(රංජන් කස්තුරි)
බස්නාහිර පළාත් සභාවේ හිටපු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස කටයුතු කළ තුෂාර පෙරේරා මහතා අද (14) එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තේය.
ඔහු කලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙසද කටයුතු කළේය.
පෙරේරා මහතා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශයේදී ඇමති ජෝන් අමරතුංග මහතා අතින් අද පස්වරුවේ එජාපයේ පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තේය.
ඒ මහතා 2007 වසරේ සිට 2011 දක්වා කාලයේදී වත්තල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළේය.
එජාප සාමාජිකත්වය ලබාගැනීමෙන් අනතුරුව පෙරේරා මහතා මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ කීය.
“මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධය අවසන් කළා.ඒත් එතුමාට සිංහල දෙමළ හා මුස්ලිම් ජනතාව අතර සංහිඳියාව ගොඩනගන්නත් උතුරු නැගෙනහිර සංවර්ධනය කරන්නත් බැරි වුණා.යහපාලනය ගැන පැහැදී එජාපයට ආවා“
2025 දෙසැම්බර් මස 04
771
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහින්දගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් එජාපයට
Nandalal DE SILVA - France Tuesday, 14 November 2017 09:38 AM
මෙයා සිය කැමැත්තෙන් එජාපයට අවාද, නැත්නම් එම පක්ෂයේ අභ්‍යන්තර රහස්, වැඩ කටයුතු ගැන සොයා බැලීම සඳහා මරා හෝ එයාගේ ගෝලබාලයන් විසින් යැවුවාද කියල දන්නේ කවුද ? මේ මහත්තයා මහින්දගේ සමීපතම ගජයෙක් නිසා "ට්‍රෝජන්" අශ්වයෙක් හැටියට හිතාගන්නත් පුළුවන් !!!!
surangaTuesday, 14 November 2017 10:36 AM
අනිවාර්යෙන්ම "ට්‍රෝජන්" අශ්වයෙක් වෙන්න ඕනි. එහෙම නැතිනම් මේ යහපාලන ආණ්ඩුව ගැන පැහැදෙන්න මේයාට ලොකු මොලේ අමාරුවක් තියෙන්නම ඕනි.
P. Ilangaratne Tuesday, 14 November 2017 10:12 AM
වහාම මානසික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය වරයකු හමුවන්න.
mahinda Tuesday, 14 November 2017 10:26 AM
ඉලංගරත්ගේනගේ කතාව සියලු ජේ ඕ සාමජිකයනටත් වලංගුයි.
rohana Tuesday, 14 November 2017 01:45 PM
ඇයි ආපහු අර සහෝදර සමාගමට රට දෙන්න කියලද මේ අය කියන්නේ.
ravin Tuesday, 14 November 2017 02:34 PM
බස්නාහිර පළාතේ ඉඳල නැගෙනහිර පළාතේ ප්‍රශ්න විසදන්න හදනවා. උතුර දකුණ මාරුවෙලා වගේ. බොහොම හොඳයි ..