රටේ ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් පවතින අවස්ථාවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදාව ඉවත් කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
‘‘අද සවස බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ගොවි සමුළුවක් පැවැත්වීමට නියමිතයි. එහි ප්‍රධාන ආරාධිතයා ජනාධිපතිවරයායි. උත්සවයේ ආහාර පාන සඳහා වියදම හැට ලක්ෂයක්. පසුතල ආලෝක කරන ශබ්ද ආධියට වියදම අසූ ලක්ෂයක්. ගොවීන් ප්‍රවාහනය සඳහා හැත්තෑ ලක්ෂයක්. එහිදී බෙදීමට නියමිත ලිත් සිහිවටන බෙදන්න හතලිස් ලක්ෂයක්. සැරසිලි සඳහා විදයදම පන් ලක්ෂයක්. ‘‘
මේ අතර රජය කියනුයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට ප්‍රමාණවත් ලෙස ප්‍රභූ ආරක්ෂකයන් ලබා දී ඇති බවයි.
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහින්දගේ හමුදා ආරක්ෂකයන් ඉවත් කළැයි විමල් කියයි
ශෂික Wednesday, 06 April 2016 03:03 PM
ජගත් මහින්දට අකමැති වුනාට කමක් නැහැ ඒ මිනිහට ගරහන්න නිකන් බූරු කතා කියන්න එපා.ඒ මනුස්සය නිකන් හිටියනම් ඔයාත් අද ජීවතුන් අතර නැහැ.ප්‍රභාකරන් අදත් මේ රටේ නිල නොලත් පාලකයා. (බ)
ගමගේ Wednesday, 06 April 2016 08:43 AM
ඕක සුළු දෙයක්නේ. දැන් මහින්ද මහත්මයට තර්ජන තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කෙන් විතරයිනේ ආයිබෝවන්. ඒ ගැන දයාසිරි ජයසේකර මහත්තය බලාගනීවි. (බ)
දීනාලී Wednesday, 06 April 2016 08:46 AM
මෙයා ගණන් කියන්නේ කජු ඇට කොස් ඇට ගානට. ඒ වුනාට මහත්තයෝ ඒ කාලෙහි මේ කාලෙහි සම කරන්න බැ.(හේ)
ඉන්දික Wednesday, 06 April 2016 08:48 AM
විමල් වීරවංස මහින්දගේ මාධය ප්‍රකාශක නොවේ නේද. (හේ)
ශ්‍රියා Wednesday, 06 April 2016 08:51 AM
යහ පාලනය කියන්නේ මේකටද? (බ)
විජය Wednesday, 06 April 2016 08:56 AM
මෙයා මේ කියන්නේ ඒ කලේ හිටපු ජනාධිපති විමල් මහත්තයට රැස්වීම් සංවිධානය කරන්න දීල තියෙන ගණන්, දැන් ඊට වැඩ වැඩි, හැබැයි මීට වඩා මුදල් ගෙවල තියෙනවා විමල් මහත්තයට ජනාධිපති කාර්යාලයෙන් ලබා දුන්න වාහන වලට. (බ)
ෆර්හාන් Wednesday, 06 April 2016 08:56 AM
මේ අය කියන දේවල් අහන මිනිස්සුත් තාම ලංකාවේ ඉන්නවනේ (බ)
අමිරා Wednesday, 06 April 2016 08:58 AM
හොර පාස්පෝර්ට් දේශප්‍රේමීන්ටයි , එයාර් ලංකා වැනි ආයතන කාබාසීනිය කරපු අයටයි , මිනීමරුවන්ටයි හොදටම ආරක්ෂාවක් දෙන්න හිර ගෙදර තමයි වඩා සුදුසු .බයවෙන්න එපා කර්මය කියල දෙයක් තිබෙන බව මේ හැම දේශපාලුවෙකුටත් පොදුයි (බ)
වින්සන්ට් Wednesday, 06 April 2016 08:58 AM
මේදිනවල විකිණෙන්නේ ජාතික ආරක්ෂාවය. මෙතුමන්ලා උගන්නපු නිලධාරී තමයි තවමත් මේවා සැළසුම් කරන්නේ. කව්රු කළත් මේවාට තැලෙන්නේ පීඩිත පංතියේ ජනතාවය. කිසිවෙක් අන් අයකු විවේචනය කළේ නම් ඊට අදාළව තමන් සැළකිල්ලෙන් කටයුතු කළයුතුව ඇත . යහපාලනය මෙයට පිළිතුරු දියයුතුය. (බ)
ඕපනායක Wednesday, 06 April 2016 09:06 AM
සියලු වරප්‍රසාද ඉවතලා මන්ත්‍රීකමට අාවානම් මන්ත්‍රී ආරක්ෂාව තමයි .අනතුරක් වෙන්න එපා දෙවි රැකවරණයි (බ)
ගයාන් ද සිල්වා Wednesday, 06 April 2016 09:07 AM
‘උගත් බුද්ධිමත්, විමල් අගමැති කරමු‘ කඩුවෙල ජනතාව (බ)
චන්දා Wednesday, 06 April 2016 09:22 AM
යම් විදියකට මහින්ද ජිවිත අනතුරක් වුනොත් පෙති අල වගෙ අහුවෙන කෙනා (බ)
පාඨලී Wednesday, 06 April 2016 09:42 AM
ඕපනායකලා වගේ ගුණමකු අය ඉන්නකන් මේ රට හදන්නම බෑ. මම හිතන්නෙ ඕපනායකට අස්ල්වැසියෙක්වත් නැතුව ඇති හදිස්සියටවත් (බ)
සරත් Wednesday, 06 April 2016 09:53 AM
පළිගැනීමක් නිසා එහෙම කළේ. මහජනයාගේ ආරක්ෂක හමුදාවක් එතුමා වෙනුවෙන් හැදේවි (බ)
ලක්ෂ්මන් Wednesday, 06 April 2016 10:08 AM
ඔය බොරු අහන්න කවුරුත් දැන් නෑ.(හේ)
වරුණ Wednesday, 06 April 2016 10:14 AM
මේ ගොල්ලෝ හෙලිකොප්ටර් වලින් සවාරි ගහපු කාලේ අමතක වෙලා වගේ ඒ සැප මතක්වෙලා බොරුවට තප්පුලනවා (හේ)
ජගත් Wednesday, 06 April 2016 10:21 AM
විදුලිපුටුවට යන්න කතාව මෙය දැන් නිකම්ම නිකම් මන්ත්‍රී. පොලිසියෙන් 4 ක් දුන්නම ඇති. අනික දැන් යුද්දයක් නෑ සාමකාමී රටක් මෙයට ගෙදර වැඩ කරන්නද?(හේ)
ගමගේ Wednesday, 06 April 2016 11:23 AM
ඉතින් ගෙදරට වෙලා හිටියානම් ඉවරයි නේ තවදුරටත් මහජන මුදල් කාබාසිනියා නොකර.(හේ)
සරත් Wednesday, 06 April 2016 11:25 AM
මහින්ද තමයි මේ රටේ වීරයා ඔහුගේ ආරක්ෂාව අඩු කරන්න හදන්න එපා.(හේ)
පාලිත Wednesday, 06 April 2016 11:25 AM
ඔබතුමා දුක්වෙන්න එපා.(හේ)
රංග Wednesday, 06 April 2016 11:25 AM
බොරුවට බය වෙන්න එපා එහෙම දෙයක් වෙලා නෑ.(හේ)
ධාරංග Wednesday, 06 April 2016 11:25 AM
යුද්ධයත් නැති එකේ බය වෙන්න දෙයක් නෑනේ දැන්.(හේ)
නලින් Wednesday, 06 April 2016 11:31 AM
මහින්ද යනු ශ්‍රී ලංකාව එක්සේසත් කළ නායකයායි. කොන්ද පණනැති දීන නායකයන් අතරින් ඔහු රටේ ජනතාව බේරාගත් නායකයායි. (හේ)
කසුන් Wednesday, 06 April 2016 11:36 AM
පක්ෂ පාට බේදයෙන් තොරව හරි දේට හරි කියන්නත් වැරැදි දේට වැරැදි කියන්නත් පුරුදු වෙන්න.!!(හේ)
හෆීල් Wednesday, 06 April 2016 11:39 AM
ජිනීව ගිහින් කියන්න කෝ.(හේ)
පියුමි Wednesday, 06 April 2016 12:15 PM
මේ ගැන මහින්දට කිසිම ගාණක් නෑ ඒ නිසා ඔබතුමා දුක්වෙන්න එපා.(හේ)
චතුරි Wednesday, 06 April 2016 01:02 PM
මහින්දගේ ආරක්ෂාවට. ඔබ මොකටද කෑගහන්නේ එක එයා බලාගනියි ණයට කරන්න එපා. පසුගිය. ආණ්ඩුවේ. ඔබගේ අතින් වටිනා දේපල කුණු කොල්ලෙට විකුණුවේ. (කෞ)
සොපි Wednesday, 06 April 2016 01:09 PM
මහින්දගේ ආරක්ෂාව ඉවත් කළොත් එය මේ රජයට පාරා වළල්ලක් වනු නොඅනුමානයි (බ)
රොකී Wednesday, 06 April 2016 02:11 PM
ෙඑයා තනියම කාල තුවක්කුව උස්සන් ගිහින් දිගට හරහට වෙඩි තියලා රට බේරා ගත්තනේ!(කෞ)
රොකී Thursday, 07 April 2016 02:37 AM
ශෂික, ඔබ තුන්කල් දක්නා කෙනෙක් වගේනෙ කතාව (නි)
දීනාලි Thursday, 07 April 2016 09:11 AM
නලින් ඒ රණවිරුවන්ට පින් සිද්දවෙන්න ? නැත්නම් කොහෙද (හේ)
ආනන්ද Wednesday, 06 April 2016 02:26 PM
මොන දේ නැතත් මහින්ද එක්ක තමාත් විමල් ඉන්න එක ලොකු හයියක්.(හේ)
ජයන්ත Wednesday, 06 April 2016 02:32 PM
ජනතාව විසින් පත් කළ ඉතාමත් ජනප්‍රිය මහින්ද ජනතාව විසින් අාරක්ෂා කරනු අැත.(හේ)
ජනක Thursday, 07 April 2016 03:52 AM
මගේ මතය නම් මෙවැනි දේශපාලකයන්ගේ මාධය අාවරනය කරන මාධ්‍යවේදීන්ට කුමක් හෝ කල යුත්තේ.එයාලගේ වෙලා රැකගන්න ඕනෑම දෙයක් ප්‍රචාරය කරයි.(කෞ)