IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘මහින්දට අගමැති වෙන්න පුළුවන්‘ - ජී.ඇල්

මහින්ද රාජපක්ෂ මහතාට අගමැති විය නොහැකියැයි පැවසීම සම්පූර්ණ වැරදි බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වැනි වගන්තියේ 3 වැනි උප වගන්තියට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරයක විශ්වාසය දිනාගත් පුද්ගලයාට අගමැති ධූරය ලබාදීමට ජනපති බැඳී සිටින බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ඇල්.පීරිස් මහතා අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

පාර්ලිමේන්තුවේ බහුතරය නොපිළිගන්නා පුද්ගලයකු අගමැති බවට පත්වුවහොත් ඒ තුළින් බිහිවන ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට කිසිසේත් වෙනස් නොවන අකර්මන්‍ය හා අස්ථාවර ආණ්ඩුවක් බවත් ඔහු කීවේය.

web web1



අදහස් (0)

‘මහින්දට අගමැති වෙන්න පුළුවන්‘ - ජී.ඇල්

ටිකිරි බණ්ඩා Monday, 20 July 2015 03:58 AM

කවදාවත් එන්න ලැබෙන්නෙත් නැහැ.රාජපක්ෂලා ඉවරයි.ගෙන්නෙත් නෑ (ම)

:       0       0

රංග Monday, 20 July 2015 04:00 AM

කේවට්ට තනතුරට නම් කිහිප දෙනෙක්ම ඔය සුදුසුකම සපුරලා ඉන්නේ. (ම)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 20 July 2015 04:02 AM

මහින්ද අගමැති වෙන්නේ මන්ත්‍රී බහුතරයක් තිබුණෙෘත් නේ? (ම)

:       0       0

සේනක Sunday, 19 July 2015 06:06 PM

අනේ අපේ රටට වෙන දෙයක්? (නි)

:       0       0

එච්. ජගත්දේව Sunday, 19 July 2015 06:43 PM

මේ රට ඡන්දදායකයන් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ සන්ධානය තුනෙන් දෙකක බලයක් තිබෙන පරිදි පාර්ලිමේන්තුවට පත්කොට යැවිය යුතුය. රටේ යහපත් අනාගතයක් උදෙසා මෙය අපට පැවරී ඇති වගකීමකි. (නි)

:       0       0

පෙරේරා Sunday, 19 July 2015 06:58 PM

43 (3) වගන්තියේ අගමැතිව පත්කරන්නේ "ජනාධිපතිගේ අභිමතය පරිදි" කියලා කොටසකුත් තියෙනවා නේද? (නි)

:       0       0

ලාල් Sunday, 19 July 2015 06:59 PM

මේ කියන කතා හරිම බොළඳයි කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

සුනිල් Monday, 20 July 2015 04:39 AM

ඔව් පුළුවන්, එත් ඔයගොල්ලෝ එක බැරි බවනේ කියන්නේ! (ම)

:       0       0

අප්පුහාමි Sunday, 19 July 2015 07:05 PM

තමන්ගේ මහාචාර්යකම මොනතරම් වටිනවද? දේශපාලනයට ඇවිල්ලා නම කැතකරගන්න එපා (නි)

:       0       0

සුරනිමල Monday, 20 July 2015 04:45 AM

විධායකයේ අවුරුදු දහයක් ඉදලා කරන්න බැරිවුණ දේවල් කොහොමද එතරම් බලයක් නැති අගමැති වෙලා කරන්නේ ? (ම)

:       0       0

දිලිප් Monday, 20 July 2015 04:46 AM

පාර්ලිමේන්තුවේ බහුතරය තීරණය කරන්නේ අපිනේ. මෙයා කොහොමද ඒ ගැන කතා කරන්නේ? (ම)

:       0       0

දිමුත් Monday, 20 July 2015 04:51 AM

මෙයා දන්න නීතිය! දන්නෝ දනිති (ම)

:       0       0

රුවනි ජර්මනිය Sunday, 19 July 2015 07:53 PM

ඔබතුමාලා බලයේ සිටියදී ඕවා කළාද? ඒ කාලෙත් අගමැති පත්වුණේ එහෙමද? අපි දන්නා විදියට හැමදාම රට දුවන්නේ මැදපෙරදිග අපේ ශ්‍රමිකයන් නිසා. එහෙම නේද? (නි)

:       0       0

මහානාම - මතුගම Sunday, 19 July 2015 07:55 PM

එතුමාගේ තර්කය නිවැරදියි (නි)

:       0       0

කමල් Monday, 20 July 2015 04:57 AM

මහින්ද දිනෙව්වේ නැත්තං කලු සුද්දො රජවෙලා සිංහලයව නැත්තටම නැති වෙනවා (ම)

:       0       0

ඉමාක් Sunday, 19 July 2015 08:34 PM

අනිවාර්යයෙන්ම ඒක වෙනවා. (නි)

:       0       0

නුවක්රැලියෙ වසන්ත Monday, 20 July 2015 08:51 AM

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ වැඩි දෙනාගේ කැමැත්ත. මෙයාලට 62 ට වඩා 58 ලොකු වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිටු දකින හින්දද..? (ර)

:       0       0

ඉන්ද්‍රා Sunday, 19 July 2015 08:39 PM

විශ්‍රාම සුවය විඳින්න නම් අපේ දේශපාලකයෝ කැමති නැතුවම ඇති (නි)

:       0       0

බෙන් Sunday, 19 July 2015 09:03 PM

ජී.එල්. මහතාට ජයවේවා! (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Sunday, 19 July 2015 09:42 PM

ඒක ඇත්ත. මොකෝ බැරි? (නි)

:       0       0

මිනිපේ Sunday, 19 July 2015 10:07 PM

අපරාදෙ ඔබතුමා දේශපාලනයට ආවෙ. (නි)

:       0       0

රෝහණ Sunday, 19 July 2015 10:25 PM

ඔබතුමා නිහඬව සිටිනවා නම් ගොඩක් හොඳයි. සුමනදාස වගේ පේන බලන්න යන්න එපා. (නි)

:       0       0

සමන්ත Sunday, 19 July 2015 11:00 PM

මම නම් කියන්නේ ඔබ දැන් දේශපාලනයෙන් ඉවත්ව ටිකකලක් හෝ විවේකීව ඉන්න කියලයි. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 20 July 2015 03:19 PM

අගමැතිකම නොවෙයි අගමැති පුටුවවත් අල්ලන්න ලැබෙන්නේ නැහැ.අපි ඒකට ඉඩ තියන්නේත් නැහැ. (නි)

:       0       0

ටෙහාන් Sunday, 19 July 2015 11:26 PM

හොඳයි අපි බලමුකෝ... (නි)

:       0       0

සේනක Sunday, 19 July 2015 11:32 PM

මෙවැනි අයගෙන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේවාද? (නි)

:       0       0

කිත්සිරි Sunday, 19 July 2015 11:49 PM

මහින්දට අගමැති වෙන්න පුලුවන් කියලා මමත් හිතනවා (නි)

:       0       0

සමන් කුමාර Sunday, 19 July 2015 11:53 PM

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරයක විශ්වාසය දිනාගත් පුද්ගලයාට අගමැති ධූරය ලබාදීමට ජනපති බැඳී සිටින බව ඒ වගන්තියේ නැහැ.ජනතාව අකුරු කියන්න බැරි අය කියලා තමයි තාමත් සමහරු හිතාගෙන ඉන්නේ (නි)

:       0       0

කැනඩා දිසා Monday, 20 July 2015 12:07 AM

මට කියන්න ගොඩාක් දේවල් තියෙනවා. නමුත් ඒවා මම මෙතන කියන්නේ නැහැ. (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Monday, 20 July 2015 12:10 AM

ජනතාව දැන් මෝඩ නැහැ මහත්තයෝ (නි)

:       0       0

ලුම්බිණි Monday, 20 July 2015 12:14 AM

හරිම දුකයි. කොහොම ගරුනම්බු ඇතුව ඉන්න තිබුන කෙනෙක්ද ජී.එල්. පීරිස් මැතිතුමා? (නි)

:       0       0

චන්දිම Monday, 20 July 2015 06:20 AM

එතකොට ඩී. එම්. ජයරත්න අගමැති කළෙත් බහුතර කැමැත්තටද?(ම)

:       0       0

රවී Monday, 20 July 2015 12:23 AM

ඒක තීරණය කරන්නේ රටේ මිනිස්සු (නි)

:       0       0

මොහාන් Monday, 20 July 2015 06:25 AM

ටිකක් පිස්සු පොරක් (බ)

:       0       0

තිලාන් Monday, 20 July 2015 12:28 AM

මම මහින්ද මහත්තයා වෙනුවෙන් පසුගිය මැතිවරණයේදී ඉතා විශාල කැපකිරීමක් කළා. ඔහුව දිනවන්න පුළුවන් හැම දෙයක්ම කළා. නමුත් අද පවතින තත්වය අනුව මහින්ද මහතා ජයග්‍රහණය කළහොත්, මහින්ද මහතා සහ මෛත්‍රී මහතා අතර ගැටුම් ඇතිවන බව ඒකාන්තයි. විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර නිරන්තර ගැටුම් ඇතිවීම ආයෝජකයන්ගේ විශ්වාසය අඩුවීමට මෙන්ම, රට තුළ අස්ථාවරත්වයක් ඇතිවීමෙන් ආර්ථිකයට අහිතකර බලපෑමටද, නිරන්තර ඡන්ද ඇතිවීමෙන් ආර්ථිකයට දැඩි බරක් පැටවීමෙන් බඩු මිල ඉහළයාමටද හේතු වන බව මම දනිමි. මේ නිසා මෙතුවක් කාලයකට මම එජාපයට ඡන්ද පාවිච්චි කර නොතිබුණද ව්‍යවස්ථාදායකයේ හා විධායකයේ සුහදත්වය රටකට ඉතා වැදගත් බැවින් මෙවර මාගේ ඡන්දය අකමැත්තෙන් වුවද රට ගැන සිතා එජාපය වෙනුවෙන් භාවිතා කරමි. (නි)

:       0       0

විකුම් Monday, 20 July 2015 12:45 AM

මහින්ද දිනුවොත්, මහින්දට අගමැතිකම නොදුන්නොත්, රට තුළ ලොකු දේශපාලන පෙරළියක් වෙනවා ඇත (නි)

:       0       0

ශාමන්ත වෙල්ගම Monday, 20 July 2015 06:39 AM

මෙයත් අර හිටපු අගවිනිසුරු වගේ කුජීත වෘත්තිකයෙක් (බ)

:       0       0

පියල් Sunday, 19 July 2015 03:00 PM

ඔක්කොටම කලින් දිනන්න එපැයි. (බ)

:       0       0

ජගත් Monday, 20 July 2015 01:21 AM

නිමල් මහත්තයා බදුල්ලෙන් එකට ආවොත් ඔහු තමයි නියම සුදුස්සා මම හිතන හැටියට. (නි)

:       0       0

උදේෂ් Sunday, 19 July 2015 03:04 PM

පොඩ්ඩක් අමාරු වෙයි. (බ)

:       0       0

කාමින්ද Monday, 20 July 2015 01:23 AM

නිදහස් පක්ෂ සභාපතිතුමා කියලා තියනවා පැහැදිලිවම මහින්දට අගමැතිකම දෙන්නේ නැහැ කියලා. එහෙම තියෙද්දී බැරිවෙලා හරි නිදහස් පක්ෂය දිනලා මහින්දට දුන්නොත් එය ජනතාව රැවටීමක්. මොකද දැන් නිදහස් පක්ෂ පාක්ෂිකයා නිදහස් පක්ෂයට ඡන්දය දෙන්නේ මහින්දට අගමැතිකම දෙන්නේ නැහැ කියලා හිතාගෙන (නි)

:       0       0

තිස්ස Monday, 20 July 2015 06:46 AM

මෙයත් අර කැලණියේ ආචාර්ය වගේ කෙනෙක්ද? (බ)

:       0       0

තිලින Monday, 20 July 2015 01:42 AM

ජපානය වගේ රටවල රාජ්‍ය නායකයෙකුට හෝ ඔහුගේ පවුලේ අයට දුෂණ චෝදනා එල්ලවුණාම ඒ අය ඉල්ලා අස්වෙනවා ඒ පරීක්ෂණ කටයුතු වලට බාධාවක් නොවන්නට.අපේ රට දුෂණ චෝදනා වලින් ගැළවෙන්නට සමහර අය ඡන්දයට ඉදිරිපත් වෙනවා. ඒ මදිවාට අනිත් පැත්තටත් බොරු චෝදනාවක් කරලා තමුන්ගේ චෝදනා වලින් ගැළවෙන්න හදනවා. (නි)

:       0       0

රාධා Sunday, 19 July 2015 03:28 PM

මෙයාට ජන මතයක් නැහැ. 2004 සිට මෙයා පක්ෂයෙන් පක්ෂයට පැන පැන ජාතික ලැයිස්තුවෙන් ආපු කෙනෙක්. කාලයක් මෙයා අතරමැදියෙකු ලෙස පෙනී සිටියා (බ)

:       0       0

සුසිලා ජයන්තිමාල Sunday, 19 July 2015 03:33 PM

බලාපල්ලා මේ මුනේ හැටි .. උදෙන්ම දැකගන්න කීයත් වටී (බ)

:       0       0

සරත් Sunday, 19 July 2015 03:33 PM

එහෙම නොදුන්නොත් රට විශාල විපතකට ලක් වෙනවා (බ)

:       0       0

අර්ජුන රණවන Sunday, 19 July 2015 03:41 PM

ඉස්සෙල්ලා දිනන්න එපැයි . අගමැතිමක් ගන්න (නදී)

:       0       0

සමීර Sunday, 19 July 2015 03:42 PM

මේ අර ඉරුණ පැකේජය ගෙනාපු මහාචාර්ය තුමා නේද? ඇයි මෙහෙම දේවල් කියන්නේ ? (නදී)

:       0       0

මලික් Monday, 20 July 2015 02:00 AM

මම නම් මේ කතා අහන්නත් කැමති නැහැ (නි)

:       0       0

නුවන්. Sunday, 19 July 2015 03:49 PM

හීනෙන්ද?ජනවාරි 8 වෙනිදා ඉගෙනගත් පාඩම, ආයෙත් ඉගෙනගන්න යනවට අපිට දොස් කියන්න එපා. තණ්හාය ජායතී ශෝකෝ! (නි)

:       0       0

ජයන්ත Sunday, 19 July 2015 03:54 PM

සන්ධානය දිනුවහම අගමැති වෙන කෙනෙක් වුණොත් අස්ථාවර ආණ්ඩුවක් හැදෙයි. (නි)

:       0       0

දොඹගොඩ Sunday, 19 July 2015 04:04 PM

මහින්ද රාජපක්ෂ පත් වුවහොත් රට විශාල විපතකට ලක්වෙනවා කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

කුමාර රාජකරුණා Monday, 20 July 2015 02:51 AM

ඔන්න උගත්තු පාර්ලිමේන්තු යවලා ජනතාවට ලැබෙන දේ ගැන හොඳම උදාහරණය. හැම දේටම ඔළුව නමන මේ වගේ උදවිය මොකට දේශපාලනය කරනවද මන්දා? (නදී)

:       0       0

අනුරාධ පෙරේරා Monday, 20 July 2015 02:52 AM

අපිට උගන්නපු උගත් බුද්ධිමත් මහාචාර්යතුමා මේ විධියට හොරු සමග හෙළුවෙන් සිටගැනීම, ජනතාව ඉදිරියේ සමච්චල් වීම, බොරුකීම මට දරාගත නොහැකි දුකකි. (නදී)

:       0       0

චන්න බුවනක Sunday, 19 July 2015 04:12 PM

ඔයාලට කාලයක් දීලා තිබුණනේ. දැන් ඔය ඔක්කොම පැත්තකට වෙලා ඉන්න. අලුත් අයට ඉඩ‍දීලා. (නි)

:       0       0

සනත් Monday, 20 July 2015 09:46 PM

මට හිතට එන දේවල් මෙතන ලියන්න බැහැ (නි)

:       0       0

නන්ද Monday, 20 July 2015 02:59 AM

හිටපු ජනපති නැවත අගමැති කළයුත්තේ ඇයි? ඔහු රටට කළ සේවයට මහජනතාව ගෞරව කළා. එම ගෞරවය බලලෝභීත්වයට පත්නොකළ යුතුය (නි)

:       0       0

සමන්ත Monday, 20 July 2015 07:16 AM

දේශපාලනයට බැහැලා එක එක්කෙනාගේ අඳ බාල පුතාලාටත් වැඳගෙන මෙහෙමත් තමන්ගේ උගත්කම හෑල්ලු කරගන්න මිනිස්සු ඉන්නවා නේ. (ම)

:       0       0

මාලනී Monday, 20 July 2015 11:26 PM

කවුරු කොහොම කිවුවත් මහින්ද මහත්තයා ලංකා ජනතාවගේ නායකයා වියයුතුයි. රට සංවර්ධනය කළහැක්කේ මහින්ද මහතාට පමණි. (නි)

:       0       0

රිචි බාලසුරිය Sunday, 19 July 2015 04:23 PM

මහින්දට අගමැති වෙන්නට අනිවාර්යයෙන් පුළුවන්. ඒ ඔහුගේ සහ අනුගාමිකයන්ගේ සිහින ලෝකයේ පමණය! (නි)

:       0       0

පියල් Sunday, 19 July 2015 04:24 PM

හදිසියේවත් වෙන කෙනෙකුට දුන්නොත්? (නි)

:       0       0

සිල්වා Sunday, 19 July 2015 04:26 PM

ඔබතුමා කරුණාකරලා බුද්ධිමතෙක් හැටියට වැඩකරන්න රටේ අනාගතය ගැන හිතලා. (නි)

:       0       0

එස් . ජයසිරි Monday, 20 July 2015 03:12 AM

තිලාන්ගේ අදහස හරි (නි)

:       0       0

ටිකිරි Monday, 20 July 2015 03:11 AM

මහාචාර්යතුමනි,දැන්වත් ඔබ බුද්ධිමත්ව සිතා තීරණයක් ගන්න (නි)

:       0       0

රන්ජිත් Monday, 20 July 2015 03:17 AM

අපිට ඉක්මනට අතීතය අමතක වෙනව​ා. මහින්ද නැත්නම් අද අපිට මොකද වෙන්නෙ? (නි)

:       0       0

රකිත් Monday, 20 July 2015 03:23 AM

19 වන සංශෝධනයේ 42 (4) වගන්තියට අනුව "ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබිය යුත්තේය." මෙහි, වඩාත්ම වැදගත් කොටස වන්නේ "මතය අනුව" යන්නයි. ඒ අනුව ජනාධිපතිවරයාට සිය අභිමතය පරිදි ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඒ සඳහා තෝරාගත හැකිද? (නි)

:       0       0

විජයබාහු Monday, 20 July 2015 07:39 AM

ජන්ද දින 180 ට කරපු ටික හොඳටම ඇති තව දුන්නොත් ඉන්දීය සාගරේ අබ ඇටයක් තම ඉතුරුවෙන්නේ (ම)

:       0       0

වරුණ Monday, 20 July 2015 03:35 AM

තිලාන් හිතන දේ හරි කියල පැහැදිලියි . (ම)

:       0       0

වසන්ත Monday, 20 July 2015 03:38 AM

ඔබතුමා ගැන අපිට හරි දුකයි, පිනක් දහමක් කලොත් යන ලෝකෙට වැඩක් වෙයි. දොඩවා කාලය නාස්ති කරන්ඩ එපා ගරු මැතිතුමනි.(ම)

:       0       0

අමන්දා Sunday, 19 July 2015 05:05 PM

මුලින්ම දිනලා ඉන්නකෝ බලන්න. (නි)

:       0       0

ගිහාන් Monday, 20 July 2015 03:43 AM

ඔව් එතකොට මෙතුමාටත් පුළුවන් තව දුරටත් අර පුතාගේ දේශපාලන ටියුෂන් මාස්ටර් වෙන්න.(ම)

:       0       0

සමින්ද Sunday, 19 July 2015 05:08 PM

අනිවාර්යයෙන්ම පුළුවන් තමයි (නි)

:       0       0

පිවිතුරු යහපාල Monday, 20 July 2015 03:47 AM

යකඩෝ..මෙහෙම බැලුවම මහමැතිවරණයකින් දිනලා වැඩක් නැහැනේ..දැන් යු අන් පි එක දින්නොත් මෛත්‍රී මහත්තයට පුළුවන් එස් බි මහත්තයව අගමැති කරන්න..එහෙම වේවිද? මේවා හීන මහත්තුරුනේ..ප්‍රයෝගික දේශපාලනේ ඉන්න ඕන කෙනෙක් දන්නවා දිනපු පක්ෂයේ බහුතරය අනුව මිස ජනාධිපතිට ඕන විධියට අගමැති පත් කරන්න බැහැ කියල..දිනපු පක්ෂයේ සැබෑ පිළිගත් නායකයා ජනාධිපතිම නම් ඔන්න එයාගේ කැමැත්ත වලංගුයි..නමුත් එයාට පක්ෂේ බලයක් කැමැත්තක් නැත්නම් එයාගේ කැමැත්ත අවලංගුයි.(ම)

:       0       0

සුගත් Monday, 20 July 2015 03:52 AM

මෙහෙමත් තණ්හාවක් බොරු ප්‍රකාශ කරන්න එපා එයාව රකින්න මහින්ද ආයේ ගෙන්නේ නෑ (ම)

:       0       0

දුමින්ද Monday, 20 July 2015 07:46 AM

තිත්ත ඇත්ත (බ)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 20 July 2015 03:55 AM

මෙවැනි බුද්ධිමත්තු පොල් පිත්තක් ගත්තම සීයක් විතර කපා ගන්න පුළුවනි.(ම)

:       0       0

සුගත් Sunday, 19 July 2015 05:33 PM

ඇත්තටම මේ රට පාලනය කරන්න පුළුවන් මහින්දට විතරමද? රටට ආදරේ වෙන නායකයෙක් ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 517 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 617 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2034 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1532 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1485 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1707 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24689 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23340 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 381 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site