IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘මහින්දටත් උදාගමක්‘

මහින්ද රාජපක්ෂ ඇතුළු සියලු ජනපතිවරු වෙනුවෙන් උදාගම් ඉදිකරන බව නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා බත්තරමුල්ල සෙත්සිරිපායේදී අද පැවසීය.

උදාගම් නිර්මාතෘවරයා වූයේ ඔහුගේ පියා වන රණසිංහ ප්‍රේමදාස මහතාය. ප්‍රේමදාස මහතාගේ අභාවයත් සමග ගම් උදා සංකල්පය යටපත් විය.

රට දැය වෙනුවෙන් ඉතිහාසය පුරා පරදේශක්කාර අධිරාජවාදී අභීයෝග ජයගැනීමට රටේ ස්වාධිපත්‍යය ස්වාධීනත්වය වෙනුවෙන් කැප කිරීම් කළ ජාතික නායකයන්ගේ නාමයන් තව දුරටත් ශක්තිමත් කිරීමට උදාගම්මාන ක්‍රියාත්මක කරන බවද ඔහු කීවේය.

sajith_2016421



අදහස් (0)

‘මහින්දටත් උදාගමක්‘

සුදේශ් Friday, 22 April 2016 03:10 AM

ඒ කාලේ අපිට මතකයි. උදාගමට ගෙවල් 6යි 7යි. විවෘත කරන්න තියන උත්සවයට තව ගෙවල් 100ක් හදන්න පුළුවන් (බ)

:       0       0

විජය Friday, 22 April 2016 03:27 AM

රාජපක්ෂ මහත්තයාගේ නමට ගමක් හදල මදි, එයා එහි පදිංචි කරන්න, කාටවත් කරදරයක් කරන්නේ නැතුව පාඩුවේ, බන බවනාවක් කරගෙන නිසංසලේ ඉන්න කියල (බ)

:       0       0

රුවන් Thursday, 21 April 2016 09:41 AM

හොද අදහසක් පාට පක්ෂ ඕනෙම නෑහෑ වෑඩක් කරන්න. (ර)

:       0       0

රොහාන් මිගමුව Thursday, 21 April 2016 10:00 AM

දේශපාලන කුහක කම් අතහැර ඔබ යන ගමනට අප‍ ප්‍රණාමය. (ර)

:       0       0

රොකී Saturday, 23 April 2016 05:13 AM

ඔය උදාගමට "මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර උදාගම" කියලා නම තියමු (නි)

:       0       0

ලක්ෂාන් Thursday, 21 April 2016 10:39 AM

දින සියයේ රජය තුලදී නිවාස 50,000ක් සාදන බව කල ප්‍රකාශයක් මාධ්‍ය මගින් ඇසුවත් දුටුවත් එය කෙරුනේ නැහැනේ. 'ව්‍යාපෘතියේ නිවාස සංඛ්‍යාව' නාම පුවරුවට පමණක් සිමා නොකොට එය යථාර්තයක් කර ගැන්මට, ඔබවත් අදිටන් කර ගන්න. (ර)

:       0       0

චමින්ද Friday, 22 April 2016 06:23 AM

අනේ හොදයි මොකද එයාගේ නම කොහෙවත් නැනේ මතක හිටින්නත් එක්ක උදා ගමක් නම් කරන එක හොදයි .... (හේ)

:       0       0

ඉන්දු Thursday, 21 April 2016 10:50 AM

වයිරයෙන් තොර දේශපාලන ගමනක් යන ඔබට සුබ පැතුම් ! (ර)

:       0       0

රසල් Friday, 22 April 2016 07:16 AM

උදා ගම එපා ඒවා හැමෝගෙම සල්ලි. දීර්ඝ කාලීන ව්‍යාපෘති ක්‍රියාත්මක කරල මිනිස්සුන්ට රැකියා අවස්ථා උදා කරලා ජන ජීවිතය සුරක්ෂිත කරන්න\(හේ)

:       0       0

ජගත් Thursday, 21 April 2016 11:59 AM

නිවාස යෝජනා ක්‍රමයට නමක් යෝජනා කරන්න. (හේ)

:       0       0

විජේලතා Thursday, 21 April 2016 12:18 PM

යෝජනාව නම් හොඳයි.(හේ)

:       0       0

සුදේශ් Friday, 22 April 2016 08:14 AM

කවුරුවත් එතුමා නමින් උදාගම් නැහැදුවට කමක් නෑ. ජන හදවත්තුල එතුමාගේ උදාගම් ජනතාව හදාගෙන ඉවරයි. (අ)

:       0       0

ජේ ඒ ජයවීර Thursday, 21 April 2016 12:57 PM

පරණ දේම,පසුගිය වැරදීම කියා කියා ඉන්නේ නැතිව, වැඩක් කරලා පෙන්නනවද (හේ)

:       0       0

ඇසළ Thursday, 21 April 2016 01:03 PM

දැන් මේ දේවල් විතරයි අඩු.(හේ)

:       0       0

වික්‍රම Friday, 22 April 2016 08:43 AM

බොරු වැඩක්.(හේ)

:       0       0

සුසන්ත Thursday, 21 April 2016 01:31 PM

දින 100ක් තුල නිවාස 50,000ක් හදා ජනතාවට ලබාදුන් මෙතුමාට අවුරුදු 5ක් තුල මොනවා කරන්න බැරිද නේද? (හේ)

:       0       0

රොහාන් Thursday, 21 April 2016 02:09 PM

මිනිස්සුන්ට නිකන් දෙන්න එපා දියුණු වෙන්න , ඉලක්ක වලට යන්න ඉඩ ප්‍රස්ථාව හදලා දෙන්න (හේ)

:       0       0

ජගත්‍ Thursday, 21 April 2016 03:37 PM

ගමකට ලස්සන ගමක නමක් දාන්න. කාගෙවත් නම් ඕනෑ නැහැ. දේශපාලන ගුණ්ඩු වලට තාමත් අපි ප්‍රතිචර දදා ඉන්නවා. ඕවත් අපේ සල්ලි වලින් හදන්නේ. අපේ නමක් දාන්නකෝ. (නි)

:       0       0

චමල්කා Thursday, 21 April 2016 04:01 PM

එතුමාගේ නමට දැන් තියෙන දේවල් මදිද? ඒ හොඳටම ඇති අපිට නම් (නි)

:       0       0

විද්‍යා Thursday, 21 April 2016 04:28 PM

පළවෙනි උදා ගම්මානය හැදූ කාලය ගැනත් මට තවම මතකයි (නි)

:       0       0

සජීව Thursday, 21 April 2016 06:00 PM

එන්ගන්තෙ එන්ගන්තෙ... ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ... (නි)

:       0       0

ඇන්ජලෝ Thursday, 21 April 2016 08:44 PM

ලංකාවේ හැමතැනම බණ්ඩාරනායක, රාජපක්ෂ පාරවල්, ගොඩනැගිලි තමයි තියෙන්නේ. මහජන මුදලින් හදලා මේගොල්ලන්ගේ නම් දාගන්නවා. නිදහසිස්න් පසු අවුරුදු හැට ගණනක් පාලනය කරලා එකම තැනක්වත් ලස්සනට පිළිවෙලට හදාගන්න බැරිවුණා. තාම පිළිවෙලට තියෙන්නේ රජ කාලේ හෝ සුද්දගේ කාලේ කරපුවා (නි)

:       0       0

පුෂ්ප Friday, 22 April 2016 01:05 AM

අපේ පැත්තෙත් තියනවා එ කාලේ හදපු උදාගමක්. නමුත් එය කිසිදු සැළැස්මක් නැතුව හැදුවේ. ඉතා ලස්සනට තිබුණු කොළ පාට පරිසරය විනාශ වුණා. ඒ ළඟින් ගැලුව පිරිසිදු වතුර තිබු, මගේ ළමා කාලයේ සතුටින් දියබුං ගැසූ ඇල දිහා දැන් බලන්න දුකයි. පාක්ෂිකයන්ට පමණක් ඉඩම් දුන් නිසා තරහ වැපුරුනා. කසිප්පු තිප්පොල කිහිපයක් බිහිවුණා. තාම හවසට හෝරි ඇහෙනවා හැමතැනම. උදේට හවසට මා අසන්න ආදරය කළ, ආදරය කරන කුරුල්ලන්ගේ හඬ ඇහෙන්නේ නැහැ. මිනිසුන් එක තැනක පදිංචි කිරීමේදී ආර්ථික පමණක් නොව සමාජ, සංස්කෘතික සහ පරිසර සාධක බැලීම අත්‍යවශ්‍යයි. (නි)

:       0       0

ප්‍රනාන්දු Friday, 22 April 2016 01:52 AM

ඔබතුමා අනෙක් දේශපාලකයන්ටත් ආදර්ශයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1653 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 271 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4560 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 478 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 633 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2204 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site