IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘මහින්දට අපි තවමත් බයයි‘

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති බලයට පත් වනවාට තමා බය යැයි ද, ඔහුගේ ආණ්ඩු සමයේ දැඩි මර්දනයක් පැවැති බව ද, ආණ්ඩුවට එරෙහිව කතා කරන පිරිස් මර්දනය කළ බව ද ජිප්සිස් නායක සහ ප්‍රසිද්ධ ගායක සුනිල් පෙරේරා මහතා කියයි.

සමාජ ශාලාවක දී තමා ගීතයක් ඝාතනය කළ පසු එහි සිටි පුද්ගලයකු තමාට පහර දුන් බවත්, ඔහු හිටපු ජනපතිගේ ඥාතියකු බවත් සුනිල් පෙරේරා සඳහන් කරයි.

මහින්ද නැවත දේශපාලනයට ඒම හරියට පොලිස්පති විශ්‍රාම ගොස් නැවත කොස්තාපල්වරයකු ලෙස සේවයට එනවා වගේ වැඩක් යැයි ද ඔහු පවසයි.

ඔහු මේ බව කීවේ ස්වර්ණවාහිනියේ වැඩසටහනකට සහභාගී වෙමිනි.

(වීඩියෝ ස්වර්ණවාහිනී අනුග්‍රහයෙනි)



අදහස් (0)

‘මහින්දට අපි තවමත් බයයි‘

හිරා Saturday, 18 July 2015 04:09 AM

මෙයා මොකද මේ වෙලාවේ පොර වෙන්න හදන්නේ. (නදී)

:       0       0

නිමාෂා Friday, 17 July 2015 07:49 AM

කුමාර හොඳට ඉතිහාසය බලන්න සුදුවෑන් සංස්කෘතියේ සහ භීෂණයේ ශ්‍රී ලංකික පියවරු වන්නේ ගෝඨාභයවත් මහින්දවත් නොවෙයි. එජාපය ,ජේවීපිය සහ එල්ටීටිය . කොක්කුන්ගේ සිල්වත් කම් පෙනෙන්නේ ඉගිල්ලෙන විට තමා. ඔවුන් දෙදෙනාම ඉහත කණ්ඩායම් වලට සාපේක්ෂකව බලන්න. (අ)

:       0       0

සමන් Friday, 17 July 2015 11:44 AM

මේකේ අදහස් දාන බොහෝ දෙනෙකුට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ලැබිල තියෙන්නේ එකාධිපතිවාදයට කඩේ යන මානසිකත්වයක් . එ්ක ඇතිකළේ මේ රටේ තිබුනු මහින්දගේ ජඩ මාධ්‍ය කලාව සහ යුද්ධය විසින්. නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬ නගන එක පැත්තක තියලා. ඒකයි මේ මහින්දට කඩේ යන්නේ. ඒ කාලේ ඉවරයි. සුනිල් පෙරේරා මේ රටේ මිනිහෙක්. සුනිල් පෙරේරාට එයාගේ මතය කියන්න අයිතියක් තියෙනවා.අනිත් අයගේ මත ඉවසන්න බැරි එක ගැන තමයි එයා කතා කරන්නේ. එක පහුගිය කාලේ අපි දැක්කා. ලසන්ත කියන්නේ හිටපු ත්‍රස්තවාදියෙක් නෙමෙයි. එත් මරලා දැම්මා. ඇයි ඒ .. කියල අපි ප්‍රශ්න කරන්න තරම් කොන්දක් නොතිබුන මෝඩ රැලක් අපේ රටේ හිටියේ. උන් බත් පතට වැටිලා ඒවා අමතක කලා. යුද්ධ නැවත්වීම පාලකයන් සතු වගකීමක්. ඒ සඳහා ගෞරවය ලබා දෙන්නේ මිනිස්සු විසින්. සුනිල් පෙරේරා ගේ ප්‍රකාශය ඔහු තුල ඇති දැවෙන ප්‍රශ්නයක ස්වයං ප්‍රකාශයක් වෙන්නේ ඒ නිසයි. ඒ සඳහා අකමැති නම් ඒ දෙස නොබලා සිටීම මිසක් ගැරහීම හෝ ඔහුගේ පැටිකිරිය සොයන්න යාම අප සතු අර පැරණි ගෝත්‍රික ලක්ෂණ විදහා දැක්වීමක් වෙනවා. එකෙන් මහින්දගේ ජන ගාතක, පර පීඩක පාලනයේ තිබුණු ලක්ෂණ ඇත්තක් බව හෙළිවෙනවා. (ස)

:       0       0

රාජ් Friday, 17 July 2015 07:51 AM

මහත්තයෝ ඔයාගේ කැරැට්ටුව අපි දන්නවා අර ඉස්කෝලෙක වර්ණ රාත්‍රිය මෙයාව ස්වර්ණවාහිනියට ගෙන්වපු එක ගැන අපි ලජ්ජා වෙනවා ආදර්ශමත් මනුස්සයෙක්ව ගෙන්නුවා නම් නේද හොද? මේයා කව්ද මහින්ද ගැන චරිත සහතික දෙන්න මෙයාට හොද චරිතයක් තියෙන්ඩ ඕනනේ (අ)

:       0       0

නිමාෂා Friday, 17 July 2015 07:51 AM

වැරදි කරන දරුවා හරි අප්පච්චිට බියවිය යුතු තමා ! (අ)

:       0       0

වීර Friday, 17 July 2015 11:47 AM

මේ උන්නැහේ ඔයා කරපුව අපිට අමතක වෙලා වෙන්න ඇති, අපිට සදාචාරය උගන්නන්නේ. (ස)

:       0       0

මහේෂිකා Friday, 17 July 2015 06:26 PM

මෙයා පිස්සු නටල ගුටි කෑවට මහින්ද පලිද? රටේ අනාගතය තීරණය කරන්නේ මේ වගේ සුළු සිදුවීම් වලින්ද? රටකට ගිය කළ (නදී)

:       0       0

ප්‍රදීප් Saturday, 18 July 2015 04:27 AM

ඔයාගෙත් කෙරුවාව අපි දැකල තියෙනවා. රටට කරපු හොද දේවල් මේ අයට අමතක නෑ. මැරිලා ඉපදුනාද දන්නේ නෑ. මහින්ද කියන්නේ මුළු සිංහල ජාතියම පිදිය යුත්තෙක්. එයා හින්ද තමියි අද සිංහල ජාතිය මේ ලෝකේ ජීවත් වෙන්නේ. තව ටිකක් හිතල කතා කලොත් හොඳයි කව්රු කව්රුත්. සුනිල්ට මුල අමතක වෙලා වගේ (නදී)

:       0       0

ශර්මිලා Friday, 17 July 2015 11:53 AM

සුනිල් අයියා එක වරදක් කරාම ඔහුගේ මුළු කැරැට්ටුවම කන අය ඉන්නවා. නමුත් තාත්තලා පුතාල දළඳා මාළිගාව වටේ රේස් පදිනකොට කව්රුත් සද්ද නෑ. අනේ මගේ කට ! (ස)

:       0       0

රුවන් Friday, 17 July 2015 12:00 PM

සුදු වෑන් භීෂණය ගැන කතා කරන සුනිල්ට ටයර් සෑයවල් බටලන්ද වධකාගාර අමතකද ? (ස)

:       0       0

ලලිත් Friday, 17 July 2015 08:01 AM

පොලිස්පති කෙනෙකුට විශ්‍රාම ගිහින් කොස්තාපල්වරයකු විදියට එන එක ප්‍රශ්නයක් නැත්නම් ඒක වෙනකෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න කොහොමද? අනිත් එක; සුනිල් දැන් ඔබට අතීතය අමතක වෙලා...බටලන්දේ සිදුවීම් අමතකද?(අ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 17 July 2015 12:11 PM

කවුරුත් ගණන් ගන්න එපා, මට පොඩ්ඩක් පෙත්ත ගන්න අමතක වුන අද, මම මොනවා කියුවත් 17 චන්දෙ දෙන්නේ මහින්දගේ එක්කෙනෙකුට හොඳේ.... (ස)

:       0       0

සීමන් Friday, 17 July 2015 08:01 AM

මහින්දට කඩේ යන අයට දැන් ඕනෑම දෙයක් ලියන්න පුළුවන් නමුත් 17 දා මෙයාලා දිවවල් කපාගෙන මැරෙන්න වෙනවා (අ)

:       0       0

විජයබාහු Friday, 17 July 2015 08:03 AM

මෙයාගේ පලවෙනි බොරුව මම ඔය දෙශපාලනයට නෑ කියන එක. අනික ඒ කලේ ගොඩක් කට්ටිය හිටියනේ මහින්දගේ නෑදෑයෝ කියල. තව ටික කාලෙකින් එයාල සිරිසේනගේ නෑදෑයෝ කියයි (අ)

:       0       0

අනිල් රෝහණ Friday, 17 July 2015 08:05 AM

තිලක්-ඩුබායි ඔයා ගෙදර පිරිවරත් එක්කම ද මේ විදියෝඑක බැලුවේ, එහෙම නම් පැත්තගියත් ඇත්තකියන සුනිල්ගේ අර ඉස්කෝලේ වර්ණ රාත්‍රියත් බලන්නකෝ ඒකෙත් පැත්තගියත් ඇත්තම කියනවා සුනිල් (අ)

:       0       0

කමල් Friday, 17 July 2015 08:12 AM

මොනවා උනත් ඇත්ත කාතාකිරීම ගැන ආඩම්බර වෙනවා ඹබලා වැනි කොන්දක් තියෙන කාලා කරුවන් ඕන මොහොතක්. (ස)

:       0       0

ධනුෂ්ක Friday, 17 July 2015 08:14 AM

සිංහල ජාතිය නැති වෙන්නේ මුල අමතක වෙන මේ වගේ මිනිස්සු නිසා. මහින්ද නැති මාස ගානට ලංකාව කොච්චර පස්සට ගිහින්ද කියල ඇස් ඇරලා බලන්න මෝඩ සිංහලයිනේ, යුද්දේ නැති කරපු දවස් වල නුඹලට මහින්දගේ අගේ දැනුනේ නැද්ද? සිංහලයෝ කියන්නේ වැඩේ කරගන්නකම් හොඳට හිනාවෙන ජාතියක්. ලංකාව වටේම බෝම්බ පිපිරුව නම් නුඹලට මහින්ද මතක් වේ. (ස)

:       0       0

ඩිලාන් Friday, 17 July 2015 12:28 PM

අපිට නම් එහෙම බයක් තිබුණේ යුද්ධය කාලේ (නි)

:       0       0

ප්‍රියාල් Friday, 17 July 2015 08:20 AM

ඇතැම් රුපවාහිනී සාකච්චා වලදී ඔබ කියන්නේ තමන් දේශපාලනයට අකමැති බවත් එය කතා නොකරන බවත්ය. එතකොට මේ කතා කරන්නේ දේශපාලනය ගැන නොවේද ! (ස)

:       0       0

තිලක්-ඩුබායි Friday, 17 July 2015 08:25 AM

සුනිල් පෙරේරා කියන කතාව සත්‍යයි. කියන්නේ.....ජනාධිපති කාර්යාලයේ පසු ගිය වියදම් මෙහෙමයි.2009 දී රුපියල් කෝටි 634යි. 2010 දී රුපියල් කෝටි 765යි. 2011 දී රුපියල් කෝටි 5063 යි. 2012 දී රුපියල් කෝටි 5936යි. 2013 දී රුපියල් කෝටි 8244යි. 2014 දී රුපියල් කෝටි 10,497යි. 2015 දී රුපියල් කොටි 9593 යි. මෛත්‍රී ජනාධිපති වුනාට පසුව රුපියල් කෝටි 256 ක් දක්වා අඩු කරන ලදී....බුද්දීමත්ව හිතන්න අපි කාටද කැමති වෙන්න ඕනේ ...! (ස)

:       0       0

වින්සන්ට් Friday, 17 July 2015 12:39 PM

සුනිල් පෙරේරා මහතා කියනවා "කොස්තාපල්වරයෙක් වගේ "කියා. රාජිත මහතා කියනවා"පියන් කෙනෙක් වගේ" කියා. ජේ. වී.පී.එකෙන් කියනවා " උපාධිධාරියෙක් නැවත මොන්ටිසෝරි ළදරුවෙක් වෙලා" කියා.තව අය කියනවා " අලිබබා, සරදියෙල්, දුෂිත නඩේ ගුරා " තව කොපමණ කතාද? යුධ ජය වෙනුවෙන් යම් දායකත්වයක් ලබාදුන් අයෙකු වශයෙන් ජනතාවගේ ගෞරවය ලබපු හිටපු ගරු ජනාධිපතිවරයෙක් මේ තත්ත්වයට පත්වීම කණගාටු වියයුතුයි. හිටපු හැම අගමැතිවරයෙක් සහ හැම ජනාධිපතිවරයෙක්ම පක්ෂ භේදයකින් තොරව ජනතාව සිහිකරන්නේ යම් ගෞරවයකිනි. මෙතුමාගේ මේ උත්සාහය තණ්හාවක්ද? නින්දාවකට පත්වීමේ බියක්ද? (නි)

:       0       0

සනත් ඉන්දික Friday, 17 July 2015 08:26 AM

ස්වර්ණවාහිනිය දැන් බඩු ගන්නේ මෛත්‍රීගේ කඩෙන් පමණද? විලිසන්ගේ නැති මෙයාව පවුලේ සැම එකට නරඹන නාලිකාවක් ඉදිරියට ගේන්නේ නැතුව රෝහණ බැද්දගේ වැනි කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා සැමට රසාස්වාදයක් ගෙනදෙන කලාකරුවෙක් ගෙනවානම් නරකද? මතකනේ මෙයා ලොකුම පාසලක ගැහැණු සමග කල රංගනය. (ස)

:       0       0

තුෂාරි Friday, 17 July 2015 12:45 PM

පුදුම වැඩේ කියන්නේ මේ මනුස්සයා මේ තරම් පැහැදිවම ඇත්ත කතාකරන විට කඩාපනින කොටසකුත් ඉන්න එක ගැනයි.ඇත්ත කතා කරන්නත් ,බිම වාඩිවෙන්නත් බය වෙන්න ඕනෑ නැහැ කිවුවේ කවුද දන්නේ නැහැ.පසුගිය කාලේ ඇත්ත කතා කළ ඇත්ත ලියපු කට්ටියට මොකද වුණේ කියලා දන්නේ නැතුව මෙතන අදහස් දාන සමහරු මැරිලා ඉපදිලාද දන්නේ නැහැ (නි)

:       0       0

සජිත් Friday, 17 July 2015 08:30 PM

ඇයි ඔයාට මතක නැද්ද රූකාන්තට ඒකාලේ කට්ටියක් ගැහුවා. ඒ වගේම එක ජනාදිපති කෙනෙක්ගේ කාලේ මිනී පාරේ වැටිලා තිබුනා බල්ලෝ බළල්ලු වගේ. ඒ කාලේ කවුරුත් කතා කලොත් එයත් පාරේ නිදි. නිකම් බොරු කියන්න එපා (නදී)

:       0       0

නිශාන්ත Friday, 17 July 2015 12:47 PM

දැන් ඉතින් හැමදේටම පලි මහින්ද (නි)

:       0       0

වසන්ත Friday, 17 July 2015 08:33 AM

දුන්නු නිදහස රටට හිටපු අප ජනපතිදුන්ට කරන මේ නිගරුවට අප අනුමත නොකරමි (අ)

:       0       0

නිරේෂ් පෙරේරා Friday, 17 July 2015 08:42 PM

නියම කෙනෙක් බව පෙන්නුවා (නදී)

:       0       0

චූලා Friday, 17 July 2015 12:52 PM

ඉතින් තිලක් ඩුබායි, ඩුබායිවල වල ලංකාවේ කෙනකුගේ තරු පහේ හෝටලයක තියන එක ගැන ඔබට ආඩම්බර නැද්ද? (නි)

:       0       0

දුමින්ද Saturday, 18 July 2015 06:07 AM

තේ කෝප්පයේ කිඹුලන් දැකීමක් (නදී)

:       0       0

අයාස් Friday, 17 July 2015 08:42 AM

අයයෝ මෙයා නම්?

:       0       0

නුවන් Friday, 17 July 2015 08:42 AM

මෝඩ චුන් .!!! (අ)

:       0       0

ප්‍රියන්ත Saturday, 18 July 2015 06:20 AM

මේ කට්ටියට රට ගැන හැඟීමක් නැහැ (නදී)

:       0       0

රාජා Friday, 17 July 2015 08:48 AM

තිලක් ඩුබායි, ඔය සත්‍ය වෙනුවෙන් බයනැතුව පෙනීසිටින අය 89 භීෂණය කාලයේදී පෙනෙන්න හිටියේ නැත්තේ මොකද? ප්‍රභාකරන්ට විරුද්ධව පෙනීසිටියේ නැත්තේ මොකද? (නි)

:       0       0

සපුමල් Friday, 17 July 2015 09:49 PM

මෙයා මහින්දට බයයි. අපිට මෙයා කැතයි. සෝම හාමුදුරුවෝ අපවත් වෙච්චි රාත්‍රියේ වේදිකාව උඩ කිව්වා කතාව අදටත් මතක ඇතිනේ (නදී)

:       0       0

සිල්වා Friday, 17 July 2015 08:56 AM

කවුරු බයවුණත් රටේ ජනතාව මහින්දව අගමැති කරනවා (නි)

:       0       0

මහින්ද Friday, 17 July 2015 01:30 PM

එතකොට දහම් පුතා පොලිස් අදිකාරී කෙනෙකුගේ පුතෙකුට ගහල ඔය නඩු නැතිව ඉන්නේ. ඒවාට බය නැද්ද? (නදී)

:       0       0

සපුමල් Friday, 17 July 2015 09:50 PM

මහින්දට බය උනාට මෙයාල ප්‍රභාකරන්ට දැන් බයද නැද්ද ? කියන්නකෝ එ්කත් බලන්න? (නදී)

:       0       0

තෙපානිස් Friday, 17 July 2015 01:39 PM

සුනිල් පෙරේරා, ජනතාව සමග එකට සිටගෙන මෝහයෙන් දෑස් මුලාවී ඇති ජනතාවකට මග පෙන්වීමට ඔබ දරන උත්සාහයට මගේ ප්‍රණාමය. ජනතාවනි, ඔව් සුනිල් පෙරේරා කියන පරිදි, ඡන්දය ඉල්ලන අය දෙන බුරියානි පැකට්, අරක්කු, සිල් රෙදි, සෙවිලි තහඩු සියලු දේ ගන්න. ඒවා දෙන්නේ තමන්ගේ ධනයෙන් නොවේ හොරකම් කරන ලද මහජන මුදලින්. ඒ නිසා ඒවා අරගෙන පාර්ලිමේන්තුවේ සිටීමට සුදුසු ශීලාචාර මිනිසුන් පිරිසක් පමණක් ඊළඟ පාර්ලිමේන්තුවට එවන්න. (බ)

:       0       0

රංජිත් Saturday, 18 July 2015 06:47 AM

මෙයද...රට හදන හැටි කියන්නේ මතකනේ අර රෝයල් ස්ටොරිය. මෙයල් කත අදින්නේ බටහිරට (අ)

:       0       0

ජෙහාන් Friday, 17 July 2015 01:44 PM

මහින්ද නෙවෙයි මුළු රටේම මිනිස්සු බය බවලතුන් දෙන්නෙක් දැන් ලංකාවට පහල වෙලා ඉන්නවා. එක්කෙනක් වාරියපොළ නංගි. අනෙක් එක්කෙනා මාලබේ බි එම ඩබ්ලිව් අක්කා. (බ)

:       0       0

සුමුදු Friday, 17 July 2015 11:01 PM

මෙයා කියන දේ තේරෙන මිනිස්සු ලංකාවේ ඉන්නවද? කුණු සමඟ ඉඳල මිනිස්සුන්ට පුරුදු වෙලා, කුණු නැතිව ජීවත් වීම කීවම මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. හොරකම, ස්ත්‍රී දුසනය, මිනී මැරීම, ළමා අපචාර කියන ඒවා දේශපාලකයින්ට තිබිය යුතුයි කියන මානසික මට්ටමේ මිනිස්සු ඉන්නේ. සිස්ට සම්පන්න සමාජයක් ගැන හිතන්න මිනිස්සුන්ට පුරුදු නැහැ (නදී)

:       0       0

අනුර Friday, 17 July 2015 01:44 PM

හෙට උදේට කන්නට මට උම්බලකඩ ඕනේ ඔබගේ තාත්ත ඇතුළු සැවොම එදා උග්‍ර එජාප සාමාජිකයෝ නමුත් අද එජාපය වෙනස් සුළු ජාතික ඡන්ද ලබා ගන්න රටම පවා දෙන්න සුදානම් අය ඉන්නේ උස්වත්ත ව්‍යාපාරයම ගිල දැමීම ගැන අපේ විරෝදය (බ)

:       0       0

කමල් පුෂ්පකුමාර ජයසිංහ Friday, 17 July 2015 01:44 PM

හරි ෂෝක් මිනිහා ඔයා කවුද මොන වගේ කෙනෙක්ද කියලා මුළු රටම දන්නවා. සංස්කෘතියක් තියෙන කෙනෙක් නම් කමක් නැහැ. අනුකම්පා කරන්න ඕන මේ වගේ මිනිස්සුන්ට (බ)

:       0       0

අනුර Friday, 17 July 2015 01:46 PM

කුමාර හීන දකිනවා භාණ්ඩාගාරය පැත්තේ ගිහින් නැහැ වගේ (බ)

:       0       0

අප්පුහාමි Friday, 17 July 2015 01:48 PM

කොල්ලූපිටිය මැදමුලනට මෙදා පාර පරදිනවා බොලන්ලා උඹල ඔරොප්පු නොවී ඉදහල්ල (බ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Saturday, 18 July 2015 06:56 AM

සුනිල් අන්කල්, ඔයාගේ ලස්සන දත් ටිකට ඔයා ආදරේ නැද්ද.? පෙළක් අයගේ දත්ටික හිටපු ලොක්කට කොලොප්පම් කරන්න ගිහින් බඩට ගිහින්! දැන් ඒ අය හිනා වෙන්නේ පස්ස පැත්තෙන් !! (අ)

:       0       0

විජයබාහු Friday, 17 July 2015 09:12 AM

මම දේශපාලනයට නැහැ කියලා හැමදාම සමහරු කළේ මොකක්ද? (නි)

:       0       0

ඉමල්කා Friday, 17 July 2015 09:12 AM

29 වාරයක් පරද්දා විසි නමවාරයක්ම විශ්‍රාම යායුතු යයි ජනතාව අණ කළ රනිල් තවමත් අනුන්ගේ පිහිටෙන් හෝ බලය උරගා බැලීමට කුරුමානම් අල්ලයි. එක වරක් පැරදුන මහින්ද දේශපාලනයෙන් කොහෙත්ම විශ්‍රාම ගත යුතු නැත. මහජනතාවද ඊට කිසිසේත් ඉඩදිය යුතු නොවන්නේ අතීතයට වඩා මහින්ද රාජපක්ෂගේ භූමිකාව හෙට රටට අත්‍යවශ්‍ය බව වර්තමාන සිරිසේන හා රනිල් ඔප්පුකොට ඇති නිසාය. (අ)

:       0       0

පී.කේ Saturday, 18 July 2015 07:15 AM

මේ මහින්දට කෑගහන අයගේ පවුලක එකෙක් ප්‍රභාගේ බෝම්බෙකකට බිලි වුණේ නැති හැටි (අ)

:       0       0

ලක්ෂ්මන් ඩුබායි Friday, 17 July 2015 01:59 PM

උම්බලකඩ හොද්ද නැතිව ඉඳි ආප්පේ ලිස්සල යන්නෑ (අ)

:       0       0

පුලාරා Friday, 17 July 2015 02:03 PM

තිලක් ඩුබායි, ඔබ ආඩම්බර විය යුතුයි. ඉස්සර එයාර් ලංකා එක ඩුබායි වලට විකිණුවා. මොනර අයින්කරලා දියබරිය ලකුණෙන් ඩුබායි කට්ටිය ඒක දිවුවා. මහින්ද එක ආපසු අරගත්තා.දැන් අපි ඩුබායි වල ඒවා ගන්නවා. (අ)

:       0       0

වින්සන්ට් Friday, 17 July 2015 02:07 PM

තිලක් - ඩුබායි, චමත් ඉතාලියගේ "කෙළෙහි ගුණ " කෑල්ල දකිද්දීම මටත් හිතුනා මේක නම් පිවිතුරු යහපාල ගොයියාගේ පෙනී සිටිමක්ය කියා. වල් වැඳුන මානසික තත්ත්වය සහ කෙනෙකුට බැලකමක යෙදෙන කෙනෙක්ගේ සුවභාවය තමන් තමන් වෙනුවෙන් පෙනී නොසිටීමයි නේද? (අ)

:       0       0

ප්‍රසන්න Saturday, 18 July 2015 07:38 AM

අපිනම් බය රනිල් මංගල සාගල සහ මලික්ට. (අ)

:       0       0

ප්‍රසංග Friday, 17 July 2015 09:21 AM

යුද්ධය අවසන් කර රට බේරා ගත්තාට අප සියලු දෙනා හිටපු ජනපතිතුමාට බොහෝ සෙයින් ස්තුතිවන්ත විය යුතුය. එහෙත් එය තුරුම්පුවක් කරගනිමින් රටේ ධනය සූරාකමින්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කොට දැඩි මර්දනයක් කරමින් සිදු කල ක්‍රියාවලිය ඉතා ලජ්ජාශීලියි! රට බේරා ගත් පලියට ඔහුට රට නාස්ති කර දැමීමට අවසර දිය නොහැකිය. එසේ නොවීමට වග බලාගැන්ම ඔබෙත්, මගෙත්, අන් සියලු ශ්‍රී ලාංකිකයින්ගේත් යුතුකම සහ වගකීම වේ. ඒ මේ සුන්දර ශ්‍රී ලංකාව ඔබෙත් මගෙත් වන නිසා.(නදී)

:       0       0

උපාලි Friday, 17 July 2015 02:17 PM

මෙයා ගුටි කෑවේ චන්ද්‍රිකාගේ මාමගේ පුතාගෙන් හිටපු ජනපතිනියගේ කාළේ. ගුටි කෑව නම් ගහපු අය එක්ක බේර ගන්න . හැම දෙකටම හිටපු ජනපති තුමා අල්ලන්නේ ඇයි. එතුමා නැත්නම් අපි කවුරුත් මෙලෙහකට කොටිනේගෙන් මැරුම් කාල. (අ)

:       0       0

දර්ශණ වික්‍රමතුංග Friday, 17 July 2015 09:26 AM

මෙයා යු.එන්.පී ද ? (නදී)

:       0       0

විජිත් Saturday, 18 July 2015 07:55 AM

සුනිල් පෙරේරා කියන චරිතයට මම බොහොම ගරු කරනවා.එදා ඉඳලාම සත්ත්‍ය වෙනුවෙන් පෙනීසිටි අවංක මනුෂ්‍යයෙක්.සමහර තැන වලදී ඇත්ත වෙනුවෙන් කතා කරලා සින්දු කියලා දුෂ්ටයින්ගෙන් ගුටිකාපු අවස්ථා කිහිපයක් මට හොඳට මතකයි...හිටපු දේශපාලු ජෙනරාල් කෙනෙක්ගේ මිනීමරු දරුවන්ගෙන් එකවරක් ගුටිකැවා. රටේ කවුරුත් දන්නවා ඒ දෙස්පාලුවා හොරෙක් සහ දරුවන් මිනීමරුවෝ කියලා. (අ)

:       0       0

නිලන්ත ගමගේ Friday, 17 July 2015 09:29 AM

අප පත්කර යැවු නායකයන් පාර්ලිමේන්තුවේ කුනුහරප කියද්දී සුනිල්ට නිකන් හරුපයක්වත් කියන්න පුලුවන් වෙන්න ඕනේ. යහපාලනය කියන්නේ ඒකට තමයි (නදී)

:       0       0

දීපාල් නිරෝෂ් Friday, 17 July 2015 02:35 PM

ඔව්, ඔව්, ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහ කණාමැදිරි එළියටත් බයළු.(නදී)

:       0       0

දොන් Saturday, 18 July 2015 08:09 AM

සුනිල් කියන කඩයා පුලුවන්නම් 'මහා බැංකුවේ හොරකම ගෙන සිංදුවක් කියන්නකෝ (අ)

:       0       0

කණි Friday, 17 July 2015 09:34 AM

88-89 කාලේ බටලන්ද, ටයර් සෑයවල් මතක් වෙනකොට, නැවත කොටි නැගිටියි කියලා හිතෙනකොට තමයි අපිට බය හිතෙන්නේ. සදාචාරයක් නැතිව පෙරේතයෝ වගේ කුනුහරුප සින්දු කියනකොට ගුටිකන්න වෙනවා තමයි (නදී)

:       0       0

අශාන් Friday, 17 July 2015 09:39 AM

රට බේර ගත්ත නායකයා කියන එක තමයි තවමත් කියන්නේ. රට සහ ජනතාව රැක ගැනීම රටේ නායකයාගේ වගකීම. එ්ක කරා කියල රටම එයාට ලියල දෙන්ඩ අවශ්‍ය නැහැ. සුනිල්ලා වගේ ලෝකේ පුරා ඇවිදින මිනිස්සු දන්නවා යහපාලනය මොකක්ද කියලා. ලින් මැඩියෝ වගේ ඉන්නේ නැතුව ලෝකෙන් යමක් ඉගෙන ගන්න කියල සුනිල්ව විවේචනය කරන අයට කියන්ඩ කැමතියි. (නදී)

:       0       0

ජුඩ් සුරංග Friday, 17 July 2015 09:40 AM

බයයි ? (නදී)

:       0       0

චමත් ඉතාලිය Friday, 17 July 2015 09:41 AM

තිලක් ඩුබායි, ඩුබායිවල ඉදලා ඇවිත් සුපිරි මාර්ගේ ගෙදර යන්නෙත් මහින්දට බැන බැනනේ නේද? ඔය සුනිල් මහත්තයත් කෙලෙහි ගුණ නොදන්නා මහත්තුරුත් මහින්ද නොහිටියා නම් මෙලහටත් පොලවේ අඩි 6 ක් යට වැළලිලා ඉන්නත් තිබුනා.ඇයි සුදු වෑන් ගැන විතරද මතක ඔය කට්ටියට ...ටයර් සෑයවල් වල ගියකාලේ ... දනිහෙන් පල්ලෙහා මිනි ගෙනිච්ච කාලේ එහෙම මතක් වෙන්නේ නැද්ද ? නිකන් බොරුවට උඩුබුරනවා විතරයි (නදී)

:       0       0

අබේරත්න-ටෝකියෝ Friday, 17 July 2015 02:47 PM

මෙයාගේ මල්ලි නේ කොත්ත මල්ලි ගෙන්වන්නේ (නදී)

:       0       0

අනිල් Friday, 17 July 2015 09:43 AM

මහින්ද කී දෙනෙක්ව මරල තියෙනවද? යු.එන්.පි යයි, ජේ.වීපි යයි කී දෙනෙක්ව මරල තියෙනවද? කාටද එතකොට බයවෙන්න ඕන, මහින්දටද? (නදී)

:       0       0

රාජා Friday, 17 July 2015 09:46 AM

හොඳක් නම් වෙන්නේ නැහැ කරන අපහාස වලට. මෙයා ගැන හැම දෙනාම දන්නවා.(නදී)

:       0       0

ඩයස් Friday, 17 July 2015 09:46 AM

සුනිල් මල්ලි අපිට අහන්ඩ හොඳ සින්දු ටිකක් කියන්ඩකෝ. සොඳුරු එකාදිපතිත්වය සහ ඉඩි අමින් ගැන කිව්වට කමක් නෑ. අපේ කටාන ආසනයට එන්ඩ කියා අාරාදනා කරනවා. ජනතාව අතර යහ පාලනය ගැන මතයක් ඇති කරමු. (නදී)

:       0       0

ගුණසේකර Friday, 17 July 2015 09:54 AM

ඇත්ත කතා කරන්න සුනිල් පෙරේරා මහතාට හොඳ කසේරුකාවක් තිබීම ගැන රටේම කලාකරුවෝ ආඩම්බර විය යුතුයි. ඇත්ත නොසඟවා ඡන්දදායකයට මතක් කරදීම ඉතා හොඳ දෙයක් (නදී)

:       0       0

දුමින්ද Saturday, 18 July 2015 02:07 AM

ප්‍රභාකරන් නැවත ආවොත් බය නැද්ද (නදී)

:       0       0

පර්සි බණ්ඩාර Saturday, 18 July 2015 09:17 AM

මමත් බයයි ,මහින්ද ආපහු බලයට එනවට , (අ)

:       0       0

ප්‍රසන්න Friday, 17 July 2015 06:33 AM

අපිට කොස්තාපල් හොඳයි. (ස)

:       0       0

තිලක්-ඩුබායි Friday, 17 July 2015 10:00 AM

ජනාධිපති කාර්යාලයේ පසු ගිය වියදම් මෙහෙමයි.....කියන එක පුවත් පතකින්ම හෙළි කරපු කරුණුයි.රටේ කන්න අදින්න නැති අන්ත අසරණ මිනිසුන් ලක්ෂ කන්කියාත ගණනක් ඉන්න රටක ,ඔය තරම් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් එක නායකයෙක් වෙනුවෙන් වියදම් කරන එක මොන තරම් සාපයක්ද? (අ)

:       0       0

කුමාර Friday, 17 July 2015 06:39 AM

සුදුවෑන් පියා ගෝඨාභයවත් භීෂණයේ පියා මහින්දවත් නැවතත් කිසිදිනක බලයට එන්නේ නෑ. අගෝස්තු 17 පස්සේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තු එන්නෙත් නැහැ. මොකද ලැජ්ජාවට මැදමුලන වෙලා මාස තුනකට වරක් පාර්ලිමේන්තු එයි. (ස)

:       0       0

තිලක් Friday, 17 July 2015 10:02 AM

පහුගිය කාලය මතක්වෙද්දී මහින්දට නෙමෙයි මහින්දගේ හෙවණැල්ලටත් අපි නම් බයයි. (නි)

:       0       0

සමී Friday, 17 July 2015 06:44 AM

අම්මෝ හරි ආදර්ශමත් මිනිහා. මෙයාලද මේ රට හදන හැටි කියන්නේ? (ස)

:       0       0

අචිර Friday, 17 July 2015 06:49 AM

ගීතය ඝාතනය කෙරුවේ ඇයි (අ)

:       0       0

ක්‍රිස් Friday, 17 July 2015 10:05 AM

අනේ! බොරු එහෙම නම් කියන්න එපා ඔන්න (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 17 July 2015 10:05 AM

එතුමා නිර්භීතවයි මේ සත්‍ය හෙළි කරන්නේ. ඒ අපේ රටේ අනාගතය,අනාගත දරු පරම්පරාවට රටක් කියලා දෙයක් ඉතිරි කරලා දෙන්නයි. (නි)

:       0       0

අනිල් Friday, 17 July 2015 06:50 AM

දුන්නු නිදහස රටට හිටපු අප ජන්පතිදුන්ට කරන මේ නිගරුවට ස්වභාව ධර්මයෙන් ලැබෙයි (අ)

:       0       0

ඉමාක් Friday, 17 July 2015 10:06 AM

අනේ අපි නොදන්නා සදාචාරය! (නි)

:       0       0

චන්දන Friday, 17 July 2015 06:50 AM

ඔබ තුමා විතරක් නෙවේ මේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ වන අපිත් දැන්නම් බයවෙලා ඉන්නේ මෙයාම මොකටද මේ එන්නේ කියල පාක්ෂිකයෝ වන අපි දෙන අනාත වෙලා (අ)

:       0       0

ශාන්ත විදාන ගමගේ Friday, 17 July 2015 06:52 AM

අපි නම් කොටියට තවමත් බයයි. මහ කොටිය මැරුවට කොටි පැටව් තවම ඉන්න බවයි පෙනෙන්නේ. කොළඹ ප්‍රධාන පාසලක ළමයින් බලා සිටයදී අමු නිරුවත් කාන්තාවන් සමඟ ලංකාවේ ගායකයෙක් සිංදු කමින් නැටුව හැටිත් අපට මතකයි.(අ)

:       0       0

රයන් Friday, 17 July 2015 10:07 AM

17 න් පස්සේ කොස්තාපල්කමත් නැතිවෙයිද කියලයි මට බය (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 17 July 2015 10:08 AM

තවත් මොන කතාද? තවත් අවුරුදු 2 ක් ඉන්න දුන්නා නම් අපේ රට හිඟමනටම පත්වෙනවා.අපිට හිඟාකන්න සිද්ධවෙනවා. (නි)

:       0       0

සුකිරි Friday, 17 July 2015 10:08 AM

මෙතන මේ මනුස්සය මහින්ද රාජපක්ෂට විරුද්දව කියන දේවල් ඇත්තටම හරි. නමුත් මහින්ද රාජපක්ෂගේ වැරදි විතරමද තිබුනේ.හොඳක් තිබුනෙම නැද්ද.ඒ වගේම මෙතන සුනිල් ව විවේචනේ කරලා කමෙන්ටු දාන අය කියන්න සුනිල් කියන්නේ බොරුමද බොලවූ... (ස)

:       0       0

තිලක්-ඩුබායි Friday, 17 July 2015 10:10 AM

සුනිල් පෙරේරාට හම්බ කරන්න ඕනෙනම් ගුටි කකා අසරණ ජනතාවට සත්‍ය හෙළි කරන්න ඕනේ නැහැ. සංගීත සංදර්ශනයට එක සින්දුවක් කිව්වනම් රුපියල් කෝටි ගානක් හරි හම්බ කර ගතහැකියි. (ර)

:       0       0

රාසික් Saturday, 18 July 2015 11:07 AM

සුනිල් මහත්තෙයා් අපි ඔයාගේ සින්දුවලට කැමැතියි. ඔයා දේශපාලනයට එන එක හොඳ නැහැ (නදී)

:       0       0

සාරා Friday, 17 July 2015 10:12 AM

කොහොමත් දැම්මම බයයි කිව්ව එක හොදයි. (ර)

:       0       0

තිලක්-ඩුබායි Friday, 17 July 2015 10:12 AM

පිවිතුරු යහපාල,බන්දුල පෙරේරා,ඇසල, දැන් අලුත්ම නම චමත් ඉතාලිය. (ර)

:       0       0

පිවිතුරු යහපාල Saturday, 18 July 2015 02:48 AM

කුලී කාරයෝ පෝලිමට වැඩට බැහැලා අන්තර්ජාලේ බදු අරන්. අපිට ඉඩක් නැහැ. ඔහොම යන්. ඔහොම යන්. අපිත් 17 වෙනිදට ඔහෙලට උත්තරේ දෙන්නම් මහින්ද මහත්තයත් එක්ක යහපාලනේට සුදු කොඩිය දාලම. (නදී)

:       0       0

ජයපාල Friday, 17 July 2015 03:54 PM

මෙයට පෙර මහත්තයෙක් කිවුවේ ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ බාරනොගන්නෙත් නෑ කියල දෙනකල් ඉන්නේ පැනල ගන්න . (අ)

:       0       0

විජයබාහු Friday, 17 July 2015 10:17 AM

හොඳ ඇත්ත ගුණසේකර. මෙයා කරන තරමක් කලේ බොරුවට මම දේශපාලනේට නැ කියා කියා හොරෙන් කඩේ ගිය එක. දැන් එලි පිටම යනවා. (ර)

:       0       0

නිලේන්ද්‍ර Friday, 17 July 2015 07:03 AM

උදේ හවස මුණ ගැහෙන්න පිටි කොටපන් නෝනේ. පිටි හලපන් නෝනේ. අන්තිමට ම කොත්ත මල්ලි. (ස)

:       0       0

පෙරේරා Friday, 17 July 2015 07:05 AM

මෙයා සුනිල් පෙරේරා ගැන අපි දන්නවා. (ස)

:       0       0

නිලේන්ද්‍ර Friday, 17 July 2015 07:05 AM

එතකොට අයියා ප්‍රභාකරන් බය වුණේ නැතෙයි. (ස)

:       0       0

සෙනරත් Friday, 17 July 2015 07:06 AM

පහර දුන් දවසේ පැමිණිල්ලක් කරලා නැහැ නේද? කලා නම් ඒ දින වලම ජනතාවට දැන ගන්න තිබුණා ඒ බව. (ස)

:       0       0

සඳුන් Friday, 17 July 2015 07:06 AM

සාරුක් ඛාන්, ජැකුලින්, රුසියන් ගණිකාවෝ එහෙම හරිම ආදර්ශමත් අය වෙන්න ඇති නේද? ඒ කාලේ අපේ සල්ලින් වලින් නේ ඒ අය ගෙන්නුවේ.(ස)

:       0       0

සුදෙල්මි Friday, 17 July 2015 07:08 AM

සැමී ආදර්ශමත් කම කෙසේවෙතත් මේ මනුස්සය කෙලින් කතාකරන ජනතාවගේ සල්ලි මංකොල්ල කාපු කෙනෙක් නොවේ (ස)

:       0       0

සස්ට්ත් Friday, 17 July 2015 07:10 AM

කුමාර දැන් එළිවෙලා නැගිටින්න (ස)

:       0       0

ඩෝසන් Friday, 17 July 2015 07:13 AM

රටක් හදන හැටි කියන්න ශ්‍රිලංකාවේ ඕනෑම පුරවැසියෙකුට අයිතියක් ඇත.ස්ත්‍රී දුෂකයන්, කුඩු මුදලාලිලා, කොමිස් පියාලට රටක් කරන්න පුලුවන්නම් මොකද සුනිල් අයියට බැරි එහෙවු රට හදන හැටි කියන්න. මටනම් දුක 1948 සිට තවමත් අපි ගෝත්‍රික හැගීම් වල හිරවෙලා ඉන්න එක සහ එය කිසිදා වෙනස් නොවීමට නුගත් මිනිසුන් වෙරදරන අයුරු ගැනය. කොහොමත් 8 පාස් කොස්තාපල් මොලයක් වත් නැති මහින්ද මෙවරත් කෙසෙල් ගසටම කොටනු නියතය. (ස)

:       0       0

නිමල් නිශාන්ත-එංගලන්තය Friday, 17 July 2015 10:34 AM

ඔබේ එඩිතර පිරිමි කමට අපේ උපහාරය. (ර)

:       0       0

රමිත Friday, 17 July 2015 07:16 AM

මේ මොකෙක්ද. මේ ගොල්ලන් හොඳ සින්දු කියන්ඩ. වන්දුර්න්ගෙන් බන අහල ජේතවනාරාමයට ගල් ගහනවා. (ස)

:       0       0

සමන් Saturday, 18 July 2015 08:53 PM

මොහාන්, මම ඔයාට උත්තර දෙන්න උත්සහ කරන්නේ නැ. මොකද එ්කෙන් කාටවත් වැඩක් නැති නිසා. එ්ත් මම උත්තර දුන්න බව හිතාගන්න.(නදී)

:       0       0

වසන්ත Friday, 17 July 2015 07:15 AM

භීෂණයට දුෂණයට ඉඩ නොදෙමු. සියල්ලෝම නින්දෙන් නැගිටිමු. (ස)

:       0       0

ප්‍රියාන් Friday, 17 July 2015 07:16 AM

අපි නම් ඔයාට බයයි..මතකනේ රෝයල් එකේ ගැණු නටවපු හැටි..දැන් බල්ලයි කොල්ලයි සේරම කතා කරන්නේ මහින්ද ගැන විතරයි..එයාල ප්‍රතිපත්ති ප්‍රකාශන ගැන මොනවත් නැහැ..මහින්ද..මහින්ද..මහින්ද..මොකද්ද මේ විහිළුව..මහින්ද ආයේ බලයට එන්නේ නැ කියා කියා පහර දෙනවා..(ස)

:       0       0

පද්මිණි Friday, 17 July 2015 07:17 AM

මොහු කියන්නේ ඇත්ත. ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික හරය ගැන වත් තැකීමක් නොකර සදාකාලික බලයේ ඉන්න පුළුවන් විදියට ව්‍යවස්ථාව වෙනස් කර ගත්තු කෙනා දැන් එන්නේ රට ඇති ආදරේට. අදෝමැයි. . (ස)

:       0       0

අනිල් Friday, 17 July 2015 04:25 PM

ඔයාට ගැහැවවේ මහින්දගේ යාළුවෙක්නේ. ඒකනේ ඔයා මහින්දලත් එක්ක තරහ. (අ)

:       0       0

ප්‍රදීප් Friday, 17 July 2015 07:18 AM

ප්‍රසන්න වහල් භාවෙන් මිදෙන්න, නිදහස්ව හිතන්න (ස)

:       0       0

සුනිල් Friday, 17 July 2015 07:18 AM

මේ මිනිහ ගැන රටම දන්නවා මහින්දට චරිත සහතික දෙන්න මෙයා කව්ද (ස)

:       0       0

නිශාන්ත Saturday, 18 July 2015 03:49 AM

සුනිල් අයියේ බයවෙන්න එපා. මහින්ද එන්නේ නැහැ හැබැයි හිරකාරයන්ට නම් බය වෙන්න වෙනවා (නදී)

:       0       0

අනිල් රෝහණ Friday, 17 July 2015 07:19 AM

සුනිල්ට ගහල කොමඩ් වතුර පෙවුවේ වෙන කෙනෙක්නේ. එයාගෙන් පලිගන්න. (ස)

:       0       0

මොහාන් Saturday, 18 July 2015 03:52 AM

සමන් ඔයාට මහින්දගේ ජන ගාතක, පර පීඩක පාලනයේ තිබුණු ලක්ෂණ විතරද පේන්නේ. යු.එන්.පි යේ ජන ගාතක, පර පීඩක පාලනයේ තිබුණු ලක්ෂණ පේන්නේ නැද්ද? ලසන්තව විතරද මතක? රිචර්ඩ් ද සොයිසා මතක නැද්ද? එයාවත් මරල දැම්මේ ත්‍රස්තවාදියෙක් නිසාද? ඔයා ඒවා ගැන ඇයි ඒ කියල අපි ප්‍රශ්න කරන්න තරම් කොන්දක් නොතිබුන මෝඩයෙක්ද? (නදී)

:       0       0

සුපුන් Friday, 17 July 2015 07:19 AM

අලුත් පරපුර අරක මේක කියාගෙන කෑගහන එවුන් කලින් කොහෙද හිටියේ ,අනේ මහත්තයෝ කටවහගෙන පැත්තකට වෙලා ඉන්න.ඔබතුමාලා රටට කරපු කිසි දෙයක් නෑ.ඔක්කොම එකතු වෙලා රට බේරාගත්තු නායකයට ඔහොම කරන්න එපා.(ස)

:       0       0

සමන් කුමාර Friday, 17 July 2015 07:23 AM

කොස්තාපල් හොදයි කියන්නේ හොදට මහින්දගෙන් කාපු කට්ටිය. එහෙම නැත්නම් මහින්ද ආරක්ෂා කරපු අය තමා (ම)

:       0       0

කරුණාරත්න Friday, 17 July 2015 07:24 AM

ගුටි කාපු මිනිහට මම ගුටි කැව.මට අහවල ගැහුව කියල කියන්නත් බැරිද ? ඒකට ඇයි මේ කඩේයන්නෝ දඟලන්නේ? (අ)

:       0       0

අනිල් රෝහණ Friday, 17 July 2015 07:23 AM

ඇත්තටම මේවගේ මිනිස්සු මාධ්‍ය ආයතන වලට ගෙන්වීමෙන් එම ආයතන පිරිහෙනවා මොකද රාජකීය විද්‍යාලයේ එක්තරා අසබ්ය සංගීත ප්‍රසංගයකදී මෙ මනුස්සය රඟපු කැත මුළු ලෝකයම තාම බලනවා ,(අ)

:       0       0

ආරි Friday, 17 July 2015 10:53 AM

ජනතාව මෙයාලගෙන් ප්‍රවේශම් වීම වැදගත් බව හිතන්න. (ර)

:       0       0

සසිත් Friday, 17 July 2015 07:26 AM

අනේ දෙයිනේ වේදිකාවල කලිසම් ගලවන් නටන එවුන් රට හදන්න එනවා ඔන්න යහ පාලනය (අ)

:       0       0

දිනේෂ් Friday, 17 July 2015 07:26 AM

ඔය කියන්නේ අර පරණ ජනරාල් කෙනෙක්ට අනවශ්‍ය කතා කියලා එතුමාගේ පුත්තු ගහපු එක ගැනද නැත්නම් අර රාජකීය විලාශයෙන් ආදී සිසුවන්ගේ නැටුමක් නටාල වුණු දෙයක් ගැනද. ජනරාල්ගේ නම් නෑදා කම තියෙන්නේ මහින්දට නෙවෙයි අත්තනගල්ල පැත්තටනේ. (අ)

:       0       0

ආරි Friday, 17 July 2015 10:58 AM

මේ නගන බේගල්වලට... (ර)

:       0       0

යශෝධා Friday, 17 July 2015 07:27 AM

සහතික ඇත්ත සුනිල් කියන්නේ. දේශපාලනේ පුදුම දෙයක්. තමන්ගේ පක්ෂේ අය කොයිතරම් වැරදි කලත් ඒවා හොදා. අයි මේ මිනිස්සු කොහෙවත් යන හොරු ටිකක් මත්තේ නැහෙන්නේ. හොරු බේරාගන් කොහෙවත් මිනිස්සු මැරෙනවා. (අ)

:       0       0

බණ්ඩාර-කටුබැද්ද Friday, 17 July 2015 11:00 AM

සුනිල් තොත්ත බබා. (ර)

:       0       0

මනෝජ් Friday, 17 July 2015 07:28 AM

මහින්දට අපි නම් තවමත් ණයගැතියි (නි)

:       0       0

දිලිප් Friday, 17 July 2015 07:30 AM

කරන කියන දේවල් අනුව මේ හැමෝම එකයි අන්තිමට.කන්නාඩි දාගෙන බලුවොත්නම් පෙනෙන්නේ වැරදියට. කඩතුරාවල් ඇරලා බලල කතා කලොත් නේද හොද? වැරදි කරන්න හොදයි. කියන්න නරකයි. බත් බැලයෝද? වහල්ලුද මන්ද? (අ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 17 July 2015 07:32 AM

සුනිල් පැත්තක් ගියත් ඇත්ත කියනවා.රාජපක්ෂලාට මොලේ තියෙන කවුරුත් බයයි.ඒකාධිපතියාට හෝ ඒකාධිපති පවුලට විරුද්දව වචනයක් කිව්වොත් බොන්න වෙන්නේ මුහුදු වතුර.එක ඇත්තනේ. (අ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 17 July 2015 07:34 AM

සුපුන්.සුනිල් පෙරේරා කියන්නේ ජනවාරි 8 වෙනිදට කලිනුත් සත්‍ය වෙනුවෙන් පෙනී හිටිය නියම කොන්දක් තිබෙන කලා කරුවෙක්.සුනිල් එදත් බය නැහැ.අදත් බය නැහැ. (අ)

:       0       0

නිමල් Friday, 17 July 2015 07:33 AM

හැමදාම බීල නටන එක හොඳද? (අ)

:       0       0

සඳුන් Friday, 17 July 2015 07:33 AM

මහින්ද අවොත්නම් ඉවර තමයි. ඔබගේ සංස්කෘතිය අපි පිළිගන්නේ නෑ. නමුත් ඒ ඔබගේ නිදහස. වාචාල තමයි. නමුත් ඔබගේ ප්‍රසිද්ධිය හොඳ දෙයකට යොදවන එක අගය කරනවා. (අ)

:       0       0

සුධීරා Friday, 17 July 2015 11:12 AM

දයාබර සුනිල්, මම සිතනවා ලොහාන් රත්වත්තේ ඔබට අතුල් පහරක් දුන්නා කියල 2002 රනිල්ගේ ආණ්ඩුච කාලයේ . එවිට මහින්ද බලයේ සිටියේ නැහැ. (ස)

:       0       0

තිලක්-ඩුබායි Friday, 17 July 2015 07:34 AM

මේ වීඩියෝව මම අද වුදෙන්ම බැලුව.ලංකාදිපයටත් මේ වීඩියෝව දාන්න කියල ඉල්ලීමක් කරන්නයි හිටියේ.හරිම සතුටුයි. (අ)

:       0       0

නලිම් Friday, 17 July 2015 07:34 AM

රට බේරාගත් නායකයා මහින්ද විතරද. තනියමද කළේ. බේරාගත්තේ නෑ කියල කව්රුත් කිවේ නෑ. එත් පස්සේ කරපුව අනුමත කරන් කාටවත් බෑ. මහින්දගේ ආණ්ඩුව කෙළේ මිනිස්සු ගොනාට අන්දපු එක. (අ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 17 July 2015 07:38 AM

ප්‍රසන්න.ඔහෙලා වගේ වහල්ලු වහල් බවයෙන් මුදවා ගත්තම කියනවලු"අනේ අපිට සහ අපේ දරුවන්ට ඒකාධිපතියාගේ බල මෙහෙවර කරලා වහල්ලු වගේ ජිවත් වෙන්න ඉඩ දෙන්න" කියල . (ස)

:       0       0

නිර්මාලා Friday, 17 July 2015 07:38 AM

කව්රුත් බය වෙන් ඕනේ නෑ. රනිල් තමා අගමැති. (ස)

:       0       0

ගාමිණී Friday, 17 July 2015 11:20 AM

නියම කතාව. සුබ අනාගතයක් ඔබට සුනිල්. (ර)

:       0       0

ශසි Saturday, 18 July 2015 04:04 AM

ඡිප්සීස් කන්ඩායම ලබන ආදායමින් ස්ථාවර කොටසක් සමාඡ සුභ සාධනයට වෙන් කිරිම කරගෙන යනු ලබනවා. ඔවුන් එය වැඩි ප්‍රචාරනයක් නොමැතිව කරනවා. නමුත් මහින්දල කෙරුවේ එ්කේ අනික් පැත්ත.(නදී)

:       0       0

අන්ජන Friday, 17 July 2015 07:40 AM

රූකාන්තට ගහන කොට අනෝජා වීරසිංහගේ ගේ ගිනි තියනකොට චන්ද්‍රලේකගේ කොණ්ඩේ කපන කොට මෙයා කොහෙද හිටියේ? මේ කතා නිකන් මෙයාගේ සින්දු වගේ තමා, මෝඩයන් චූන්. (ස)

:       0       0

සුනිල් සාජ ඩුබා Friday, 17 July 2015 07:44 AM

ජිප්සිස් සුනිල් කියන්නේ ..හොඳ මිනිහෙක්ද ? (ස)

:       0       0

සුරන් Friday, 17 July 2015 11:32 AM

අනේ මේ වගේ පුද්ගලයෝද රටේ සදාචාරය ගැන කතාකරන්නේ.? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 76 0

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 960 0

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1397 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 173 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1083 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1201 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26124 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23464 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 391 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site