සංවිධානයේ ජාත්‍යන්තර ජාලය මෙහෙයවූ කුමරන් පත්මනාදන් හෙවත් කේ.පී ට සපයා දී තිබෙන ආරක්ෂාවද දිගටම ඔහුට සැපයිය යුතු බව මහින්ද රාජපක්ෂ මහතා කීය.ඔහුගේ තර්කය වූයේ කොටි සංවිධානයට විදේශයන්හි සිට ඉතා නවීන අවි සපයා දීමට ඔහුට හැකිවීමත්,අන්තර්ජාතික තලයේ ඔහුට තිබුණු සබදතාත් නිසා එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කර ඇතත් ඔහු සිටින්නේ අනතුරේ බවය.

ශ‍්‍රී ලංකාවේ ඉල්ලීම මත මැලේසියා ආරක්ෂක අංශ එරටදී තම අත්අඩංගුවට ගත් කේපී අනතුරුව ශීලන්කන් ගුවන්සේවයට අයත් යානයකින් මලයාසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මෙරටට ගෙන එනු ලැබිණ.රජීව් ගාන්ධි ඝාතනයට හවුල්වීයැයි අන්තර්ජාතික පොලිසිය හෙවත් ඉන්ටර්පෝල්හි රතු ලැයිස්තුවට පවා ඇතුළත්ව සිටින මේ මිනිසාට ආරක්ෂක රැුකවල් මැද වන්නි ප‍්‍රදේශයේ සංචාරය කිරීමට පවා අවස්ථාව පසුගිය රජය සළසා දී තිබුණි.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුදැනුම මත කි‍්‍රයාත්මකවූ රාජ්‍ය නොවන සංවිධානයක් ඔහු පාලනය කළේය.කේපී හා ගනුදෙනු කළ බුද්ධි අංශ නිළධාරීන්ට වුවමනා වූයේ ඔහු මාර්ගයෙන් නව දේශපාලන මතවාදයක් ගොඩනංවා දැනට රටේ තිබෙන දෙමළ පක්ෂ අඩපණ කිරීමය.මේ සදහා ඔවුහු විදේශයන්හි කි‍්‍රයාත්මක ඩයස්පෝරා සහය ලබන වෙබ් අඩවි රාශියක් හා කේපී සමග සම්මුඛ සාකච්ඡුා වට රැුසක්  සංවිධානය කළහ.අන්තර්ජාතික තලයේ ප‍්‍රචාරණ කටයුතු වලට ලක්ෂ ගණන් මුදල්ද වියදම් කළහ.කේපී යනු උතුරේ නැගී එන දෙමළ නායකයෙකු ලෙස හුවා දැක්වීමටද බුද්ධි අංශ උත්සාහ කළ අතර මේ සදහා කේපී හා සම්මුඛ සාකච්ඡුාවන් පවත්වා ඒවා රූපවාහිනී නාළිකා  ඔස්සේ රට පුරා විකාශනය කිරීමටත් කටයුතු කෙරිණ.කෙසේ නමුත් වසර ගණනක් සමාජයෙන් වසන් වී ජීවත්වුනු පුද්ගලයෙකුවූ කේපීට නැවත වරක් මිනිස් ඇසුර වැළදගැනීම දුෂ්කර විය.උතුරේ ජනතාවද ඔහුට ළංවීමට මැළිවිය. ඔහුට සහයෝගය පළ කළහොත් තමන්ට එල්.ටී.ටී.ඊ සංවිධානය හා සම්බන්ධතා ඇතැයි ආරක්ෂක අංශ වරදවා වටහාගනිතැයි ඔවුන් බියවිය.

මේ කටයුතු සදහා කේපීට වෙනම මුදල් වෙන්කිරීම සිදුවිය.එමෙන්ම ඔහු දිනපතාම ඔහුගේ කටයුතු වල ප‍්‍රගතිය සම්බන්ධයෙන් ආරක්ෂක බළධාරීන් දැනුම්වත් කිරීමද  සිදුකළේය.නීතිමය වශයෙන් සැළකූ විට කේපීට දේශපාලන කටයුතු වල යෙදීමට කිසිදු අවහිරයක් නොතිබුණත් (ඔහු ගෙන්වූ බව කියන අවි වලින් සිය ගණනක්,නොඑසේනම් දහස් ගණනක් දෙනා මරණයට කැප කෙරුණු බවට චෝදනා නැගී ඇතත්* නීතිගරුක හා යුක්තිගරුක ආරක්ෂක නිළධරයින්ට, දේශපාලනය ගැවීවත් නැති ආරක්ෂක අංශ වලට උතුරේ දේශපාලන කටයුතු වලට හවුල්වන්නැයි බල කිරීම ඉසිලිය නොහැකි තරම් විය.ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ චෝදනා කරන ආකාරයට රජයේ කි‍්‍රයාකාරීත්වය ඉස් මුදුනින්ම පිළිගෙන සිටි ඇතැම් නිළධරයින් රාජපක්ෂ මහතාගේ ඡුන්ද කටයුතු වලටද හවුල්වී තිබෙන අතර පරදින්නට යන බව පෙනුනු විට බලය යොදා ඔහුව දිගටම රටේ ජනාධිපති ලෙස තබා ගැනීමට සැළසුම් කරද ඇත.පසුගිය රජය සමයේ ආරක්ෂක අංශ වලට දේශපාලනය රිංගා ගෙන තිබුණෙ මෙලෙසය.ඇතැම් ආරක්ෂක  නිළධාරීන්ට දේශපාලන මැදිහත්වීම් වල පිහිටෙන් රජයේ උසස් ආයතනයන්හි රැුකියා පවා ලැබී තිබුණි.තම සගයින්,සිවිල් වැසියන් මරා දමන්නට හවුල් වුනු,එල්.ටී.ටී.ඊ  සංවිධානය ශක්තිමත් වන්නට විශාලම සාධකය වුනු කේපීට යටත්වීමටත්,ඔහුට ආරක්ෂාව සැපයීමටත් සිදුවීම ආරක්ෂක අංශ අතර කළකිරීමක් ඇති කිරීමට හේතුවිය.ඉදිරියේදී කේපී සම්බන්ධයෙන් ගනු ලැබීමට යන පියවර ගැන තවමත් සදහනක් නොමැත.

යුද්ධයේ අවසානය සමයේදී බුද්ධි අංශ සකස් කළ වාර්තාවක කේපීට අනවර්ථ නාමයන් පමණක් 24 කට අධික සංඛ්‍යාවක් තිබෙන බව සදහන්ය.ඔහුට හිමි ගමන් බපපත‍්‍ර සංඛ්‍යාව 10 කි.ශී‍්‍රලංකා ගමන් බලපත‍්‍රයක්,ඉන්දියා ගමන් බලපත‍්‍ර 6 ක්,ස්විටර්සර්ලන්ත,මලයාසියා හා ඊජිප්තු බලපත‍්‍ර 1 බැගින් ලෙස ගමන් බලපත‍්‍ර 10 ක් ඔහුට ඇත.ඔහුගේ තායිලන්ත ජාතික බිරිද නාතවදී සුද්සනෝහ් කේපී ශී‍්‍රලංකාවට පැමිණියායින් පසු කිහිපවරක්ම ඔහු බැලීමට පැමිණ තිබෙන්නීය.එවන් අවස්ථාවද රජය මැදිහත්ව ඇයට කේපී දැකීමේ අවස්ථාව සළසා දී තිබෙන අතර විශේෂ ආරක්ෂාවක් ඇතිව ඇයව වන්නියට ගෙනයෑමට 

කටයුතු කෙරී තිබේ.කේපී කෙතරම් මුදල් සම්භාරයක් හැසිරුවේද යත් එක් වාර්තාවක ඔහු ආනන්දරාජා සමග සිංගප්පූරුවේ සිටි බෑන්ක් හි බැංකු ගිණුමක් පවත්වාගෙන ගිය  බවත් එම ගිණුමේ සිට වරක් ඩොලර් ලක්ෂ තුන හමාරකට ආසන්න මුදලක් අවි මිලදී ගැනීම් වෙනුවෙන් බල්ගේරියාවේ ෆොරින් ටේ‍්‍රඞ් බෑන්ක් වෙත බැර කෙර තිබෙන බවත්  සදහන්ය.මෙම වාර්තාවෙන් එල්.ටී.ටී.ඊ ය සතු ලොව නොයෙක් බැංකු වල තැන්පත් කර තිබෙන ධනස්කන්ධය ගැන ඉගියක් ලබාදුනි.එල්.ටී.ටී.ඊ සංවිධානයට නැව් කිහිපයකම හිමිකාරීත්වය ඇතැයිද පැවසේ.මෙම විසල් ධනස්කන්ධය ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට බළධරයින් පසුගිය සමයේ නොයෙක් වර උත්සාහ කළේය.නමුත් ඒවායේ සාර්ථක අසාර්ථක භාවය ගැන කිසිදු කරුණක් මේ දක්වාම හෙළවී නොමැත.එම උත්සාහන් සාර්ථකවී ඇත්නම් ලබාගන්නට ඇති එම ධනයට කුමක්වීදැයි ගැටලූවක් පැන  නගී.කේපීට අතිවිශේෂ පුද්ගලයෙකු ලෙස සැළකීමට රජය දිගින් දිගටම කටයුතු කිරීම ගැන සිතූ විට ධනය සොයාගැනීමට බළධරයින් ගත් උත්සාහයන් අසාර්ථකවී ඇති බවක්  නම් පෙනෙන්නට නැත.අනෙක් අතට කේපීට දැක්වූ මේ විශේෂ සැළකිල්ල රජය රටේ ජනතාවගෙන් වසන් කළේ ඇයිදැයි යන්නද ගැටලූකාරීය.

එල්.ටී.ටී.ඊ යේ ජාත්‍යන්තර ජාලයේ ප‍්‍රධානියා ලෙස කේපීට පැවරී තිබුණු වගකීම වූයේ සංවිධානයේ හිමිකාරීත්වය යටතේ තිබූ නෞකා වල ගමනාගමනයන් භාරව කටයුතු  කිරීමයි.වික්රම් හෝල්ඩිංගස් නම් සමාගමක හිමිකාරීත්වය දැරූ හෙතෙම මලයාසියාව - පේදුරු තුඩුව - පැනමාව ආශි‍්‍රත මුහුදු කලාපයේ නැව් ගමනාගමන කටයුතු මෙහෙයවීය.තායිලන්තය,සිංගප්පූරුව,කැම්බෝඩියාව,ලා  ඕසය,වියට්නාමය,බල්ගේරියාව,ස්ලොවැකියාව,රුමේනියාව,ප‍්‍රංශය,ජර්මනිය,ස්වීඩනය,නෙදර්ලන්තය,මලයාසියාව,ඩෙන්මාර්කය,නෝර්වේ,කැනඩාව,එක්සත් රාජධානිය මේ නෞකා ජාලයේ ප‍්‍රධාන ගමනාන්ත විය.

කේපීට භාරවී තිබුණු රාජකාරිය ගැන වඩා හොද පැහැදිලි කිරීමක් ඔහුගේ කි‍්‍රයාකාරකම් ඇසුරින් පෙන්වා දිය හැකිය.පහත දැක්වෙන්නේ එවන් අවස්ථා කිහිපයකි.

1990 වසරේදී එම්.වී ගෝල්ඩන් බර්ඞ් නම් එල්.ටී.ටී.ඊ නෞකාවෙන් රොකට් විදින,බ‍්‍රවුනින් වර්ගයට අයතමැෂින් තුවක්කු,එම්16 රයිෆල,ගුවන්යානා නාශක අවි වලට සවිකරන ඉලක්ක මාන හා ගිනි අවි උණ්ඩ විශාල තොගයක් ගී‍්‍රසියේ සිට ශී‍්‍රලංකාවට ඔහු එවීය.

1994 වසරේ ජූනි මස 21 වැනිදා ෂන්මුගම් එම් කුමාරන් (කේපී ගේ අනවරථ නාමයක්* නමින් සිංගප්පූරුවේ සිටි බෑන්හි තිබූ බැංකු ගගිණුමකින් ඩොලර් පණස්දහසක් අධිබල පුපුරණද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් 60 ක් මිලයට ගැනීම සදහා යුක්රේනයේ රසායන ද්‍රව්‍ය කම්හලක ගගිණුමට බැර කෙරිණ.

1996 වසරේ අගෝස්තු - සැප්තැම්බර්  කාලයේ ගිනි අවි හා උණඩ මිලයට ගැනීමට ඔහු  කැම්බෝඩියාවට ගියේය.

සාම සාකච්ඡුා පැවති කාලයේ අයර්ලන්තයට පැමිණි එල්.ටී.ටී.ඊ දුූත කණ්ඩායමක ආධාරයෙන් මුහුදු කොටි බෝට්ටු වලට සවිකළ හැකි රේඩාර් උපකරණ,රූපවාහිනී සම්පේ‍්‍රෂක උපකරණ,පණිවුඩ හුවමාරු යන්ත‍්‍ර ආදී උපකරණ තොගයක් වන්නිය බලා ප‍්‍රවාහනය කිරීමට ඔහු සමත්විය.මේ දුූත කණ්ඩායම ආරක්ෂක මුරකපොලූ වලදී පරීක්ෂා  කෙරුණේ නැත.

ජස්ලි බෙන් ජාමන් නමින් මලයාසියාවේ පෙට්‍රොනාස් තෙල් සමාගමේ ඉංජිනේරුවෙකු ලෙස පෙනී සිටිමින් හෙතෙම තායිලන්තයේ සැරිසැරීය.2000 වසරේදී ඔහු ඊජිප්තු ගුවන්ගමන් බලපත‍්‍රයක් ආධාරයෙන් සිංගප්පූරුවට ඇතුල් විය.එම බලපත‍්‍රයේ ඔහුගේ නම සදහන්ව තිබුණේ කලීඞ් සයෙඞ් මොහොමඞ් ලෙසය.ජනපතිවරණ පරාජයෙන් පසු දැන්  කේපීටත් ආරක්ෂාව ඉල්ලන රාජපක්ෂ මහතාටත් ඔහුගේ පවුලේ සාමාජිකයින්ටත් රාජපක්ෂ මහතාගේ නිවස පිහිටි හම්බන්තොට මැදමුලනට ගමන් කිරීමට හෙලිකොප්ටර යානා 2 ක් සපයා දෙනු ලැබිණ.මහා ජනකායක් මැදමුලන නිවසේ රැුස්ව සිටි අතර ඔවුහු රාජපක්ෂ මහතාගේ පරාජය ගැන අසතුටින් අදහස් දැක්වූහ.රාජපක්ෂ මහතා ඔවුන්ට  කීවේ ඊළාම්වාදීන් (උතුරේ ඡුන්ද දායකයින්* නිසා තමන් පරාජය වූ බවයි.රැුස්ව සිටියෝ අතර සිටි අතිශය කළකිරීමට පත් ගම්වැසියෙක් උන්ව මරලා දමන්නයි තිබුණේ හඩ නැගීය.රාජපක්ෂ මහතා මෛතී‍්‍රපාල සිරිසේන මහතාට එල්ල කළ ප‍්‍රධාන චෝදනාව වූයේ සිරිසේන මහතා ඊළාම්වාදීන්ගේ වුවමනාවට කටයුතු කරන්නෙක් බවයි.ඔහු බලයට පත්වුවහොත් රට නැවත දෙකඩ වනු නොවැළැක්විය හැකිවනු ඇතැයි රාජපක්ෂ මහතා නැවත නැවතත් පැවසූවකි.නමුත් ඔහුම එල්.ටී.ටී.ඊ සංවිධානයට අවි සපයාදුන්,එම අවි වලින් මිනිසුන් දහස් ගණනකගේ ජීවිත වලට විනාශය ලගා කර දුන්,එල්.ටී.ටී.ඊ සංවිධානයට ශක්තිමත්ව නැගී සිටින්නට ආධාර දුන් ඒ කේපී නම් මිනිසාව ආරක්ෂා කර දෙන්නැයි ඔහුම වරක් ඊළාම්වාදියෙක් යැයි චෝදනා කළ මෛතී‍්‍රපාල සිරිසේන මහතාගෙන් ඉල්ලයි.කේපීට රටේ නීතියට ඉහළින් සැළකීමට හිටපු රජය කටයුතු කළේ ඇයිදැයි මැනවින් සොයාබලා එම තොරතුරු රටට 

හෙළිකරන්නට ප‍්‍රජානත්ත‍්‍රවාදී පෙරමුණ ප‍්‍රමුඛ නව රජය කටයුතු කළ යුතුය.එවන් පුද්ගලයෙක්ට අසීමාන්තික නිදහසක් ලබාදී ත‍්‍රස්තකටයුතු වලට කිසිත් සම්බන්ධයක් නොතිබූ පුද්ගලයින්ට කොටි ලේබල් ඇලවීමට රජය කටයුතු කිරීම පසුපස ඇති හේතුව  නව රජය රටට අනාවරණය කළ යුතුය.

බැසිල් ඉල්ලා අස්වේ.

රාජපක්ෂ මහතා හා හමුවෙන් පසු සිල්වා,යාපා,පේ‍්‍රමජයන්ත ති‍්‍රත්වය නැවත වරක් ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවිය.නව රජයට එකතුවීමේ අදහසක් නැතත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ දින 100 යේ වැඩපිළිවෙලට ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ සහය ලබාදෙන බව ඔවුහු කීහ.දැන් මෛතී‍්‍රපාල සිරිසේන මහතා ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ නායකයා වන හෙයින් පක්ෂය දෙකඩවී යෑම වැළැක්වීමට පියවර ගන්නැයිද පක්ෂයේ ජේ්‍යෂ්ඨයින්ට ඔවුන්ට හිමි තැන් ලබාදෙන්නැයිද ඔවුහු උදක්ම ඉල්ලා සිටියෝය.ඒ අනුව සිකුරාදා දිනයේදී නිමල් සිරිපාලද සිල්වා මහතා නව විපක්ෂ නායකවරයා ලෙස නම් කෙරිණි.මෙයත් සමග ඉදිරි පාර්ලිමෙන්තු මැතිවරණයේදී  විපක්ෂය,එනම් ශී‍්‍රලංකා නිදහස් පක්ෂයට නායකත්වය දෙනු ඇත්තේ ඔහුය.සිරිසේන මහතා කිසිදු ඡුන්ද කටයුත්තකට සහභාගී වන්නේ නැතැයි ප‍්‍රකාශ කර ඇති හෙයින් මැතිවරණයේ වැඩි බර පැටවෙනු ඇත්තේ සිරිපාල මහතා පිටය.විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා ජොන් සෙනෙවිරත්නය.දෛවෝපගත ලෙස පාර්ලිමෙන්තුවේ වැඩිම අසුන් ගණනක් හිමිකරගෙන සිටියද,පක්ෂයේ නායකයා රටේ ජනාධිපතිවරයා වුවද,රට පාලනය කිරීමේ අවස්ථාව ශී‍්‍රලංකා නිදහස් පක්ෂයට අහිමිය.

ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ මුල් පෙල සාමාජිකයින් කිහිපදෙනෙකුම සදහන් කළ පරිදි අනාගත මැතිවරණයේදී සිරිසේන මහතා ඉහළින්ම මනාප ලබාගතහොත් නව රජයේ අගමැතිවරයා බවට පත්වනු ඇත්තේ ඔහු මිස මහින්ද රාජපක්ෂ නොවේ.තවද මහින්ද රාජපක්ෂට පසු ඔහුගේ තැන ගනු ඇතැයි මත පළවී තිබූ නාමල් රාපක්ෂටවත්,බැසිල් රාජපක්ෂටවත් ඉදිරියේදී පක්ෂයේ ඉහළ තනතුරක් හිමිනොවන බව පැහැදිලිය.ජනපතිවරණ සමයේ ජාත්ත‍්‍රවාදී පෙරමුණට එක්වන්නට ගීයේයැයි බැසිල්ට චෝදනා නැගුණි.එමෙන්ම සන්ධානයේ සිට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට එක්වූ සියලූදෙනා බැසිල් රාජපක්ෂව හදුන්වාදුන්නේ වහා කිපෙන හා නුරුස්සන සුලූ චරිතයක් ලෙසය.ඔහු  හා නාමල් රාජපක්ෂ නිසාවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 

ප‍්‍රධාන පක්ෂය වූ ශී‍්‍රලංකා නිදහස් පක්ෂය කැබලිව ගොස් තිබෙන බවට චෝදනා නැගේ.මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට හේතුව වූයේද ඔහුගේ මේ පවුලේ සාමාජිකයින්ගේ කටයුතු බව පක්ෂයෙන්ම නැගෙන චෝදනාවකි.ජ්‍යොතිර්යවේදීන්  කිහිපදෙනෙක් හා අප සම්බන්ධ වූවා.ඔවුන් සියලූදෙනාම කීවේ ජනපතිවරණය මේ හදිස්සියේ තියන්න එපා කියලා.නමුත් බැසිල් හදිස්සි වුනා.ඔහු තමයි මේ තකහනියේ ජනපතිවරණයක් තියන්නට තීරණය කළේ.ඔහුයි අනෙක් රාජපක්ෂ ගොල්ලොයි අපිව  නැති කළා.අද අපි ලැජ්ජාවට පත්වෙලා.අපේ ආධාරකරුවන්ට ආදර්ශයක් වෙන්න අපටබැරිවුනා.පවුලේ අය තමයි ඔක්කොම භුක්ති වින්දේ,ඔක්කොම විනාශ කළේ යැයි පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙක්ම කියයි.

බ‍්‍රහස්පතින්දා දිනයේදී ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටුවේ රැුස්වීමකුත් ඊට සමගාමිීව මධ්‍යම කාරක සභාවත් රැුස්වීමට නියමිතව තිබුණි.නමුත් එය සිකුරාදා දිනයට කල් ගියේය.එම රැුස්වීම් වලදී සාකච්ඡුා කිරීමට නියමිතව තිබුණේ බැසිල් රාජපක්ෂ මහතා පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් කිරීම පිළිඹදවය.නමුත් හමුව පැවැත්වීමට පෙර බ‍්‍රහස්පතින්දා දිනයේ ඇමරිකාව බලා ගොස් සිටි බැසිල් රාජපක්ෂ තම ඉල්ලා අස්වීමේ ලිපිය එවා තිබුණි.එහි ජනාධිපතිවරණය පරාජය වීමේ සම්පූර්ණ වගකීම තමන් භාරගන්නා බවත්,ඉදිරියේදී පසුපෙල මන්තී‍්‍රවරයෙකු ලෙස පක්ෂයේ කටයුතු  න්‍ලට හවුල්වීමට අපේක්ෂා කරන බවත්් සදහන්ව තිබුණි.

මහින්ද රාජපක්ෂ මහතාට අමතරව හම්බන්තොට දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ඔහුගේ පුත් නාමල් රාජපක්ෂද ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවූයේය.එම හමුවේදී ගෙවුණු කාලයේ තමන් කළ කී දැෑ ගැන සදහන් කළ හෙතෙම සිදුවෙමින් පවතින පරීක්ෂ වලින් තමන් වෙත කිසිදු හානියක් සිදුනොවන්නට නව ජනපතිවරයාගේ උදවු ඉල්ලා  සිටියේය.ඔහු මෙන්ම ඔහුගේ සොයුරු යෝෂිත ඇමතිවරුන් කිහිපදෙනෙකු හා දුරකථන  සංවාදයන්හි නිරතව ඇති බවටද තොරතුරු ලැබී ඇත.

මෙලෙස ඉල්ලීම් සිදුකෙරෙන වාතාවරණයක් පැනනැගී ඇත්තේ පසුගිය රජය සමයේ සිදුව ඇතැයි කියන වංචා හා දුූෂණ සම්බන්ධයෙන් විභාග කිරීමට විශේෂ කමිටු පත්කිරීමේ මූලික පියවරයන් ගැනෙමින් පවතින හෙයිනි



අදහස් (0)

‘මහින්දගේ රජය දුරකථනත් ටැප් කරලා‘

ශාන් Sunday, 18 January 2015 10:27 PM

චීනයට රටේ වැදගත් ස්ථාන අයත් වීම් සහ ශ්‍රී ලංකික දෙමල ජනයාට උතුර ෆෙඩරල් පාලනයක් ලබා දීම අතර වෙනස කුමක්ද? අවම වශයෙන් ඉදිරි වසර 20 තුල රජය ව්‍යවසාය මත කිසිම දෙයක් කිරීමට මුදල් අප රටට අහිමි කර ඇති බව ශ්‍රී ලාංකිකයන්ට නොවැටහෙන්නේ මන්ද? මහින්ද සහ ඔහුගේ පරපුරේ උන්නතියට අප විසින් ඉදිරි 20 වසරම බරපැන දරනු ඇති. ජඩ දේශපාලනය විසින් පාදඩකරණයට ලක් වී ඇති රටේ ආකල්ප වර්ධනය කිරීම නව රජයට ඇති වැදගත්ම අභියෝගයක් වේවි. (නදී)

:       0       0

සමන් තන්ත්‍රීගේ Sunday, 18 January 2015 11:57 PM

මේ හැම දෙයින්ම සාමාන්‍ය මිනිස්සු රැවටෙනවා. කව්රු ආවමත් වෙන්නේ එකම දේ. අලුත් පාතාලයක් බිහිවෙනවා. බලමුකෝ මෙයාලගෙන් වෙන්නේ මොනවද කියා (නදී)

:       0       0

අබේ මාපලගම Monday, 19 January 2015 01:27 AM

ඉපදුන හැටියේම ඇවිදින්න බෑ කියල කතාවක් තියෙනවනේ. ටිකක් ඉවසගෙන ඉඳිමු. ඉවසීමෙන් සැනසීම ලැබේ (නදී)

:       0       0

රෝයි Monday, 19 January 2015 01:49 AM

ජනදිපතිතුමනි, අගමැතිතුමනි. ඔබලා දේපල කෙරෙහි ජනතාව තිබු විස්වාසය පලුදු නොකරන්න. පසුගිය දුෂිත රජයේ අය සමග ඔවුන් ආරක්ෂා කිරීමේ පොරොන්දු වලට එන්න එපා. අපට ඔබලා ගැන ලොකු විශ්වාසයක් දැනට තියෙනවා. (නදී)

:       0       0

රකිත් Monday, 19 January 2015 02:41 AM

කවුරු ආවත් කෙරුවාව එකයි කියා අනේක වාරයක් මා පවසා ඇත. මෙවර ජනමතය ලැබුනේ යහපාලනයටය. එමනිසා ජනමතයට ගරුකරමින් වැරදිකළ අයට දඬුවම් කිරීම වත්මන් ජනපතිවරයාගේත් ආණ්ඩුවේත් වගකීමයි. එසේ නොකළහොත් ඔවුන්ට විරුද්ධවද හෙට දවසේ ජනතාව පෙළගැසෙනු ඇත. (නි)

:       0       0

බණ්ඩාර Monday, 19 January 2015 02:52 AM

මේ ලියුම්කරු කියන්නේ හරියට බලාගෙන හිටය වගෙයි. එක විදියකට කොයි ලියුම්කරුවත් එහෙම තමයි. කියවන අපි හොඳ සිහියෙන් ඉඳිමු. පරීක්ෂණ වලින් ඔප්පු උනොත් විතරක් මේ කියපුව බාර ගන්නම්. සිංහයා වැටිලා ඉන්න කොට නරියොත් ඌට මුත්‍ර කලාලු. (නදී)

:       0       0

දොන් කුරු ජිම් Monday, 19 January 2015 03:07 AM

ඉතාමත් වැදගත් පණිවිඩයක්. ලංකාදීප පුවත් පතට ස්තුතියි (නදී)

:       0       0

කුමාරි විජේසිරිවර්දන kumari Monday, 19 January 2015 03:37 AM

මේවා කියවද්දී අදහන්නත් බැරිතරම්.පසුගිය කාලයේ බලනකොට වියරුවෙන් වගේ වැඩකරලා තියෙන්නේ. (නි)

:       0       0

ගයාන් Monday, 19 January 2015 05:01 AM

රජයේ මාධ්‍ය වලින් අන්ධ කරලා තිබ්බ මිනිස්සුන්ගේ ඇස් ඇරෙන එක හොඳයි. (ස)

:       0       0

ශිරෝ Monday, 19 January 2015 05:39 AM

තාමත් ඇත්ත පිළිගන්න අකමැති පිරිසක් මේ රටේ ඉන්නවා කියලා අකමැත්තෙන් වුණත් කියන්න වෙනවා (දිල්)

:       0       0

උපුල් Monday, 19 January 2015 06:26 AM

අර යවපු රොකට් එකෙත් ලොකු වංචාවක් තියෙනවද දන්නේ නෑ (දිල්)

:       0       0

එ්ශාන් Monday, 19 January 2015 07:02 AM

උපුල් , රොකට් එකේ , ඔක්කොම රටින් පිට කරන්න ඕන බඩු ටික පටවලා යවන්න ඇති. (නදී)

:       0       0

නිමල් Monday, 19 January 2015 07:21 AM

අදහසක් කියන්න කැමතියි. දැන් වෙනසක් වී හමාරයි. ඒ තමා මානසික නිදහස. මිනිස්සු නිදහසේ අලුත් දෙයක් ගැන හිතනවා. දැන් විය යුත්තේ ජනතාව අතට මුදල් ලැබීමේ ක්‍රමයක් ඉතා ඉක්මනින් නිර්මාණය කිරීමයි. යහ පාලනය යනු වැරදි සෙවීම පමණක් නොවෙයි. වැරදි කළ යුත්තාට දඬුවම් කිරීම කළ යුතුයි. මන්ත්‍රී වරයන්ගේ , අැමැතිවරයන්ගේ සහ ස්ථීර ලේකම් වරුන්ගේ වැටුප අඩුම තරමින් රුපියල් ලක්ෂ 10ක් වත් කළ යුතුයි. (හේ)

:       0       0

ලසිත් Monday, 19 January 2015 07:30 AM

අන්න දැන් ආරංචි වුනා අපි පුජනිය ස්ථාන වල පින් කැට වලට දාපු සල්ලිත් බහිරවයටම ගිහින් තිබෙන බව අහුවෙලාලු. මේ කතාව ඇත්ත නම් අදාළ තැන් වලට අධිපති දෙවියෝම බලා ගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. (හේ)

:       0       0

සරත් පියසේන පොතුපිටිය Monday, 19 January 2015 07:38 AM

ලංකවේ රජයක් මෙය කලේ පළමු වරට නම් ,,,වහාම කරපු අයට දඬුවම් දෙන්න .(හේ)

:       0       0

ජීවා Monday, 19 January 2015 07:52 AM

මොනවා උනත් කාටවත් ඇගිල්ල දික් කරන්න කලින් හොඳට හිතලා බලන්න ඕනි. මොකද අනිත් ඇඟිලි 4 තමන්ගේ දිහාට නිසා (නදී)

:       0       0

බණ්ඩාර දිසානායක Monday, 19 January 2015 08:03 AM

අපි අසරණ උනා වගේ හිතට දැනෙනවා මෛත්‍රී බුදු හාමුදුරුවනේ (නදී)

:       0       0

ලෝහිත Monday, 19 January 2015 08:56 AM

සමහරුන්ට නම් මේවා කියවපුවම හරි තරහයි. දැන් ලජ්ජා වෙනවා ඇති මහින්දට ජන්දය දුන්නේ අපරාදේ කියල.මහින්දට දුටුගැමුණු, හැමෝගෙම අප්පච්චි කියල කිව. දැන් කියන්න වෙන්නේ මොකක්ද? (බ)

:       0       0

යසිරු Sunday, 18 January 2015 11:32 AM

දැන් මේ කියන විදියට එතකොට ඔක්කොම පුතාල පරීක්ෂණ වලින් නිදහස්ද ? (නදී)

:       0       0

මැණික් Sunday, 18 January 2015 11:37 AM

මේවා කියවනකොට ඔලුව කැරකෙනවා. රටේ අනාගතය මොන වගේ වේවිද අපරාධයට දඬුවම් නොලැබෙන තැන. (නදී)

:       0       0

ටිරෝන් Sunday, 18 January 2015 11:41 AM

අනේ අම්මේ මේවා කියවනකොට අපි කොහෙද හිටියේ කියලා හිතෙනවා අප්පා අපි අසරණ වෙලා නොවේද සිතට දැනෙනවා (නදී)

:       0       0

සෙරෝෂ්යා Monday, 19 January 2015 09:28 AM

කලින් හිටපු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කලෙත් ඔය ටිකම නේ කලින් බලය තිබුන කාලෙ, දැන් රාජපක්ෂ ආණ්ඩුවට ඇගිල්ල දික් කරන්නේ ඉස්සර තමුන් කරපු දේවල් වහගන්න , මිනිස්සුන්ට අතීතේ අමතක නැහැ කියල හිතුවට දැන් මිනිස්සුත් ඉන්නේ හරියට මැරිලා උපන්න වගේනේ, රාජපක්ෂ ආණ්ඩුව යුද්දේ නවත්තල රට සංවර්ධනය කරල තමනුත් කරගත්තා කියමුකෝ, එක්සත් ජාතික පක්ෂේ සේරම රටේ දේවල් විකුණන් කාල රටත් කොටියට දුන්නේ, ඒවාට දැන් සුදු හුණු ගාන්න පුළුවන්ද??? (බ)

:       0       0

සනත් අබුඩාබි Sunday, 18 January 2015 12:40 PM

වැදගත් නොදන්නා තොරතුරු ටිකක් දැනගත්තා ජාතියේ පිනට අාප්ප කෑවේ. දැන් බලපුවම සුළු ජාතිය තමයි මේ පෙරළියට ගොඩක් උදව් ක‍ළේ (නදී)

:       0       0

සංජය Sunday, 18 January 2015 01:07 PM

මෙහි අන්තර්ගතය ගැන පැහැදීමක් තිබුනත් කේ.පී, කරුණා, ඩග්ලස් දේවනන්ද වගේ අය තව දුරටත් ත්‍රස්ත වාදී ලබෙල් අලවනාවට වඩා සඅංහල, දෙමල වාර්ගික අර්බුදයට මැදිහත් කරුවන් කර ගත්තොත් වඩා යෝග්‍යයි. දැනට හවුල් වෙලා ඉන්න සම්බන්දන්ලා තවම ඉල්ලන්නේ පොලිස් බලතල ඉඩම් බලතල හමුදා කඳවුරු ඉවත් කරගැනීම වගේ දේවල්. නමුත් කරුණලාට, ඩග්ලස් ලට එල්.ටී.ටී රූකඩ වලින් එල්ලවෙන මරණ තර්ජන නම් ඉදිරියේදී වඩාත් දැඩි වෙන්න පුළුවන් (නදී)

:       0       0

විජේ Sunday, 18 January 2015 01:54 PM

මෛත්‍රී මහත්තයෝ , රනිල් මහත්තයෝ ඔබතුමන්ලට බලය ලැබුනේ මේ රටේ වාසනාවකට. එහෙම නොවුනා නම් අනාගත පරපුරට රටක් ඉතුරු වෙන්නේ නැහැ. ඔබතුමාලා ගැන ජනතාව තබපු විශ්වාසය කවදාවත් කඩ කරන්න එපා. (නදී)

:       0       0

සෙරෝෂා Monday, 19 January 2015 09:47 AM

ලෝහිත වගේ අය ගැන නම් අපට ඇත්තටම ලැජ්ජයි. ලඟදි වෙන්න ඇති ඉපදුනේ. එ්කනේ අතීතේ දන්නේ නැත්තේ. රජයේ කොයි පත්තරෙත් කරන්නේ තියෙන ආණ්ඩුවට සුදු හුණු ගාන එකයි (නදී)

:       0       0

මංගල - වත්තල Sunday, 18 January 2015 03:04 PM

දැන් ප්‍රතිචාර දාන අයත් නැහැ දේශපාලන විචාරකයොත් නැහැ (නදී)

:       0       0

ප්‍රේමතිලක පෙරමුණ Sunday, 18 January 2015 03:56 PM

කුමන ආකාරයේ තීරණ ගත්තත් කමක් නෑ ඒවා රටට යහපත් නම්. අනික ජනතාව අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙන කරුණක් තමයි වැරදිකරුවන්ට දඩුවම් ලබාදීම. ඒක නොකෙරුනොත් මෛත්‍රි පාලනය ගැන ජනතාව නැවත වෙනස් තීන්දුවක් ගන්න තියෙන ඉඩකඩ වැඩියි (නදී)

:       0       0

චන්ද්‍රදාස Sunday, 18 January 2015 04:16 PM

බුද්ධ ශාසන අමාත්‍යංශය එක්ක හොරා කාපු පිරිස ගැන ගුණවර්ධන ඇමැති තුමා හෙළි කරන්නේ කවදද? (නදී)

:       0       0

රුචිතා සිරිවර්ධන Sunday, 18 January 2015 04:17 PM

සිද්ධ වෙන දේවල් දිහා බලද්දි හිතෙනවා අපි දැකපු සිහින කුඩු පට්ටම් වෙලා යනවද කියලා. අපි ඕනෑවට වඩා බලපොරොත්තු තියාගත්තද මන්දා. තව ටික දවසකින් අපි එක්ක ඉන්න කොටසක් වික‍්‍රමසිංහ මහත්තයාගේ ආන්ඩුවක් හදල දෙන්න දත කද්දි තව කොටසක් සිරිසේන මහත්තයගෙම ආණ්ඩුවක් හදල දෙන්න දත කයි. ඒ නිසා දින 100 වත් එකට ඉදලා, උපරිම සහයෝගය දීල පුලුවන් තරමක් ප‍්‍රතිසංස්කරන ලබා ගමු. මොකද ආපහු ඕන වෙද්දි අපිට පටන් ගන්න තියෙන්නෙ මැද ඉදලා. (නදී)

:       0       0

රූපසිංහ Sunday, 18 January 2015 04:50 PM

පාර්ලිමෙන්තුවේ වැඩිම අසුන් ගණනක් හිමිකරගෙන සිටියද, පක්ෂයේ නායකයා රටේ ජනාධිපතිවරයා උවද, රට පාලනය කිරීමේ අවස්ථාව ශී‍්‍රලංකා නිදහස් පක්ෂයට අහිමිය. රනිල් මෛත්‍රීපාල සිරිසේන මහතාව කරකවල අතහැර දැම්මා වගේ ලස්සනට මන්ත්‍රී සංඛ්‍යාවෙන් එස්.එල්.පී එක වැඩි උනත් නව රජය බවට පත් කරගැනීමට තරම් කපටි මොලයකින් වැඩ කෙරෙන බව එදා නව ජනාධිපතිට නොතේරුනු බවනම් අපට පැහැදිලියි. ඉදිරි මැතිවරණයෙන් රනිල්ට තම බලය තහවුරු කගන්න කියා ඉල්ලීමක් ද මෙම ලියුම්කරු විසින් ඉඟිකර ඇත. එය එසේම කරගැනීමටද රනිල්ට හැකිවේ. නමුත් එසේ කිරීමෙනුත් හරි ගියේ නැති නම් මෙය සදාකාලිකවම යු.එන්.පී යේ මළගම වනු ඇත. (නදී)

:       0       0

නෙතුකා මදුමාලි Sunday, 18 January 2015 06:19 PM

රාජපක්ෂ පවුලේ අය කළා යැයි කියන වංචා හා දුෂන ඔප්පු නොකලහොත් වත්මන් ආණ්ඩුව ‍ බොරුවක් කළා යැයි අප්‍රසාදයට පත් වෙනු ඇත. (නදී)

:       0       0

තිලක් - කුවෙට් Sunday, 18 January 2015 07:37 PM

මේ අපරාධ වීරවංශලට පෙනෙන්නේ නැද්ද ? (නදී)

:       0       0

නන්දලාල් Sunday, 18 January 2015 07:59 PM

මෙහෙම රට කාපු අ අය ලෝකේ මොනම රටකවත් හිටියද ? රට කාල, පරම්පරා ගානකට හම්බ කරපු හොරු දැන් ජනාධිපති තුමා ඉදිරියේ දනින් වැටිලා වඳිනවා නීතියෙන් බේරගන්න කියමින්. සරත් ෆොන්සේකා පැරදුන ගමන් හිරේ දැම්මා. අමතක කරන්න හොඳ නැහැ ඒවා. (නදී)

:       0       0

සනුන් Sunday, 18 January 2015 08:04 PM

අපි අසරණයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 101 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 590 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 649 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 259 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 718 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 2003 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38637 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site