IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘මහින්දට ඉල්ලන් පරිප්පු කැව්වේ බැසිල්‘

සූදු කාරයා පොර කුකුලන් දමා සල්ලි හම්බ කරන්නාක් මෙන් හිටපු ජනපති ඉස්සරහට දමා පිරිසක් ඔට්ටු ඉල්ලන බව හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා කියයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට සූදානම් වීම ගැන විශාල කනගාටුවක් ඇතැයි ද ඔහු පවසයි.

ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුව විසිරවීමට පෙර ලංකාදීප එසැණ සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

‘‘මම හිටපු ජනපති සමඟ ඉන්න කාලේ නම් මම කියන්නේ ‘සර් ඉල්ලන් පරිප්පු කෑවේ සර්නේ.. අවුරුදු දෙකක් තියෙද්දි කවුද සර්ට මේ මැතිවරණයට එන්න කිව්වේ. ඒ ලණුව දුන්නේ බැසිල් රාජපක්ෂ ‘ යැයි කියනවා.  ‘

බැසිල් රාජපක්ෂ යනු තමාගේ නිවසේ සිට තමා පසුපස පැමිණ දේශපාලනය කළ කෙනකු බවත්, දිවි නැඟුම මුදල් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  රාජපක්ෂ මහතා කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක් ලබා දීම ගැන කනගාටු වන බවත් මර්වින් සිල්වා මහතා කියයි.

සුදුවෑන් සංස්කෘතියේ ගෝඩ් ෆාදර් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව ද, මාධ්‍යවේදීන්ට වූ හිරිහැර සම්බන්ධයෙන් ද ඔහු වගකිවයුතු යැයි ද හිටපු මන්ත්‍රීවරයා පැවසීය.

‘බෙලිඅත්තෙන් අපත් සමඟ ආ මහින්ද රාජපක්ෂ නොවෙයි අන්තිමට හිටියේ. අන්තිමට මං දැක්කේ දොරටු පාලක රජ වුණා වගේ වැඩක්.

මං මැතිවරණයේ උදව් කළේ මෛත්‍රීපාල සිරිසේන මහතාට. එය කැලණිය ආසනයේ සේරම දන්නවා. හිටපු ජනපතිට උදව් කළේ නෑ. ‘

(ඔහු සමඟ කළ සම්පූර්ණ සාකච්ඡාව පහත වීඩියෝවෙන්)

(වීඩියෝ සනත් ඩෙස්මන්)



අදහස් (0)

‘මහින්දට ඉල්ලන් පරිප්පු කැව්වේ බැසිල්‘

චමිලා Monday, 06 July 2015 01:05 PM

මර්වින්ට මේ සැරේ ඉල්ලන්න වෙන්නේ ඉතින් එයා හදාගත් පක්ෂයකින්. (නි)

:       0       0

සමීර Tuesday, 07 July 2015 02:19 AM

පිවිතුරු යහපාල හරි. (නි)

:       0       0

නුවන් Tuesday, 07 July 2015 02:20 AM

පිවිතුරු යහපාල කියා තිබෙන දේ සහතික ඇත්ත. (නි)

:       0       0

නිමල් Tuesday, 07 July 2015 02:22 AM

පිවිතුරු යහපාල කියන දේ සම්පුර්ණ ඇත්ත. ඒ විදිහට ගත්තහම මර්වින් සිල්වා කියන්නේ ඉතිහාසගත වන සැබෑ ජාතික වීරයෙකි. මර්වින්, ඔබට ජාතියේ ප්‍රණාමය! (නි)

:       0       0

නිහාල් Monday, 06 July 2015 01:14 PM

අනේ ඇත්තට මෙහෙමත් කතා! (නි)

:       0       0

දනුක Tuesday, 07 July 2015 02:26 AM

මර්වින් සිල්වාගේ අගය කියාදුන් පිවිතුරු යහපාලට ස්තුතියි. (නි)

:       0       0

ජයන්ත Monday, 06 July 2015 01:14 PM

මම නම් කියෙන්නේ මෙයා කොහොමහරි ගන්න කියලා. මෙයා විතරක් නෙමෙයි, මෙයාගේ පුතත් ගමු. අමාත්‍යංශ දෙකක් මේ දෙන්නාට බලාගන්න පුළුවන්නේ. බලන්නකෝ නිකන් හිතලා. (නි)

:       0       0

ජගත් Tuesday, 07 July 2015 02:29 AM

පිවිතුරු යහපාල කියන දේ ඉතාම සාධාරනයි. ඔබ කියන කරුණු අනුව නම් නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකකමට නියම සුදුස්සා මර්වින් සිල්වාය. (නි)

:       0       0

විද්‍යා Monday, 06 July 2015 02:16 PM

ඔබ තුමාටත් මේ පාර නාම යෝජනා ලැබෙන එකක් නෑනේද?(හේ)

:       0       0

ශාන් Monday, 06 July 2015 02:18 PM

ඇමෙරිකාවේ සුපර් මාර්කට් එකේ වැඩකරපු කෙනා නම් තමන්ගේ අදායමෙන් ගෙයක් ගත්තා කියමුකෝ. ඇමෙරිකාවට මල්ටිපල් විසා වලින් යන එන ගමන් කැලිෆෝර්නියාවේ ගෙයක් ගත්තේ කොහොමද එතකොට? (හේ)

:       0       0

නිමලරාජ් Tuesday, 07 July 2015 03:06 AM

හරියට හරි යහපාල. ඔය කියපු ඔක්කොම කරලා තිබෙන අය ඉවත්කරලා අපි සත්ගුණවත් මර්වින් දිනවමු. මගේ සහයෝගය. (නි)

:       0       0

ජගත් Monday, 06 July 2015 02:29 PM

ඒ උනාට තනතුරුනම් බලාපොරුත්තු වෙන්න එපා. ඔයාට තනතුරු ලැබෙන්නේ නැත. (ර)

:       0       0

චන්න බුවනක Monday, 06 July 2015 03:02 PM

වයසට යනකොට විශ්‍රාම සුවය කියලා එකක් තියෙනවා. අන්න ඒකට නම් සුදුසු කම් ලබලා තියෙන්නේ. (හේ)

:       0       0

සම්පත් Tuesday, 07 July 2015 03:32 AM

මර්වින් සිල්වාට බැන බැන හිටපු අයට, පිවිතුරු යහපාලගේ ප්‍රතිචාරයත් එක්ක මර්වින් සිල්වා එකපාරටම සද්ගුණවත් වුණා එහෙනම්. (නි)

:       0       0

අමිල Monday, 06 July 2015 04:21 PM

පාට පක්ෂ බේද නැතුව සුදුස්සන් පමණක් තෝරා පත්කර ගනිමු (නි)

:       0       0

අන්තෝනි Monday, 06 July 2015 04:21 PM

මහින්ද මහත්තයෝ, ඔබට මේ ගැන තීරණයක් ගන්න තිබුණේ මීට අවුරුදු පහකට විතර කලින්. (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Monday, 06 July 2015 04:37 PM

අනේ! මෙහෙමත් අයට පාර්ලිමේන්තුවට යාමට ඉඩදුන් අපිට අබ සරණයි! (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Monday, 06 July 2015 04:42 PM

මේ සැරේ නම් ඇපත් නැතිවෙනවා (නි)

:       0       0

ගජමන් Monday, 06 July 2015 08:15 AM

දිට්ට දැම්ම වේදනීය කර්මය කියන්නේ බොරු නෙමේනේ (නදී)

:       0       0

සංජීව Monday, 06 July 2015 04:55 PM

අන්තිමට අල්ලපු අත්තත් නැහැ... පයගහපු අත්තත් නැහැ... නේද මහත්තයො? (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 06 July 2015 04:59 PM

අනේද කියන්නේ කිව්වලු! (නි)

:       0       0

ඩිලාන් Monday, 06 July 2015 05:00 PM

නියම කතාව. ජයවේවා! (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 06 July 2015 05:02 PM

අපිට මොන සුදුසුකම තිබුනත් වැඩක් නැහැ,මර්වින් සර්ගෙන් සුදුසුකම ලැබෙනතුරු. (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 06 July 2015 05:04 PM

අනිල් රෝහණගේ කතාව සහතික ඇත්ත. (නි)

:       0       0

සංජිව Monday, 06 July 2015 08:59 AM

අනේද කියන්නේ ඔබ තුමා හරිම නිවැරදි (ම)

:       0       0

අනිල් රෝහණ Monday, 06 July 2015 09:03 AM

මර්වින් ලොක්කා මහින්ද මහත්තයගෙන් එහෙම අහද්දී කැළණි පන්සලේ හිගාකන යාචක මිනිස්සු පහුගිය දවසක කිවලු අරමනුස්සයා චන්ද්‍රිකා මැඩම්ගෙන් කන රත්වෙන්න අහගත්තා නේද කියලා (ම)

:       0       0

ජානක Monday, 06 July 2015 09:11 AM

මොන පක්ෂය නියෝජනය කලත් තමා ලඟට ගන්න හොඳ නැති බව අද මුළු රටටම පෙන්වා .තමුන් වගේ අය එක්සත් ජාතික පක්ෂයට කිසිසේත්ම නොගත යුතු අය. (ම)

:       0       0

රොහාන් Monday, 06 July 2015 09:18 AM

මවින් මැතිදුන්ට ජයවේවා .. (ම)

:       0       0

අබේරත්න-ටෝක්යෝ Tuesday, 07 July 2015 04:15 PM

මර්වින් කෑවේ මොනවද එතකොට (ස)

:       0       0

පෙරේරා Monday, 06 July 2015 06:26 PM

කාවහරි අල්ලලා ගස්බඳින එකයි ඇත්තේ දැන් ඉතින් (නි)

:       0       0

රුපවතී Tuesday, 07 July 2015 06:21 AM

මේ යහ පාලනම් ... (ර)

:       0       0

සුදෙල්මි Monday, 06 July 2015 10:11 AM

මොහු කෙලින් කතාකරන මනුස්සයෙක්. (හේ)

:       0       0

පියලාල් Monday, 06 July 2015 10:12 AM

එතුමා සමඟ ඉන්නකන් හොදයි දැන් තමයි වැරැදි?(හේ)

:       0       0

සමන්ත Monday, 06 July 2015 10:11 AM

කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.(හේ)

:       0       0

ජයන්ත Monday, 06 July 2015 10:30 AM

මෙන්න මිනිහ මතුවෙලා ආපහු. අනේ මෙයාට කොහොම හරි අපේක්ෂකත්වය අරගෙන දෙන්න මොන පක්ෂකින් හරි. මෙයා හරි හොඳ ළමයා. මෙයාල වගේ මිනිස්සු තමයි අපිට ඕනේ. නැද්ද මන් කියෙන්න? (නදී)

:       0       0

සරත් සෞදි Monday, 06 July 2015 10:33 AM

අනේ අහිංසකය නිදැල්ලේ ඉන්නවා (නදී)

:       0       0

විකි Monday, 06 July 2015 10:51 AM

මොකද දන්නේ නැහැ කාලෙකට පස්සේ. අපි නම් කැළණියෙන් මෙයාට අාපහු එන්න දෙන්නේ නැහැ. මර්වින් මහත්තයා වැඩක් කලා තමයි. එ්ත් ඔබ තුමාව අල්ලාගෙන ප්‍රාදේශීය සබාව ඔස්සේ පුද්ගලයින් ඒ පැත්තේම මිනිසුන්ට දේශපාලන වශයෙන් මැර වැඩ කළා. අාපහු ඒ පැත්තෙන් අපෙන් නම් අැපවත් නැහැ (නදී)

:       0       0

ටොම් Monday, 06 July 2015 11:11 PM

කියන දේ කරන කෙළින් කතාකරන මර්වින් කැළණියට ඕනෑ (නි)

:       0       0

ඩයස් Monday, 06 July 2015 10:58 AM

මර්වින් මොන පක්ෂයකින් හෝ තරඟ කල යතු පුද්ගලයෙක්. එජාපයට නම් ගන්ඩ එපා. මහින්ද ළඟටම යන්ඩ. එතන තමා සුදුසුම තැන. (නදී)

:       0       0

සිරිවිකුම් Tuesday, 07 July 2015 12:38 AM

කට නාරින තරමට මර්වින්ට හොඳයි. (නි)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 07 July 2015 12:46 AM

මෙතුමා ෆයිල් කිහිල්ලේ ගහගෙන ඉන්නේ නැහැ. කෙළින්ම බය නැතුව ඒවා අදාළ ස්ථාන වලට බාරදෙනවා. මෙතුමාගේ පුතා මිනීමරලා නැහැ. සහෝදරයෝ බුරුතු පිටින් බලය පාවිච්චි කරලා දේශපාලනයට ගෙනල්ලා නැහැ. හමුදාව සැළසුම් කර ජීවිත පරිත්‍යාග කර, ඇස් ඉස් ලේ මස් දන් දී කළ යුද්ධයක ගෞරවය හමුදාවටත් එහි නායකයන්ටත් පිරිනැමුවා මිස එය තමාගේ යුද්ධයක් යැයි කියා නැහැ. පාරවල් හදන්න ගන්න අහිංසක ජනතාවගේ බදු සල්ලි ප්‍රකෝටි ගණන් පිල්ලි ගහලා නැහැ. නීතිය අතට අරගෙන අධිකරණ වලට බලපෑම් කිරීමට ගිහිල්ලා නැහැ. මර්වින්, ඔබ සැබෑ වීරයෙකි. මට නම් නිදහස් පක්ෂයේ සැබෑ අගමැති අපේක්ෂකයා වියයුත්තේ ඔබය. (නි)

:       0       0

කමල් Monday, 06 July 2015 12:18 PM

අනේ මගේ කට! (නි)

:       0       0

සුසන්ත Monday, 06 July 2015 12:21 PM

ටිකක් හිනාවෙන්න මේ වගේ දේවලුත් තියෙන්න ඕනෑ (නි)

:       0       0

අරුණි Tuesday, 07 July 2015 01:08 AM

අනේ දැන් මොකුත්ම දන්නෙ නැතුව ඇති (නි)

:       0       0

ලක්මාල් Monday, 06 July 2015 12:36 PM

ඔය මොනවා දැනගෙන හිටියත් මෙතුමා දැනගෙන හිටියේ නැහැ, මාළුවා නහින්නේ කට නිසා බව. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 1090 0

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 67 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1146 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 190 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 2035 3

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32281 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23827 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 447 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 205 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site