IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මහින්දගේ වේදිකාව මහ පාරේ

දෙහිවල-ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග මහතාගේ සංවිධායකත්වයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් අද (8) සී.වී.ගුණරත්න ගුණ සැමරුම් උත්සවය නගර සභාව අසල අනගාරික ධර්මපාල මාවතේ ඉදිකළ වේදිකාවකදී පැවැත්විණි.

මෙම මාර්ගය සම්පූර්ණයෙන් වසා ඉදිකළ වේදිකාව හේතුවෙන් එහි ගමන්ගන්නා පිරිස් දැඩි අපහසුතාවයට පත්වූ බව කියති.

11427035_10205635351137794_7406856164472843773_n DSC00484 DSC00487 DSC00488 DSC00489 DSC03720



අදහස් (0)

මහින්දගේ වේදිකාව මහ පාරේ

ප්‍රදීප් Tuesday, 09 June 2015 01:15 AM

දැන්ද ඔබට මේ දේවල් මතක්වුණේ? (නි)

:       0       0

සත්‍යයා Tuesday, 09 June 2015 01:31 AM

මෙහෙම මිනිසුන් රැලක්? අඩුමගානේ එක් කෙනෙක් හරි කියන්නකො " මෙහෙම ගියොත් ඇපත් නැතිවේවි " කියලා. එදා මෙයාව අමාරුවේ දැමූ අයම තමයි පස්සෙන් කැරකෙන්නේ. (නි)

:       0       0

සමන්ත Tuesday, 09 June 2015 01:33 AM

ඕකට ටෙලි නාට්‍ය නිළියන්ටත් කතා කරලා වේදිකාවේ ඉන්ඳවා ගත්තා නම් මීටවැඩිය සෙනඟ ගෙන්වාගන්න තිබුනා. (නි)

:       0       0

රුකී Tuesday, 09 June 2015 01:37 AM

ඔව් අර කට සැර රූප රැජිණ ආවා නම් සෙනඟ එයි සූ ගාලා. (නි)

:       0       0

දර්ශන Tuesday, 09 June 2015 01:55 AM

මහින්ද පාලන යුගයේ විපක්ෂය මෙහෙම දෙයක් කළා නම් කොහොම හිටීද? (නි)

:       0       0

යසිරු Tuesday, 09 June 2015 01:58 AM

අර පසුගිය පුවතක කතරගම ගිහින් පුජා වට්ටි පොලිසියේ ආරක්ෂක කට්ටියගේ කර පිටින් අද්දවපු එක්කෙනා මට මතක්වුණා (නි)

:       0       0

ද සිල්වා Tuesday, 09 June 2015 09:44 AM

ඔක්කොම එකට වාඩිවෙලා ඉන්න කොට මට මතක් වෙන්නේ ,අලි බබා සහ හොරු 40,(හේ)

:       0       0

සමන් Tuesday, 09 June 2015 09:49 AM

බන්දුල , වීරවංශ , ගම්මන්පිල්ල දෙහිවල දැක්කමයි මයේ හිතේ (බ)

:       0       0

තුෂාන් Tuesday, 09 June 2015 02:16 AM

මෙතන සමහරුන්ට පුදුම අමරුවක්නේ තියෙන්නේ. දැන් මහින්ද මහත්තයට පන්සල් යන්න බැහැ, ගුණ සැමරුමකට යන්න බැහැ. මෙයාලා කියන විදියට මැදමුලනට වෙලා තමයි ඉන්න ඕනෑ. පොඩ්ඩක් බාධා වුණාට මොකද? මහින්ද මහත්තය යුද්ධය අවසන්කළේ් නැත්නම් සමහරවිට ගොඩක් අයට පෙ‍ෙටියෙන් තමයි ගෙදර යන්න වෙන්නේ. (නි)

:       0       0

සඳුන් Tuesday, 09 June 2015 02:21 AM

ඉහත අදහස් පළකළ බහුතරයට මම ගරු කරනවා. ඒ අතරත් ඉන්නවා "යුද්ධය දිනපු නිසා පාරවල් වහන්න අයිතියක් තියෙනවා" කියලා කියන අය. දන්නා කෙනෙක් කියනවද පාරක් වෙන් කරගන්නේ කාගෙන්ද කියලා. (නි)

:       0       0

සයිමන් Tuesday, 09 June 2015 07:04 PM

කට්ටියට ගොඩක් අමාරුයි පාර වහල කීවම. මේ පාර දෙහිවල නගරසභාව එහා පැත්තෙන් යන පාර. ළමයි හම්බ වෙන කාන්තාවක් හෝ අසාධ්‍ය ලෙඩෙක් ඉන්න, මේ පාරේ ගෙවල් නෑ. දිගටම තියන්නේ කාර්යාල හා නගරසභාවේ කුණු ලොරි ගාල් කරන ඉඩම්. එතනින් පස්සේ පාරෙන් කෙලින්ම කළුබෝවිල පාරට අතුරු පාරක්. මීටීම තියන තැනක් වත් නොදැන බොරුවට ඔහේ කියවන්නන් වාලේ කියවන්න එපා. (නදී)

:       0       0

පෙරේරා පැරිසිය Tuesday, 09 June 2015 09:56 AM

රොහාන් දයාදර පැරිසිය මහතාණෙනි ,මේ උත්සවය සි.වී.ගුණරත්න මහතාගේ ගුණ අනුස්මරණ උත්සවයක් ,එහෙම නැතිව එක එක්කෙනාගේ ප්‍රතිරුප පුම්බන උත්සවයක් නෙමෙයි .ඔබ තුමා අහවල් දේකට ධනසිරි මහත්තයට සුබ පතනවද කියල අපිට නම් තේරෙන්නේ නෑ (බ)

:       0       0

චන්න Tuesday, 09 June 2015 02:25 AM

ගුණමකු මිනිසුන් සිටින ලොවේ අපායට පාලමක්.... (නි)

:       0       0

ඇල්ලේ කුඩාබණ්ඩා Tuesday, 09 June 2015 02:38 AM

මේ කාරණය ගැන ලියන අය ගැන මට පුදුම හිතෙනවා. හැමෝම වාගේ බාලගිරි දෝෂයට අහුවුණ පුංචි දරුවෝ වගේනේ. ඇස් දෙක හරියට පෙනෙනවා නම් මේ ඡායාරූප වල ඉඳගෙන හිටගෙන ඉන්න සෙනග සුළු පිරිසක් නෙමෙයි කියලා පෙනෙන්න ඕනෑ. ඒ වගේම මේ රැස්වීමට අවසර දුන්නේ පොලිසියත් නගර සභාවත් නෙමෙයිද කියලා හැමෝගෙන්ම ප්‍රශ්න කරන්න හිතෙනවා. මහත්වරුනි, කන්න ඕනෑ වුණාම කබරයත් තලගොයා කරගන්න හදන්න එපා. අපි ඔක්කොම ටික කාලෙකටයි මේ දේවල් කරන්නේ. ඒ කාලේ ඇතුළත සිල්පද ටිකවත් රැකගෙන ඉඳිමු. (නි)

:       0       0

කේ.සි.පි. ප්‍රනාන්දු Tuesday, 09 June 2015 02:48 AM

අවුරුදු 15ක් ගිහින් හෝ ගුණසැමරීම ගැන සතුටුයි (නි)

:       0       0

රොෂාන් Tuesday, 09 June 2015 02:52 AM

ඔය පාර වැහුවට ඕනෑතරම් විකල්ප මාර්ග තිබෙනවානේ! (නි)

:       0       0

රාජ් Tuesday, 09 June 2015 02:53 AM

යුද්ධය දිනපු හිලව්වට අවහිර නැතුව පාරේ යන්න තිබෙන අයිතිය හිලව් කරන්න ඕනෑ කියන කට්ටියත් ඉන්නවනේ. මේ වෙලාවට තමයි හිතන්නේ අර වැසිකිළි පහසුකම්වත් නැති ඉන්දියාවේ ඉපදුනා නම් හොඳයි කියලා. මොන මළ සමයම්ද මේ? (නි)

:       0       0

සමන්ත Tuesday, 09 June 2015 02:58 AM

හරි මෙතනින් කළගුණ සළකන්නත් එක්ක අනෙක් මිනිස්සු අවහිර වුණාට කමක් නැහැ කියමුකෝ. දැන් මෙතනින් අසාධ්‍ය ලෙඩෙක් දරුවෙක් ලැබෙන්න ඉන්න බවලතෙක් ගෙනියන්න සිද්ධ වුණා නම් ඒකත් උපතටයි විපතටයි දෙකම මෙතන සිද්ධවෙන්න ඉඩ දෙන්න ඕනෑ කියලාද සමහරු හිතන්නේ ? (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 09 June 2015 03:09 AM

මෙය සී වී ගුණරත්න ආවර්ජනාවකට වැඩිය මහින්ද රාජපක්ෂ සහ එම රජය ආවර්ජනාවක් වගෙයි මට නම් පෙනෙන්නේ. (නි)

:       0       0

අනුර Tuesday, 09 June 2015 10:28 AM

ලංකාවේ මිනිස්සු විතර ගුණමකු ජාතියක් ලෝකෙම නැත .(හේ)

:       0       0

ලියොන් Tuesday, 09 June 2015 03:09 AM

සමන්ත, මේක පාර අතුරු පාරක්. මහා පාරවල් වහන්න ඉඩදෙන පොලිසියක්වත් නගර සභාවකවත් ලංකාවේ නැහැ.ලෙඩ්ඩු ගෙනියන්න ඕනෑ නම් ඒකට තව පාරවල් කීපයක් තිබෙනවා. ඒ වගේම පොලිසියේ නිලධාරින් ඒ වගේ අයව මේ පාරෙන් යවන්නේ නැහැ. (නි)

:       0       0

අමිල Tuesday, 09 June 2015 03:11 AM

අපේ රටේ මිනිසුන්ට හරි ඉක්මනට අමතක වෙනවා.යුද්ධයක් නිසා අවුරුදු 30ක් දුක්විඳි බව කාටවත්ම මතකම නැහැ දැන් (නි)

:       0       0

දෙහිවල චින්ත Tuesday, 09 June 2015 03:15 AM

සමහරු මේ ස්ථානය ගැන කිසිම වැටහීමක් නැතුව ලියලා. මේ ස්ථානයේ තිබෙන්නේ නගර සභා කාර්යාල. මේ සෙනඟ ගැන කියලා අපහස කරන්නේ සි. වී. ගුණරත්න මහත්තයට. ඉතාම ලැජ්ජාසහගත දෙයක්. රාජ් ගිහින් ඉන්දියාවේ උපදින්න. මෙරටේ උපදින්නම එපා.

:       0       0

සමන්ති Wednesday, 10 June 2015 12:27 AM

මොකෝ හදිසියේම සි.වී ගුණරත්න මතක්වුණේ? (නි)

:       0       0

විජිත් Tuesday, 09 June 2015 03:19 AM

ඔය ගුණසැමරුම් ඉකුත් වසර පහළොවකදීම අවශ්‍ය වුණේ නැහැ. මහජනතාවට මොනවා වුණත් එයාලට කමක් නැහැ (නි)

:       0       0

ලහිරු Tuesday, 09 June 2015 03:19 AM

මෙයාලා මේ වගේ මිනිසුන්ට දුන් වද නිසාමයි පැරදුනේ. තාමත් පිස්සුවෙන් වගේ අතරමංවෙලා. හරි දේ තෝරා බේරාගෙන වැඩ කරන්න දන්නේ නැහැ (නි)

:       0       0

කුරුවිට Tuesday, 09 June 2015 03:19 AM

හිටපු අය ගියේ බැහැ කියලා නේද? (නි)

:       0       0

යේසන් Tuesday, 09 June 2015 03:24 AM

කුහක වෙන්න එපා මිනිසුනේ! (නි)

:       0       0

විකි Tuesday, 09 June 2015 03:26 AM

සමන්ත දෙහිවල දැක තිබෙනවාද? (නි)

:       0       0

බටගල Tuesday, 09 June 2015 03:26 AM

සී වී සිටියානම් කියා හිතෙන තරමට මේ දේශපාලුවන් දැන් අපිට එපාවෙලා. මීළඟ මැතිවරණයෙන් පිළිතුරු දෙමු. (නි)

:       0       0

සමීර Tuesday, 09 June 2015 03:26 AM

මේ කයිවාරු ගහන බොහොමයක් අතීතය නොදන්නා පොඩි අය වගේ. (නි)

:       0       0

හේමන්ත Tuesday, 09 June 2015 03:28 AM

ජනපති වෙලා සිටියදී අමතක වූ සි වී දැන් මතක්වෙලාද? (නි)

:       0       0

යසරත්න Tuesday, 09 June 2015 03:30 AM

ඔය බාධා පොඩ්ඩක් ඉවසන්න පුරුදුවෙන්න (නි)

:       0       0

සුදේශ් Tuesday, 09 June 2015 03:32 AM

ඔය පාරෙන්ම යන්න ඕනෑද ඉතින්? (නි)

:       0       0

තුෂාන් Tuesday, 09 June 2015 03:34 AM

අපි යුද්ධය දිනපු නිසා පාරවල් වහන්න පුළුවන් කියන්නේ නැහැ. අනෙක අතුරුපාරක තිබුණ රැස්වීමක්නේ. විකල්ප මාර්ග කොච්චර නම් තිබෙනවද? අපිට නම් එක එක්කෙනාගේ ගරුසරු වැඩක් නැහැ. අනෙක ඔතන රැස්වීමක් තියන්න අවසර අරන් ඇතිනේ. නැත්තන් යහපාලන පොලිසියෙන් නවත්වනවනේ. රාජ්, ඔයාට වැසිකිළි පහසුකම් නැති ඉන්දියාව හොඳ වුණාට අපි නම් මතු උපදින ආත්මෙකවත් ඔය ජරා රටේ ඉපදෙන්න ප්‍රාර්ථනා කරන්නේ නැහැ (නි)

:       0       0

සුනිල් Tuesday, 09 June 2015 03:36 AM

මෙයා මීට කලිනුත් සී වී ගුණරත්න මහත්තයව සමරන්න මීටින් තිබ්බද? අපිට නම් එහෙම දෙයක් මතක නැහැ. මොකද මේ අද හදිස්සියේ මතක් වෙලා තියෙන්නේ? ගිලෙන්න යන මිනිහට තුත්තිරි ගහත් ඕනි නේ. (ස)

:       0       0

විදුර Tuesday, 09 June 2015 03:45 AM

මුග්ධ මිනිසුනේ. මේ පුවතේ හෙඩිම දැකලා දෙහිවල අැහිං දැකපු නැති පිරිස් බෙරිහන් දෙනවා. දන්නවාද.? සාමය සම්බන්ධ ඇමතිතුමාගේ රැස්වීමකට ආරාධනා ලබා කොළඹට පැමිණි උතුරේ මහා ඇමතිවරයා උතුරෙන් හමුදාව ඉවත්කරගන්න කියනවා. ඔහු කරන චෝදනා වේදිකාවේ සිටින උදවිය හිස සොලවමින් අනුමත කරනවා. මහින්ද මහත්තයා රට කරවන කාලේ මේ මහා ඇමති කොළඹ රැස්වීමට උත්සවයකට ආරාධනා කලත් ආවාද.? දැන් මෙහෙ ඇවිත් අපිටම වහසිබස් දොඩනවා. මේවා ගැන බලන්න කතා කරන්න බැරි තරමට ඔබට සිහි කල්පනාව මදිද.? (ස)

:       0       0

කොඩිකාර Tuesday, 09 June 2015 03:48 AM

ඔතනින් මීටර 25ක් එහාට ගියාම ප්‍රධාන පාරක් තියනවානේ ඉතින්. කුහක වෙන්න එපා මිනිසුනේ (නි)

:       0       0

නුවන් Tuesday, 09 June 2015 03:49 AM

ලංකාවේ දේශපාලනය නම් අප්‍රසන්නයි. (නි)

:       0       0

නිරාන් Tuesday, 09 June 2015 04:01 AM

දැන් මේගොල්ලන්ගේ හිතවල්ල තියෙන්න දැඩි වෛරයක් මේ ගොල්ලෝ ප්‍රබාකරන් අපේ රටට කරපු විනාසයට වඩා දරුණු විනාසයක් කරන්නන් වුණත් පසුබට නොවෙන්න බව මේ කරන්න දේවලින් හොදටම ඔප්පුවෙන්නවා (ම)

:       0       0

ගමරාල Tuesday, 09 June 2015 04:04 AM

කියවන්න වේවි මහින්ද ඉන්කෝ ඔහොම (ම)

:       0       0

පිටිගල Tuesday, 09 June 2015 04:08 AM

හා! හා!! විධුර ජාතිවාදය ඇවිස්සෙයි. බලාගෙන.(ම)

:       0       0

කැනඩා දිසා Tuesday, 09 June 2015 04:17 AM

ඇත්තටම ..බලාගෙන ..ගියාම ..මේ මනුස්සයා බල තණ්හාවෙන් ..වියරු වැටිලා ..බව ..පැහැදිලිව .ලෝක සත්වයාට ..අවබෝධ ..වෙනවා ...(ම)

:       0       0

නිලාන් Tuesday, 09 June 2015 04:21 AM

එක පාරක් බොරැල්ල හන්දියේ වෝඩ් පාර පටන් ගන්න තැනම පාර හරහට මේ වගේම වේදිකාවක් ගහල තිබුනා. මිනිස්සුන්ට උදේට වැඩට යන්න ගිහින් බස් නවත්තන තැන සොයා ගන්න බැරිව එක ජරමරයයි. දැන් මෙතැන වුණත් මිනිස්සුන්ට කිසිම අවහිරයක් නැහැ කියලා කට්ටිය කියනවා . (ම)

:       0       0

මේනක Tuesday, 09 June 2015 04:26 AM

මොකද මේ බලයේ හිටපු කාලයේ නැති ගුණ අනුස්මරණ දැන් ? තමනුත් පක්ෂේ ඉන්නවා කියල පෙන්වන්නද ? (ම)

:       0       0

තිවංක Tuesday, 09 June 2015 04:30 AM

අනේ මහින්ද මැතිතුමනි, ඔබව මිනිසුන්ට තවත් එපා කරවන්න එපා. ගෞරවනීය ජනාධිපතිතුමෙක් ලෙස ඉතිහාසගත වීමට තිබු ඔබ, දැනටමත් ජනාධිපතිවරණයක් පරාජය වුණු ලංකාවේ ප්‍රථම ජනාධිපති වී අවසන්. (ම)

:       0       0

නුවන් Tuesday, 09 June 2015 04:34 AM

හිටපු ජනපතිතුමනි මොනවා කලත් ඔබයි අපේ වීරයා. ජීවත්වන රටවැසියන් ඔබ කලදේ අමතක කලත් මියගිය රණවිරුවන්ගේ සහ ජීවත්වන රණවිරුවන්ගේ දෙමාපියන් ඔබට කෘත ගුණ සලකනු ඇත. (ම)

:       0       0

සුදේශ් Tuesday, 09 June 2015 04:50 AM

දවස් දෙක තුනක් දන්සැලක් දුන්නා නම් ඔය බාධාවල් කිසිවක් පේන්නේ නැහැ. මෙ වේදිකාව තමයි හිසේ කැක්කුම.(හේ)

:       0       0

අජිත් Tuesday, 09 June 2015 04:57 AM

මේ වැඩ නිසා අමාරුවේ වැටෙන්නේ අහිංසික ජනතාවයි.(හේ)

:       0       0

දිලිප් Tuesday, 09 June 2015 05:03 AM

වසර ගණනාවකින් පසුව හෝ සැමරුම් උත්සවයක් පැවැත්වීම හොඳයි. නමුත් මෙහි ඇත්තේ පටු පරමාර්ථයක්. ඒ බව පාරවල් වල තාප්ප ගානේ පල කරලා තිබුන දැන්විමෙන්ම පෙනෙනවා.ගුණ සමරන "සි වී ගුණරත්න " කියන නම ප්‍රින්ට් කරලා තිබ්බේ පොඩි අකුරෙන්. නමුත් ලොකුවට ප්‍රින්ට් කරලා තිබ්බේ "මහින්ද රාජපක්ෂ " කියන නම. (ස)

:       0       0

බද්‍රානි Monday, 08 June 2015 04:02 PM

මෙයාල ගුණ අනුස්මරණ කරන්නේ ජීවත්වෙලා ඉන්න මිනිස්සුන්ට වද දීලද? අද පන්සල් විතරක් නෙමේ මහා පාරත් දේශපාලකයින්ගේ සුසාන භුමි වෙලා. මෙතන අපිට පව් දෙනවා මිසක් වෙන මොකක්ද ඉතින්? (ර)

:       0       0

නෙත්මි Tuesday, 09 June 2015 05:25 AM

අවුරුදු කීයකට කලින් ඉපදිච්ච අයටද මෙතුමාව මතක? චේතනා හං භික්ඛ වේ ඛම්මන් වදාමි! (ස)

:       0       0

ඩයස් Monday, 08 June 2015 04:22 PM

බාධාකිරීම මෙයාලට අමුතු දෙයක් නෙමෙයිනේ ඉතින් (නි)

:       0       0

ටොරන්ස් Monday, 08 June 2015 04:33 PM

සූ ගාලා සෙනඟ ඉන්නේ... 58 ලක්ෂය ගැන හිතාගන්න පුළුවන් මේකෙන්ම. (නි)

:       0       0

පද්මිණි Tuesday, 09 June 2015 05:34 AM

කොන්දොස්තරට ගෙදරදීත් ලියන්න මේසෙ හොල්ලන්න ඕනෑලු. මහින්ද මහත්තයටත් දවසකට සැරයක් වේදිකාවකට නගින්න ඕන. පුරුදු වුණු විදියනේ. මේ තමා ප්‍රජාතන්ත්‍රවාදය. (ම)

:       0       0

ඉසුරන්දි Tuesday, 09 June 2015 05:34 AM

ඔය යස අගේට කට්ටිය වාඩිවෙලා නොදන්නා ගානට ඉන්නේ ඉතින් කොහොමද කියන්නේ මාර්ගේ අවහිර වෙලා කියලා.(ම)

:       0       0

රසිකා Monday, 08 June 2015 04:40 PM

ලබන මැතිවරණයේ ප්‍රතිඵල අති විශිෂ්ට බව සෙනඟ ගණනින් කියන්න පුලුවන් (නි)

:       0       0

අචලා Tuesday, 09 June 2015 05:36 AM

තණ්හා ජායති සෝකෝ මහින්දෝ (ම)

:       0       0

ඉන්දු Monday, 08 June 2015 04:42 PM

ඔබ සියලුදෙනාට ජීවත්වන්නවුන්ට වදදීමට ලබන ආත්මයේදීවත් සිතැඟි පහළ නොවේවා......! (නි)

:       0       0

ෆෙර්දිනන්දෙස් Monday, 08 June 2015 04:50 PM

කළගුණ නොදන්නා අයයි මහින්ද කරන හැමදේම වැරදි දකින්නේ (නි)

:       0       0

මාලක Monday, 08 June 2015 04:55 PM

ජනතාව විසින් තීරණයක් ගතයුතුයි (නි)

:       0       0

දහම් Monday, 08 June 2015 04:56 PM

මෙහෙම පාරවල් වහලා රැස්වීමක් තැබූ පළවැනි වතාව නෙමෙයි මේ. සමහරුන්ට හිතේ අමාරුව මෙතනට මහින්ද ආ එක බවයි පෙනෙන්නේ. (නි)

:       0       0

සුජීව Monday, 08 June 2015 05:26 PM

සියල්ලටම ඕනෑ ඉක්මනට යන්න. පොඩ්ඩක් හිතන්න. සී.වී.ගුණරත්න මැතිතුමා සහ එම මැතිනිය කුරුරු බෝම්බයෙන් මියගියේ, අපේ හමුදාවට ආචාර සහ ගෞරව කිරීමට ගමන් කරන අවස්ථාවකය. එයට ගෞරවයක් වශයෙන් යුද්ධය නිමකළ ජනතිපතිතුමෙකු ගුණ කතාවක් කිරීමත් දැන් බද්‍රනිට කරදරයක්. කළගුණ නොදත් පුද්ගලයන් ඉන්න රටක, අනාගතය කෙබඳු වේවිද? (නි)

:       0       0

තිලක් -ඩුබායි Tuesday, 09 June 2015 05:52 AM

බල තන්හාව. (ස)

:       0       0

තිලක් -ඩුබායි Tuesday, 09 June 2015 05:54 AM

තොවිලයක්වත් කරන්න වෙයිද දන්නේ නෑ. (ත)

:       0       0

තිස්ස Monday, 08 June 2015 05:32 PM

පසුගිය වසරවල සැමරුවේ නැහැනෙ. දැන්ද මතක්වුණේ? (නි)

:       0       0

තිලක් -ඩුබායි Tuesday, 09 June 2015 05:54 AM

"බදු ගෙවපු වහල්ලු" පුරුදු වෙන්න ඕනෑ. (ත).

:       0       0

සෙනරත් Monday, 08 June 2015 05:41 PM

කාටවත් කරදරයක් තිබෙන බවක් නම් මට පෙනෙන්නේ නැහැ. කොයි කවුරුත් හොඳට වාඩිවෙලා නිසොල්මන්ව සිටින බවයි පෙනෙන්නේ. (නි)

:       0       0

සාලිය ප්‍රභාත් Tuesday, 09 June 2015 05:57 AM

ඇයි මිනිසුන් අපහසුතාවට පත් කරන්නේ? (ත)

:       0       0

ටිරෝන් Monday, 08 June 2015 05:44 PM

ඒකත් කරන්න දන්නෙ නැහැනේ කරදරයක් නොවෙන විදියට (නි)

:       0       0

ටානියා Monday, 08 June 2015 05:43 PM

පරණ පුරුදු විදියමයි.... (නි)

:       0       0

තිලක් -ඩුබායි Tuesday, 09 June 2015 06:02 AM

මට නම් ඔය කරේ දාගෙන ඉන්න "කුරහන් පාට අබුඩ ලේන්සුව" දකිද්දී පුදුම කේන්තියක් එන්නේ. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Tuesday, 09 June 2015 06:04 AM

ඉස්සර බාර්යාවෝ අස්පයෝ පුරුදු වෙන්න කොළඹ එනකොට පැය ගණන් පාරවල් වහල චාර්ටර් වුන අපිට මේක මොකක්ද? (නදී)

:       0       0

උක්කුන් Tuesday, 09 June 2015 06:05 AM

වතුර රත් වෙනකන් කකුළුවා සතුටින් ඉන්නවලු. රට ජාතියට සහ තමන්ගේ අනාගත පරපුරට ආදරය කරන මිනිස්සුනේ ඇස් ඇර බලන්න. ආණ්ඩුවට පඩි ගෙවන්න මුදල් නැහැලු. මිනිස්සුන්ව රක්ෂා වලින් අහක් කරනවා, රට කොටස් කරන්න හදන කට්ටිය නැවත වැඩ පටන් අරගන්න. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Tuesday, 09 June 2015 06:10 AM

අපේ ජාතික වීරයාව ජනාධිපතිවරණයෙන් දෙවැනි දවසෙම කුදලාගෙන ගිහින් නිවාඩු දවස් වලත් නඩු අහල හිරේ යවපු හැටි මට අද වගේ මතකයි. (නදී)

:       0       0

පෙරේරා Monday, 08 June 2015 06:29 PM

සාමාන්‍ය ජනතාවට බාධා කරමින් තමුන්ගේ වැඩපල කරන එක මෙයාලගේ සිරිතනේ. (නි)

:       0       0

සාගර Tuesday, 09 June 2015 06:19 AM

ඇතැම්විට දේශනයට ගිය හිටපු ජනාධිපතිතුමාම තමයි මේ වේදිකාව හදාගෙන තියෙන්නේ.පොලිසිය සහ නගර සභාව මේ ගැන දන්නේත් නැතුවා මෙන්ම ඒ සඳහා නිසි අවසරය ගන්නත් නැතුව ඇති. (ම)

:       0       0

නිලන්ත Tuesday, 09 June 2015 06:20 AM

දෙහිවලට මහා ජන ගංගාවක් , ගාලුපාර අවහිරවෙයි . විකල්ප මාර්ග භාවිතා කරන්න (ම)

:       0       0

වින්සන්ට් Tuesday, 09 June 2015 06:22 AM

සි.වී. ගුණරත්න මහතා ගුණානුස්මරණය කිරීමට වඩා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමා ඉස්මතු කිරීමේ උත්සවයක් වශයෙන් දකින්නට ඇත. දකින්නට තිබෙන තොරණ එය තේරුම් ගැනීමට හැකිය. සි.වී. ගුණරත්න මහතා මහින්ද පර්ශවයේද? මෛත්‍රී පර්ශවයේද? කියා උත්සව සංවිධායකයන්ට කිවහැකිද? (ම)

:       0       0

රොහාන් දයාදර පැරිස් Monday, 08 June 2015 07:09 PM

දෙහිවල-ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග මහතාට මගේ උණුසුම් සුභ පැතුම්! ප්‍රංශ රටේ පැරිස් නුවර සිට. (නි)

:       0       0

සමන් Tuesday, 09 June 2015 06:34 AM

අම්මෝ සෙනඟ, සත්‍ය තෙරු අරන් ගෙවල් වලට යන්න අනාථයෝ.(ම)

:       0       0

විදුර Monday, 08 June 2015 08:06 PM

බද්‍රානි මහත්මිය, ඔබගේ කටේ මසුරන් දාන්න වටිනා කතාව. ඔබ ලියන්න ඕනෑ ටික ලියලා තියනවා, අපි ආයේ මොනවා ලියන්නද? ඔබ වැනි අය ලියනදේ කියෙව්වාම ඒ හොඳටම ඇති. (නි)

:       0       0

ශ්‍රීලාල් Monday, 08 June 2015 08:19 PM

තවමත් එහෙමමයි වෙනසක් නැහැ. (නි)

:       0       0

යසරත්න Monday, 08 June 2015 08:48 PM

බල තණ්හාව කවදා අවසන්වේද? (නි)

:       0       0

අමිල Tuesday, 09 June 2015 07:01 AM

සමාවන්න මෙහෙම කියනවට. මොකද මේ පාර අතුරු පාරක්.ප්‍රධාන පාරක් නෙමෙයි.අනික පයින් යන මනුස්සයෙකුට ඔතනින් යන්න බැරි තරමට ස්ටේජ් එක ගහලා නැහැනේ. මට පෙනෙන්නේ මෙතන වෙලා තියෙන්නේ පාර වහපු එක නෙමෙයි, මහින්ද ආ එක ගැනයි සමහරුන්ට හිතට අමාරුවෙලා තියෙන්නේ. (නි)

:       0       0

බන්දුල පෙරේරා - මෙල්බර්න් Monday, 08 June 2015 08:49 PM

බල තණ්හාව නම් කිසිදිනෙක අවසන් වන බවක් පෙනෙන්නට නැත (නි)

:       0       0

බන්දුල පෙරේරා - මෙල්බර්න් Monday, 08 June 2015 08:52 PM

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කරන ප්‍රකාශ සම්බන්ධයෙන් නම් ඉක්මන් තීරණයක් ගැනීමට වනු ඇත (නි)

:       0       0

කල්පනී කලන්සූරිය Tuesday, 09 June 2015 07:19 AM

අපේ ජනාධිපතිතුමා මැතිවරණ පලවෙනි කතාවේදී කිවුව වචනය මට මතක්වෙනවා. "සොඳුරු එකාධිපතවදිය...." . අන්න ඒ සොඳුරු මිනිසා තමයි මේ දෙහිවල වේදිකාවේ ඉන්නේ. අප ඔහුට සුභ පතමු. දිනන්න පුළුවනි නම් දිනන්න කියලා කියමු. ඔහු දිනුවොත් අපිට භේදයකින් තොරව පිළිගන්න වෙනවා.(ම)

:       0       0

විජයබාහු Tuesday, 09 June 2015 07:25 AM

තවමත් බොරුවට කෑගහන එක නම් නතරවෙලා නැහැ වගේ (නි)

:       0       0

නිලේක Monday, 08 June 2015 11:28 PM

රට වෙනුවෙන් මහ පාරේ මියගිය අය ගැන ඇයි කතාකරන්න බැරි? (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 08 June 2015 11:32 PM

මිනිස්සු හිනස්සන වැඩ මේවා (නි)

:       0       0

යසරත්න Monday, 08 June 2015 11:39 PM

ඒකත් කරන්නේ මිනිසුන්ට කරදර වෙන්න (නි)

:       0       0

ටෙහාන් Tuesday, 09 June 2015 02:34 PM

තවම පරණ විදිහමයි (නි)

:       0       0

සාමා Tuesday, 09 June 2015 12:05 AM

ඔය ඉන්නේ සූ ගාලා 200 විතර ජන සන්නිපාතයක්. දැන් දඟලන්නේ හිරේ යන්න තියෙන අකමැත්ත නිසා. කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බලලෝ කියන්නේ ඔන්න ඕකට තමා. (නි)

:       0       0

අනුර Tuesday, 09 June 2015 12:37 AM

ජීවත්වෙනවා කියන්නේ තමන් වෙනුවෙන් ජීවත්වෙන එකට නොවේ. (නි)

:       0       0

සමන්ති Tuesday, 09 June 2015 12:41 AM

අතීතයේදී මිනිසා මත්වතුරෙන් නහවා සංවිධාන පාලනය ඇති ව්‍යාපාරික ආයතන අයිති අය දැනුත් කරන්නේ මහජනයාට හිරිහැරමයි. (නි)

:       0       0

සම්පත් Tuesday, 09 June 2015 08:06 AM

කට්ටියම එකම වේදිකාවක... හරිම ලස්සනයි නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 22 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 271 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1460 1

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1612 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 565 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1804 4

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37037 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24403 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site