IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘මහින්දට අරියාදු එපා‘

අල්ලස් කොමිසම පක්ෂග්‍රාහීව ක්‍රියා කර ඇති බව පෙනේයැයි ද, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වැනි පුද්ගලයන් ගැන ක්‍රියා කිරීමේදී පිළිගත් හා වැදගත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු යැයි ද, රටට සේවයක් කළ මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට ගෙන්වීම සුදුසු නැතැයි ද, ඒ සඳහා වෙනත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතු යැයි ද නිමල් සිරිපාලද සිල්වා විපක්ෂ නායක පාර්ලිමේන්තුවේ දී කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීන් 113න් දෙනකුගේ අත්සන් සහිත ලිපියකින් මේ බව කතානයකට දන්වා ඇති බවත් ඔහු කීවේය.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ගැන පරීක්ෂණයක් කරන්නැයි ද මන්ත්‍රීරුන් ඉල්ලා ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ යහපාලනය, සාධාරණත්වය හා යුක්තිය ඉෂ්ට වන බව ප්‍රදර්ශනය කරමින්යැයි ද ඔහු සඳහන් කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවුසවේ මහින්ද රාජපක්ෂ මහතාට අසාධාරණයක් වන්නේ නම් ඊට පිළියම් ඇති බවයි.

‘අල්ලස් කොමිසමට වැරදි නම් ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. අනෙක් අතට ඔහු මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් නොවෙයි.‘



අදහස් (0)

‘මහින්දට අරියාදු එපා‘

සම්පත් Tuesday, 21 April 2015 08:34 AM

මහින්දට යුද්දය දිනවල දීපු ජනරාල්ව කුදලගන ගිහිල්ල හිරේ දානකොට ඔය නිමල් සිරිපාල හිටියේ කොහෙද .එතකොට කට තිබුනේ කොහෙද. (අ)

:       0       0

ප්‍රකාශ් Tuesday, 21 April 2015 09:28 AM

මේ යහපාලන තක්කඩි රැළ රට නිදහස් කරගත් නායකයාව විනාශ කරන්න කෙතරම් කුමන්ත්‍රණ කරනවාද?එදා ත්‍රස්තවාදයෙන් රට බේරා ගත් සැබෑ නායකයා මහින්ද මහත්මාය.මෙරටේ මෙන්ම විදේශ රටවලින් කොපමණ කැනහිලි ක්‍රියාකාරකම් කළත් කළගුණ දත් රටට ආදරය කරන මිනිස්සු ඉන්නේ ඔහු සමගයි. (බ)

:       0       0

සුනිල් Tuesday, 21 April 2015 05:14 AM

එක පුද්ගලයෙකුට අනික් පුරවැසියන්ට නැති වරප්‍රසාද ඉල්ලන මන්ත්‍රීවරුන් ගේ මට්ටම ගැන කවර කතාද? (ම)

:       0       0

දුමින්ද Tuesday, 21 April 2015 05:19 AM

ද්විත්ව චරිත රංගන. (ස)

:       0       0

රජින්ද Tuesday, 21 April 2015 05:31 AM

හිවලුන් සිංහවෙස්ලු කල... සිංහයෝ බිය වෙත්ද... කුමන්ත්‍රණ කරුවන් දැයේ විරුවන් පාවා දීමට පළමු අඩිය තැබීමක් සේ අප මෙය සලකන අතර. යහපාලන රජයක් බිහි කිරීමට හදවතින් කැපවුවන් වූ අප, අද ලැජ්ජාවෙන් මුහුණ වසා ගන්නෙමු. (බ)

:       0       0

ගීත් Tuesday, 21 April 2015 05:31 AM

මෙය අත්අඩංගුවට ගැනීමක් නොවේ, ඒ බව දැන දැන මන්ත්‍රී ලා ජනප්‍රිය වෙන්න රඟපානවා (බ)

:       0       0

නුවන් Tuesday, 21 April 2015 05:34 AM

ඉතා වැදගත් (බ)

:       0       0

නුවන් Tuesday, 21 April 2015 05:34 AM

ඉතා වැදගත් කරුණ නම් ඔහු තවත් එක් පුද්ගලයෙක් වීමයි. (ස)

:       0       0

පද්මිණී Tuesday, 21 April 2015 05:40 AM

ජනරාල් තුමාව ගෙනගිය විදියටද විපක්ෂ නායක තුමෝ? (ස)

:       0       0

විරාජ් ඒකනායක Tuesday, 21 April 2015 05:40 AM

ඉස්සෙල්ලම අර කාඩ්බෝඩ් වීරවංස හිරේ යවල ඉන්න. (ස)

:       0       0

අභය Tuesday, 21 April 2015 05:56 AM

ෆොන්සේකාට අරියාදු කිරීම සාධාණද ? (බ)

:       0       0

බණ්ඩාර - කටාර් Tuesday, 21 April 2015 05:58 AM

රට ජාතිය බේරාගත් මහින්ද ජනපති තුමාට මේ විදිහට අපහස කරන රනිල් ත්‍රස්තවාදීන් එක්ක සාම ගිවිසුම් ගැහුවට, බටලන්ද වගේ දේවල් වැදගත්ම රටේ බුද්ධි අංශ පාවලා දීලා, රවිට මුදල් ඇමතිකම දීමේ වරදට, රටේ ආරක්ෂාවට තර්ජන වෙන බව දැන දැන උතුරේ හමුදා කදවුරු ඉවත් කිරිමේ වරදට, රටේ සංවර්ධනය විනාශ කළ වරදට මොකද කරන්න ඕන? (බ)

:       0       0

මාරි Tuesday, 21 April 2015 05:58 AM

සුනිල් එක පුද්ගලයා වුනත් එයා විශේෂී පුද්ගලයෙක් ශ්‍රී ලංකා මාතාවට (බ)

:       0       0

වැකෝ Tuesday, 21 April 2015 05:59 AM

මෛත්‍රී වහාම ඉල්ලා අස්විය යුතුයි. ජනාධිපති ඡන්දය පවත්වන්න. (බ)

:       0       0

තිළිණ Tuesday, 21 April 2015 06:06 AM

නුවන් ඔබටනම් ඔහු තවත් එක පුද්ගලයෙක් විය හැක.නමුත් අපටනම් ඔහු මුළු ජාතියක් ගලවාගත් නායකයෙකි. (ස)

:       0       0

චීනක්කණ්නාඩියා Tuesday, 21 April 2015 06:10 AM

හොරු ටික එකතුවෙන හැටි පෙනේද? (ස)

:       0       0

සුමන මානන්දුව Tuesday, 21 April 2015 06:30 AM

එදා ෆොන්සේකා මහතා මන්ත්‍රී කෙනක් වෙලා ඉඳලත් ඔය බුරන කට්ටිය ඔක්කොම වලිගය පස්ස පැත්තේ ගහගෙන හිටියේ. (ස)

:       0       0

මහානාම - කඳාන Tuesday, 21 April 2015 06:38 AM

පද්මිණි නෝනා,පොඩ්ඩක් ඉන්න සැප්තැම්බර් ජිනීවා මානව හිමිකම් සැසියේදී ගොඩක් දේවල් අහගන්න දැනගන්න පුලුවන්. එජාප නොවේ, ජේවීපී නොවේ, ටිඑන්ඒ හරි කමක්නැහැ. වැදගත් පක්ෂය නොවේ රටයි. වැදගත් පුද්ගලයෝ නොවේ රටයි. වැදගත් ජාතිය නොවේ රටයි. එහි වෙසෙන සියලුම ජාතීන් හා ගහකොළයි. (නි)

:       0       0

මහනාම - කඳාන Tuesday, 21 April 2015 12:49 PM

හෂිත් මහතාණෙනි ඔබ තුමා සමග මා 100% එකගයි. (ර)

:       0       0

රන්වල Tuesday, 21 April 2015 06:48 AM

එතකොට තිළිණ අර ෆොන්සේකා මහත්තයාව හිරේ දාපු විදිය හොඳද? ඔහු විතරක් කොහොමද ජාතිය ගළවාගත්තේ? මේකට උරදුන් කී දෙනෙක් ඉන්නවද? කොහොම වුණත් රටක් සූරාගෙන කන්න දෙන්න බැහැනේ. මහජනතාවට මොනවද ඉතුරු වෙන්නේ. (නි)

:       0       0

මහනාම - කඳාන Tuesday, 21 April 2015 07:06 AM

සුරාකන්නත් රටක් තියෙන්න එපායැ. මේ විදිහට තව අවුරුදු 2 -3 ගියොත් අපිට ඉතිරි වෙන්නේ ප්‍රාන්තයක්. (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 21 April 2015 07:07 AM

තිලින, ඔබට ලොකු වැරදීමක් වෙලා. එහෙම කළේ රාජකීය දෛවඥයා සුමනදාස මහත්තයානේ (නි)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Tuesday, 21 April 2015 07:23 AM

''මහින්දට අරියාදු එපා '' එක ඇත්ත මහින්ද රාජපක්ෂ කියන්නේ නමක් නෙමයි රටක්. ලංකාව බේරාගැනීමේ සටනට නායකත්වය දීපු එඩිතර සිංහලයා. එයාට මෙහම අරියාදුකරන්න දෙන්න පුලුවන්ද . ? (ර)

:       0       0

සුමුදු හේවා Tuesday, 21 April 2015 07:29 AM

පද්මිණි සහ රන්වල, සරත් ෆොන්නසේකා මහතා යුද හමුදාපති ලෙස කළ මෙහෙයට සම්මාන ද සුදු කොඩි කතාවෙන් රට පාවාදීමේ වරදට දඬුවම් ද ලැබීය. එකී සම්මාන ද දඬුවම් ද රටේ නීතියට එකඟව ඔහුට දෙනු ලැබිණි. එහෙත් අල්ලස් කොමසාරිස්තුමිය රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිවත් ඇයට ලැබී ඇති බලතල ඉක්මවා යමිනුත් කටයුතු කර ඇත. මේ එකිනෙකට වෙනස් සිද්ධි දෙක ඔබ එකට පටලවාගන්නට තනන්නේ නොදන්නා කමටදැයි නැතහොත් හොරට නිදන හෙයින්දැයි නොදනිමි. (අ)

:       0       0

මහානාම - කඳාන Tuesday, 21 April 2015 03:05 PM

හෂිත් මහතාණෙනි ඔබ තුමා සමග මා 100% එකගයි. පසුගිය කාලයේ ගොඩක් වැරදි සිදු බව මම නොවේ මහින්ද මහතාත් ප්‍රසිද්ධියේ පිළිගන්න බව ඔබ තුමා දන්නවා ඇති . වැදගත් මහින්ද මහතා හෝ පසුගිය රජය නොවේ , අපිට වැදගත් විය යුත්තේ අපේ රටයි , එහෙම නැතිව පුද්ගලයින්ගේ අවංක කම , වැදගත් කම , උඩු රැවුල , මහතා බඩ නොවේ . ඔබතුමා පිලි ගත්තත් නැතත් අද රට අනතුරේ , රට අද නැවතිලා . රට නැවතී ඇති බව සරත් ෆොන්සේකා මහතාත් ප්‍රසිද්ධියේ කිව නොවේද ? අද අපිට අවශ්‍ය වී ඇත්තේ අඩුමුදලට ඩිසල් පෙට්රෝල් නොවේ ( අතින් පාඩු කරගන ලාබෙට බදු නොවේ ) , නිෂ්පාදන ආර්ථිකය පදනම් වූ කල්පවතින , ආර්ථික ක්‍රමවේදයක්. සියල්ලටම වඩා වැදගත් වන්නේ නොබෙදුණු රටක් හා සුරක්ෂිත රටක් . මේ රට අද අනතුරේ නැති බව ඔබ කියනවා නම් මට ඔබ හා වාදයක් නොමැත (බ)

:       0       0

තිළිණ Tuesday, 21 April 2015 07:42 AM

රන්වල ෆොන්සේක මහතාට කල දේ වැරදි නිසානේ අලුත් නායකයෙක් පත්කරගත්තේ..අනිත් දේ මුළු ජාත්‍යන්තරයම බලාගෙන ඉන්නේ මහින්ද මහතාගේ බෙල්ලට තොන්ඩුව දාන්න මිසක් වෙනත් අයෙකුගේ නොවේ.එලියට ඇවිත් බලන්න අද කී දෙනෙකුගේ රැකියා නැති වෙලාද? මේ දින 100 ට මහා බැංකුවේ සල්ලි සූරාගෙන කාවේ කවුද? (ස)

:       0       0

සුමුදු හේවා Tuesday, 21 April 2015 07:49 AM

එකම කාල වකවානුවක රජයේ ආයතන දෙකක පූර්ණකාලීන රැකියා දෙකක් සඳහා වැටුප් ලබා ගැනීම පිළිබඳව අල්ලස් කොමසාරිස්තුමියට එරෙහිව චෝදනාවක් ඇය යටතේ පවතින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට භාර දෙනු ලැබ තිබියදී ඇය තවමත් ධුරයේ රැඳී සිටින්නේ කවර නම් සදාචාරයකට අනුවදැයි පැනයෙකි. හැරත් ආණ්ඩුවේ අගමැතිගේ මිතුරකුගේ භාර්යාව අල්ලස් කොමිසමේ සභාපති වී තම බලතල ද රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි විධි විධාන ද ඉක්මවා තම සැමියාගේ මිතුරාගේ දේශපාලන සතුරන් දඩයමට කටයුතු කිරීම කෙසේ නම් යහපාලනයක් වේ දැයි විදේශීය ඇණවුම් වලට රොටි පුච්චන සෝභිත හිමි සහ පිවිතුරු කැරට් දී ඡන්දදායකයන් මුළා කළ රතන හිමි යන බුද්ධපුත්‍රයන් වහන්සේලා අපට කියා දෙන සේක්ද? (බ)

:       0       0

හසිත් Tuesday, 21 April 2015 07:53 AM

මහානාම මහතා අපිත් හිතන්නේ ඔහොම තමයි . හැබැයි යුද්ධයෙන් අනතුරුව පසුගිය ආණ්ඩුවෙන් වැඩ කෙරුනේ පවුලක් ගැන මිසක් රටක් හරි මිනිස්සු ගැන හරි හිතලද කියල අපිට තවම පැහැදිලි මදි. (බ)

:       0       0

ඩුන්ගු Tuesday, 21 April 2015 07:54 AM

රටේ නිතිය සැමට පොදුනම් අයි පැරදවි ගිය අයට වෙනසක්. මතක නැද්ද ගියවර පැරදවි ගිය කෙනා හිරේට දැම්මේ. (අ)

:       0       0

එෂාන් Tuesday, 21 April 2015 07:57 AM

ඔව් ඉතින් රාජපක්ෂලන්තයේ ප්‍රාන්තයක් අපිට ඉතිරි වුණත් ඒකත් ලොකු දෙයක් මහානාම මහත්තයෝ. (අ)

:       0       0

ඩන්දු Tuesday, 21 April 2015 07:59 AM

තිලින, ජාතියක් ගලවාගත් කියල එක තමන්ගේ බුදලය කරගන්න බැහැනේ. අපේ මිනිස්සුන්ට හරි ඉක්මනට පහුගිය දේවල් අමතක වෙලා..(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1069 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 737 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1141 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 831 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 504 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 911 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site